Posts

Showing posts from April, 2020

Peacock Pandemic

Image
රටේ වගාවෙ ඵලදාව බාගයක් විනාස කරන්නේ සත්තු.  2017 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ග්‍රාම නිලධාරී වසම් 46 ක කරපු සමීක්ෂණය අනුව වී, බඩඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය මෙන්ම එළවළු සහ පලතුරු අස්වැන්නෙන් 40%ක් පමණ පොදුවේ මොනරුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් කාල. එනම් සෑම මිරිස් ගෝනි 10 කින්ම 4 ක්, සෑම වී මළු 10 කින්ම 4 ක්, සෑම කුරක්කන් ගෝනි 10 කින්ම 4 ක්ම. පාඩුව විඳදරාගතයුත්තේ ගොවියා. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය මොනරුන් වැනි සතුන් ඉවත් කරන්න සැලසුමක් හැදිය යුතුයි. නැත්නම් අලුත්ම  වගා සංග්‍රාමෙනුත් බාගයක් ගොවිපලේම පුහුවෙයි. එතකං FB සංසදයක් වත් හදන්න  Nishan  මොනරාගේ විලෝපිකයා කියල  🥘

ආරුක්කු 9 පාලම සහ ප්ලාස්ටික්

Image
ඉංජිනේරු ඩී. ජේ විමලසුරේන්ද්‍ර, කොන්ත්‍රාත්කරු පී. අප්පුහාමි, වාස්තු විද්‍යාඥ හැරල්ඩ් මාවුඩ් මහත්වරුන්ගේ දායකත්වයෙන් හැදුනු ආරුක්කු නමය පාලම රටට විශාල සංචාරක ආකර්ෂණයක් ගේනව. බලන්න වීඩියෝව, දුම්රිය පාලම උඩින් ගිහිල්ලා උමගට ඇතුල් වෙන දර්ශනය මොන තරම් ආකර්ෂණීයද කියලා. https://photos.google.com/photo/AF1QipMbeHRrbZhUcHvlblnylxc5nQp2AqnrfZ1awSA ඒ ආඩම්බරයත් එක්කම දැනෙන්නේ ලැජ්ජාවක්. ඡායාරූප බැලුවහම ඔබට තේරෙයි අද අපි මොන තරම් අවාසනාවන්තද කියලා මේ අවට පරිසරයම ප්ලාස්ටික් බෝතල් වලින් දූෂණය කරන්න තරම්. ප්‍රශ්නේ විශාලම හරිය ඉන්පස්සේ, ප්ලාස්ටික් බෝතලේ ආපහු අරගෙන ගියත් වැඩක් නෑ.  ඒකත් අපේ අපද්‍රව්‍ය ප්‍රමාණයට රටේ කොහෙන්හරි එකතු වෙනවා. “Four-fifths of microplastic waste (extremely small pieces of plastic debris) found in our seas comes from the land, washed into the sea through canals and rivers” – Dr. Terney Pradeep Kumara. General Manager, Environment and Renewable Energy Marine Environment Protection Authority (MEPA) පුදුමයක් නෙමෙයි මේ පුංචි රට ලෝකයේ ප්ලාස්ටික් දූෂණය අ

කාර් නැති කොළඹ

Image
රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් විදුලි කාර් වලටවත්, ප්‍රධාන පරමාර්ථයක් පරිසර දුෂණය අවම කිරීම නිසා). එතකොටයි ඉදිරියට ප්‍රායෝගිකව මෙය ඉදිරියට ක්‍රියාත්මක වීම, එදිනෙදා ගමන්වලදී පාපැදි පාවිච්චි කරන්නේ කොහොමද, මොනවද මතුවෙන ගැටළු කියන එක හැමෝටම දැනගන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය මට්ටමෙන් මේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයාමට ප්‍රධාන කරුණු කීපයක් අවම වියදමෙන් ක්‍රියාත්මක කලහැකියි. * පාපදිකරුවන්ගේ ආරක්ෂාව සහ මාර්ග අයිතිය පිලිබඳ දැනට ඇති නීති ප්‍රතිසංස්කරණය. * නව කාර්යාල ගොඩනැගිලි අනුමත කිරීමේදී සයිකල් පාකින් සහ නෑමට පහසුකම් සැපයීමේ අවශ්‍යතාව. * හැකි සෑම නාගරික මාර්ග අලුත්වදියාවකදීම පිටපලාත්වල අලුතින් පාරවල් ඉදිකිරීමේදී බයිසිකල් සඳහා තීරුවක් වෙන්කිරීම, අවශ්‍ය අවම මීටරයයි. * දුම්රිය මාර්ග දෙපස දැනටත් ඇති ඉඩේ බයිසිකල් තීරු ඉදිකිරීම, අන්තර් සම්බන්ධතා ඇතිකිරීම. හෝමාගම සිට කැළණි වැලි මාර්ගය, ම

බස් කතා බස්

Image
අද පානදුරේට යන්න ඕනවුනා, පාපැදිය preference එකවුනත් බයිසිකලෙන් නං උඹ මාව බලන්න එන්න එපා කියල අම්ම කියපු නිසාත්, ආපසු ගමන වෙන විදියක් නිසාත් ඔප්ෂන් හෙව්වා. ගූගල් අක්ක කිව්ව කාරෙකෙන් පැයයි, ට්‍රාන්සිට් නං පැයකුත් විනාඩි තිහේ ඉඳන් හතළිස්පහ දක්වා. ඌබර්කරනයේ මිල Zip නං රුපියල් 1,830. උද්ධමනය ඒකටත් බලපාල, මාස හයකට පෙර 1,300. මං ටුක් ටුක් වර්ජනයේ. ප්‍රතිපත්තිය සුනීත්‍ය සැරිසර නිසා ට්‍රාන්සිට් ඔප්ෂන් එක ගත්ත. නරක නැහැ, පැලවත්තේ ඉඳන් පානදුරට පැය එකහමාරයි. මාරු සල්ලි නැතිව ගල්කිස්සේදී බස් මාරුවට ගිය විනාඩි දහයත් එක්ක. ඔක්කොම බස් හතරයි. මුළු වියදම රුපියල් සීයයි. පෞද්ගලික කාබන්පාදය බැලන්ස් කිරීම මිල කල නොහැකියි. අතරමගදී ඩොකියුමන්ටරියක් බලල ඉවරකරගන්නත් පුලුවන්වුනා. මෙලෝවැඩක් නැති හෙඩ්රෙස්ට් නැති ගාලු පාරේ ලංගම බස් එක ඔක්කොටම වඩා හොඳයි. Emergency exit එකත් තිබුනා, ලොක් පවා ක්‍රියාත්මකයි. කර්ණකඨෝර සංගීතෙ නෑ, මග නවත්තං හිටියෙත් නෑ. ටිකට් අනිවාර්යයි කිව්වට පව්ද්ගලික බස්වල ටිකට් තියා ඉතුරු සල්ලිවත් ආපහු ලැබුනේ නෑ. ඔක්කොම බස්වල තිබිච්ච ලොකුම අඩුපාඩුව Half Puk Syndrome හැදෙ

සිගරට්ටුව, කාර් සහ පෙනහැල්ල

Image
මේ කතන්දරේ වොයිස්ටයිප් කරන්නෙ කොමෝඩ් ෆන් එක ගන්න ගමං. වෝල් එකේ යද්දි ශ්‍රීමාල් අයියගේ සිකැට් පින්තූර දැක්කම මතක් උනේ තාත්තව, ශරීරකෘත්යයට සිගරට් එක ඕනම වුන නිසා. එයාගෙ ප්‍රියතම ත්‍රීරෝස්. තව ඉතිං ෆෝරෙස්, කැප්ටන්, නැවිකට් එහෙම තිබුණා. ඒවායේ නියම නම් අහන්න එපා. දැං උංගේ සිංගිරිසි ඊට එහා. සිගරට් බීම හන්දා තාත්තගේ කකුලෙ ඇඟිල්ලක් කපපු දවසෙ ඉඳල එයා සිගරට් බීම නැවැත්තුවා. කකුලම නොකපා බේර ගත්තේ අමාරුවෙන්. මං බීපු පළවෙනි සිකැට් එකේ ජාතිය අදටත් දන්නෙ නෑ. ඒක වුණේ මායි ඥාති අයියා කෙනෙකුයි ගේ ඉස්සරහ පේර ගහේ හිටියා. අවුරුදු දුසිමකට අඩුයි මට මං හිතන්නේ. ඉස්සරහ බස් හෝල්ට් එක. මහත්තයෙක් මහප්පාගේ කඩෙන් ගත්තු සිගරැට් එකක් පත්තු කරගත්තු ගමන්ම බස් එක ආවා, දැම්ම බිම. මේක බිම දුං දානවා බලං ඉන්නකොට අපේ පපුව දාල ගියා. අයියට මට වැඩිය අවුරුද්දයි කෙලින්ම ගහෙන් පැනල ගිහිල්ල අහුලං ආව. දෙන්නත් එක්ක පේර ගහ උඩට වෙලා හොඳට සිගරට් එක ගහලා ඊට පස්සේ පේරකොළ කාල ගෙට ගියා. ඔය පුරුද්ද දවසකට 20 පැකට් එකක් දක්වාම දුර ගියා, දශක දෙකක් විතර. හැබැයි නවත්තලා දාන්න කිසිම අමාරුවක් උනේ නෑ, දවසක් අකමැති රහක් ආවායින් සිගරට්

වයිරසය එක්ක සැරිසර

Image
වසංගත මර්දනයට ප්‍රමුඛත්වය දෙන ගමන් රටේ ආර්ථිකය ගැනත් සලකා බැලිය යුතුයි. අනෙක අපි තව සති දෙක තුනකින් රට විවෘත කරත් ඊට පස්සේ තව තැනකින් මතුවෙන ඉඩකඩ එහෙමමයි. මේක ඊළඟ වසර දෙක තුළ පුරාම රැලි විදියට නැවත නැවත මතු වෙන බවට විශේෂඥයන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට කළයුතු ඒ සඳහා හරි ක්‍රමවේද සහ අත්‍යාවශ්‍යම දේ වන සමාජ දුරස්ථතාව පවත්වා ගනිමින් රට විවෘත කිරීම. අනිත් දේවල් යම් තරමකින් කළමනාකරණය කළ හැකි වුවත් අපහසුම දේ පොදු ප්‍රවාහනය. දීල තියන උපදෙස් වල ප්‍රායෝගික බවේ අති විශාල ගැටලු. මේ ගැටලුවට එක්පැත්තක විසදුමක් විදියට ලියපු දෙයක් මේ. රජය සතුව අති විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ නගරයේ ආශ්වාස වායුව නැවත දූෂණය වීමට ඉඩ නොදීම වෙනුවෙන්. https://evrev.lk/2020/04/17/post-pandemic-urban-mobility/ පසුව ලියමි: උඩ ටික ලියල දවස් දෙකකින් ආපහු ඇදිරිනීතිය දික්කලා, විශේෂයෙන්ම ප්‍රවාහන ගැටළු නිසා. ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා මෙහෙම. ජනාධිපතිතුමනි  🙏 කොළඹට දිනකට වාහන 510,000 ක් ඇතුල්වෙනවා. අවම මිලියන 1.9 ක් ජනතාව නගරයට එනවා. එයින් මිලියනයක් එන්නේ පොදු වාහන 30,000

වී වෙනුවට කුරක්කන්

Image
ලංකාවේ ගොවියෝ මුලදී වැව්වේ කුරක්කන්, නමුත් මල්වතු ඔය සහ වැව් කර්මාන්තයේ දියුණුවෙන් ලැබුණු ජලය නිසා වී වගාවට හැරුනා. රජවරුත් ඒකට සහයෝගය දුන්න හරි සහ වැරදි රාජ්‍ය සේවයට මිනිසුන්ගේ කාලය ඉතිරිවුන නිසා. මහවැලි ව්‍යාපාරය හරහා පවා අදටත් ප්‍රවර්ධනය වෙන්නේ වී. නමුත් අද බත් රටේ දුෂ්පොෂණයේ, බොහෝ සෞඛ්‍යය මෙන්ම ආර්ථික ගැටලුවල ප්‍රධාන සාධකයක්. එමෙන්ම වී ගොවිතැන සඳහා බව පවසමින් විදුලිය නිපදවිය හැකි ජලය අධිකව ව ෙන්කරල ආර්ථික හානියකට මෙන්ම පරිසර දුෂනයකටත් මංසලසනවා. අයි අපිට යකඩ, විටමින් සහ ප්‍රෝටීන් සපිරි කුරක්කන් වෙත නැවත හැරෙන්න බැරි? දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි තත්ව රටේ සිදුවන මරණ වලින් 20% කට වැඩියි. ලාංකික වැඩිහිටියන්ගෙන් බාගෙකට වඩා අධිකව තරබාරුයි. ගෑනු පිරිමි වෙනසක් නැතුව තඩි බඩවල් උස්සගන ලැජ්ජාවක් නැතිව යනවා. මන්දපෝෂණය ළමුන් අතරත් සුලබයි. කෝපි වලින් තේ වලට අපි මාරුවුණේ එක රැයෙන්. #කුරක්කන්   #fingermillet   #rice

Undue Rice Shortage

Image
මෙච්චර කාලෙකට නොතිබිච්ච හාල් හිඟයක් එක පාරටම කොහෙන්දෝ ඇවිල්ලා. ගිය අවුරුද්දේ අග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව economynext වාර්තා කරලා තිබුණා යල මහ කන්න දෙකේදී හාල් මෙට්‍රික් ටොන් මිලියන 2.73 නිෂ්පාදනය වුණා කියලා. සාමාන්‍ය පරිභෝජන තත්ත්ව යටතේ රටට අවශ්‍ය වෙන්නෙ හාල් මෙට්‍රික් ටොන් මිලියන 2.34 අවුරුද්දකට, ඒ සාමාන්‍ය මාසෙක පරිභෝජනය මෙට්‍රික්ටොන් 195,000 පමණ වෙන නිසා. මේ ගණනය කිරීම් අනුව මේ අවුරුද්දට  මෙට්‍රික් ටොන් 382,212 ක අතිරික්තයක් පවා ඉදිරියට ගෙන ආ යුතුයි පෙර සහ පසු අස්වනු හානි තිබුනෙ නැත්නම්. මේ ගණන් මිනුම් මහතැන්ලා නොදැන ඉන්න විදිහක් කොහොම වත් නැහැ. අනවශ්‍ය බියකට මම හිතන්නේ රට පත්වෙලා ඉන්නේ. මෝල් කාරයෝ හංගනවා නං දැන් අත්‍යවශ්‍ය සේවාවක් වෙලා තියෙන නිසා ඒක හමුදාව හරියට බලාගනියි. මේ කන්නේ කැපුණු අස්වැන්නත් මෝල් හිමියන් දැන් process කළ යුතුයි. ඒ කොහොම වෙතත් අපේ රටේ බත් කනවා වැඩියි. පිටරටින් ගේන සහල් පාන් තිරිඟු පිටි අරවා මේවා ඔක්කොම අතහැරලා ගණන් හදලා, බත් කන පුද්ගලයන් මිලියන විස්සක්ම ඉන්නව කියල ගත්තත් එක පුද්ගලයෙක් රටේ නිෂ්පාදිත හාල් ග්‍රෑම් 320 දවසකට කාලා. කළ යුතු සමබර ආහාර වේලක්

අපි බත් කනවා වැඩියි

Image
හාල් කොහොමහරි ලාබෙට දෙන එක නෙමෙයි වැඩේ. ඒක ප්‍රායෝගිකද කියල විශේෂයෙන්ම බැලිය යුතුයි. අනෙක ගොවියා තවත් හිඟමනට වැටෙන එක නවත්තන්න බැරි වෙයි. දැනටත් සමහර වියදම් සලකා බැලෙන්නේ නෑ, අපිටම හොර කරගන්නවා හිත හදාගන්න. මේකට Lateral thinking යෝජනා තියෙනවා මට, පාරිභෝගිකයාගේ පැත්තෙන් කළහැකි. මේවයින් ඔක්කොමගෙ ප්‍රශ්න විසඳෙන්නේ නැතිවෙයි. කළ යුතු තවත් දේවල් තියෙනවා පෙර හා පසු අස්වනු තාක්ෂණවල ඉදලා ඔන්ලයින් අලෙවික්‍රම දක්වාම. හැබැයි ඉල්ලුම හා සැපයුම සමානවීම අනුව වෙළෙඳපොළ තුලනය වෙයි.  හාල් මිල වැඩි නං කන ප්‍රමාණය අඩු කළ යුතුයි. දැනටත් #බත් කන ප්‍රමාණය කොහොමත් වැඩියි. බත් එක වේලකට සීමා කළ යුතුයි. අඩුකරන ප්‍රමාණය වෙනුවට වෙන ආහාර ගන්න මේ වෙලාවේ සල්ලිත් නෑ. ඒකට කමක් නැහැ අඩුවෙන් කන්න බඩ පුරුදු කරගත යුතුයි. ආහාර නාස්තිය අවම කළ යුතුයි, ගෙදර විතරක් නෙමෙයි, බුෆේ වල බෙදාගැනිල්ලෙනුත්. පුද්ගලයකුට දිනකට අවශ්‍ය කාබොහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ විටමින් ප්‍රමාණය කලින් පෝස්ට් එකක ඇති. ස්ලයිඩ් තුන Kusumitha Mudith Perera ගෙන්. මේ ගණන් හරි. නමුත් එයා අස්වැන්න පිළිබඳව කලින් පොස්ට් එකක කියපු කතා වලට