Posts

Showing posts with the label Environment

අනිවාර්ය පාඩු වෙන කාර් පාක්!

Image
  වසරකට රටේ ඉන්ධන ආනයන වියදම රුපියල් බිලියන දාහයි. ඉන් වැඩි හරිය ප්‍රවාහනයට.  ඉන්ධන නිසාම බංකොලොත් වීම නවත්තන්න වහාම ඩොලර් බිලියනයක් ඕනෙලු. රටට ණයක් වත් අඩු පොලියට දෙන්න කෙනෙක් නෑලු.  අද රටේ මිනිස්සුත් උකස් පෝලිම් වල.  එහෙම තියෙද්දි අපේ රටේ තදබදය අඩු කරන්න හදන්නේ කාර් පාක් හදල.  වෙන රටවල නං කළේ නගරයට ඇතුල් වෙන වාහන ප්‍රමාණය අඩු කිරීම. පොදු ප්‍රවාහනය සහ ක්ෂුද්‍ර ප්‍රවාහනය දියුණු කිරීම පුනර්ජනනීය බලශක්ති දේශීයව නිෂ්පාදනය.  ඒව කොහොම වෙතත් අපිට අඩුම ගානේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හෝ බලශක්ති ප්‍රතිපත්තියක් වත් නැහැ. නගරය තුළට හදන උස් මාර්ග car park ආදිය කාගේ ආයෝජන හෝ ව්‍යාපාර වුණත් ලෝකෙ යටිතල පහසුකම් සියල්ල ඩිජිටල් වේගන යන විදියට මේව අනිවාර්ය සුදු අලි වෙනව! Others are building Digital infrastructure but we are still going for physical infrastructure 😁🔫 හැමදාම වගේ තාමත් අපි කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම. www.mobility.lk/transport-economy/ #NationalTransportPolicy #micromobility #carpark #mobilityalliance #renewableenergy

වාහන සහ ප්‍රවාහන හීන

Image
වාහන ඉල්ලන නූගත් දේශපාලකයෝ පැත්තකින් තියමු. ලැජ්ජාවක් ඇත්නම් නාලක ගොඩහේවා වැනි උගත් ඇමතිලා සටන් කළ යුත්තේ SUV වලට නෙමෙයි, අපි ඔක්කොටම සැපපහසුව යා හැකි කාර්යක්ශම සහ ඵලදායි පොදු ප්‍රවාහනයට. මේ වෙන රටවලට ගියාම මම දැකපු දේවල්, ගත්ත පින්තූර, ලංකාව ගැන දකින හීන.... නමුත් අපේ දේශපාලකයන්, නිලධාරීන් දකින්නේ සුඛෝපභෝගී කාර්, ජීප් විතරයි. https://www.facebook.com/photo?fbid=10225925159976960&set=pcb.10225925163257042 අපි අවම වශයෙන් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් වත් නැති රටක් 🤬 #NationalTransportPolicy #PublicTransport

සුද්දන්ගේ තෑගී

Image
දෙන්නගෙ පලමු හමුවීම වුණේ ගිය සතියේ! මේ කතාව ලෝක නායකයෝ හුවමාරු කරගත්තු තෑගි වලට හේතු විය හැකි කරුණු ගැන මගේ දැක්ම. Mr. #Biden ගෙ තෑග්ග ඇමරිකාවේ අතින් හදපු පාපැදියක්, එය බොරිස් මහත්මයා තමන්ගේ රටේ බලශක්තිය, ප්‍රවාහනය සහ පරිසරය වෙනුවෙන් කරන මෙහෙය සංකේතවත් කරනවා. Mr. #Boris දෙන්නෙ 19 සියවසේ වහල් ප්‍රතිපත්ති වලට එරෙහිව සටන් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු ගේ පිළිරුවක ඡායාරූපයක්. එය ඇමරිකානු ජනතාවගේ සාධාරණ සමාජයක ජීවත්වීමේ අයිතිය සඳහා බයිඩන් මහත්මයාගේ ප්‍රතිපත්ති සංකේතවත් කරනව. #Policies #MobilityAlliance

නැව ඉවර නෑ

Image
නැවේ තෙල් වලට අමතරව ප්‍රසිද්ධ වෙලා තියෙන බඩු ලැයිස්තුව (manifesto) දැක්කම බය හිතෙනවා. අනතුර ගැන නියෝජිතයන්ට එවපු මුල් ඊමේල් පණිවුඩයත් මැකිලලු.  ප්ලාස්ටික් පමණක් නෙමෙයි බැර ලෝහ වර්ග, තවත් රසායන ද්‍රව්‍ය වගේම lubricating oil පවා කන්ටේනර් වල තිබුණු බව ලැයිස්තුවේ තියෙනවා. මේවා ගිනිගෙන විනාශ වුණාද නැද්ද කියලා ප්‍රසිද්ධ වෙලා නෑ. මේවා එකවර වතුරේ දිය වෙන්නෙත් නෑ.  ප්ලාස්ටික් ඇට වුනත් කන්ටේනර ඇතුලේ නොකැඩී තියෙනවනම් ගොඩට ගන්න පුළුවන් වෙයි. ලිතියම් හෝ වෙනත් බැර ලෝහ ඇත්නම් සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි ගොඩට ගෙන ආවොත්. රස පරීක්ෂක ගියානම් දැන් පරික්ෂා කරලා වාර්තාවක් දීමට බල කල යුතුයි. ඇතැම් විද්වතුන් කියනවා ලොකු පරිසර හානියක් නෑලු. තවත් විද්වතුන් පිරිසක් කියනවා විශාල පරිසර හානියක් තියෙනවලු. රජය දැන් මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශ කළ යුතු බවයි මට හිතෙන්නේ. පරිපූර්ණ විද්‍යාත්මක වාර්තාවක් දෙන්න රාජ්‍ය ආයතන වලට පහසුකම් නැත්නම් අන්තර්ජාතික සංවිධානයක් ඒ සඳහා යෙදවිය යුතුයි.  හානිය තක්සේරු කිරීම මෙන්ම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වෙන සම්පූර්ණ වියදම විද්‍යාත්මකව තක්සේරු කර රජය අදාල ආයතන වලට ඉදිරිප...

නැවේ ගින්න

Image
වෙසක් දවසේ ඇතිවෙන කේන්තිය කණගාටුව පාලනය කරගන්න බෑ 🤬😭☠️ ගිනිගන්න අරන් දවස් ගානක් වුණත් වර්ස්ට් කේස් සිනාරියෝ එක ප්‍රෙඩික්ට් කරල කවුන්ටමෙශර් ගත්තද? අපිට වැරදුනාද? එහෙනම් ඒ කොතනද? ලොක්කො කියනව වන්දි ගන්න පුලුවන්ලු! ඒවට රටේ, වරායේ ව්‍යාපාරික හානිය, සංචාරක ව්‍යාපාර හානිය, පාරිසරික හානිය ක්වොන්ටිෆයි කරල අය කර ගන්න පුලුවන්ද? #SLPA #SLNavy #CoastGuard #MEPA #Fisheries #NARA #environment

දුම් බද්ද උඩ ගියත් 🤔

Image
කැබිනට් පත්‍රිකාවෙ ඔක්කොම හොඳයි. කරන්න බැරි දේවලුත් ඇති, විශේෂයෙන්ම රසායනික පොහොර තහනම ගැන. ඒක මගේ විෂය නෙමෙයි. අනික මේ වෙන වෙනම කතා කළ යුතු මාතෘකා. දුම් සහතිකය පිළිබඳව ඇති 4.14 පෙළ ගැන මේ. දැනුවත්ව නං මෙතෙක් දුම් සහතිකය මගින් අය වෙන මුදල් යෝජිත පාරිසරික කටයුතු සඳහා මුදාහැරල නැහැ.  ඒ කොහොම වෙතත් පවත්නා විමෝචන වායු පරීක්ෂණ තත්ව ප්‍රමිතීන් අතිශයින් යල්පැන ගිහිං. එමෙන්ම ලෝකෙ කොහෙවත් නැති අන්දමින් හයිබ්‍රිඩ් වාහන විමෝචන වායු සහතිකයෙන් නිදහස් කරල, වෙන රටවල් හයිබ්‍රිඩ් තහනම් කරගෙන යද්දි. මේ පනවන අධිභාරය සමග එදා සිට එකතු කරගත් මුදලුත් අපි එදිනෙදා හුස්ම ගන්නා වායුව දුමෙන් නිදහස් කිරීම සඳහා දැන්වත් යෙදවුණොත් හොඳයි, ප්‍රමිතීන් ඉහළ නංවන ගමන්ම. එහෙම නොකලොත් නව අධිභාරයෙන් පරිසරයට රටට හෝ අනාගතයට වෙන සෙතක් නැති වෙයි. Emission test

නාගරික වායු දූෂණය

Image
ඉන්දියාවේ අවාසනාවන්ත තත්වයට හේතුව එහි අධික ලෙස දූෂිත නාගරික වායුව, biomass දුමෙන් පිරුණු නිවෙස්, දුම් පානය ආදී දේවල් වෙන්න පුළුවන්. පසුගිය වසරේ සිටම ප්‍රකාශ වුණා නාගරික වායු දූෂණයෙන් බැට කන අය කොවිඩ් වින්දිතයෝ වීමේ විශාල ප්‍රවණතාවක් ඇති බව. පහත උපුටා ගැනීම කොවිඩ් වලට පෙර 2019 වසරේ ඉන්දියාවේ වායු දූෂණය සහ එහි අහිතකර ප්‍රතිවිපාක ගැන පළවුණු සටහනකින්. මේක ඇහැ ගැටුනේ ඔක්සිජන් අවශ්‍යතාව ගැන විස්තර හොයද්දි. ලංකාව ගැනත් link කොමෙන්ට් වල. ඉන්දියාවේ රථවාහන, විමෝචන වායු සහ ගල් අඟුරු බලාගාර වැනි දේවල් නිසා වෙන වායු දූෂණය ලංකාවටත් බලපාපු අවස්ථා තිබුණ.  කොළඹ වායු දූෂණයට ප්‍රධානම හේතුව රථ වාහන සහ අපේ යල්පැනගිය විමෝචන වායු ප්‍රතිපත්ති. මහජනතාවටත් ඕනේ කොහොමහරි පාරේ යන්න මිසක් විෂ වායු නැති කරන්න නෙමෙයි. https://mobility.lk/2020/05/12/prevent-polluting-colombo/   COPD due to Air pollution, smoking, and ageing. Air pollution--including ambient and household pollution due to biomass burning--is the primary cause of COPD in India and is responsible for more than half (53%) of all cases. The ambien...

නාගරික වායු දූෂණය

Image
මේ පින්තූරෙ පරිසර දූෂණයෙන් ගොඩක් එහාට ගිය ලොකු කතාවක් කියනවා. ඒ දැන් අපිට ලැබෙන දත්ත මත ක්‍රියාමාර්ග නොගැනීම නිසා සහ නොසැලකිල්ල නිසා අනාගතේ මුහුණ පාන්න වෙන තත්වය ගැන. නාගරික වායු දූෂණයෙන් සියයට 70 ක් වාහන පිටාර දුම. බොහෝ රටවල කොවිඩ් සමග නාගරික වායු දූෂණය අඩු වුණත් ලංකාවෙ විශේෂයෙන්ම කොළඹ තියෙන්නෙ දුක්ඛිත තත්ත්වයක්. එහෙම වෙන්නේ ඇයි කියල හැමෝම දන්න සාධක කීපයක් මේ........ සැලැස්මක් නොමැති කමින් අධික වෙන තදබදය, බහුතරයක් වාහන විශේෂයෙන්ම වෙළඳ වාහන පැරණි හෝ නිසි ප්‍රමිතියට නැති ඒවා වීම,  විමෝචන වායු පරීක්ෂාව යල්පැන ගිය ක්‍රමවේදයක් වීම,  හයිබ්‍රිඩ් වාහන නිසි නඩත්තුව නොමැතිකමින් ඉන්ධන වාහනය කටත් වඩා විෂ වායු විමෝචනය කිරීම,  ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති කම,  නගරය පිටට ගෙන යාමට හෝ ජාලගත ක්‍රම වලට රාජ්‍ය අංශයේ ඇති අකමැත්ත, පොදු ප්‍රවාහනය නවීන සහ දියුණු නොවීම, පාපැදි ආදී නවීන ගමනාගමන ක්‍රම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොසැපයීම, ඉන්ධන භාවිත බලශක්තියට තවමත් ප්‍රමුඛතාවය ලැබීම, පුනර්ජනනීය බලශක්ති වැඩි කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු නොවීම, නාගරික වායුව පිරිසිදු කරන පෙනහලු වැන...

කුණු අලියා

Image
 හිතට වදින අලියෙක්, ස්තුතියි ලලිත් සේනානායක  🤘 නමුත් අපි කීයෙන් කී දෙනෙක් මේ පණිවුඩය යථාර්ථයක් කරන්න අඩියක් ඉස්සරහට තියෙනවද? නිකන් දෙන බෑග් ප්‍රතික්ෂේප කරනවද? ප්ලාස්ටික් පැකට් බට සහ බෝතල් කල ජලය සහ බීම පාවිච්චියෙන් බැහැර වෙනවද? ප්ලාස්ටික් සැෂෙ වල තියෙන ද්‍රව්‍ය මිලදී ගැනීම අවම කරනවද? වෙනම ඇසුරුම් වල තියෙන ලිහිසි තෙල් සහ තෙල් භාවිත පුද්ගලික ප්‍රවාහනය අවම කරනවද? විසඳුම ප්‍රතිචක්‍රීකරණය නෙමෙයි, භාවිතය අවම කිරීම. ලෝකෙන් උතුම් රටෙං එලවපු සුද්දෝ ගමන් යන්නේ නැවත පිරවිය හැකි බෝතලයක් අරන් ගන්න දෙයක් වුණත් දාගන්න බෑග් එකක් කරේ දාං පයින් හෝ පාපැදියෙන් උනාට බස් හෝල්ට් එකේ දුර යන්නත් අපිට කාරෙකක්, ස්කූටියක් හෝ ටුක් එකක් ඕනෙ 😁🔫

පාපැදියෙන් කොළඹ යමු

Image
මේ ජනාධිපති පවුලේ ලේලි, ලස්සන තත්යානා. පාපැදිය වසංගත කාලෙන් එහාටත් හොඳම පොදු ප්‍රවාහන මාධ්‍ය විදියට ලෝකයම පිළිඅරන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඒ ගැන මගේ ගුරුතුමා Lalith මිත්‍රයා Yasas සහ තවත් අයත් ලියල තිබුන විවිධ යෝජනා. රජයට පාපැදිය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් කිරීම වෙනුවෙන් ලොකු දේවල් කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. ලින්ක් එක ඒ වෙනුවෙන් හදපු ව්‍යාපෘති වාර්තාව. ජනාධිපතිතුමා මැතිවරණයට ඉස්සෙල්ලා මේ යෝජනාව කලා. මම ගනන් මිනුම් එක්කම හැදුවා.

80% පුනර්ජනනීය ඉලක්කය

Image
ලංකා සහ ඉන්දියා බලශක්ති කතාවස්තු යුගළ. 2016 අවුරුද්දේ අගමැති නරේන්ද්‍ර මෝඩි පටන් ගත්ත එයාගෙ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ. පොඩියට නෙවෙයි, GW 175 ක් 2022 වෙනකොට. GW 100 සූර්ය බලය සහ GW 50ක් සුළං බලය එක්ක. ඒ කාලෙදී මේක ලෝකෙ දැකපු වඩාත් ආකර්ශනීයම පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක්. විශේෂයෙන් මේ වෙනකොට සූර්ය බල මිල වැඩි තත්ත්වයක් තුළ. මෝඩි බොහොම ආඩම්බරයෙන් එක්සත් ජාතීන්ගේ Paris කාලගුණ සමුළුවේ දී මේ බව ප් ‍රකාශ කළේ. බලශක්ති අමාත්‍ය පියුස් ගෝපාල් එතන ඉදන් නිකං හිටියෙ නෑ. එපමණක් නෙමෙයි ඉන්දියාවේ බලශක්ති නිෂ්පාදන සහ බෙදා හරින ආයතන අපේ විදුලිබල මණ්ඩලය වගේ මේ ඉලක්කයට විරුද්ද වුණෙත් නැහැ. එමෙන්ම ඉලක්ක වෙනස් කරන්න උත්සාහකලෙත් නෑ.

R.I.P Black Leopard

Image
Shocking  😬 😡 😭 BLACK LEOPARD DEAD. Man and man alone is responsible for this dreadful disaster. අද අපට නැතිවුනේ නැවත නොදැකිය හැකි, ජාතික වස්තුවක් තරම් වටිනා සතෙක්. මෙතරම් දැකුම්කළු කළු  දිවියෙක් මීටපෙර වාර්තාවෙලා නැහැ. එයා ජගුවරයෙක් තරම්ම විශාලයි.

ක්‍රිකට් පිටි රිලා නැටුම

Image
හෝමාගම අන්තර්ජාතික ක්‍රීඩාංගන ව්‍යාපෘතිය කල් දැම්මලු. පළවෙනිම දේ ඇයි මේක මේ වෙලාවේ ගෙනාවෙ කියන එක. ඊලගට ඇමතිවරුන්ටත් කියපුවා බොරුයි කියලා පිළිගන්න අයිසීසී එක මැදිහත් වෙනකම්ම ඉන්න වෙච්ච එක. රටට ගෞරවය ගෙනාපු මහේල, සංගක්කාර සහ මහානාමල ජාතිද්‍රෝහීන් වෙච්ච එක. අන්තිමට රටේ ධනය සහ කාලය කාපු තවත් මීටිමකුත් තියල ඒක කල්ගියා.  මේ ඔක්කොම රිලා නැටුම් වලින් පේන්නේ මේ රටේ දේශපාලකයෝ සහ බහුතර ජනතාව ඕනෑම හොඳ හෝ නරක ව්‍යාපෘතියක් දිහා බලන්නේ ඒක කරන්නේ තමුන්ගේ පක්ෂයෙන්ද, පෞද්ගලික වාසි තියනවද යන්න මිසක් එකෙන් රටට වෙන හොඳ හෝ නරක ගැන නෙමෙයි කියන එක. මේ මර උගු ලෙන් ගැලවෙන කං රට ගොඩ යන්නෑ. මගේ සත දෙක ඊළඟට.

ආරුක්කු 9 පාලම සහ ප්ලාස්ටික්

Image
ඉංජිනේරු ඩී. ජේ විමලසුරේන්ද්‍ර, කොන්ත්‍රාත්කරු පී. අප්පුහාමි, වාස්තු විද්‍යාඥ හැරල්ඩ් මාවුඩ් මහත්වරුන්ගේ දායකත්වයෙන් හැදුනු ආරුක්කු නමය පාලම රටට විශාල සංචාරක ආකර්ෂණයක් ගේනව. බලන්න වීඩියෝව, දුම්රිය පාලම උඩින් ගිහිල්ලා උමගට ඇතුල් වෙන දර්ශනය මොන තරම් ආකර්ෂණීයද කියලා. https://photos.google.com/photo/AF1QipMbeHRrbZhUcHvlblnylxc5nQp2AqnrfZ1awSA ඒ ආඩම්බරයත් එක්කම දැනෙන්නේ ලැජ්ජාවක්. ඡායාරූප බැලුවහම ඔබට තේරෙයි අද අපි මොන තරම් අවාසනාවන්තද කියලා මේ අවට පරිසරයම ප්ලාස්ටික් බෝතල් වලින් දූෂණය කරන්න තරම්. ප්‍රශ්නේ විශාලම හරිය ඉන්පස්සේ, ප්ලාස්ටික් බෝතලේ ආපහු අරගෙන ගියත් වැඩක් නෑ.  ඒකත් අපේ අපද්‍රව්‍ය ප්‍රමාණයට රටේ කොහෙන්හරි එකතු වෙනවා. “Four-fifths of microplastic waste (extremely small pieces of plastic debris) found in our seas comes from the land, washed into the sea through canals and rivers” – Dr. Terney Pradeep Kumara. General Manager, Environment and Renewable Energy Marine Environment Protection Authority (MEPA) පුදුමයක් නෙමෙයි මේ පුංචි රට ලෝකයේ ප්ලාස්ටික් දූෂ...

FREE shopping bags

On last Vesak Poya evening, my MIL wanted coconut oil to light lanterns, picked up a bottle and peddled to Rupasinghe stores near cool planet (I was once wondering from where the name has come from) The friendly grocer, young Mr. Rupasinghe, a fellow Anandian enthusiastically serving me mentioned that I was one of the rare kind to the shop for coconut oil with a bottle! And almost all the ladies asked for oil in polythene bags! We are in the blame game on the garbage menace but are we doing our part in resolving the problem? NO, we keep doing the wrong and blame the governments from independence for not taking action.  Sticking to topic, from the day the Meethotamulla dump collapsed I took a stern decision to reject all free polythene bags, and I usually carry a backpack or my favorite messenger bag (I am a freak of) wherever I go, even to the supermarket and trust me I would have saved over 100 bags (big & small) within a month for sure.  I recall my paren...