Posts

Showing posts from September, 2021

බේබද්දො උල තිබ්බම හරිද?

Image
බේබදුකම රටේ සංවර්ධනයටත් විශාල බාධාවක්. නීති වැඩිවෙන තරමට, ටැබූ එකක් වෙන තරමට වැරදි වැඩි වෙන බව මං හිතනවා. මම බේබදුකම නැවැත්වීම ගැන දන්නෙ නෑ. නමුත් ඕක මහා ලොකු දෙයක් වෙන්නත් බෑ. විසි ගණන් වල මාත් හොඳටම කරා, සති අන්තයේ මත නිසා නිසාම dehydrate වෙන තරමට. ඒ ගොනා දැන් විකුණලා. ලෝබ නැතුව ගිය සතියෙත් බෝතලයක් හිතවතෙකුට දෙන්න පුළුවන්කම තිබුණා. දැං මොනා තිබුනත් අත වත් නොතියා ඉන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු ස්ටයිල් එකට බොන්න දන්නෙත් නෑ. බෝතලයක් දැක්කම ඒක හිස් කරන කන් මෙලෝ සිහියක් නෑ. අනෙක ගමනක් ගියත් මූලික බීම මිසක් මිතුරු ඇසුර නෙමෙයි. මේක විශේෂයෙන්ම තියෙන්නේ අඩු අධ්‍යාපන මට්ටම් වල අයගෙ. එක එක කාලෙට බීමත්කම ගැන එකේක සද්ද දානව. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මතක් වෙන්නෙත් ඉඳහිට. දැන් මිනිස්සු ලයිසන් කඩ ගාව පොර කන නිසා. මාසයක් වහල තියලා බේකරියක් ඇරියත් ඔච්චර තමයි. බේබදු කමෙන් ගලවන්න නීති දාලා වත්, බාර් වහල වත්, බණ කියලවත් බෑ. ඒ සඳහා රාජ්‍ය මට්ටමේ ස්ට්‍රැටජික් වැඩපිළිවෙළක් අවශ්‍යයි. තමුන්ගේ ආදායමේ හැටියට ස්ටයිල් එකට බොන විදිය කියාදීමත් ඒකෙ කොටසක් විය යුතුයි.  උත්තරේ තියෙන්නෙ මේ පිළිබඳ විශේෂඥයින්ගේ අතේ.