ලාබාල මවගේ, ළදරුවා 😢

"ඊයෙ දවසෙ මට (සංජී වීරසිංහ) මගේ ගුරුවරයෙක් කිවූ කතාවක්...."

මීට අවුරුදු 20කට පමණ පෙර මගේ ගුරුතුමා කඩුවෙල පාලම අසලට පැමිණියේ යම් අවශ්‍යතාවයකටයි. එහිදී ඔහු දුටුවා අවුරුදු 17ක පමණ ලාබාල මවක්, ඇගේ මව විය හැකි තවත් වැඩිහිටි කාන්තාවක් සමග. 

විශේෂ අවශ්‍යතා!

ලාබාල මව විශේෂ අවශ්‍යතා සහිත දැරියක්...එනම් ආබාධිත මන්ද මානසික තත්ත්වයක්. ඇය ඔලුව අතපය සොලවන විලාශයෙන් මේ බව තේරුම් ගැනීමට හැකියි. දැරිය ඇඳගෙන හිටියෙ දරුවකු ලැබූ කාන්තාවක හඳිනා ආකාරයේ චීත්තයක් සහ බෙඩ්ජැකට් එකක්.

වැඩිහිටි කාන්තාව, මේ දැරියගේ අතට යම්කිසි පොදියක් දුන්නා, "ළදරුවෙක්".
දැරිය පොදිය සියතට ගත්තා, පාලනයකින් තොරව කැරකැවෙන තමාගේම ඔලුව අතපය සමගින්. වැඩිහිටි කාන්තාව ළදරුවාගේ මුව ලං කරා දැරියගේ තනපුඩුවක් දෙසට. ළදරුවා කිරි උරා බොනවා.

කාරයක් ඇවිත් මේ දෙන්නා ළඟ නවත්වනවා. වැඩිහිටි කාන්තාව, තම මව්ගෙන් ලබන අවසන් කිරිපොද උරමින් සිටි බිලින්ඳාව තම ඇකයට ගෙන මෝටර් රථයෙන් පැමිණි ජෝඩුව දෙසට දිගු කරනවා. 

ආබාධිත ලාබාල මව්, ඇගේ හිස සහ අතපය සොලවමින් තමාගෙන් ගිලිහෙන බිළිඳු දෙස බලනවා. ජෝඩුව ක්ෂණයකින් බිළිඳාව රැගෙන ඉගිලෙනවා. දැරියට, ඇගේ ආබාධිත තත්ත්වය නිසා තමාගේ හැඟීම් ප්‍රකාශ කරගැනීමට නොහැකියි.
"වචනවලට පෙරලාගත නොහැකි හැඟීම් සියල්ල, දැරියගේ දෙතන තුළින් පිටතට වෑස්සෙනවා".

ඔවුන් කඩුවෙල, රත්නපුර දිශාව දෙසට දෙසට ඇති බස්නැවතුම දෙසට පියනගනවා. 
දැරිය ඉදිරියට පියනගන ගමන් හැරී හැරී පිටුපස බලනවා....😢

- සංජි වීරසිංහ.



Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන