අධ්‍යාපනයේ වසංගතය!

උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් දැං කරන්නෙ මොකක්ද කියලා හොයන කාලේ. ලක්ෂ දෙකක් විශ්වවිද්‍යාල වලට. අවම වශයෙන් ඒ වාසනාවන්ත කොටසට වත් මේ රටට මෙතෙක් කල් නොවුනත් ගෝලීය සංවර්ධනයට වත් දායක වෙන්න තියෙන අවස්ථා අවමයි පහත කරුණ අනුව.

ගෝලීයව පිළිගැනුණු දත්තයක් සිව්වෙනි කාර්මික විප්ලවය (Industry 4.0) සමග ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුල්වෙන ළමයින්ට අනාගතයේ කරන්න වෙන රැකියා වලින් 65% ක් දැනට ලෝකෙ නැති ඒව කියලා. ඒ ප්‍රතිශතයත් Covid වලට ඉස්සෙල්ලා. එමෙන්ම නවීන විෂයමාලා සහිත ඇමරිකාවේ දත්ත අනුව.

වඩාත්ම වැදගත් කරුණ කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයා ජීවත්වෙන, වැඩකරන සහ එකිනෙකා සමග සම්බන්ධ වෙන අයුරු වෙනස් කිරීම තාවකාලික නොවෙන බව දැන් ලෝකය පිළිඅරන් තියෙනවා.

නමුත් ලංකාවේ විද්වතුන්වත් දේශපාලකයන්වත් සම්පූර්ණ විෂයමාලා වෙනස් කිරීමක් ගැන හිතලවත් නෑ. උවමනාවක් තියෙනවා නම් මේවා ඒ මහත්තුරුන්ට නෝනලට ගෙදර ඉදන් කරන්න පුලුවන් වැඩ. හැබැයි ඒගොල්ලන්ගෙ උනන්දුව භෞතික දේවල් ගැන විතරයි, පින්තූරය මේකට අදාල නෑ.


A number of technological fields will see major advances over the next few years that will affect all disciplines, economies, and industries. These fields include robotics, artificial intelligence, energy storage, mobility, nanotechnology, quantum computing, biotechnology, the Internet of Things, 3D printing, autonomous vehicles, and more.

#education #arshikland


Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන