Posts

Showing posts with the label Society

බේබද්දො උල තිබ්බම හරිද?

Image
බේබදුකම රටේ සංවර්ධනයටත් විශාල බාධාවක්. නීති වැඩිවෙන තරමට, ටැබූ එකක් වෙන තරමට වැරදි වැඩි වෙන බව මං හිතනවා. මම බේබදුකම නැවැත්වීම ගැන දන්නෙ නෑ. නමුත් ඕක මහා ලොකු දෙයක් වෙන්නත් බෑ. විසි ගණන් වල මාත් හොඳටම කරා, සති අන්තයේ මත නිසා නිසාම dehydrate වෙන තරමට. ඒ ගොනා දැන් විකුණලා. ලෝබ නැතුව ගිය සතියෙත් බෝතලයක් හිතවතෙකුට දෙන්න පුළුවන්කම තිබුණා. දැං මොනා තිබුනත් අත වත් නොතියා ඉන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු ස්ටයිල් එකට බොන්න දන්නෙත් නෑ. බෝතලයක් දැක්කම ඒක හිස් කරන කන් මෙලෝ සිහියක් නෑ. අනෙක ගමනක් ගියත් මූලික බීම මිසක් මිතුරු ඇසුර නෙමෙයි. මේක විශේෂයෙන්ම තියෙන්නේ අඩු අධ්‍යාපන මට්ටම් වල අයගෙ. එක එක කාලෙට බීමත්කම ගැන එකේක සද්ද දානව. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මතක් වෙන්නෙත් ඉඳහිට. දැන් මිනිස්සු ලයිසන් කඩ ගාව පොර කන නිසා. මාසයක් වහල තියලා බේකරියක් ඇරියත් ඔච්චර තමයි. බේබදු කමෙන් ගලවන්න නීති දාලා වත්, බාර් වහල වත්, බණ කියලවත් බෑ. ඒ සඳහා රාජ්‍ය මට්ටමේ ස්ට්‍රැටජික් වැඩපිළිවෙළක් අවශ්‍යයි. තමුන්ගේ ආදායමේ හැටියට ස්ටයිල් එකට බොන විදිය කියාදීමත් ඒකෙ කොටසක් විය යුතුයි.  උත්තරේ තියෙන්නෙ මේ පිළිබඳ විශේෂඥයින්ගේ ...

යුධ ජයග්‍රහණය සැමරීම

Image
යුද්ධය උත්කර්ෂයට නැංවුවා ඇති, එකිනෙකාගේ හිත්බිඳීම්, තුවාල පෑරුවා හොඳටෝම ඇති , දැන්වත් බෙදී වෙන් වී නොයිද ජාතියක් ලෙස එකතුවී ,ජාතියක් ලෙස ගොඩයන්න උත්සාහ කරමු .ඒ වෙනුවෙන් කැපවෙමු. පරිස්සමෙන් වචන සහ පෑන පාවිච්චි කරමු. Derana: ඔබ වහන්සේ යුධ ජයග්‍රහණය විශ්වාස කරන්නැද්ද ? නෑ. යුද්ධයකින්, අවියකින් ජයක් ලබන්න බෑ. ඒක බුදුහාමුදුරුවන්ගේ වචනෙකින් මං කියන්නම්. ජයං වේරං පසවතී දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛංසේති හිත්වා ජයං පරාජයං අවිආයුධ වලින් ලබන ජයක් නෑ. ඒ ජයග්‍රහණය විසින් වෛරය ඇති කරනවා. ඒ ජයග්‍රහණය විසින් දුකින් වැලපෙන පිරිසක් ඉතිරි කරනවා.  ජයග්‍රාහි පිරිසක් ඉන්නවා, වෛරය ඇතිකරන පරිසරයක් තියනවා, දුකින් තැවෙන පිරිසක් ඉන්නවා. මේක තමා යුධ ජයග්‍රහණය 😑 ජය පරාජය ඉක්මවා යන මට්ටමට සමාජය ගේන්න ඒක ඇතුළේ අපි කාටත් සැනසිල්ලේ නිදාගන්න පුළුවන්. ආයුධවලින් ලබන ජයක් බුදු දහම පිළිගන්නේ නැහැ.           - ගල්කන්දේ ධම්මානන්ද හිමි -

Jurie the Iconoclast

Image
අද කාලෙ Iconoclast ලෙස හැඳින් වෙන්නන් අතීතයට වඩා වෙනස්. ඔවුන් නොසැලෙන අය, සම්ප්‍රදාය ඉල්ලා සිටින දේ අධෝවාතෙකට ගණන් නොගන්නා නිර්භීත චින්තකයො මෙන්ම ක්‍රියාත්මක වෙන්නන්. ප්‍රතිරූප බිඳ දමන්නා යන අර්ථයෙන් ආපු අයිකොනොක්ලාස් කියන්නෙ ආදි ග්‍රීක සමාජයේ ආගමික මූර්ති හා සිතුවම් විනාශ කළ අය. නමුත් අද ගෝලීය බුද්ධිමත් සමාජය වෙනස්!  ඒකයි ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාවේ මැයි කලාපය කිරුළ විසිකරපු කැරොලයින් ගේ ප්‍රකාශ උත්කර්ෂයෙන් උපුටා දක්වන්නේ. අයිකොනොක්ලාස් ල අපේ රටෙත් ඉඳහිට පහළ වෙනවා. රංජන්ට පස්සේ අපි දැකපු #Iconoclast තමයි ඇය.  Chaminda Dilhanake Hettiarachchi ගේ ඉංග්‍රීසි පෝස්ට් එකකින් තමයි සංසිද්ධිය මගේ ඔළුවටත් වැටුණේ.

දෙවිවරු වූ මිනිස්සු, ගැහැණු සහ ෆේස්බුක්!

Image
ගොවිපළේ ඉඳන් ට්‍රක් එකට හාල් කිලෝ දෙදහක් විතර දාගෙන දමිත අයිය එක්ක පිටත් වෙනකොට ඊයේ රෑ 10:00 පහු වෙලා. කොරොන කාලේ අවුරුද්දකට වඩා පොඩ්ඩක්වත් ට්‍රක් එක නොදුවපු නිසා වැඩි හොඳට ආණමඩුවේ ටයර් කඩේකින් හුලං චෙක් කරා. සේරුකැලේ  හරිය පහුකරද්දි දඩ දඩ සද්දයක් ඇහෙනකොටම ඇඟ හීතල වුණා ටයර් වෙන්නැති කියලා. ට්‍රක් එක පස්ස double වීල්, වම් පැත්තෙ ජෝඩුවම ෆ්ලැට්. දෙපැත්තෙම වැව සහ කැලේ දෙපැත්තටම හැතැම්මකට දෙකකට වඩා යනකං මනුස්ස වාසෙකුත් නෑ. කරන්නෙ මොනාද කියලවත් හිතාගන්න බෑ. ටයර් තියෙන විදියට අලුතෙන්ම දාන්න වෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා ආරක්ෂාව වැදගත් නිසා ට්‍රැෆික් ත්‍රිකෝනෙ තිබ්බ පාරේ. ඉඳ හිට යන වාහන නවත්තන්න හදන ගමං FB SOS පෝස්ට් එකකුත් දැම්මා. පැය බාගයක් විතර වාහන නවත්තන්න හැදුවා. පහකට වැඩිය ගියෙත් නෑ කවුරුවත් නැවැත්තුවේ නෑ. තවත් ටික වෙලාවකින් මේ ඉන්න පැන්ඩා නැවැත්තුව. ඇතුල ලයිට් එක දැම්මහම දැක්කේ ලස්සන තරුණ නෝනා කෙනෙක් නම භාග්‍යා. අවුරුදු පහක විතර පොඩි දුවෙකුත් ඇතුලේ. භාග්‍යා කිලෝමීටර දහයක් විතර එහායින් තියෙන ටයර් කඩ 2කම අංක දුන්නා. ඒවා ඉන්ටර්නෙට් එකේ නැහැ. මේ නෝනා ගාව ලියලා තියාගත්තු ඒව. එක නම්බරයක් කාර්...

ලාබාල මවගේ, ළදරුවා 😢

Image
"ඊයෙ දවසෙ මට (සංජී වීරසිංහ) මගේ ගුරුවරයෙක් කිවූ කතාවක්...." මීට අවුරුදු 20කට පමණ පෙර මගේ ගුරුතුමා කඩුවෙල පාලම අසලට පැමිණියේ යම් අවශ්‍යතාවයකටයි. එහිදී ඔහු දුටුවා අවුරුදු 17ක පමණ ලාබාල මවක්, ඇගේ මව විය හැකි තවත් වැඩිහිටි කාන්තාවක් සමග.  විශේෂ අවශ්‍යතා! ලාබාල මව විශේෂ අවශ්‍යතා සහිත දැරියක්...එනම් ආබාධිත මන්ද මානසික තත්ත්වයක්. ඇය ඔලුව අතපය සොලවන විලාශයෙන් මේ බව තේරුම් ගැනීමට හැකියි. දැරිය ඇඳගෙන හිටියෙ දරුවකු ලැබූ කාන්තාවක හඳිනා ආකාරයේ චීත්තයක් සහ බෙඩ්ජැකට් එකක්. වැඩිහිටි කාන්තාව, මේ දැරියගේ අතට යම්කිසි පොදියක් දුන්නා, "ළදරුවෙක්". දැරිය පොදිය සියතට ගත්තා, පාලනයකින් තොරව කැරකැවෙන තමාගේම ඔලුව අතපය සමගින්. වැඩිහිටි කාන්තාව ළදරුවාගේ මුව ලං කරා දැරියගේ තනපුඩුවක් දෙසට. ළදරුවා කිරි උරා බොනවා. කාරයක් ඇවිත් මේ දෙන්නා ළඟ නවත්වනවා. වැඩිහිටි කාන්තාව, තම මව්ගෙන් ලබන අවසන් කිරිපොද උරමින් සිටි බිලින්ඳාව තම ඇකයට ගෙන මෝටර් රථයෙන් පැමිණි ජෝඩුව දෙසට දිගු කරනවා.  ආබාධිත ලාබාල මව්, ඇගේ හිස සහ අතපය සොලවමින් තමාගෙන් ගිලිහෙන බිළිඳු දෙස බලනවා. ජෝඩුව ක්ෂණයකින් බිළිඳාව රැගෙන ඉගිලෙනවා. දැරියට, ඇගේ ...

ඇමතිතුමාට ජයවේවා!

Image
අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරන් ගහේ එල්ලෙන්න යනව ..... මේ හිඟුරක්ගොඩ එක වසරෙ දරුවෙක් අද ඇඳපු චිත්‍රයක්. ඒ දරුවාට හරියට අකුරු ලියාගන්න බෑ. ඉතිං  Kaushalya Herath ඇහුවම මොකක්ද මේ චිත්‍රයෙන් කියවෙන්නේ කියල දරුවාගේ උත්තරේ තමයි ඒ. තැඹිලි පාටට තියෙන්නෙ ජයවේවා කියන පෝස්ටරේ. කෞෂල්‍යා අද මේ සිද්ධිය අත්දැක්කෙ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට එරෙහි විරෝධතාවයකට සහභාගි වෙන අතරේ.  මෙතන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල සූරාකෑමට එහා ගිය දේශපාලනයේ හා දරිද්‍රතාවේ ඛේදවාචකය පිළිබිඹු වෙන්නේ. දේශපාලකයන්ට අවශ්‍ය නම් උපරිම පොලී අනුපාතිකය එක රැයින් තීරණය කරලා මේ ඛේදවාචකය නවත්තන්න පුළුවන්. නමුත් දේශපාලකයන්ට අවශ්‍ය ජනතාවගේ නූගත්කම හා  දුප්පත්කම පවත්වාගැනීම, චිත්‍රයෙ තියෙන විදියටම ජයවේවා කියන පෝස්ටරේ උස්සගෙන ගිහින් කතිරෙ ගස්සව ගන්න.