විදුලි රිය වතුරෙදි

මේ Nissan Leaf විදුලි රථයක් අද ගිය විදිය. නමුත් වාහනයක් ටෙස්ට් කරන්න වතුරට දාන එකයි මේ වගේ යන එකයි දෙකක්. 

නිසාන් ලීෆ් වලට පෙට්‍රල් ඩීසල් ඒව යන්න බැරි ගැඹුරකට වතුරෙ යන්න පුළුවන්. බර වැඩි වීම තවත් වාසියක්, පාවීමේ හැකියාව අවම කරනවා.

නමුත් ජීවිතේ ගලෝගන්න යන ගමනකදි මිසක් මේ වගේ තත්ත්වයකට හදපුවා නෙමෙයි කාර්.

ඇක්සල් වල හබ් වල , රැක් වල ඉඳලා හැම කෑල්ලක් ඇතුලටම වතුර යනවා කැරකෙද්දි.

ඇතුලෙ තියන grease ඔක්කොම ක්ෂය වෙනවා.

තව දෙයක්, ට්‍රැක්ෂන් බැටරිය අලුත්වැඩියාවකට හරි ගලවපු එකක්නං ඇතුලට වතුර යන්න පවා ඉඩ තියෙනවා. මොකද ලංකාවෙ සීල් එක ප්‍රෙෂර් ටෙස්ට් කරන් නැති නිසා.

යට ප්ලාස්ටික් කවර පවා ගැල වෙන්න ඇඹරෙන්න පුළුවන් සුළු වේගෙකින් ගියත්.

වතුරෙ යන්න වෙනවාම නම් අවම වශයෙන් ටයර් හුලං හොදටම අඩු කරල යන්න. ඇතුලට වතුර නොගිය කියලා නෑ පාරෙන් පාවෙලා පාරෙන් අහක් වෙන්න යන්නේ තප්පරයයි.

වතුරේ එකතැන තිබුනට ප්‍රශ්නයක් නෑ, බැහැලා ගියහම ගන්න. කිසි හානියක් වෙන එකක් නෑ. නමුත් ධාවනය කරන්න වුනොත් වහාම Severe use Inspection එකක් කරන්න.

මේ ටික ඉන්ධන වාහන වලටත් පොදුයි.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන