දුම් බද්ද උඩ ගියත් 🤔

කැබිනට් පත්‍රිකාවෙ ඔක්කොම හොඳයි. කරන්න බැරි දේවලුත් ඇති, විශේෂයෙන්ම රසායනික පොහොර තහනම ගැන. ඒක මගේ විෂය නෙමෙයි. අනික මේ වෙන වෙනම කතා කළ යුතු මාතෘකා.


දුම් සහතිකය පිළිබඳව ඇති 4.14 පෙළ ගැන මේ. දැනුවත්ව නං මෙතෙක් දුම් සහතිකය මගින් අය වෙන මුදල් යෝජිත පාරිසරික කටයුතු සඳහා මුදාහැරල නැහැ. 

ඒ කොහොම වෙතත් පවත්නා විමෝචන වායු පරීක්ෂණ තත්ව ප්‍රමිතීන් අතිශයින් යල්පැන ගිහිං.

එමෙන්ම ලෝකෙ කොහෙවත් නැති අන්දමින් හයිබ්‍රිඩ් වාහන විමෝචන වායු සහතිකයෙන් නිදහස් කරල, වෙන රටවල් හයිබ්‍රිඩ් තහනම් කරගෙන යද්දි.

මේ පනවන අධිභාරය සමග එදා සිට එකතු කරගත් මුදලුත් අපි එදිනෙදා හුස්ම ගන්නා වායුව දුමෙන් නිදහස් කිරීම සඳහා දැන්වත් යෙදවුණොත් හොඳයි, ප්‍රමිතීන් ඉහළ නංවන ගමන්ම.

එහෙම නොකලොත් නව අධිභාරයෙන් පරිසරයට රටට හෝ අනාගතයට වෙන සෙතක් නැති වෙයි.

Emission test




Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන