Posts

Showing posts from January, 2021

ඇමතිතුමාට ජයවේවා!

Image
අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරන් ගහේ එල්ලෙන්න යනව ..... මේ හිඟුරක්ගොඩ එක වසරෙ දරුවෙක් අද ඇඳපු චිත්‍රයක්. ඒ දරුවාට හරියට අකුරු ලියාගන්න බෑ. ඉතිං  Kaushalya Herath ඇහුවම මොකක්ද මේ චිත්‍රයෙන් කියවෙන්නේ කියල දරුවාගේ උත්තරේ තමයි ඒ. තැඹිලි පාටට තියෙන්නෙ ජයවේවා කියන පෝස්ටරේ. කෞෂල්‍යා අද මේ සිද්ධිය අත්දැක්කෙ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට එරෙහි විරෝධතාවයකට සහභාගි වෙන අතරේ.  මෙතන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල සූරාකෑමට එහා ගිය දේශපාලනයේ හා දරිද්‍රතාවේ ඛේදවාචකය පිළිබිඹු වෙන්නේ. දේශපාලකයන්ට අවශ්‍ය නම් උපරිම පොලී අනුපාතිකය එක රැයින් තීරණය කරලා මේ ඛේදවාචකය නවත්තන්න පුළුවන්. නමුත් දේශපාලකයන්ට අවශ්‍ය ජනතාවගේ නූගත්කම හා  දුප්පත්කම පවත්වාගැනීම, චිත්‍රයෙ තියෙන විදියටම ජයවේවා කියන පෝස්ටරේ උස්සගෙන ගිහින් කතිරෙ ගස්සව ගන්න.

කුණු අලියා

Image
 හිතට වදින අලියෙක්, ස්තුතියි ලලිත් සේනානායක  🤘 නමුත් අපි කීයෙන් කී දෙනෙක් මේ පණිවුඩය යථාර්ථයක් කරන්න අඩියක් ඉස්සරහට තියෙනවද? නිකන් දෙන බෑග් ප්‍රතික්ෂේප කරනවද? ප්ලාස්ටික් පැකට් බට සහ බෝතල් කල ජලය සහ බීම පාවිච්චියෙන් බැහැර වෙනවද? ප්ලාස්ටික් සැෂෙ වල තියෙන ද්‍රව්‍ය මිලදී ගැනීම අවම කරනවද? වෙනම ඇසුරුම් වල තියෙන ලිහිසි තෙල් සහ තෙල් භාවිත පුද්ගලික ප්‍රවාහනය අවම කරනවද? විසඳුම ප්‍රතිචක්‍රීකරණය නෙමෙයි, භාවිතය අවම කිරීම. ලෝකෙන් උතුම් රටෙං එලවපු සුද්දෝ ගමන් යන්නේ නැවත පිරවිය හැකි බෝතලයක් අරන් ගන්න දෙයක් වුණත් දාගන්න බෑග් එකක් කරේ දාං පයින් හෝ පාපැදියෙන් උනාට බස් හෝල්ට් එකේ දුර යන්නත් අපිට කාරෙකක්, ස්කූටියක් හෝ ටුක් එකක් ඕනෙ 😁🔫

The World's Richest!

Image
ජෙෆ් බෙසෝස් පසුකර ඊයෙ ඉඳන් ලොව ධනවත්ම පුද්ගලයා වූ එලොන් මස්ක් ගැන රට්ටු කියන කතා 😉 හපෝයි බැටරි කාර්, මහලොකුවට පරිසර හිතකාමී කිව්වට ඕවෑ බැර ලෝහ පොළොව කනවා. මහ ලොකු කාර් හදන්න ඉස්සෙල්ලා ලාභ කාර් එකක් හදන්න තිබුණෙ නැද්ද මෙයාට මරුටි ගානට?

1948 ආසියාවේ දෙවන විශාල ආර්ථිකය 🤔

Image
 

නව සන්නාමකරණය

Image
ආයතනයක් rebranding එකකට යන්නේ ඒක පිටිපස්සෙ තියෙන විශාල innovation, strategy,  ව්‍යාපාරික සැලසුම් සහ අරමුණු මත. ලෝගෝව වෙනස් කිරීම ඉතා සුළු වියදමක් වුණත් ඒ හා සබැඳි අනිකුත් දෑ ආයතනයකට අතිවිශාල වියදමක් මෙන්ම හොඳට මෙන්ම නරකට ද බලපෑ හැකියි. ජෙනරල් මෝටර්ස් rebranding එක ලෝකෙ ඇතිකරපු හාහෝව වගේම එකක් SLT Mobitel rebranding එක ලංකාවෙත් ඇති කරලා.