රටවැසීම සහ වැටුප්!
ජීවිත වටිනවා ජීවිකාවට වැඩිය. නමුත් ජීවිකාවේ ඇතිවන ප්‍රශ්න පවා දීර්ඝ කාලීනයි, ඛේදජනකයි. ගිය අවුරුද්දේ වහපුවයෙ විපාක පවා තව අවුරුදු ගාණක් අපි විඳියි. මේ කඩින් කඩ වැහිල්ලෙනුත් වෙන්නේ එක පැත්තකින් කුලී වැටුප් පොළී ආදිය ගෙවන ගමන් අනිත් පැත්තෙන් ආදායමත් අහිමිවීම. සංචරණ සීමා හෝ එනමින් එන රට වැසීම ඉල්ලපු අයගේ පොදු ලක්ෂණයක් මූල්‍ය හෝ ආදායම් ස්ථාවරත්වය. ඒ අයගේ තර්කයක් තව මාසයක් ව්‍යාපාර අල්ලං ඉන්න බැරිනම් මේ අවුරුදු ගාණක් කරපුවයෙ ඇති වැඩේ මොකක්ද කියන එක. ඒ කතා subjective, සාධාරණ මෙන්ම නව ව්‍යාපාර වලට පහුගිය දශකය තුළ ම ස්ථායි වීමට අවස්ථාවක් ලැබුණේ නෑ. ව්‍යාපාර වපසරිය පවා අසාධාරණයි. ව්‍යාපාර නොකරන අයට හෝ ඩීල් කාරයන්ට ඒව දැනෙන්නේ නෑ. රට වැහීම හරිද නැද්ද යන්න ගැන මට අදහස් ප්‍රකාශ කරන්න බැහැ. මොකද ඒක වයිරසයේ හැසිරීම සහ ව්‍යාප්තිය අනුව අතිශයින් විද්‍යානුකූලයි. නමුත් රට මේ වෙනතුරු ගත්තේ විද්‍යානුකූල තීරණ නම් නෙමෙයි. සංචාරණ සීමා හෝ රට වැසීමට පක්ෂ අය පෞද්ගලික හෝ රජයේ ස්ථිර සේවකයෝ නම් වහන කාලයට තමුන්ගේ වැටුප අඩකින් අඩු කරන්න කැමති විය යුතුයි. වෛද්‍යවරු රට වැහුවත් වැඩ කරනවා, මේ ඔවුන්ගේ සේවය අත්‍යාවශ්...