Posts

Showing posts from May, 2020

80% පුනර්ජනනීය ඉලක්කය

Image
ලංකා සහ ඉන්දියා බලශක්ති කතාවස්තු යුගළ. 2016 අවුරුද්දේ අගමැති නරේන්ද්‍ර මෝඩි පටන් ගත්ත එයාගෙ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ. පොඩියට නෙවෙයි, GW 175 ක් 2022 වෙනකොට. GW 100 සූර්ය බලය සහ GW 50ක් සුළං බලය එක්ක. ඒ කාලෙදී මේක ලෝකෙ දැකපු වඩාත් ආකර්ශනීයම පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක්. විශේෂයෙන් මේ වෙනකොට සූර්ය බල මිල වැඩි තත්ත්වයක් තුළ. මෝඩි බොහොම ආඩම්බරයෙන් එක්සත් ජාතීන්ගේ Paris කාලගුණ සමුළුවේ දී මේ බව ප් ‍රකාශ කළේ. බලශක්ති අමාත්‍ය පියුස් ගෝපාල් එතන ඉදන් නිකං හිටියෙ නෑ. එපමණක් නෙමෙයි ඉන්දියාවේ බලශක්ති නිෂ්පාදන සහ බෙදා හරින ආයතන අපේ විදුලිබල මණ්ඩලය වගේ මේ ඉලක්කයට විරුද්ද වුණෙත් නැහැ. එමෙන්ම ඉලක්ක වෙනස් කරන්න උත්සාහකලෙත් නෑ.

R.I.P Black Leopard

Image
Shocking  😬 😡 😭 BLACK LEOPARD DEAD. Man and man alone is responsible for this dreadful disaster. අද අපට නැතිවුනේ නැවත නොදැකිය හැකි, ජාතික වස්තුවක් තරම් වටිනා සතෙක්. මෙතරම් දැකුම්කළු කළු  දිවියෙක් මීටපෙර වාර්තාවෙලා නැහැ. එයා ජගුවරයෙක් තරම්ම විශාලයි.

ගල්අඟුරු සහ ඩීසල් සම්බන්දෙ

Image
බලශක්තිය ජනනයෙදී අවම වියදම සහ අවම පරිසර හානිය විශේෂයෙන් සැලකිය යුතුව තිබුණත් ඒ දෙකෙන් එකක්වත් සැලකෙන්නේ නැති බවයි බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රැළපනාවගෙ වාර්තා පෙන්වා දෙන්නේ. විදුලි බල මන්ඩලය ලංකාවේ වැඩිම පාඩු ලබන රාජ් ‍ ය ආයතනයක්. එහෙම තත්වයකදී අධික වියදම් සහිත ඩීසල් බලාගාර ජනවාරි සිට මාර්තු දක්වාම පාවිච්චි වෙනවා ලාභ ජලවිදුලිය පැත්තකින් තියල. මේවායින් ගිගාවොට් පැය 23.7 නිෂ්පාදනය කරලා තියෙනවා, එක ඒකකයකට රුපියල් 62ක දළ වියදමක් සහිතව. එනම් රජයේ වියදම මේ කාලය තුළ පමණක් බිලියන 1. 4 ක්.

ක්‍රිකට් පිටි රිලා නැටුම

Image
හෝමාගම අන්තර්ජාතික ක්‍රීඩාංගන ව්‍යාපෘතිය කල් දැම්මලු. පළවෙනිම දේ ඇයි මේක මේ වෙලාවේ ගෙනාවෙ කියන එක. ඊලගට ඇමතිවරුන්ටත් කියපුවා බොරුයි කියලා පිළිගන්න අයිසීසී එක මැදිහත් වෙනකම්ම ඉන්න වෙච්ච එක. රටට ගෞරවය ගෙනාපු මහේල, සංගක්කාර සහ මහානාමල ජාතිද්‍රෝහීන් වෙච්ච එක. අන්තිමට රටේ ධනය සහ කාලය කාපු තවත් මීටිමකුත් තියල ඒක කල්ගියා.  මේ ඔක්කොම රිලා නැටුම් වලින් පේන්නේ මේ රටේ දේශපාලකයෝ සහ බහුතර ජනතාව ඕනෑම හොඳ හෝ නරක ව්‍යාපෘතියක් දිහා බලන්නේ ඒක කරන්නේ තමුන්ගේ පක්ෂයෙන්ද, පෞද්ගලික වාසි තියනවද යන්න මිසක් එකෙන් රටට වෙන හොඳ හෝ නරක ගැන නෙමෙයි කියන එක. මේ මර උගු ලෙන් ගැලවෙන කං රට ගොඩ යන්නෑ. මගේ සත දෙක ඊළඟට.

සංජිගේ මල් කතාව

Image
ඇයගේ  මුහුණු පොතෙන්.......... ------------------------- රතු රෝස මල, සැකය සහ සිතුවිලි. වසර කිහිපයකට පෙර සිදුවූවකි. මගේ කුළුදුල් දරුවා ලැබීමෙන් මාස දෙකකට පමණ පසුව, මා හිටියා මෙන් තුන් හතර ගුණයකින් පමණ තරබාරු වීමි. දරු ප්‍රසූතියෙන් පසුව සතියේ දිනවල අයිස්ක්‍රීම් ලීටර භාගයක් බැගින්ද සති අන්තයේදී හිමකිරම ලීටරය බැගින්ද කෑමට ඇබ්බැහි වීමී. රාතියේ දරුවා සමග නිදිමරන විට උණු කිරිද විටින් විට පානය කළෙමි. මේ දිනවල මා පදිංචි වී සිටියේ මා සේවය කළ Prestige Automobile BMW ආයතනය පිටුපසය. විනාඩි තුන හතරක් ඇතුළත මාහට සේවා ස්ථානයට ඇවිද යා හැක. හවසට සේවය නිමවී පැමිණෙන විට පාරේ බෝල ගසන කුඩා කොලු රෑන මා සමග කථා කිරීමට පුරුදු වී සිටියෝය. දරුවා ලැබීමට පෙර ඔවුන් මා ඇමතුවේ "ආ කොහොමද අක්කේ..." යනුවෙනි හා මා හරහට මහත් වීමෙන් පසුව, "කොහොමද ඇන්ටී..." වශයෙනි.

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන

Image
අපි ප් ‍ රශ්න එක්ක දගලන්නෙ විසඳුම් තියෙද්දි  😷 ආර්ථික මධ් ‍ යස්ථාන වල සෞඛ් ‍ යය පැත්තෙන් ගත්තාම විශාල ගැටලු තිබුනා. දුප්පත් ගොවීන්ටත් බොහෝ වෙළෙන්දන්ටත් මීටරේ දුර තියාගෙන මාස්ක් දාගෙන ඒ රස්සාව පුළුවන් වෙයි කියලා හිතන්නෑ. අවම වශයෙන් නොකඩවා අත සෝදගන්න පහසුකම් නැතුව. නමුත් ආර්ථික මධ් ‍ යස්ථාන වලට එන එළවළු නිෂ්පාදනයට කරන්නේ මොකක්ද කියලා සිතිය යුතුව තිබුණා. එළවළු මෝරනවා කපන්නැතුව ඉන්න බෑ කැපුවහම විකුණුවෙ නැත්තං නරක් වෙනවා. අවුරුදු සමය බලාගෙන ගොවීන් විශාලව නිෂ්පාදනයට යොමු වුණා. මෙය කළමනාකරණය කරන එක විශාල ප් ‍ රශ්ණයක් නෙමෙයි. ඉල්ලුම තියනවා නම් ඒ වගේම ලොජිස්ටික්ස් පහසුකම් තියනවනම්. රටේ බොහෝ පළාත්වල මිනිසුන්ට කන්න එළවළු නැතුව ඉන්නවා. අධික මිල ගණන් වලට විකිණෙනවා.

අති විශිෂ්ටයි කෑම

Image
කන්න ගේන්න ලංකාව $ මිලියන 1,841ක් වියදම් කරා 2017.  ඒකෙන් 52.7% ක්, එනම් $ මිලියන 971ක් වැය කරල තියෙන්නෙ පහල තියෙන වර්ග 5ට. ආවේ කොහෙන්ද කියලත් තියෙනවා. ඡායාරූපය Verite Research එකෙන්. දැක්කගමන් මට කියවුනු ප්‍රධාන කරුණු තුනක්. එක. එදා ඉදලම අපි අන්දරේලා, කරල තියෙන්නේ පවුල් පිටින් පැදුරේ පෙරළි පෙරළි සීනි කාපු එක. පේනවා නේද කාල තියෙන ප්‍රමාණය. ඔක්කොම වගේ පිටරටින්. මේක බාගෙට අඩු කරානම් දියවැඩියාව පාලනය කරන්නට රජය කරන වියදමයි ඒකෙන් වෙන ශ්‍රම නාස්තියයි එකට එකක් අඩුවෙයි.

රිවස් එකටද යන්න යන්නේ

Image
සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම්. බන්දුල ගුණවර්ධන තර්කයක් විදියට ගෙනාවේ විනිමය වෙනස. එයා සුඛෝපභෝගී දේවලට දීපු අර්ථකථන වලට එකඟ වෙන්න බෑ.අවුරුදු ගානකට කියලත් කියනවා. මේකෙන් සන්තෝස වෙන කොටස් කීපයක්ම ඉන්නවා. Trabant - 1990 East German car වසංගත තත්ත්වය නිසා ගෙනාපු යානවාහන සහ සුඛෝපභෝගී බඩු ඇතුළු දේවල් විකුණගන්න බැරුව හිර වෙලා ඉන්න අය, panic buying ඇති වෙයි යන බලාපොරොත්තු අය, මේකේ පිහිටෙන් දේශීය කර්මාන්ත නංවන්න හිතන් ඉන්න අය, අහිංසක ජාතිමාමකත්වය ප්‍රයෝජනයට අරං අමිශ්‍ර ජාන ගැන කතා පවත්වල තරුණයින්ව තවත් පස්සට අදින තිස්සලා වගේ අය ආදී කොටස්. මේ වගේ ක්‍රියාමාර්ගවලින් ආර්ථිකය නංවන්න පුළුවන් කියල, පසු කෝවිඩ් තත්ත්ව තුළ වුණත් හිතනවා නම් ඒක ජනාධිපතිවරයා පසුගිය නිදහස් දවසෙ කරපු අති උත්කර්ෂවත් කතාවටත් විරුද්ධ දෙයක්.

ආදර ලෝකේ, නෑ දුක සෝකේ

BMW 5 Series - F10

Image
I f you wish to own a pre-owned BMW 5 Series Car  "F10 model", especially a "520d". ඔබ විසින් පාවිච්චි කළ BMW 5 Series (F10) රථයක් මිළදී ගැනීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මේ ලිපිය කියවන්න. History The BMW 5 Series car was manufactured by BMW since 1972. It is currently in its seventh generation which is the G30 model. The current model of 5 Series "G30" was unveiled in the fall of 2016, following to be introduced as a 2017 model year.

රතුපාට සුන්දරිය

Image
මගේ ප්‍රථම රතුපාට සුන්දරිය....ඔබ කොහිද ...? My Very First Car.....Toyota Trueno " 17 - 4398 "1500cc, Red 2 Door Manual Sports Car. ( Not a hatchback...there is a nite rider similar Mazda hatchback version) This was a used car bought in 15 years ago around 2005, from Piliyandala...I love it. I was not doing a job then, after higher studies, and I was searching for jobs in the motor industry. I can recall that I sold all my Gold Jewelleries to buy this sports car. Jewellery was gifted by my mother...no worries as I love cars than jewellery.

බුදුහාමුදුරුවෝ පොතේ පෙරවදන

Image
මව්වරුන්ගේ දිනය වෙනුවෙන්! අම්මා දශකයකට පෙර ලියූ පොතක පෙරවදන මේ. ඇගේ ඇසින් ලොව දකින්නට බැරි වීම, ඇය සේ ලොවට ආදරය කරන්නට බැරි වීම මට කණගාටුවක්. ඉඩ එන පරිදි ඇගේ ලිපි නව මාධ්‍ය තුළත් පළ කළ යුතුයි, ඇයට සහ සියලු මව්වරුන්ට සුව පතමින් 🙏 මගේ කියමන. මම කියවන්නට බොහෝ ප්‍රිය කරමි. අතිශයින්ම ප්‍රිය කරමි. කියවා වටහා ගැනීමට හැකි පොතපත මගේ කලණ මිතුරෝ වෙති. කවර හෝ පොතක් දැකීම මට ප්‍රිය දසුනකි. එය මට සුදුසු, මට වැටහෙන පොතක් නම් මට දැනෙන සතුට අසීමිතය. බොහෝවිට නිවසේම කල දවස ගෙවෙන අබල දුබල කම් වලින් පෙලෙන වියපත් අපට පොත් ඇති තැන් සොයා යාම අසීරුය. එහෙත් කවර ලෙසකින් හෝ පොත් ලැබේ. කියවාගත නොහැකි තරමටම ලැබේ. ලැබෙන තරමටම මම ද ඒවා කියවන්නන්ට බෙදාදෙමි. දිවි මගෙහි අවසන් ඉම පෙනෙන මානයේ සිටින මා දැන් කියවන්නෙම බණ දහම් ගැන ලියැවුණු පොත්මය. ඒ පොත් පුරාවටම පිරී තිබුණු සුවඳ දහම් පද මම මගේ ලග උදේ හවා දැවටෙන අයට කියා දෙමි. ඒවා අසන ඔවුන් සුළු වෙලාවකින් අතුරුදහන් වන්නේ යළි එන බව කියමිනි. ඒත් කිසිම දවසක යළි ආවේ නැත. ඔවුන්ට අසන්ට වෙනත් බොහෝ දේ ඇත. මා සේම වියපත් වූවෙකුම පමණි ඒවාට කන් දෙන්නේ.

මිත්‍යාදෘෂ්ඨිය

Image
වෙසක්දා උදෑසන උත්සාහ කළා බුදුදහමේ දැක්වෙන අවිද් ‍ යාව සහ මෝහය අද අප දකින අවිද් ‍ යාත්මක කරුණු හෝ මෝඩකම් වලට සුළුවෙන් හෝ සමපාත වෙනවද යන්න දැනගන්න. ඒ කියවීම් වලදි මතුවුණ දෙයක් බුද්ධ භාෂිතයට අනුව මිත් ‍ යාදෘෂ්ඨිය කියන්නේ ආනන්තර්ය පාපකර්ම පහටත් වඩා බරපතල දෙයක් බව. (මිත් ‍ යාදෘෂ්ඨිය යනු අනෙක් ආගම් හෝ දර්ශනවාද අනුගමනය නොවේ). මේ ඒ ගැන පැහැදිලිකෙරුණු තරමක් පැරණි ලිපියක්, බලන්න ඔබ මිත් ‍ යාදෘෂ්ටිය යනු මොකක්ද කියලා හරියට දන්නවද කියල. බෙදාගන්නවා 2020 වෙසක් දිනය වෙනුවෙන්  🙏 🙏 🙏

දැනුම විකෘති කිරීම

Image
මේ ඊජිප්තියානු චිත්‍රශිල්පියෙක් මාධ්‍ය නිරූපණය කරපු හැටි. මාධ්‍ය වල කාර්ය භාරය විය යුත්තේ ඇහෙන දකින දේ ඒ අන්දමින් ම නිරූපණය කිරීම නොවෙයි. තොරතුරු සමාජ උන්නතිය උදෙසා නිර්වචනය කිරීම. ඒ කෙසේවෙතත් අද වෙන්නේ ප්‍රවෘත්ති දේශපාලන ගැතිබව හෝ පෞද්ගලික වාසි උදෙසා විකෘති කිරීම. ඒ තත්ත්වය මාධ්‍ය වල පමණක් නෙමෙයි රටේ උගතුන් තුල පවා දකින්න තරම් අවාසනාවන්ත වෙලා. එහෙම කියන්න ලගම හේතුව ඊයේ  # biology  සර් දාපු වීඩියෝව. එයා කලින් විකෘති කරපු පෙනිසිලින් සොයා ගැනීම, MCC ප්‍රතිලාභ සහ තවත් දේවල් වලට අම තරව ලමයින්ගේ සහ ජාතියේම බුද්ධිය මොට්ට කිරීමේ ක්‍රියාදාමය දිගටම, සරුවට කරගෙන යනවා.

තණමල්විල කොල්ලෙක්

Image
කොන්වෙයි කියන බයට මේ දවස්වල ලොකුවට කතා කෙරන තණමල්විල කොල්ලෙක් බැලුවා. ගමට ආස අය ඇලෙන පරිසරයක් විතරක් දැක්ක.  කලාත්මක අතින් බැලුවත් හොඳ රූපරාමු ඇරෙන්න වෙන දෙයක් නම් දැක්කේ නෑ. නමුත් ඒවා පවා එපා වෙනකං අදිනවා.

ගෝලීය කම්හල් ලංකාවට

ජපාන සහ ඇමරිකානු රාජ්‍යයන් යෝජනාකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න. ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන අයට යෙන් බිලියන 23.5 ක් ( රුපියල් බිලියන 42 ක්) සෘජුණයක් විදියට දෙන්න තීරණය කරලා. ධවල මන්දිරයේ ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ ලැරී කුඩ්ලෝ කිව්ව චීනයෙන් පිටතට යාමට අවශ්‍ය සෑම ඇමරිකානු සමාගමකටම “තැන් වෙනස්කිරීම සඳහා යන පිරිවැය ගෙවිය යුතු” බව. මේ මුදල කර්මාන්තශාලා අලුත් තැනකට ගෙනියන්න වන  වියදම් පියවන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ආසියානු රටවල් පෙලගැහෙනවා දැනටම. ලංකාවෙත් අති විශාල ආන්දෝලනයක් තියනවා නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව මේ දවස්වල, වාලච්චේන ඉඳන් ගෙවතු වගාව දක්වාම.

කුරක්කන්

ලංකාවේ ගොවියෝ මුලදී වැව්වේ කුරක්කන්, නමුත් මල්වතු ඔය සහ වැව් කර්මාන්තයේ දියුණුවෙන් ලැබුණු ජලය නිසා වී වගාවට හැරුනා. රජවරුත් ඒකට සහයෝගය දුන්න හරි සහ වැරදි රාජ්‍ය සේවයට මිනිසුන්ගේ කාලය ඉතිරිවුන නිසා. මහවැලි ව්‍යාපාරය හරහා පවා අදටත් ප්‍රවර්ධනය වෙන්නේ වී. නමුත් අද බත් රටේ දුෂ්පොෂණයේ, බොහෝ සෞඛ්‍යය මෙන්ම ආර්ථික ගැටලුවල ප්‍රධාන සාධකයක්. එමෙන්ම වී ගොවිතැන සඳහා බව පවසමින් විදුලිය නිපදවිය හැකි ජලය අධිකව වෙන්කරල ආර්ථික හානියකට මෙන්ම පරිසර දුෂනයකටත් මංසලසනවා. අයි අපිට යකඩ, විටමින් සහ ප්‍රෝටීන් සපිරි කුරක්කන් වෙත නැවත හැරෙන්න බැරි? දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි තත්ව රටේ සිදුවන මරණ වලින් 20% කට වැඩියි. ලාංකික වැඩිහිටියන්ගෙන් බාගෙකට වඩා අධිකව තරබාරුයි. ගෑනු පිරිමි වෙනසක් නැතුව තඩි බඩවල් උස්සගන ලැජ්ජාවක් නැතිව යනවා. මන්දපෝෂණය ළමුන් අතරත් සුලබයි. කෝපි වලින් තේ වලට අපි මාරුවුණේ එක රැයෙන්. # කුරක්කන්   # fingermillet   # rice   # paradigmshift

New York streets only for cyclists

Image
New York is finalizing a project where cyclists and pedestrians will take over the city in a few weeks, as a COVID-19 prevention measure. For weeks we have been hearing politicians from all over the world suggest that the bicycle could be decisive as a means of transport during the pandemic caused by the Covid-19. New York could be the first to carry out a huge urban restructuring with up to 120 km of streets for cyclists and pedestrians.

පරාජයේ 66 - Rout 66

Image
අද සමාජ මාධ් ‍ යවල සංසරණය වුනත් බොහෝ දෙනෙක් එහි බැරෑරුම්කම වටහාගත් බවක් තිබුනේ නැහැ. එමෙන්ම ඇතැමුන් අර්ථකථනය කරලා තිබුණේ දැන් තත්ත්වයක් විදියට වුවත් මේකෙන් ඇත්තටම නිරූපණය වෙන්නේ අනාගතයේ අප මුහුණපාන භයානක තත්ත්වය. මේක ප් ‍ රකාශයට පත්කළේ මේ සතියේ මුල ඉකොනොමිස්ට් සඟරාවෙන්. කියවෙන්නේ ලෝකේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවාම වර්තමාන COVID 19 වසංගතයෙන් ශ් ‍ රී ලංකාවේ ආර්ථිකය වඩාත් දරුණු විදියට පීඩාවට පත්වෙන බව. රටක ආර්ථික අවපාතයට බලපාන ප් ‍ රභවයන් හතර මත ආර්ථිකයන් 66 ක්  ශ් ‍ රේණිගත කිරීමේදී ලංකාව 61 වන ස්ථානයේ. ඇන්ගෝලාව, ලෙබනනය, බහරේනය, සැම්බියාව සහ වෙනිසියුලාව අපට වඩා පහළින්.