පාපැදියෙන් කොළඹ යමු

මේ ජනාධිපති පවුලේ ලේලි, ලස්සන තත්යානා.


පාපැදිය වසංගත කාලෙන් එහාටත් හොඳම පොදු ප්‍රවාහන මාධ්‍ය විදියට ලෝකයම පිළිඅරන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඒ ගැන මගේ ගුරුතුමා Lalith මිත්‍රයා Yasas සහ තවත් අයත් ලියල තිබුන විවිධ යෝජනා.

රජයට පාපැදිය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් කිරීම වෙනුවෙන් ලොකු දේවල් කරන්න පුළුවන් බොහොම ලේසියෙන්.
ලින්ක් එක ඒ වෙනුවෙන් හදපු ව්‍යාපෘති වාර්තාව. ජනාධිපතිතුමා මැතිවරණයට ඉස්සෙල්ලා මේ යෝජනාව කලා. මම ගනන් මිනුම් එක්කම හැදුවා.
මිලියන සීයක් වියදම් කරලා කොළඹට ඇතුල්වෙන කොරිඩෝ හයක් ආවරණය කරමින් දැනට පවතින ගංගා ඉවුරු, ඇළ මාර්ග දුම්රිය මාර්ග උද්‍යාන ආදිය අසලින් මොරටුව, කැස්බෑව හෝමාගම, කඩුවෙල, කඩවත, ජාඇල ආදි ප්‍රදේශවල ඉඳන් කොළඹට එන්න සයිකල් පාත් හදන එක තමයි ව්‍යාපෘතිය.

මේ ව්‍යාපෘතිය මිලියන 100ක වියදමින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළොත් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය බිලියන සීය ඉක්මවයි, ඉක්මනටම. ඒ සෞඛ්‍ය වියදම, ඉන්ධන වියදම, මාර්ග තදබදය, පරිසර දූෂණය, විදේශ විනිමය හිඟය, නාගරික ප්‍රවාහන ගැටලු, ත්‍රීවිල් සංස්කෘතිය ආදී ප්‍රශ්න බොහොමයක් විසඳමින්.
මේ ජනාධිපතිතුමාගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න හදපු ව්‍යාපෘති වාර්තාව.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමාත් පාපැදිය ප්‍රශ්න විසඳන්න පාවිච්චි කරලා තියෙනවා, මේකෙ අගය දන්නවා. මේ ඔබතුමන්ලාගේ කාරුණික අවධානයට, අදට යෙදෙන ලෝක පාපැදි දිනය වෙනුවෙන් 🙏

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන