වී වෙනුවට කුරක්කන්

ලංකාවේ ගොවියෝ මුලදී වැව්වේ කුරක්කන්, නමුත් මල්වතු ඔය සහ වැව් කර්මාන්තයේ දියුණුවෙන් ලැබුණු ජලය නිසා වී වගාවට හැරුනා. රජවරුත් ඒකට සහයෝගය දුන්න හරි සහ වැරදි රාජ්‍ය සේවයට මිනිසුන්ගේ කාලය ඉතිරිවුන නිසා. මහවැලි ව්‍යාපාරය හරහා පවා අදටත් ප්‍රවර්ධනය වෙන්නේ වී.

නමුත් අද බත් රටේ දුෂ්පොෂණයේ, බොහෝ සෞඛ්‍යය මෙන්ම ආර්ථික ගැටලුවල ප්‍රධාන සාධකයක්.

එමෙන්ම වී ගොවිතැන සඳහා බව පවසමින් විදුලිය නිපදවිය හැකි ජලය අධිකව වෙන්කරල ආර්ථික හානියකට මෙන්ම පරිසර දුෂනයකටත් මංසලසනවා.

අයි අපිට යකඩ, විටමින් සහ ප්‍රෝටීන් සපිරි කුරක්කන් වෙත නැවත හැරෙන්න බැරි?

දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි තත්ව රටේ සිදුවන මරණ වලින් 20% කට වැඩියි. ලාංකික වැඩිහිටියන්ගෙන් බාගෙකට වඩා අධිකව තරබාරුයි. ගෑනු පිරිමි වෙනසක් නැතුව තඩි බඩවල් උස්සගන ලැජ්ජාවක් නැතිව යනවා. මන්දපෝෂණය ළමුන් අතරත් සුලබයි.

කෝපි වලින් තේ වලට අපි මාරුවුණේ එක රැයෙන්.
#කුරක්කන් #fingermillet #rice


Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන