ආරුක්කු 9 පාලම සහ ප්ලාස්ටික්
ඉංජිනේරු ඩී. ජේ විමලසුරේන්ද්‍ර, කොන්ත්‍රාත්කරු පී. අප්පුහාමි, වාස්තු විද්‍යාඥ හැරල්ඩ් මාවුඩ් මහත්වරුන්ගේ දායකත්වයෙන් හැදුනු ආරුක්කු නමය පාලම රටට විශාල සංචාරක ආකර්ෂණයක් ගේනව. බලන්න වීඩියෝව, දුම්රිය පාලම උඩින් ගිහිල්ලා උමගට ඇතුල් වෙන දර්ශනය මොන තරම් ආකර්ෂණීයද කියලා. https://photos.google.com/photo/AF1QipMbeHRrbZhUcHvlblnylxc5nQp2AqnrfZ1awSA ඒ ආඩම්බරයත් එක්කම දැනෙන්නේ ලැජ්ජාවක්. ඡායාරූප බැලුවහම ඔබට තේරෙයි අද අපි මොන තරම් අවාසනාවන්තද කියලා මේ අවට පරිසරයම ප්ලාස්ටික් බෝතල් වලින් දූෂණය කරන්න තරම්. ප්‍රශ්නේ විශාලම හරිය ඉන්පස්සේ, ප්ලාස්ටික් බෝතලේ ආපහු අරගෙන ගියත් වැඩක් නෑ. ඒකත් අපේ අපද්‍රව්‍ය ප්‍රමාණයට රටේ කොහෙන්හරි එකතු වෙනවා. “Four-fifths of microplastic waste (extremely small pieces of plastic debris) found in our seas comes from the land, washed into the sea through canals and rivers” – Dr. Terney Pradeep Kumara. General Manager, Environment and Renewable Energy Marine Environment Protection Authority (MEPA) පුදුමයක් නෙමෙයි මේ පුංචි රට ලෝකයේ ප්ලාස්ටික් දූෂ...