රිවස් එකටද යන්න යන්නේ

සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම්. බන්දුල ගුණවර්ධන තර්කයක් විදියට ගෙනාවේ විනිමය වෙනස. එයා සුඛෝපභෝගී දේවලට දීපු අර්ථකථන වලට එකඟ වෙන්න බෑ.අවුරුදු ගානකට කියලත් කියනවා. මේකෙන් සන්තෝස වෙන කොටස් කීපයක්ම ඉන්නවා.
Trabant - 1990 East German car
වසංගත තත්ත්වය නිසා ගෙනාපු යානවාහන සහ සුඛෝපභෝගී බඩු ඇතුළු දේවල් විකුණගන්න බැරුව හිර වෙලා ඉන්න අය, panic buying ඇති වෙයි යන බලාපොරොත්තු අය, මේකේ පිහිටෙන් දේශීය කර්මාන්ත නංවන්න හිතන් ඉන්න අය, අහිංසක ජාතිමාමකත්වය ප්‍රයෝජනයට අරං අමිශ්‍ර ජාන ගැන කතා පවත්වල තරුණයින්ව තවත් පස්සට අදින තිස්සලා වගේ අය ආදී කොටස්.
මේ වගේ ක්‍රියාමාර්ගවලින් ආර්ථිකය නංවන්න පුළුවන් කියල, පසු කෝවිඩ් තත්ත්ව තුළ වුණත් හිතනවා නම් ඒක ජනාධිපතිවරයා පසුගිය නිදහස් දවසෙ කරපු අති උත්කර්ෂවත් කතාවටත් විරුද්ධ දෙයක්.

අපේ රටේ තියෙනවා සිංහලෙන් ලියනකොට ප්‍රතිචාර දක්වන අයගේ මානසික තත්ත්වය රට තුළම හිරවෙච්ච ගතියක්. ඉංග්‍රීසියෙන් කියවන්න කැමති නම් හොඳ ලිපියක් යට ලින්ක් එකේ.
මම වුනත් පහුගිය දවස්වල නිෂ්පාදන ආර්ථිකයකට යනවා නම් කළ යුතු යම් යම් දේ ගැන ගෝලීය තත්ත්වය ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිය ගැන යම් ඉඟි දුන්නත් ඒවා දිහා බැලුවේ අපෝ මේකා කුහකයෙක් කියල.
රටක් දියුණු වෙන්න පාරිභෝජන ආර්ථිකයක් අවශ්‍යයි. අද ලෝකෙ පවතින්නේ චක්‍රීය ආර්ථික ක්‍රමයක්. හිතන්න වෛද්‍යවරයෙක් ලංකාවේ සේවය කරන්න කැමති වෙයිද හොඳ වාහනයක් නැතුව. තවදුරටත් හිතන්න තව අවුරුදු පහක් රටේ පෙනුම පැරණි වාහන පැරණි උපාංග එක්ක යන්න පුලුවන්ද වේද කියන එක.
ඉංග්‍රීසියෙන් aspiration එහෙම නැත්තං අභිලාෂය කියන දේ ඕන තරුණයෙක්ගේ හිතේ තියෙනවා. බුද්ධිගලනය නවත්තගන්න නම් ඒ අය බලාපොරොත්තු වෙන ජීවන තත්වයන් ලබා ගත හැකි බවට බලාපොරොත්තුවක් මේ රටේ තිබිය යුතුයි.
මේකෙන් හිතන්න එපා මම සුඛෝපභෝගී ජීවිතයක් බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා. Tony Seba ගැන අහල තියෙනවා නම් ඒ මගේ Idol එකක්. එලෝන් මස්ක් සියලුම අයිතීන් ගෙන් ඉවත් වෙනවා. මම වුණත් එච්චරයි, ගමන පාපැදියෙන්.
ඒ මගේ සන්තෝසෙ වෙන්න පුළුවන්. නමුත් හැමදෙනාම එහෙම වෙයි කියලා මට බලාපොරොත්තු වෙන්න බෑ. 
හොඳ ජීවන තත්වයක් කියන්නේ අධිපරිභෝජනය නෙමෙයි. ඉහළ ජීවන තත්ත්වලට ඕනේ රටක මිනිස්සු කැමතියි. සාධාරණ ක්‍රමවලින් එය ලබාගැනීමේ හැකියාවක් නැතිදාට මේ රටේ ඉතුරු වෙන්නෙ කපටි ව්‍යාපාරිකයෝ සහ අපත හොරු ටිකක් විතරයි.
ඊළඟට සන්තෝසෙන් මේකෙ ඉඳියි බුද්ධිගලනය පවා ප්‍රයෝජනය අරන් ඉතුරු වෙන අයව ගොනාට අන්දන්න පුළුවන් දේශපාලකයෝ සහ නිලධාරීන්.
නැගෙනහිර ජර්මනිය සහ සියලු නැගෙනහිර යුරෝපීය රටවල් ඔවුන් ගතකළ අඳුරු කාලය ඔවුන්ව කොච්චර පස්සට ඇද්දා ද කියන එකට අදටත් සාප කරනවා. වැඩිය ඕනනෑ, අසූවේ දශකයෙත් නැගෙනහිර ජර්මනිය හදපු කාර් එකක් (Trabant - picture above), බටහිර ජර්මනිය හදපු VW, Benz එක සමාන කරල බලන්න..
රටේ නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි නමුත් අපි ඉන්නේ විජේවර්ධන අත්ටැක්ටරය හදපු කාලෙවත් උපාලි ෆියට් වලට ලංකාවේ වෙළඳපොලක් තිබිච්ච කාලේ වත් නෙවෙයි.
ලංකාව මේ අවුරුද්දෙදි බිලියන දෙදහක ණය ගෙවන්න තියෙනවලු. ඒකෙන් බාගයක්ම විදේශ ණය. රටේ ආර්ථිකය පස්සට ඇදලා නම් ඒවා කරගන්න බැරිවෙයි.
මම ආර්ථික විද්‍යාඥයෙක් නම් නෙමෙයි. නමුත් බිලියනයකින් ගල්කිස්සේ මුහුද ගොඩකිරීම තව බිලියන ගාණකින් අන්තර්ජාතික ක්‍රීඩාංගණ හැදීම වගේ දේවල් මේ වෙලාවේ නොකල යුතු දේවල්.
වියදම් අඩු කිරීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. නමුත් 72 ට ආපහු ගිහිල්ලා, ගෙවතු වගා කරල ගෝලීය ආර්ථිකයත් එක්ක ඉහ ගහගෙන මේ තත්ත්වයට මුහුණ දෙනවා කියලා හිතන එක නම් විශාල මුලාවක් වෙන්න පුළුවන්.
රජය කොහොම වෙතත් පසුගිය දිනෙක අධ්‍යයාපන ක්‍රමය වෙනස් කිරීම ගැන ඉතා හොඳ ඉඟියක් දීපු ජනාධිපතිවරයා මේ තත්ත්වය වෙනස් කරයි කියලා හිතනවා. රටේ මුදල් ඉතිරි ගැන හිතුවත් එතන වැසිය යුතු විශාලම හිලක්.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන