Posts

Showing posts with the label Policies

පය බරවායට පිටිකරට බෙහෙත්

Image
ඉන්ධන ආනයනයට රුපියල් බිලියන දාහක් රට වසරකට වියදම් කරනවා කියල පී බී ජයසුන්දර මහත්මයා මාස ගානකට ඉස්සෙල්ලා කිව්වා (link in comments). ඒවා දැන දැනම අනවශ්‍ය වියදම්, වාහන වගේ දේවල් ඇණවුම් කළා. ඒ මදිවට ඇමති කෙනෙක් කියනවා GSP+ ඉවත් කිරීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිලු. ප්‍රවාහනයට 60% ඉන්ධන වැය වෙනවා නම් ඉස්සෙල්ලම කළ යුතු ඉන්ධන වැයවෙන වාහන ප්‍රමාණය අඩු කිරීම.  ඒක පිටට තවත් විදුලි රථ වුනත් දාපුවම වෙන්නේ තදබදය තවත් වැඩි වෙලා ඉන්ධන පරිභෝජනය තවත් වැඩිවීම. ඒ වගේම වාහන පාරෙන් ඉවත් කරන්න පාපැදි සහ පොදු ප්‍රවාහනයට මුල් තැන දෙනවා කිව්ව. ඒවා දවස ගානෙම යන්නේ වලපල්ලට. සැලසුම් පවා හදල දුන්න දවසකට කොළඹට ඇතුල්වෙන පෞද්ගලික වාහන ලක්ෂ 8 අඩු කර ගන්න ක්‍රම ගැන. නමුත් අපි තවදුරටත් හදන්න යන්නේ නගරය තුළ car park හයිවේ වගේ වාහන ම ප්‍රවර්ධනය වෙන දේවල්. වසංගතයෙන් පස්සේ වෙනස් නොවෙන නව සංචරණ ක්‍රමවේද Micromobility වගේ දේට මුළු ලෝකෙම අනුගත උනත් අපි තවමත් digital infrastructure සංවර්ධනය වත් පයිසෙකට ගණන් නොගෙන කරන්නේ රාජ්‍ය ගොඩනැගිලි, නාගරික මහාමාර්ග, ගුවන් පාලම් කාර් පාක් වගේ දේවල් හැදීම.  ඊටත් එහා ප්‍රශ්නයක් පුනර්ජනනී...

National Policies

Image
Tesla records a million orders for a truck from cyberspace.  Now Ford gets 40,000 orders for their conventional-looking F 150 lightning within a week of the announcement! I'm not going to talk about the 100,000,000 USD Tesla bagged as reservations to keep for years, interest-free 😉 Mind you, that's amidst Covid anyways! Interesting to note the thinking of our math on Cars. These e trucks are priced $50,000+, higher than their gas counterparts.  In a country like America, a range of 500 Kms + is not too big. Yet they decide to benefit their own pockets and the environment too! Forget it all now 😁🔫 We live in a shit hole with no National policies on Transport, Environment, or Energy! Yet we are poised to spend 3.6 Billion on vehicles including 227 SUVs for politicians amidst Covid!

නැවේ ගින්න

Image
වෙසක් දවසේ ඇතිවෙන කේන්තිය කණගාටුව පාලනය කරගන්න බෑ 🤬😭☠️ ගිනිගන්න අරන් දවස් ගානක් වුණත් වර්ස්ට් කේස් සිනාරියෝ එක ප්‍රෙඩික්ට් කරල කවුන්ටමෙශර් ගත්තද? අපිට වැරදුනාද? එහෙනම් ඒ කොතනද? ලොක්කො කියනව වන්දි ගන්න පුලුවන්ලු! ඒවට රටේ, වරායේ ව්‍යාපාරික හානිය, සංචාරක ව්‍යාපාර හානිය, පාරිසරික හානිය ක්වොන්ටිෆයි කරල අය කර ගන්න පුලුවන්ද? #SLPA #SLNavy #CoastGuard #MEPA #Fisheries #NARA #environment

බාර් ලයිසන්

Image
කැළනියෙ කතරගම අනුරාධපුරේ සිරීපාදෙ තෙරපි තෙරපි පෙරළි පෙරළි වැඳපු උපාසකයෝ කොරෝන ගෙනාවෙ අරක්කු වගේ පෝලිං පොටෝ දානව. මේ පෝලිං හැදෙන්නෑ අර බෞද්ධ තායිලන්තෙ වගේ ඕන වෙලාවක ඇරලා තිබුණ නම්, ලයිසන් ක්‍රමය නැති කරානම්, ඕන කඩේකින් ගන්න පුළුවන් කරානම්. අපේ රටේ මිනිස්සු කලාවට බොන්න නො දැන ගැනීමටත්, බීමට පෙරේත වීමටත්, පාලනයක් නැති වීමටත් හේතුව පාලකයන්ගේ වාසියට තියාගෙන ඉන්න බාර් ලයිසන් ක්‍රමය සහ ආගම් හදපු ටැබූ එක. බදු ගහපල්ලා, හැබැයි බොන එකාට බොන්න දීපල්ලා! බේබදුකමවත් හොර අරක්කු ව්‍යාපාර වත් නැති කරන්න බෑ ඔය මෝඩ නීතිවලින්. මේක කිසිම වැඩක් හරියට කරපු රටක් නෙමෙයි 🤬 

අවජාතක රියදුරන්!

Image
පාරේ තදබදය වැඩි කිරීමේ ප්‍රධානම හේතු මංතීරු නීති පිලිනොපැදීම සහ පාරවල් අයිනේ වාහන නැවැත්වීම. වැරදි නැවැත්වීම වමෙන් පැදවීම අපහසු කිරීමට සහ අනතුරු වැඩි කිරීමට පවා විශාල හේතුවක්. ලේන් දෙක මැද තියාගෙන ඉන්න මේ වගේ අවජාතක රියැදුරන් තමයි ඉහත වැරදි දෙකත් වැඩිපුරම කරන්නේ..  ත්‍රීරෝද නම් පොදුවේ ඔහොමයි. අනිත් වාහන දිහා බැලුවම මගේ පෞද්ගලික analysis එක ඒ අය මේ මූලික කොටස් වලට අයිති වෙනවා. * ග්‍රාමීය පළාත්වලින් නගරයට ආපු වාහන. * හොර හෝ රව්ඩි පෙනුම ඇති රියදුරන්. * අඩු අධ්‍යාපන හෝ බුද්ධි මට්ටම්වල අය. ඔය කිව්වේ පෙනුමට හිතෙන දේවල්, මෝඩ මූනක් තියෙන බුද්ධිමතුන් ඉන්න පුළුවන් ✊ #SoSriLankan #LaneLaw #mobilityalliance

රටවැසීම සහ වැටුප්!

Image
ජීවිත වටිනවා ජීවිකාවට වැඩිය. නමුත් ජීවිකාවේ ඇතිවන ප්‍රශ්න පවා දීර්ඝ කාලීනයි, ඛේදජනකයි. ගිය අවුරුද්දේ වහපුවයෙ විපාක පවා තව අවුරුදු ගාණක් අපි විඳියි. මේ කඩින් කඩ වැහිල්ලෙනුත් වෙන්නේ එක පැත්තකින් කුලී වැටුප් පොළී ආදිය ගෙවන ගමන් අනිත් පැත්තෙන් ආදායමත් අහිමිවීම. සංචරණ සීමා හෝ එනමින් එන රට වැසීම ඉල්ලපු  අයගේ පොදු ලක්ෂණයක් මූල්‍ය හෝ ආදායම් ස්ථාවරත්වය. ඒ අයගේ තර්කයක් තව මාසයක් ව්‍යාපාර අල්ලං ඉන්න බැරිනම් මේ අවුරුදු ගාණක් කරපුවයෙ ඇති වැඩේ මොකක්ද කියන එක. ඒ කතා subjective, සාධාරණ මෙන්ම නව ව්‍යාපාර වලට පහුගිය දශකය තුළ ම ස්ථායි වීමට අවස්ථාවක් ලැබුණේ නෑ. ව්‍යාපාර වපසරිය පවා අසාධාරණයි. ව්‍යාපාර නොකරන අයට හෝ ඩීල් කාරයන්ට ඒව දැනෙන්නේ නෑ. රට වැහීම හරිද නැද්ද යන්න ගැන මට අදහස් ප්‍රකාශ කරන්න බැහැ. මොකද ඒක වයිරසයේ හැසිරීම සහ ව්‍යාප්තිය අනුව අතිශයින් විද්‍යානුකූලයි. නමුත් රට මේ වෙනතුරු ගත්තේ විද්‍යානුකූල තීරණ නම් නෙමෙයි. සංචාරණ සීමා හෝ රට වැසීමට පක්ෂ අය පෞද්ගලික හෝ රජයේ ස්ථිර සේවකයෝ නම් වහන කාලයට තමුන්ගේ වැටුප අඩකින් අඩු කරන්න කැමති විය යුතුයි. වෛද්‍යවරු රට වැහුවත් වැඩ කරනවා, මේ ඔවුන්ගේ සේවය අත්‍යාවශ්‍...

සංචරණ තහනම සහ ව්‍යාපාර

Image
ලොක්ඩවුන් ගැන මුකුත් නොකියා හිටියේ ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී තත්ත්වයට රජය මුහුණ පා ඇති බව තේරුණු නිසාත් තත්ත්වය අපට වැඩිය හොඳින් දන්නේ රජය නිසාත්ය. ඊයෙ නිවේදනයේ අන්දමට සංචරණ සීමාව පළාත් අතර පමණක් නිසා සෞඛ්‍ය ආරක්ෂිතව ආයතනය පවත්වාගෙන යාමට තීරණය කළෙමි. අද නිවේදන වලින් රජයේ කම්පියුස් එක අපේ පිට පටවා ඇති බව පෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයේ හෙට සිට 17 දක්වා වැසීමක් ගැන කිසි දෙයක් නැත. ආරක්ෂක අංශ මාධ්‍ය ප්‍රකාශන අපැහැදිලිය. ප්‍රවෘත්ති ඊට වැඩිය වෙනස් ය. අවසානයේ තේරුම් ගත් අන්දමට හෙට රෑ සිට සදුදා තෙක් දිවයින පුරා සංචරණ තහනම නිසා ආයතනය පැවැත්විය නොහැකිය. ලොක් නොකරනු ඇතැයි පැවසුනු නිසා 31 තෙක් ආයතනය තුළ නැවතී වැඩ කිරීමට ඊයේ සූදානම් වූ පිටපලාත් සාමාජිකයන් හෙට ගෙදර යැවීමට මාර සටනක් දිය යුතු වේ. බොහෝ සාධාරණ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ලාභ මත නොවේ. පසුගිය වසරේ අපේ කුඩා ව්‍යාපාරයට මිලියන දෙකහමාරක පමණ පාඩු lockdown නිසාම සිදුවිය. ඒ අහිමි වූ ආදායම් වලට අමතරවයි. ඒවා කොහොම වෙතත් යැපෙන්නන් සහ පවුල් ගැන පවා සිතිය යුතුවේ. කොහොමටත් ආදායම් නැති අවුරුදු කාලයේ රට වැහුවනම් ඇති වෙන පාඩුවක් ද නැත. දැන්...

අධ්‍යාපනයේ වසංගතය!

Image
උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් දැං කරන්නෙ මොකක්ද කියලා හොයන කාලේ. ලක්ෂ දෙකක් විශ්වවිද්‍යාල වලට. අවම වශයෙන් ඒ වාසනාවන්ත කොටසට වත් මේ රටට මෙතෙක් කල් නොවුනත් ගෝලීය සංවර්ධනයට වත් දායක වෙන්න තියෙන අවස්ථා අවමයි පහත කරුණ අනුව. ගෝලීයව පිළිගැනුණු දත්තයක් සිව්වෙනි කාර්මික විප්ලවය (Industry 4.0) සමග ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුල්වෙන ළමයින්ට අනාගතයේ කරන්න වෙන රැකියා වලින් 65% ක් දැනට ලෝකෙ නැති ඒව කියලා. ඒ ප්‍රතිශතයත් Covid වලට ඉස්සෙල්ලා. එමෙන්ම නවීන විෂයමාලා සහිත ඇමරිකාවේ දත්ත අනුව. වඩාත්ම වැදගත් කරුණ කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයා ජීවත්වෙන, වැඩකරන සහ එකිනෙකා සමග සම්බන්ධ වෙන අයුරු වෙනස් කිරීම තාවකාලික නොවෙන බව දැන් ලෝකය පිළිඅරන් තියෙනවා. නමුත් ලංකාවේ විද්වතුන්වත් දේශපාලකයන්වත් සම්පූර්ණ විෂයමාලා වෙනස් කිරීමක් ගැන හිතලවත් නෑ. උවමනාවක් තියෙනවා නම් මේවා ඒ මහත්තුරුන්ට නෝනලට ගෙදර ඉදන් කරන්න පුලුවන් වැඩ. හැබැයි ඒගොල්ලන්ගෙ උනන්දුව භෞතික දේවල් ගැන විතරයි, පින්තූරය මේකට අදාල නෑ. A number of technological fields will see major advances over the next few years that will affect all disciplines, economies, and industries. T...

දුම් බද්ද උඩ ගියත් 🤔

Image
කැබිනට් පත්‍රිකාවෙ ඔක්කොම හොඳයි. කරන්න බැරි දේවලුත් ඇති, විශේෂයෙන්ම රසායනික පොහොර තහනම ගැන. ඒක මගේ විෂය නෙමෙයි. අනික මේ වෙන වෙනම කතා කළ යුතු මාතෘකා. දුම් සහතිකය පිළිබඳව ඇති 4.14 පෙළ ගැන මේ. දැනුවත්ව නං මෙතෙක් දුම් සහතිකය මගින් අය වෙන මුදල් යෝජිත පාරිසරික කටයුතු සඳහා මුදාහැරල නැහැ.  ඒ කොහොම වෙතත් පවත්නා විමෝචන වායු පරීක්ෂණ තත්ව ප්‍රමිතීන් අතිශයින් යල්පැන ගිහිං. එමෙන්ම ලෝකෙ කොහෙවත් නැති අන්දමින් හයිබ්‍රිඩ් වාහන විමෝචන වායු සහතිකයෙන් නිදහස් කරල, වෙන රටවල් හයිබ්‍රිඩ් තහනම් කරගෙන යද්දි. මේ පනවන අධිභාරය සමග එදා සිට එකතු කරගත් මුදලුත් අපි එදිනෙදා හුස්ම ගන්නා වායුව දුමෙන් නිදහස් කිරීම සඳහා දැන්වත් යෙදවුණොත් හොඳයි, ප්‍රමිතීන් ඉහළ නංවන ගමන්ම. එහෙම නොකලොත් නව අධිභාරයෙන් පරිසරයට රටට හෝ අනාගතයට වෙන සෙතක් නැති වෙයි. Emission test

Colombo Port City

Image
ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී! පෝට් සිටියේ මේ පින්තූර දැක්කම අපි අවසේස ජනතාව හිතන්නේ අනේ ඉතින් වීසා අරගෙන හරි ප්ලේන් එහෙක නොගිහින් ගිහින් බලන්න තැනක් තියෙනවනේ කියල.  ඒ මදිවට මේකෙ පරිසර හිතකාමී බව ගැන රොකට්වල නැගල කණ්ඩලම දිහා බලාගෙන ගම හඳේ වෙච්ච අයත් හෑලි ලියනවා. රටයි මුහුදයි දෙකම හාරල පස් අරන් ඕක පුරෝලා හැදුව කියමුකො. දැන් පරිසර හානිය බොහෝ දුරට වෙලා ඉවරයි නේ, දැනෙන්නෙ අනාගතේ උනාට. මේක ගලවන්නත් බැහැනේ. නමුත් කෝ ව්‍යාපාර සැලැස්ම???  ඔය කියන ආර්ථික ප්‍රතිලාභ කොහේද කොන්ටිෆයි වෙලා තියෙන්නේ? මෙච්චර කල් කියපු ගණං බොහොමයක් නිවැරදි නැති ප්‍රායෝගික නොවෙන දේවල් බව විශේෂඥයෝ කියනවා.  ගෝලීය ආර්ථිකය ජාලගත ක්‍රම වලට වෙනස් වීගෙන යන කාලෙක, එමෙන්ම භෞතික යටිතල පහසුකම් හුදු සුදු අලි වෙච්ච කාලෙක මෙවැනි ව්‍යාපෘති දිහා බැලිය යුතු තව වසර 25ක් වත් එහා ව්‍යාපාරික වපසරිය ගැන හිතලා. ඩුබායි වැනි තැන්වල පමණක් නෙමෙයි මුලු ලෝකයේම තියෙන ව්‍යාපාරික මර්මස්ථාන සහ mass transit systems කොවිඩ් නිසා ඇති වුනු, ආපසු නොහැරෙන ජාලගත ව්‍යාපාර මත කිසිදා ආපහු ලාභ නොලබන බව ප්‍රකාශිතයි. විනෝදාස්වාද ව්‍යාපාර සහ අද...

පාං නැත්තං කේක් කාපල්ලා!

Image
ලංකාවේ කැලෑ ආරක්ෂා කරගන්න අවශ්‍ය එක් දෙයක් දැව ආනයනය බදු නිදහස් කිරීම. එමෙන්ම ලංකාවේ පාම් ඔයිල් වගාව අධෛර්යමත් කරන්න නම් edible තෙල් ප්‍රමිති ගතව අඩු බදු මත ආනයනයට සියලු ඉඩ සැලසිය යුතුයි. ලංකාවේ පරිසරය වනසන සීනි සහ කඩදාසි වැනි කර්මාන්ත සඳහාත් කල යුතු මෙයමයි. ඒවා අපි වගේ පොඩි රටවල් වලට ගැළපෙන හෝ ආර්ථික වශයෙන් කිසි දිනෙක ගෝලීය ආර්ථිකයක් තුළ සාර්ථක කළ හැකි ව්‍යාපාර නෙමෙයි. ප්‍රතිපත්ති සහ පාලන ක්‍රම හදාගන්න නොහැකියාව වහගන්න කලයුතු හැමදේම තහනම් කරගෙන යෑමත් නොවෙයි. ඒක කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නෑ. අපිට අඩුව හිටියේ දේශීය මාරි ඇන්ටොයිනට් කෙනෙක් විතරයි, දැන් ඒකත් හරි ද මන්දා! මිං පස්සෙ පාන් සුද්දන්ට විතරයි, දේශීය අපි ආසනික් පිරිච්ච බත්ම ගිලිමු 😁🔫

සූර්ය කාර් වලට පෙර

Image
ගරු ඇමතිතුමනි 🙏 ඉන්ධන, හයිබ්‍රිඩ් වාහන වලින් වෙන වායු සහ පරිසර දූෂණය ඔබ හඳුනා ගැනීම අගය කරනව.  විදුලි කාර් වුනත් අපි පාරට එක් කළ යුතු එක ඉන්ධන භාවිත වාහනයක් ඉවත් කරන ගමන්. මේ ලෝකෙ නැති සූර්ය කාර් ගැන කතා නොකර, හෙට ඉඳං පටන් අරං අවුරුදු දෙකකින් ඉවර කරන්න පුළුවන් යට තියෙන දෙක කළොත් ඊළඟ ඡන්දෙදි මම ඔබේ campaign එකේ. දැනටම යෝජනා කර ඇති පාපැදි මංතීරු 6 හදල දිනකට කොළඹට ඇතුළුවෙන වන කාර් ලක්ෂ 8 න් 10% ඉවත් කිරීම. දැනට පාපැදි පදින මහාමාර්ග අයින් වල තියෙන බාධක ඉවත් කිරීම, වළවල් සහ ගැටි වැහීම, පාකින් නැවැත්වීම. මේවා ලොකු දේවල් නෙමෙයි, අනුමැතියත් අවශ්‍ය නෑ, ජනාධිපතිතුමාගේ Vistas of Prosperity & Splendor එනම් සෞභාග්‍යයෙ දැක්මෙ තියෙන ඒව. තව කරනවා නම් ඕන තරම් දේවල් තියෙනවා, අතිශය අඩු වියදමෙන් කරන්න පුළුවන්.  පොදු ප්‍රවාහනය ගැන මෙතන කතා නොකරමි.