Posts

Showing posts with the label My Life

බේබද්දො උල තිබ්බම හරිද?

Image
බේබදුකම රටේ සංවර්ධනයටත් විශාල බාධාවක්. නීති වැඩිවෙන තරමට, ටැබූ එකක් වෙන තරමට වැරදි වැඩි වෙන බව මං හිතනවා. මම බේබදුකම නැවැත්වීම ගැන දන්නෙ නෑ. නමුත් ඕක මහා ලොකු දෙයක් වෙන්නත් බෑ. විසි ගණන් වල මාත් හොඳටම කරා, සති අන්තයේ මත නිසා නිසාම dehydrate වෙන තරමට. ඒ ගොනා දැන් විකුණලා. ලෝබ නැතුව ගිය සතියෙත් බෝතලයක් හිතවතෙකුට දෙන්න පුළුවන්කම තිබුණා. දැං මොනා තිබුනත් අත වත් නොතියා ඉන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු ස්ටයිල් එකට බොන්න දන්නෙත් නෑ. බෝතලයක් දැක්කම ඒක හිස් කරන කන් මෙලෝ සිහියක් නෑ. අනෙක ගමනක් ගියත් මූලික බීම මිසක් මිතුරු ඇසුර නෙමෙයි. මේක විශේෂයෙන්ම තියෙන්නේ අඩු අධ්‍යාපන මට්ටම් වල අයගෙ. එක එක කාලෙට බීමත්කම ගැන එකේක සද්ද දානව. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මතක් වෙන්නෙත් ඉඳහිට. දැන් මිනිස්සු ලයිසන් කඩ ගාව පොර කන නිසා. මාසයක් වහල තියලා බේකරියක් ඇරියත් ඔච්චර තමයි. බේබදු කමෙන් ගලවන්න නීති දාලා වත්, බාර් වහල වත්, බණ කියලවත් බෑ. ඒ සඳහා රාජ්‍ය මට්ටමේ ස්ට්‍රැටජික් වැඩපිළිවෙළක් අවශ්‍යයි. තමුන්ගේ ආදායමේ හැටියට ස්ටයිල් එකට බොන විදිය කියාදීමත් ඒකෙ කොටසක් විය යුතුයි.  උත්තරේ තියෙන්නෙ මේ පිළිබඳ විශේෂඥයින්ගේ ...

අත්හරින්න පුරුදුවෙන්න!

Image
වසංගතය නිසාම නෙමෙයි, ඒ බුද්ධ දර්ශනය. ඒත් අපි අතෑරියේ ආධ්‍යාත්මික දේ මිස භෞතික දේවල් නෙමෙයි. මේ මගේ වෙසක් සිතුවිලි, මගේ ක්ෂේත්‍රයට අනුව🙏   අපේ ප්‍රමුඛතාවය, අවශ්‍යතාවන්ට සහ කාලයට මිස ප්‍රවාහන මාධ්‍යයට නොවිය යුතුයි. ඒකයි රටක් විදියට වුණත් පොදු ප්‍රවාහනය දියුණු නොකර පෞද්ගලික ප්‍රවාහනයම ප්‍රවර්ධනය කරන්නේ. මූලිකත්වය මම කවුද මගේ වාහනය මොකක්ද යන්න, එනම් අධ්‍යාත්මික වටිනාකම් දරුණු විදියට අතෑරීම. ඊළගට පාරෙදි පවා මමත්වයම මුල් වීම. අපි දන්නෑ තව කෙනෙකුට ඉඩදීමෙන් කොච්චර සන්තෝසයක් ලබා ගන්න පුළුවන්ද කියලා. වසංගතය පවා හොඳ අවස්ථාවක් දුමෙන් මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් දූෂිත වුණ අපේ ප්‍රවාහන ආර්ථිකයෙන් බැහැර වෙන්න.  පිරිසිදු පරිසරය සමඟ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න 🙏

තාත්තා

Image
පාපෝච්චාරණයක්! තාත්තා මහ ගහක් විදියට මම එදා දැක්කේ නෑ. හේතුව තාත්තා ඒකාධිපතියෙක් නොවුන නිසා. තාත්තා අපිව නීති වලට යට කරලා හැදුවේ නැහැ. ඕන දෙයක් උපේක්ෂාවෙන් දැක්කා. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, ඒක තමයි  අදටත් මගේ ක්‍රමය. අවුරුදු සිරිත් එයාගෙන් පුරුදූ වුනෙත් නැහැ, මම ජ්‍යෝතිෂය හෝ නැකැත් විශ්වාස නොකරන නිසා වෙන්න ඇති. හැබැයි කාලිංග මාඝ ලංකාවට ගෙනාපු අවුරුද්ද දැන් සංස්කෘතියෙ කොටසක්. මේ අලුත් අවුරුදු ක්‍රීඩා අතරතුර ගත්තු ඡායාරූපයක්. ආපහු හිතල බැලුවම තේරෙනවා ඔහු මගේ තාත්තා පමණක් නොවෙයි මගේ නිදහස් චින්තනයෙන් පියා කියල.  තාත්තාගේ සෞඛ්‍යය ගැන මා වඩාත් සැලකිලිමත් වූවා නම්, ඔහුව දැනුවත් කලානම් එයා තවමත් ජීවත් වෙන්න තිබුණා 😥

Peddling in style

Image
Frame: Trek FX Alpha AL Brakes: Shimano Hydraulic Tires, Saddle, Handle: Bontrager Gearing: Shimano Acera Helmet: Bolle Carbon  Shirt: Zara Pant: Levi's 531 Shoes: Belbo genuine leather Wristwatch: Timberland  Shades: Luminerie Ignite Gloves: Garneau Water bottle: Bianchi  Peddling in style, නයා පාපැදියෙං යැවීම නොවේ!

දෙවිවරු වූ මිනිස්සු, ගැහැණු සහ ෆේස්බුක්!

Image
ගොවිපළේ ඉඳන් ට්‍රක් එකට හාල් කිලෝ දෙදහක් විතර දාගෙන දමිත අයිය එක්ක පිටත් වෙනකොට ඊයේ රෑ 10:00 පහු වෙලා. කොරොන කාලේ අවුරුද්දකට වඩා පොඩ්ඩක්වත් ට්‍රක් එක නොදුවපු නිසා වැඩි හොඳට ආණමඩුවේ ටයර් කඩේකින් හුලං චෙක් කරා. සේරුකැලේ  හරිය පහුකරද්දි දඩ දඩ සද්දයක් ඇහෙනකොටම ඇඟ හීතල වුණා ටයර් වෙන්නැති කියලා. ට්‍රක් එක පස්ස double වීල්, වම් පැත්තෙ ජෝඩුවම ෆ්ලැට්. දෙපැත්තෙම වැව සහ කැලේ දෙපැත්තටම හැතැම්මකට දෙකකට වඩා යනකං මනුස්ස වාසෙකුත් නෑ. කරන්නෙ මොනාද කියලවත් හිතාගන්න බෑ. ටයර් තියෙන විදියට අලුතෙන්ම දාන්න වෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා ආරක්ෂාව වැදගත් නිසා ට්‍රැෆික් ත්‍රිකෝනෙ තිබ්බ පාරේ. ඉඳ හිට යන වාහන නවත්තන්න හදන ගමං FB SOS පෝස්ට් එකකුත් දැම්මා. පැය බාගයක් විතර වාහන නවත්තන්න හැදුවා. පහකට වැඩිය ගියෙත් නෑ කවුරුවත් නැවැත්තුවේ නෑ. තවත් ටික වෙලාවකින් මේ ඉන්න පැන්ඩා නැවැත්තුව. ඇතුල ලයිට් එක දැම්මහම දැක්කේ ලස්සන තරුණ නෝනා කෙනෙක් නම භාග්‍යා. අවුරුදු පහක විතර පොඩි දුවෙකුත් ඇතුලේ. භාග්‍යා කිලෝමීටර දහයක් විතර එහායින් තියෙන ටයර් කඩ 2කම අංක දුන්නා. ඒවා ඉන්ටර්නෙට් එකේ නැහැ. මේ නෝනා ගාව ලියලා තියාගත්තු ඒව. එක නම්බරයක් කාර්...

සතුට නම්!

Image
පබ්ලික් ගෘප් එකක විදුලි රිය ගැන උපදෙස් ගන්න අහද්දි හැම කෙනෙක්ම මගේ නම සඳහන් කිරීම තරම් සතුටක් තවත් කොයින්ද? මේ අද කමෙන්ට් කීපයක්, මෙතන නම් ඇති නැති ඔක්කෝටම මගේ ස්තුතිය 🙏🙏🙏 වැදගත්ම දේ මේ විශ්වාසය පවත්වාගැනීම, පැති කිහිපයකින්ම, මම ඒ වෙනුවෙන් කැපවෙලා. ඒ මගේ සේවාවන් රටේ ආර්ථිකයට, සමාජයට හා පරිසරයට දායකත්වයක් දීමේ සතුටත් සමග.

ගල්කන්දේ හාමුදුරුවෝ

Image
මගේ වෘත්තිය ගැන අතිශයින් සතුටු හිතුන දිනක්, අති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන්ට සේවය සැලසීමට ලැබුණු 🙏🙏🙏 උන්වහන්සේ සමග ප්‍රවාහනය, පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය ගැන කෙරුණු කෙටි කතා බහේදී උන්වහන්සේ මගේ අදහස් අගය කරන බව අසන්නට ලැබීම විශාල ආඩම්බරයක්!

ආදර ලෝකේ, නෑ දුක සෝකේ

බස් කතා බස්

Image
අද පානදුරේට යන්න ඕනවුනා, පාපැදිය preference එකවුනත් බයිසිකලෙන් නං උඹ මාව බලන්න එන්න එපා කියල අම්ම කියපු නිසාත්, ආපසු ගමන වෙන විදියක් නිසාත් ඔප්ෂන් හෙව්වා. ගූගල් අක්ක කිව්ව කාරෙකෙන් පැයයි, ට්‍රාන්සිට් නං පැයකුත් විනාඩි තිහේ ඉඳන් හතළිස්පහ දක්වා. ඌබර්කරනයේ මිල Zip නං රුපියල් 1,830. උද්ධමනය ඒකටත් බලපාල, මාස හයකට පෙර 1,300. මං ටුක් ටුක් වර්ජනයේ. ප්‍රතිපත්තිය සුනීත්‍ය සැරිසර නිසා ට්‍රාන්සිට් ඔප්ෂන් එක ගත්ත. නරක නැහැ, පැලවත්තේ ඉඳන් පානදුරට පැය එකහමාරයි. මාරු සල්ලි නැතිව ගල්කිස්සේදී බස් මාරුවට ගිය විනාඩි දහයත් එක්ක. ඔක්කොම බස් හතරයි. මුළු වියදම රුපියල් සීයයි. පෞද්ගලික කාබන්පාදය බැලන්ස් කිරීම මිල කල නොහැකියි. අතරමගදී ඩොකියුමන්ටරියක් බලල ඉවරකරගන්නත් පුලුවන්වුනා. මෙලෝවැඩක් නැති හෙඩ්රෙස්ට් නැති ගාලු පාරේ ලංගම බස් එක ඔක්කොටම වඩා හොඳයි. Emergency exit එකත් තිබුනා, ලොක් පවා ක්‍රියාත්මකයි. කර්ණකඨෝර සංගීතෙ නෑ, මග නවත්තං හිටියෙත් නෑ. ටිකට් අනිවාර්යයි කිව්වට පව්ද්ගලික බස්වල ටිකට් තියා ඉතුරු සල්ලිවත් ආපහු ලැබුනේ නෑ. ඔක්කොම බස්වල තිබිච්ච ලොකුම අඩුපාඩුව Half Puk Syndrome හැදෙ...

සිගරට්ටුව, කාර් සහ පෙනහැල්ල

Image
මේ කතන්දරේ වොයිස්ටයිප් කරන්නෙ කොමෝඩ් ෆන් එක ගන්න ගමං. වෝල් එකේ යද්දි ශ්‍රීමාල් අයියගේ සිකැට් පින්තූර දැක්කම මතක් උනේ තාත්තව, ශරීරකෘත්යයට සිගරට් එක ඕනම වුන නිසා. එයාගෙ ප්‍රියතම ත්‍රීරෝස්. තව ඉතිං ෆෝරෙස්, කැප්ටන්, නැවිකට් එහෙම තිබුණා. ඒවායේ නියම නම් අහන්න එපා. දැං උංගේ සිංගිරිසි ඊට එහා. සිගරට් බීම හන්දා තාත්තගේ කකුලෙ ඇඟිල්ලක් කපපු දවසෙ ඉඳල එයා සිගරට් බීම නැවැත්තුවා. කකුලම නොකපා බේර ගත්තේ අමාරුවෙන්. මං බීපු පළවෙනි සිකැට් එකේ ජාතිය අදටත් දන්නෙ නෑ. ඒක වුණේ මායි ඥාති අයියා කෙනෙකුයි ගේ ඉස්සරහ පේර ගහේ හිටියා. අවුරුදු දුසිමකට අඩුයි මට මං හිතන්නේ. ඉස්සරහ බස් හෝල්ට් එක. මහත්තයෙක් මහප්පාගේ කඩෙන් ගත්තු සිගරැට් එකක් පත්තු කරගත්තු ගමන්ම බස් එක ආවා, දැම්ම බිම. මේක බිම දුං දානවා බලං ඉන්නකොට අපේ පපුව දාල ගියා. අයියට මට වැඩිය අවුරුද්දයි කෙලින්ම ගහෙන් පැනල ගිහිල්ල අහුලං ආව. දෙන්නත් එක්ක පේර ගහ උඩට වෙලා හොඳට සිගරට් එක ගහලා ඊට පස්සේ පේරකොළ කාල ගෙට ගියා. ඔය පුරුද්ද දවසකට 20 පැකට් එකක් දක්වාම දුර ගියා, දශක දෙකක් විතර. හැබැයි නවත්තලා දාන්න කිසිම අමාරුවක් උනේ නෑ, දවසක් අකමැති රහක් ආවායින් සිගරට් ...

WARD # 17 of SJGH

SAITM and the view towards Doctors aren’t great these days. Even my opinion stay that the freedom of the medical education should be given whilst preserving the free education. Further the strikes and protests created a huge disturbance to people’s lives and the Doctors were the focal point of criticism of the business community, aka tax payers who fund the free education. Amidst all that I was diagnosed Dengue and after three days of monitoring at home admi tted to Sri Jayawardenapura Hospital as soon the platelet count drops below 150K. I have been monitoring the processes, caring and medication of SJGH and comparing with the recent resident experience at Central Hospital for the same illness with my son. It is amazing the Ward # 17 of SJGH handled an overflowing number of cases nearing 200. Big bouquets of flowers to Medical care: The doctors were so focused, knowledgeable on the subject and eloquent on all patients. They spent ample time on each patient whilst running...