Posts

Showing posts with the label Energy

සුද්දන්ගේ තෑගී

Image
දෙන්නගෙ පලමු හමුවීම වුණේ ගිය සතියේ! මේ කතාව ලෝක නායකයෝ හුවමාරු කරගත්තු තෑගි වලට හේතු විය හැකි කරුණු ගැන මගේ දැක්ම. Mr. #Biden ගෙ තෑග්ග ඇමරිකාවේ අතින් හදපු පාපැදියක්, එය බොරිස් මහත්මයා තමන්ගේ රටේ බලශක්තිය, ප්‍රවාහනය සහ පරිසරය වෙනුවෙන් කරන මෙහෙය සංකේතවත් කරනවා. Mr. #Boris දෙන්නෙ 19 සියවසේ වහල් ප්‍රතිපත්ති වලට එරෙහිව සටන් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු ගේ පිළිරුවක ඡායාරූපයක්. එය ඇමරිකානු ජනතාවගේ සාධාරණ සමාජයක ජීවත්වීමේ අයිතිය සඳහා බයිඩන් මහත්මයාගේ ප්‍රතිපත්ති සංකේතවත් කරනව. #Policies #MobilityAlliance

National Policies

Image
Tesla records a million orders for a truck from cyberspace.  Now Ford gets 40,000 orders for their conventional-looking F 150 lightning within a week of the announcement! I'm not going to talk about the 100,000,000 USD Tesla bagged as reservations to keep for years, interest-free 😉 Mind you, that's amidst Covid anyways! Interesting to note the thinking of our math on Cars. These e trucks are priced $50,000+, higher than their gas counterparts.  In a country like America, a range of 500 Kms + is not too big. Yet they decide to benefit their own pockets and the environment too! Forget it all now 😁🔫 We live in a shit hole with no National policies on Transport, Environment, or Energy! Yet we are poised to spend 3.6 Billion on vehicles including 227 SUVs for politicians amidst Covid!

දුම් බද්ද උඩ ගියත් 🤔

Image
කැබිනට් පත්‍රිකාවෙ ඔක්කොම හොඳයි. කරන්න බැරි දේවලුත් ඇති, විශේෂයෙන්ම රසායනික පොහොර තහනම ගැන. ඒක මගේ විෂය නෙමෙයි. අනික මේ වෙන වෙනම කතා කළ යුතු මාතෘකා. දුම් සහතිකය පිළිබඳව ඇති 4.14 පෙළ ගැන මේ. දැනුවත්ව නං මෙතෙක් දුම් සහතිකය මගින් අය වෙන මුදල් යෝජිත පාරිසරික කටයුතු සඳහා මුදාහැරල නැහැ.  ඒ කොහොම වෙතත් පවත්නා විමෝචන වායු පරීක්ෂණ තත්ව ප්‍රමිතීන් අතිශයින් යල්පැන ගිහිං. එමෙන්ම ලෝකෙ කොහෙවත් නැති අන්දමින් හයිබ්‍රිඩ් වාහන විමෝචන වායු සහතිකයෙන් නිදහස් කරල, වෙන රටවල් හයිබ්‍රිඩ් තහනම් කරගෙන යද්දි. මේ පනවන අධිභාරය සමග එදා සිට එකතු කරගත් මුදලුත් අපි එදිනෙදා හුස්ම ගන්නා වායුව දුමෙන් නිදහස් කිරීම සඳහා දැන්වත් යෙදවුණොත් හොඳයි, ප්‍රමිතීන් ඉහළ නංවන ගමන්ම. එහෙම නොකලොත් නව අධිභාරයෙන් පරිසරයට රටට හෝ අනාගතයට වෙන සෙතක් නැති වෙයි. Emission test

ඊවී වලට එන්ජින් දාමු 😜

Image
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන කාර් ගෙනල්ලා ලංකාවෙ පරිසරය සහ වායුගෝලය ආරක්ෂා කරන බව ඇමති කෙනෙක් කියල තිබුණා. මේ ලෝකේ නැති දේවල් ගැන කතාකරනවට වඩා රටේ ආර්ථිකය  පරිසරය සහ ප්‍රවාහනය නංවන්න වසරකින් සාර්ථකව කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන කලින් ලිව්ව, ලින්ක් එක කමෙන්ට් කරන්නම්. විදුලි රථ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතා පහසුවෙන් කළ හැකි එමෙන්ම කළ යුතු කරුණු දෙකක් නම්;  ආරෝපණ මධ්‍යස්ථාන රාජ්‍ය අනුග්‍රහයෙන් ඇති කිරීම. සෑම ප්‍රධාන මාර්ග කිලෝමීටර් 50 කටම අවම වශයෙන් එක් ආරෝපණ මධ්‍යස්ථානයක් හෝ රාජ්‍ය ප්‍රතිපාදන මත ඉදි කිරීමට පෞද්ගලික අංශයට උදව් කිරීම. බැටරි ආනයනය සදහා ඇති බාධා ඉවත් කිරීම සහ නීත්‍යානුකූල කිරීම. මේ සම්බන්ධයෙන් අපත් යම් දේවල් රජය සමඟ කරගෙන යනවා. විදුලි වාහන කියන්නේ 2014 ට ඉස්සෙල්ලා හදපු Leaf විතරක් නෙමෙයි නමුත් ඒවයෙ ප්‍රශ්නයත් සාධාරණයි. එහෙම කිව්වත් විදුලි වාහන වල වටිනාකම සහ ප්‍රයෝජනය දැනගෙන ඒව ගත්තු මුල් අයිතිකාරයෝ ගාව ඒ ලීෆ් තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒව වුනත් දැන් තියෙන්නෙ පසු අයිති කාරයෝ ගාව. ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න කොහෙත්ම හේතුවක් නෑ, ප්‍රශ්නෙ දැනගෙන ගත්තු නිසාත්, ගත්තෙ ක...

I ❤️ range anxiety!

Image
කතාව ගිය සතියෙ මං ලංකා විදුලි රථ සංගමයේ දාපු පෝස්ට් එකක්. හැබැයි පින්තූරෙ දැම්මෙ වෙන පෝස්ට් එකක උඩ තියෙන caption එකත් එක්ක. Range වැඩි වෙන එක හැම අතින්ම හොඳයි 😉 මගේ වෝල් එකේ ඉන්න අය විදුලි රත ගැන වැඩිය නොදන්න නිසා අටුවාව කියලම ඉන්නම්. මේ බලශක්තිය වැය නොකර වාහනය මගින්ම උපයපු ශක්තිය මගින් ගමන ඉවර කරපු කතාවක්. මේක ශක්ති සංස්ථිති නියමය ට එරෙහිව යනව කියල තර්ක කරන්න පුළුවන්. නමුත් සියලු දත්ත වාහනය මගින්ම දීපු ඒවා මත. විදුලි රථ ගැන දැනට නොදන්නා අයට මේ කතාව නොතේරෙන්න පුළුවන්. නමුත් අනාගතයේ ඒවා සාමාන්‍ය දැනීම වෙයි. බාර් තුනේ 30% SOH, 2013 G එකක් ඊයෙ මම පැපිලියානේ බොඩි ෂොප් එකෙන් රාජගිරියේ වර්ක් ෂොප් එකට යන්න ගන්නකොට බැටරිය 29%. රේන්ජ් නැහැ. හවස 5 යි වෙලාව. කෝට්ටේ පාර කිමී 7.5 වුණත් ගත්තේ 7.6 නාවල පාර, ෂොපිං ට්‍රැෆික් නිසා. ආවෙ D, Eco off, ඒසී ඕෆ්. ගමන ඉවර වෙද්දි බලශක්තිය එකතු කලා, 30% වෙනකං 💪  වාහනේ කාර්යක්ෂමතාව (energy efficiency) ගැන දැනුවත්ව වගේම හැම පැත්තක්ම පරික්ෂා කරල නිසා ආවෙ. මෙතනදි මම කිසිම රිස්ක් එකක් ගත්තෙ නෑ, range anxiety නෑ. A calculated trip!

80% පුනර්ජනනීය ඉලක්කය

Image
ලංකා සහ ඉන්දියා බලශක්ති කතාවස්තු යුගළ. 2016 අවුරුද්දේ අගමැති නරේන්ද්‍ර මෝඩි පටන් ගත්ත එයාගෙ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ. පොඩියට නෙවෙයි, GW 175 ක් 2022 වෙනකොට. GW 100 සූර්ය බලය සහ GW 50ක් සුළං බලය එක්ක. ඒ කාලෙදී මේක ලෝකෙ දැකපු වඩාත් ආකර්ශනීයම පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක්. විශේෂයෙන් මේ වෙනකොට සූර්ය බල මිල වැඩි තත්ත්වයක් තුළ. මෝඩි බොහොම ආඩම්බරයෙන් එක්සත් ජාතීන්ගේ Paris කාලගුණ සමුළුවේ දී මේ බව ප් ‍රකාශ කළේ. බලශක්ති අමාත්‍ය පියුස් ගෝපාල් එතන ඉදන් නිකං හිටියෙ නෑ. එපමණක් නෙමෙයි ඉන්දියාවේ බලශක්ති නිෂ්පාදන සහ බෙදා හරින ආයතන අපේ විදුලිබල මණ්ඩලය වගේ මේ ඉලක්කයට විරුද්ද වුණෙත් නැහැ. එමෙන්ම ඉලක්ක වෙනස් කරන්න උත්සාහකලෙත් නෑ.

ගල්අඟුරු සහ ඩීසල් සම්බන්දෙ

Image
බලශක්තිය ජනනයෙදී අවම වියදම සහ අවම පරිසර හානිය විශේෂයෙන් සැලකිය යුතුව තිබුණත් ඒ දෙකෙන් එකක්වත් සැලකෙන්නේ නැති බවයි බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රැළපනාවගෙ වාර්තා පෙන්වා දෙන්නේ. විදුලි බල මන්ඩලය ලංකාවේ වැඩිම පාඩු ලබන රාජ් ‍ ය ආයතනයක්. එහෙම තත්වයකදී අධික වියදම් සහිත ඩීසල් බලාගාර ජනවාරි සිට මාර්තු දක්වාම පාවිච්චි වෙනවා ලාභ ජලවිදුලිය පැත්තකින් තියල. මේවායින් ගිගාවොට් පැය 23.7 නිෂ්පාදනය කරලා තියෙනවා, එක ඒකකයකට රුපියල් 62ක දළ වියදමක් සහිතව. එනම් රජයේ වියදම මේ කාලය තුළ පමණක් බිලියන 1. 4 ක්.