Posts

Showing posts from April, 2021

දුම් බද්ද උඩ ගියත් 🤔

Image
කැබිනට් පත්‍රිකාවෙ ඔක්කොම හොඳයි. කරන්න බැරි දේවලුත් ඇති, විශේෂයෙන්ම රසායනික පොහොර තහනම ගැන. ඒක මගේ විෂය නෙමෙයි. අනික මේ වෙන වෙනම කතා කළ යුතු මාතෘකා. දුම් සහතිකය පිළිබඳව ඇති 4.14 පෙළ ගැන මේ. දැනුවත්ව නං මෙතෙක් දුම් සහතිකය මගින් අය වෙන මුදල් යෝජිත පාරිසරික කටයුතු සඳහා මුදාහැරල නැහැ.  ඒ කොහොම වෙතත් පවත්නා විමෝචන වායු පරීක්ෂණ තත්ව ප්‍රමිතීන් අතිශයින් යල්පැන ගිහිං. එමෙන්ම ලෝකෙ කොහෙවත් නැති අන්දමින් හයිබ්‍රිඩ් වාහන විමෝචන වායු සහතිකයෙන් නිදහස් කරල, වෙන රටවල් හයිබ්‍රිඩ් තහනම් කරගෙන යද්දි. මේ පනවන අධිභාරය සමග එදා සිට එකතු කරගත් මුදලුත් අපි එදිනෙදා හුස්ම ගන්නා වායුව දුමෙන් නිදහස් කිරීම සඳහා දැන්වත් යෙදවුණොත් හොඳයි, ප්‍රමිතීන් ඉහළ නංවන ගමන්ම. එහෙම නොකලොත් නව අධිභාරයෙන් පරිසරයට රටට හෝ අනාගතයට වෙන සෙතක් නැති වෙයි. Emission test

නාගරික වායු දූෂණය

Image
ඉන්දියාවේ අවාසනාවන්ත තත්වයට හේතුව එහි අධික ලෙස දූෂිත නාගරික වායුව, biomass දුමෙන් පිරුණු නිවෙස්, දුම් පානය ආදී දේවල් වෙන්න පුළුවන්. පසුගිය වසරේ සිටම ප්‍රකාශ වුණා නාගරික වායු දූෂණයෙන් බැට කන අය කොවිඩ් වින්දිතයෝ වීමේ විශාල ප්‍රවණතාවක් ඇති බව. පහත උපුටා ගැනීම කොවිඩ් වලට පෙර 2019 වසරේ ඉන්දියාවේ වායු දූෂණය සහ එහි අහිතකර ප්‍රතිවිපාක ගැන පළවුණු සටහනකින්. මේක ඇහැ ගැටුනේ ඔක්සිජන් අවශ්‍යතාව ගැන විස්තර හොයද්දි. ලංකාව ගැනත් link කොමෙන්ට් වල. ඉන්දියාවේ රථවාහන, විමෝචන වායු සහ ගල් අඟුරු බලාගාර වැනි දේවල් නිසා වෙන වායු දූෂණය ලංකාවටත් බලපාපු අවස්ථා තිබුණ.  කොළඹ වායු දූෂණයට ප්‍රධානම හේතුව රථ වාහන සහ අපේ යල්පැනගිය විමෝචන වායු ප්‍රතිපත්ති. මහජනතාවටත් ඕනේ කොහොමහරි පාරේ යන්න මිසක් විෂ වායු නැති කරන්න නෙමෙයි. https://mobility.lk/2020/05/12/prevent-polluting-colombo/   COPD due to Air pollution, smoking, and ageing. Air pollution--including ambient and household pollution due to biomass burning--is the primary cause of COPD in India and is responsible for more than half (53%) of all cases. The ambient particu

රසායනික තහනම!

Image
මම කෘෂිවිද්‍යාව හැදෑරුවේ සාමාන්‍ය පෙළ වෙනකං වුවත් ප්‍රායෝගිකව වගා කරනව. රසායනික ද්‍රව්‍ය නැතිව වගාව කරන්න බැරි නැහැ.  නමුත් ව්‍යාපාරිකව සාර්ථක කරගන්න අපහසුයි ඒකට ගැලපෙන ආර්ථික මොඩලයක් හදන්නෙ නැතුව. ඒකෙ මූලිකත්වය දිය යුත්තේ කාබනික වගාවට නෙමෙයි, කළමනාකරණයට. ඒකත් ගොවි හෝ වගා කළමනාකරණය නෙමෙයි, කෘෂි ආර්ථිකය රටක් වශයෙන් කලමනාකරණය. අපිට නැත්තෙම මේකයි.  වගා සාර්ථකත්වය  වර්තමාන වියදම් සහ මිළ පරාස අනුව ලංකාවේ ව්‍යාපාරිකව කෘෂිකර්මය කරලා ලාභ ගන්න බැහැ. කාබනිකව තමුන්ගේ ඉඩම වගා කරන එකයි වැටුප් ගෙවල කරන වගායි සම්පූර්ණයෙන් වෙනස්. ගිය අවුරුද්දේ මුල කොරෝනා පටන් ගද්දිම ගෙවතු වගාවේ ඉඳලා ගොවියා ආරක්ෂා කිරීම ගැනත් ලොකු දේවල් කිව්වා. නමුත් අදටත් රටේ ගොවි නිෂ්පාදනයෙන් තුනෙන් එකක් වත් අපතේ යනවා නිසි කළමනාකරණයක් නොමැති වීමෙන්. නාස්තිය  පොහොර වුණත් ගොඩක් අපතේ යනවා.  එමෙන්ම අපේ සහල් පරිභෝජනයත් වැඩියි. සමබල ආහාර වේලක් ලැබෙන්නෙත් නැහැ.  එළවළු නිෂ්පාදනය බාගෙකට වැඩිය අපතේ. crop management නැහැ. කන හාල් ප්‍රමාණය බාගෙට අඩු කරල දෙගුණයක් මිල කාබනික ධාන්‍ය සහ එළවළු කන එක නොකළ හැකි දෙයක් නෙමෙයි.  නමුත් මේව තිරසාර කෘෂි ආර්ථ

තාත්තා

Image
පාපෝච්චාරණයක්! තාත්තා මහ ගහක් විදියට මම එදා දැක්කේ නෑ. හේතුව තාත්තා ඒකාධිපතියෙක් නොවුන නිසා. තාත්තා අපිව නීති වලට යට කරලා හැදුවේ නැහැ. ඕන දෙයක් උපේක්ෂාවෙන් දැක්කා. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, ඒක තමයි  අදටත් මගේ ක්‍රමය. අවුරුදු සිරිත් එයාගෙන් පුරුදූ වුනෙත් නැහැ, මම ජ්‍යෝතිෂය හෝ නැකැත් විශ්වාස නොකරන නිසා වෙන්න ඇති. හැබැයි කාලිංග මාඝ ලංකාවට ගෙනාපු අවුරුද්ද දැන් සංස්කෘතියෙ කොටසක්. මේ අලුත් අවුරුදු ක්‍රීඩා අතරතුර ගත්තු ඡායාරූපයක්. ආපහු හිතල බැලුවම තේරෙනවා ඔහු මගේ තාත්තා පමණක් නොවෙයි මගේ නිදහස් චින්තනයෙන් පියා කියල.  තාත්තාගේ සෞඛ්‍යය ගැන මා වඩාත් සැලකිලිමත් වූවා නම්, ඔහුව දැනුවත් කලානම් එයා තවමත් ජීවත් වෙන්න තිබුණා 😥

Jurie the Iconoclast

Image
අද කාලෙ Iconoclast ලෙස හැඳින් වෙන්නන් අතීතයට වඩා වෙනස්. ඔවුන් නොසැලෙන අය, සම්ප්‍රදාය ඉල්ලා සිටින දේ අධෝවාතෙකට ගණන් නොගන්නා නිර්භීත චින්තකයො මෙන්ම ක්‍රියාත්මක වෙන්නන්. ප්‍රතිරූප බිඳ දමන්නා යන අර්ථයෙන් ආපු අයිකොනොක්ලාස් කියන්නෙ ආදි ග්‍රීක සමාජයේ ආගමික මූර්ති හා සිතුවම් විනාශ කළ අය. නමුත් අද ගෝලීය බුද්ධිමත් සමාජය වෙනස්!  ඒකයි ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාවේ මැයි කලාපය කිරුළ විසිකරපු කැරොලයින් ගේ ප්‍රකාශ උත්කර්ෂයෙන් උපුටා දක්වන්නේ. අයිකොනොක්ලාස් ල අපේ රටෙත් ඉඳහිට පහළ වෙනවා. රංජන්ට පස්සේ අපි දැකපු #Iconoclast තමයි ඇය.  Chaminda Dilhanake Hettiarachchi ගේ ඉංග්‍රීසි පෝස්ට් එකකින් තමයි සංසිද්ධිය මගේ ඔළුවටත් වැටුණේ.

Colombo Port City

Image
ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී! පෝට් සිටියේ මේ පින්තූර දැක්කම අපි අවසේස ජනතාව හිතන්නේ අනේ ඉතින් වීසා අරගෙන හරි ප්ලේන් එහෙක නොගිහින් ගිහින් බලන්න තැනක් තියෙනවනේ කියල.  ඒ මදිවට මේකෙ පරිසර හිතකාමී බව ගැන රොකට්වල නැගල කණ්ඩලම දිහා බලාගෙන ගම හඳේ වෙච්ච අයත් හෑලි ලියනවා. රටයි මුහුදයි දෙකම හාරල පස් අරන් ඕක පුරෝලා හැදුව කියමුකො. දැන් පරිසර හානිය බොහෝ දුරට වෙලා ඉවරයි නේ, දැනෙන්නෙ අනාගතේ උනාට. මේක ගලවන්නත් බැහැනේ. නමුත් කෝ ව්‍යාපාර සැලැස්ම???  ඔය කියන ආර්ථික ප්‍රතිලාභ කොහේද කොන්ටිෆයි වෙලා තියෙන්නේ? මෙච්චර කල් කියපු ගණං බොහොමයක් නිවැරදි නැති ප්‍රායෝගික නොවෙන දේවල් බව විශේෂඥයෝ කියනවා.  ගෝලීය ආර්ථිකය ජාලගත ක්‍රම වලට වෙනස් වීගෙන යන කාලෙක, එමෙන්ම භෞතික යටිතල පහසුකම් හුදු සුදු අලි වෙච්ච කාලෙක මෙවැනි ව්‍යාපෘති දිහා බැලිය යුතු තව වසර 25ක් වත් එහා ව්‍යාපාරික වපසරිය ගැන හිතලා. ඩුබායි වැනි තැන්වල පමණක් නෙමෙයි මුලු ලෝකයේම තියෙන ව්‍යාපාරික මර්මස්ථාන සහ mass transit systems කොවිඩ් නිසා ඇති වුනු, ආපසු නොහැරෙන ජාලගත ව්‍යාපාර මත කිසිදා ආපහු ලාභ නොලබන බව ප්‍රකාශිතයි. විනෝදාස්වාද ව්‍යාපාර සහ අදාල ගමන් නම් අන

Peddling in style

Image
Frame: Trek FX Alpha AL Brakes: Shimano Hydraulic Tires, Saddle, Handle: Bontrager Gearing: Shimano Acera Helmet: Bolle Carbon  Shirt: Zara Pant: Levi's 531 Shoes: Belbo genuine leather Wristwatch: Timberland  Shades: Luminerie Ignite Gloves: Garneau Water bottle: Bianchi  Peddling in style, නයා පාපැදියෙං යැවීම නොවේ!

දෙමුහුං උන Landcruiser 300

Image
හයිබ්‍රිඩ් කරලා අවුරුදු පහෙං දහයෙං ගොඩ අදින්න වෙන වාහන හදන්න වුන හේතුව කාබන් ක්‍රෙඩිට් අහිමි වීම සහ ලෝකයේ තහනම් වීගෙන යන හයිබ්‍රිඩ් එලදෙනගෙන් පුළුවන් තරම් කල් කිරි දොවා ගැනීම.  හයිබ්‍රිඩ් වාහන විකිණීම ලෝකෙ තහනම් උනත් එන්ජින් සහ අනිත් කොටස් හදලා තව දශක දෙක තුනක් අදිතෑකි. හයිබ්‍රිඩ් වලින් තමයි ටොයොටා ලොකුම සල්ලිය හෙව්වෙ, ඒක අතාරින්න ඒගොල්ලො ලේසියෙන් ලෑස්ති නෑ. ලංකාවෙ තියෙන අරුම පුදුම බදු ක්‍රමය මත දැන් තියන ගානට බාගෙකින් මේක වෙළඳපොළට එයි. අවුරුදු පහට ලක්ෂ පහක් දුවන රටවලට නම් මේ එන්ජින් හරි, අපි වගේ වාහනේ ජීවිතකාලෙං සියයට අනූවක් පාක් වෙලා ගත කරන අයට නෙමේ. ලංකාව වෙන්නැති ලෝකෙ එකම රට හයිබ්‍රිඩ් වාහනවල විමෝචන වායු නෑ කියන 😁🔫 කොහොමත් ඊළඟ අවුරුදු 5 තුළ Toyota දිශානතිය වෙනස්වෙනවා වගේම හයිබ්‍රිඩ් වලටත් තිත තියන්න වෙන බව තේරිලා තියෙන බව සමාගමේ නිල ප්‍රකාශ දිහා බැලුවම පේනවා. මේක ගැනත් කිසිම සද්දයක් නැත්තේ ඒක වෙන්නත් ඇති.