Posts

Showing posts with the label Wheels we move

අලි මදිවට කොටි

Image
හරියටම මීට අවුරුද්දකට ඉස්සෙල්ලා රජය තීරණය කළා #LRT ව්‍යාපෘතිය නවත්තල දාන්න. ඊයෙ ඒක ආපහු කරලියට, කළමනාකරණ ගාස්තු විදිහට බිලියන 5.8 ජපන් සමාගමකට ගෙවන්න කියලා demand කරල තියෙනව, නමුත් අපි ඒවා එකවුන්ට් කරල නැහැ කියල. මේකත් ඛේදවාචකයක්! ඕනෑම එකඟතාවක තියෙනවා force majeure කියලා එකක් එනම් පෙර නොදැකපු එමෙන්ම පුරෝකතනය නොකරපු සිදුවීමක් මත ව්‍යාපාර, ව්‍යාපෘති අත්හිටුවීමේදී වන්දි නොගෙවීමට. LRT අවලංගු කිරීම් කරද්දි මුළු ලෝකෙම Covid වසංගතයට මුහුණපාලා, #masstransit එනමි මහා පරිමාණ ප්‍රවාහන ක්‍රම තවදුරටත් ලෝකයේ අනාගතයට, මෙගා නගර නොවෙන තැන් වලට අනවශ්‍ය දෙයක් බව පැහැදිලි වෙලා. මේ කරුණු අනුව රජයට අදාල සමාගම සමඟ සාකච්ඡා කරල මේ force majeure condition එක මත කිසිදු වන්දියක් නැතුව මෙය අවලංගු කර ගන්න අවස්ථාව තිබුණා. අපේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කොහොමත් සුදු අලියෙක් වෙන බව කලින්ම කිව්වා. ඊලඟට ආපු වසංගතය සංචරණ සීමා කිරීම, ව්‍යාපාර සඳහා කරන ගමනාගමන වෙනස් වීම් සදාකාලික වෙන බව ලෝකෙම කිව්ව. කමෙන්ට් වල ඇති අවලංගු කිරීම ගැන පැහැදිලි කිරීම් . අවලංගු කරන තීරණය හරි, නමුත් ක්‍රමය වැරදියි, බිලියන 5.8 ක් අපිට කජු ඇට කොස්...

කාර් හදන්න ඉගනගන්න හදන අයට

Image
මෝටර් රථ තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපනය සහ අනාගතේ ගැන අදාල ගෲප් එකක අහපු ප්‍රශ්නයකට මම දාපු කමෙන්ට් එකක් මේ. මේ පිළිබඳ උසස් අධ්‍යාපනයට උනන්දු තරුණයින්ට ප්‍රයෝජනයක් වෙයි. පළමුවෙන්ම විදුලි වාහන කියන්නේ automobile වල කොටසක් නෙමෙයි. දෙකටම පොදු අංග තියෙනවා body control systems, CAN management systems වගේ නමුත් වෙනස්, basics වුනත්. ඉන්ධන රථ මෙතැනින් එහාට දියුණු වෙන්නේ නැහැ, දියුණු කරන්න බැහැ, Euro 7 ප්‍රතිපත්ති අනුව. ඉන්ධන හෝ hybrid රථ වලින් ගත හැකි කාර්යක්ෂමතාවයේ උපරිම තත්ත්වයට දැන් ඇවිල්ල තියෙන්නේ. ඒ නිසාම තමයි සමහර රටවල් දැනටම ඒවා තහනම් කරලා තියෙන්නේ. විදුලි රතත් අවුරුදු සිය ගානක් කලින් ආවත් ඒක ඉස්සරහට නොගියෙ වෙනත් හේතු මත. විශේෂයෙන් ආර්ථික හේතු සහ Oil Cartel එක. නමුත් lithium-ion battery වල දියුණුව මත සහ පාරිසරික හේතු මත ගිය අවුරුදු 10 තුළ ඇතිවුණු දියුණුව හිතාගත නොහැකියි. එතනිනුත් ඉවර නෑ, lithium පවා අමතක කරලා වෙනත් base material හැදෙයි, hydrogen වගේ තාක්ෂණත් ඉදිරියට එයි. ඉන්ධන වාහන නැති වෙන්නේ නැහැ මීළඟ දශක දෙක තුළ, නමුත් උපාධි මට්ටමේ පාඨමාලාවක් කරලා ඒ ගැන දැනුමෙන් වැඩක් නැති වෙයි. කාර්ම...

BMW i3 / BMW i3 Range Extender

Image
ඔබ දන්නවාද ප්‍රෙස්ටීජ් මෝටර් රථවාහන සමාගම මගින් ආනයනය කළ BMW i3 රථවල  හා අනෙකුත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරවල අලෙවියට තිබූ BMW i3 රථවල වෙනස හා මිළ පරතරයට ප්‍රධාන හේතුව...? BMW i3 වර්ග 2කි. 1. සම්පූර්ණ Electric i3. (170hp) 2. Electric සමග 647cc ධාරිතාවයකින් යුතු          Range Extenderයක් සහිත i3      (170hp plus 38hp) ශ්‍රී ලංකාවට අළුත්ම BMW වාහන ආනයනය කළහැකි  බලයලත් ඒජන්තවරයා වන ප්‍රෙස්ටීජ් සමාගම ආනයනය කරන ලද්දේ 647cc Range Extenderය සහිත i3 රථයි.  Range Extenderය Generaterයකට සමානයි. Range Extenderය සහිත i3 රථයකට වැඩි CIF අගයක් ගෙවිය යුතුවන අතර, ලංකා ආණ්ඩුවටද ඉහළ තීරුබදු ප්‍රතිශතයක් ගෙවිය යුතුයි.  2015, 2016 කාලවකවානුවේදී පිටත කාර් සේල්වල i3 රථවල මිළ දළ වශයෙන් රුපියල් මිලියන 7ක් පමණ වූ අතර, ප්‍රෙස්ටීජ් සමාගම ආනයනය කරන ලද i3 (R.E. 647cc) රථයේ එදවස මිළ මිලියන 11ක් පමණ විය. * සම්පූර්ණ Electric බලය සමගින් දළවශයෙන් කි.මී. 100-110ත් අතර දුරක් ධාවනය කළ හැකිවූ අතර,  *647cc සහිත i3 රථයේ පෙට්‍රල් ගබඩා කළහැකි පරිමාව වූයේ ලීටර 10කි....

විදුලි රිය වතුරෙදි

Image
මේ Nissan Leaf විදුලි රථයක් අද ගිය විදිය. නමුත් වාහනයක් ටෙස්ට් කරන්න වතුරට දාන එකයි මේ වගේ යන එකයි දෙකක්.  නිසාන් ලීෆ් වලට පෙට්‍රල් ඩීසල් ඒව යන්න බැරි ගැඹුරකට වතුරෙ යන්න පුළුවන්. බර වැඩි වීම තවත් වාසියක්, පාවීමේ හැකියාව අවම කරනවා. නමුත් ජීවිතේ ගලෝගන්න යන ගමනකදි මිසක් මේ වගේ තත්ත්වයකට හදපුවා නෙමෙයි කාර්. ඇක්සල් වල හබ් වල , රැක් වල ඉඳලා හැම කෑල්ලක් ඇතුලටම වතුර යනවා කැරකෙද්දි. ඇතුලෙ තියන grease ඔක්කොම ක්ෂය වෙනවා. තව දෙයක්, ට්‍රැක්ෂන් බැටරිය අලුත්වැඩියාවකට හරි ගලවපු එකක්නං ඇතුලට වතුර යන්න පවා ඉඩ තියෙනවා. මොකද ලංකාවෙ සීල් එක ප්‍රෙෂර් ටෙස්ට් කරන් නැති නිසා. යට ප්ලාස්ටික් කවර පවා ගැල වෙන්න ඇඹරෙන්න පුළුවන් සුළු වේගෙකින් ගියත්. වතුරෙ යන්න වෙනවාම නම් අවම වශයෙන් ටයර් හුලං හොදටම අඩු කරල යන්න. ඇතුලට වතුර නොගිය කියලා නෑ පාරෙන් පාවෙලා පාරෙන් අහක් වෙන්න යන්නේ තප්පරයයි. වතුරේ එකතැන තිබුනට ප්‍රශ්නයක් නෑ, බැහැලා ගියහම ගන්න. කිසි හානියක් වෙන එකක් නෑ. නමුත් ධාවනය කරන්න වුනොත් වහාම Severe use Inspection එකක් කරන්න. මේ ටික ඉන්ධන වාහන වලටත් පොදුයි.

බිලියන ගානක විනිමය ඉතිරි කරන ක්‍රමයක්!

Image
කොවිඩ් අරමුදලෙ සල්ලි වලින් රුපියල් මිලියන 194 කට ගිලන්රථ 10ක් ගත්තලු. සියලු පහසුකම් සහිත Ford ඇම්බියුලන්ස් රජය බදු එක්ක වසර දෙකකට පෙර මිලදී ගත්තේ කෑල්ලක් රුපියල් මිලියන 9.8 ගානෙ. ප්‍රවෘත්ති ඇත්ත නම් මන්ත්‍රීවරුන්ට අලුත් ජීප්. කියවෙන විදියට මේව Toyota Land cruiser, ඒකක් බදු රහිතව ඩොලර් 55,000 විතර වෙනවා.  අපි එපා කිව්වත් නැතත් රජයට අවශ්‍ය දේ කරන්න තුනෙන් දෙකේ බලය තියෙනවා. මේවට විපක්ෂය වත් විරුද්ධ වෙන එකක් නෑ. ඕව කොහොමහරි ගෙනෙයි. වාහන ඕනෙම නම් ඇයි චීනෙන් ගන්න බැරි?  Land cruiser සමාන SUV එකක් වෙන්නේ $16,000 විතර. කොහොම කළත් මේගොල්ලෝ අවුරුදු පහෙන් මාරු කරනවා. ඕවා වෙන රටකින් ගන්න එක අපේ හිතමිත්‍ර චීනෙට කරන විශාල අවනම්බුවක්. ඒ නැතත් අපේ විදේශ විනිමය සංචිතයට හානියක් නොවී චීනයෙන් අවුරුදු පහකින් ගෙවෙන විදියට ණයක් විදියට දෙයි. ජීප් විතරක් නෙමෙයි වෙන අත්‍යාවශ්‍ය ඔක්කොම වාහන ඔය ක්‍රමයට ගන්න පුලුවන්.  ප්‍රවෘත්ති වල තියන ගණන් වල හැටියට රටට අති විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි රෝහල්වලට අත්‍යාවශ්‍ය ICU සහ ventilator ඇතුළු උපකරණ ගන්න. අපට චීනෙ ඔක්කොම හොඳයි, ඇයි වාහන විතරක් නරක 🤔 #...

දෙමුහුං උන Landcruiser 300

Image
හයිබ්‍රිඩ් කරලා අවුරුදු පහෙං දහයෙං ගොඩ අදින්න වෙන වාහන හදන්න වුන හේතුව කාබන් ක්‍රෙඩිට් අහිමි වීම සහ ලෝකයේ තහනම් වීගෙන යන හයිබ්‍රිඩ් එලදෙනගෙන් පුළුවන් තරම් කල් කිරි දොවා ගැනීම.  හයිබ්‍රිඩ් වාහන විකිණීම ලෝකෙ තහනම් උනත් එන්ජින් සහ අනිත් කොටස් හදලා තව දශක දෙක තුනක් අදිතෑකි. හයිබ්‍රිඩ් වලින් තමයි ටොයොටා ලොකුම සල්ලිය හෙව්වෙ, ඒක අතාරින්න ඒගොල්ලො ලේසියෙන් ලෑස්ති නෑ. ලංකාවෙ තියෙන අරුම පුදුම බදු ක්‍රමය මත දැන් තියන ගානට බාගෙකින් මේක වෙළඳපොළට එයි. අවුරුදු පහට ලක්ෂ පහක් දුවන රටවලට නම් මේ එන්ජින් හරි, අපි වගේ වාහනේ ජීවිතකාලෙං සියයට අනූවක් පාක් වෙලා ගත කරන අයට නෙමේ. ලංකාව වෙන්නැති ලෝකෙ එකම රට හයිබ්‍රිඩ් වාහනවල විමෝචන වායු නෑ කියන 😁🔫 කොහොමත් ඊළඟ අවුරුදු 5 තුළ Toyota දිශානතිය වෙනස්වෙනවා වගේම හයිබ්‍රිඩ් වලටත් තිත තියන්න වෙන බව තේරිලා තියෙන බව සමාගමේ නිල ප්‍රකාශ දිහා බැලුවම පේනවා. මේක ගැනත් කිසිම සද්දයක් නැත්තේ ඒක වෙන්නත් ඇති.

ඊවී වලට එන්ජින් දාමු 😜

Image
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන කාර් ගෙනල්ලා ලංකාවෙ පරිසරය සහ වායුගෝලය ආරක්ෂා කරන බව ඇමති කෙනෙක් කියල තිබුණා. මේ ලෝකේ නැති දේවල් ගැන කතාකරනවට වඩා රටේ ආර්ථිකය  පරිසරය සහ ප්‍රවාහනය නංවන්න වසරකින් සාර්ථකව කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන කලින් ලිව්ව, ලින්ක් එක කමෙන්ට් කරන්නම්. විදුලි රථ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතා පහසුවෙන් කළ හැකි එමෙන්ම කළ යුතු කරුණු දෙකක් නම්;  ආරෝපණ මධ්‍යස්ථාන රාජ්‍ය අනුග්‍රහයෙන් ඇති කිරීම. සෑම ප්‍රධාන මාර්ග කිලෝමීටර් 50 කටම අවම වශයෙන් එක් ආරෝපණ මධ්‍යස්ථානයක් හෝ රාජ්‍ය ප්‍රතිපාදන මත ඉදි කිරීමට පෞද්ගලික අංශයට උදව් කිරීම. බැටරි ආනයනය සදහා ඇති බාධා ඉවත් කිරීම සහ නීත්‍යානුකූල කිරීම. මේ සම්බන්ධයෙන් අපත් යම් දේවල් රජය සමඟ කරගෙන යනවා. විදුලි වාහන කියන්නේ 2014 ට ඉස්සෙල්ලා හදපු Leaf විතරක් නෙමෙයි නමුත් ඒවයෙ ප්‍රශ්නයත් සාධාරණයි. එහෙම කිව්වත් විදුලි වාහන වල වටිනාකම සහ ප්‍රයෝජනය දැනගෙන ඒව ගත්තු මුල් අයිතිකාරයෝ ගාව ඒ ලීෆ් තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒව වුනත් දැන් තියෙන්නෙ පසු අයිති කාරයෝ ගාව. ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න කොහෙත්ම හේතුවක් නෑ, ප්‍රශ්නෙ දැනගෙන ගත්තු නිසාත්, ගත්තෙ ක...

I ❤️ range anxiety!

Image
කතාව ගිය සතියෙ මං ලංකා විදුලි රථ සංගමයේ දාපු පෝස්ට් එකක්. හැබැයි පින්තූරෙ දැම්මෙ වෙන පෝස්ට් එකක උඩ තියෙන caption එකත් එක්ක. Range වැඩි වෙන එක හැම අතින්ම හොඳයි 😉 මගේ වෝල් එකේ ඉන්න අය විදුලි රත ගැන වැඩිය නොදන්න නිසා අටුවාව කියලම ඉන්නම්. මේ බලශක්තිය වැය නොකර වාහනය මගින්ම උපයපු ශක්තිය මගින් ගමන ඉවර කරපු කතාවක්. මේක ශක්ති සංස්ථිති නියමය ට එරෙහිව යනව කියල තර්ක කරන්න පුළුවන්. නමුත් සියලු දත්ත වාහනය මගින්ම දීපු ඒවා මත. විදුලි රථ ගැන දැනට නොදන්නා අයට මේ කතාව නොතේරෙන්න පුළුවන්. නමුත් අනාගතයේ ඒවා සාමාන්‍ය දැනීම වෙයි. බාර් තුනේ 30% SOH, 2013 G එකක් ඊයෙ මම පැපිලියානේ බොඩි ෂොප් එකෙන් රාජගිරියේ වර්ක් ෂොප් එකට යන්න ගන්නකොට බැටරිය 29%. රේන්ජ් නැහැ. හවස 5 යි වෙලාව. කෝට්ටේ පාර කිමී 7.5 වුණත් ගත්තේ 7.6 නාවල පාර, ෂොපිං ට්‍රැෆික් නිසා. ආවෙ D, Eco off, ඒසී ඕෆ්. ගමන ඉවර වෙද්දි බලශක්තිය එකතු කලා, 30% වෙනකං 💪  වාහනේ කාර්යක්ෂමතාව (energy efficiency) ගැන දැනුවත්ව වගේම හැම පැත්තක්ම පරික්ෂා කරල නිසා ආවෙ. මෙතනදි මම කිසිම රිස්ක් එකක් ගත්තෙ නෑ, range anxiety නෑ. A calculated trip!

BMW 5 Series - F10

Image
I f you wish to own a pre-owned BMW 5 Series Car  "F10 model", especially a "520d". ඔබ විසින් පාවිච්චි කළ BMW 5 Series (F10) රථයක් මිළදී ගැනීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මේ ලිපිය කියවන්න. History The BMW 5 Series car was manufactured by BMW since 1972. It is currently in its seventh generation which is the G30 model. The current model of 5 Series "G30" was unveiled in the fall of 2016, following to be introduced as a 2017 model year.

රතුපාට සුන්දරිය

Image
මගේ ප්‍රථම රතුපාට සුන්දරිය....ඔබ කොහිද ...? My Very First Car.....Toyota Trueno " 17 - 4398 "1500cc, Red 2 Door Manual Sports Car. ( Not a hatchback...there is a nite rider similar Mazda hatchback version) This was a used car bought in 15 years ago around 2005, from Piliyandala...I love it. I was not doing a job then, after higher studies, and I was searching for jobs in the motor industry. I can recall that I sold all my Gold Jewelleries to buy this sports car. Jewellery was gifted by my mother...no worries as I love cars than jewellery.

කාර් නැති කොළඹ

Image
රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් විදුලි කාර් වලටවත්, ප්‍රධාන පරමාර්ථයක් පරිසර දුෂණය අවම කිරීම නිසා). එතකොටයි ඉදිරියට ප්‍රායෝගිකව මෙය ඉදිරියට ක්‍රියාත්මක වීම, එදිනෙදා ගමන්වලදී පාපැදි පාවිච්චි කරන්නේ කොහොමද, මොනවද මතුවෙන ගැටළු කියන එක හැමෝටම දැනගන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය මට්ටමෙන් මේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයාමට ප්‍රධාන කරුණු කීපයක් අවම වියදමෙන් ක්‍රියාත්මක කලහැකියි. * පාපදිකරුවන්ගේ ආරක්ෂාව සහ මාර්ග අයිතිය පිලිබඳ දැනට ඇති නීති ප්‍රතිසංස්කරණය. * නව කාර්යාල ගොඩනැගිලි අනුමත කිරීමේදී සයිකල් පාකින් සහ නෑමට පහසුකම් සැපයීමේ අවශ්‍යතාව. * හැකි සෑම නාගරික මාර්ග අලුත්වදියාවකදීම පිටපලාත්වල අලුතින් පාරවල් ඉදිකිරීමේදී බයිසිකල් සඳහා තීරුවක් වෙන්කිරීම, අවශ්‍ය අවම මීටරයයි. * දුම්රිය මාර්ග දෙපස දැනටත් ඇති ඉඩේ බයිසිකල් තීරු ඉදිකිරීම, අන්තර් සම්බන්ධතා ඇතිකිරීම. හෝමාගම සිට කැළණි වැලි මාර්ගය, ම...

වාහන නඩත්තු වියදම් අඩු කරන ක්‍රම පහක්

Image
1. හොඳ වාර නඩත්තුවෙන් (Scheduled Maintenance) අලුත්වැඩියා වියදම් අතිශයින් අවමකරගත හැකිවනු ඇත. කාලීන නඩත්තුව (සේවා) නිෂ්පාදකයාගේ කාලසටහන අනුවම කරන්න. ඔබගේ වාහන අත්පොතෙහි (Owners manual) මෙය ඇත, අනිවාර්යයෙන් පරිහරණය කරන්න. බොහෝ ආයතන අවශ්‍ය දේ නොකරන අතර අනවශ්‍ය දෙයට ඔබව පොළඹවනු ඇත. සේවා පරාස / පොත නැත්නම් අන්තර්ජාලයේ සොයන්න, බොහෝ දත්ත නොමිලේම ලැබේ. නිවාරණය ප්‍රතිකාරයට වඩා අතිශයින් අගී. ඇතැම් දේශීය නියෝජිතයන්ගේ සහ ගරාජ, සේවා ආයතන වල ප්‍රකාශ වල වියදම් වැඩි, ගැටළු සහගත තැන් ඇත. නවීන වාහනවල සේවා දර්ශකය හොඳ මෙවලමක් නමුත් අත්පොත අමතක නොකරන්න. වාහනය වගකීම් කාලය තුළ නම් සියලු ගැටළු නියෝජිතයා වෙත ගෙනියන්න. කාලීන නඩත්තු (සේවා) බාහිරව කිරීම ඔබගේ වගකීම අහිමිවීමට හේතුවක් නොවේ. නමුත් ඔබ විසින් කාලීන සේවා නිසි පරිදි කර ඇති බව ඔප්පු කල නොහැකි වුවොත් නිෂ්පාදකයාගේ වගකීම අහිමිවනු ඇත. 2. වගකීම් කාලය අවසන් වූ පසු බාහිර සේවා ආයතනවල අලුත්වැඩියා කළ හැක. කාලීන නඩත්තුව යනු එන්ජිමේ තෙල් මාරුකිරීම සහ සේදීම නොවේ. බාහිර ආයතනය නිෂ්පාදකයාගේ අවශ්‍යතා සපුරයිද, අනුමත ද්‍රව්‍ය භාවිතකරයිද යන්න කලින් විමසන්න. සේ...

Vehicle submerged?

Image
We all know that we should not try to start a submerged vehicle (rule of thumb - water above head lamp level) or vehicle stalled in water. T here are many things to do but the very first should be informing the insurance company immediately. Once done the insurance company will usually advise you to move the vehicle to dry land / garage for their inspection. Even if they don’t you can tell them that you will be moving the vehicle to avoid further damage. Now you shift the vehicle but you should not dismantle any part until the assessor arrives. Once the initial inspection is done by insurer you will be able to do the preliminaries like manual cranking by removing the plugs, injectors etc. and check the oils and filters prior trying to start. However the job is not over yet, our opinion is no point repairing a newer vehicle with serious electronics and especially the hybrid and electrics. It’s best to claim it as a total loss if your insurance cover has the provision. But t...