නව සන්නාමකරණය

ආයතනයක් rebranding එකකට යන්නේ ඒක පිටිපස්සෙ තියෙන විශාල innovation, strategy,  ව්‍යාපාරික සැලසුම් සහ අරමුණු මත. ලෝගෝව වෙනස් කිරීම ඉතා සුළු වියදමක් වුණත් ඒ හා සබැඳි අනිකුත් දෑ ආයතනයකට අතිවිශාල වියදමක් මෙන්ම හොඳට මෙන්ම නරකට ද බලපෑ හැකියි.

ජෙනරල් මෝටර්ස් rebranding එක ලෝකෙ ඇතිකරපු හාහෝව වගේම එකක් SLT Mobitel rebranding එක ලංකාවෙත් ඇති කරලා.



ජෙනරල් මෝටර්ස් සමාගම පැහැදිලිව කිව්වා, සන්නාම වෙනස් කිරීමේ අරමුණු සහ ඉලක්ක. 

ඒ ඔවුන්ගේ අනාගතය හැඩගැසෙන විදුලි කරණය වෙනුවෙන් ඩොලර් බිලියන 27 ක් වියදම් කරන්න බලාපොරොත්තු වෙන බව මෙන්ම logo එකෙන් මතුවෙන නිර්ණායක සහ අදහස් මොනවාද යන්න. 

ඉලක්ක ගැන කිව්වොත් 2030 වන විට නව විදුලි රථ මාදිලි තිහක් වෙළඳපොළට ඉදිරිපත් කිරීම.

හැබැයි SLT Mobitel logo වෙනස් කිරිම ගැන අපි දන්නේ ඒකට රුපියල් බිලියන දෙකක් වියදම් කරපු බවට කියන කතා විතරයි.

පුවත්පත් නිවේදනය කියවෙන්නේ දෙක එකතු කරලා ශක්තිමත් කිරීමක් ගැන. බිලියන දෙකක් වියදම් කළා නම් ඒකෙන් බලාපොරොත්තු වෙන උඩ කියපු කරුණු ගැන සඳහන් විය යුතුයි.

නැත්නම් මේවා ප්‍රතිලාභ නැති පුස් වෙඩි වෙයි.

The new GM logo features a color gradient of vibrant blue tones, evoking the clean skies of a zero-emissions future and the energy of the Ultium platform [GM’s EV battery system]. 

The rounded edges and lower-case font create a more modern, inclusive feel. The underline of the “m” connects to the previous GM logos as well as visually representing the Ultium platform. And within the negative space of the “m” is a nod to the shape of an electrical plug.

සන්නාම සහ සන්නාම වටිනාකම් ගැන

https://mobility.lk/2020/10/26/service-innovation/

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන