Posts

බේබද්දො උල තිබ්බම හරිද?

Image
බේබදුකම රටේ සංවර්ධනයටත් විශාල බාධාවක්. නීති වැඩිවෙන තරමට, ටැබූ එකක් වෙන තරමට වැරදි වැඩි වෙන බව මං හිතනවා. මම බේබදුකම නැවැත්වීම ගැන දන්නෙ නෑ. නමුත් ඕක මහා ලොකු දෙයක් වෙන්නත් බෑ. විසි ගණන් වල මාත් හොඳටම කරා, සති අන්තයේ මත නිසා නිසාම dehydrate වෙන තරමට. ඒ ගොනා දැන් විකුණලා. ලෝබ නැතුව ගිය සතියෙත් බෝතලයක් හිතවතෙකුට දෙන්න පුළුවන්කම තිබුණා. දැං මොනා තිබුනත් අත වත් නොතියා ඉන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු ස්ටයිල් එකට බොන්න දන්නෙත් නෑ. බෝතලයක් දැක්කම ඒක හිස් කරන කන් මෙලෝ සිහියක් නෑ. අනෙක ගමනක් ගියත් මූලික බීම මිසක් මිතුරු ඇසුර නෙමෙයි. මේක විශේෂයෙන්ම තියෙන්නේ අඩු අධ්‍යාපන මට්ටම් වල අයගෙ. එක එක කාලෙට බීමත්කම ගැන එකේක සද්ද දානව. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මතක් වෙන්නෙත් ඉඳහිට. දැන් මිනිස්සු ලයිසන් කඩ ගාව පොර කන නිසා. මාසයක් වහල තියලා බේකරියක් ඇරියත් ඔච්චර තමයි. බේබදු කමෙන් ගලවන්න නීති දාලා වත්, බාර් වහල වත්, බණ කියලවත් බෑ. ඒ සඳහා රාජ්‍ය මට්ටමේ ස්ට්‍රැටජික් වැඩපිළිවෙළක් අවශ්‍යයි. තමුන්ගේ ආදායමේ හැටියට ස්ටයිල් එකට බොන විදිය කියාදීමත් ඒකෙ කොටසක් විය යුතුයි.  උත්තරේ තියෙන්නෙ මේ පිළිබඳ විශේෂඥයින්ගේ අතේ.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරු පියාණෝ!

Image
මගේ මව් කුඩා පොත් කිහිපයක් ලිව්වා. මට වඩාත්ම දැනුනෙ පියා වකුගඩු අකර්මණ්‍ය ව අවසන් දවස් ගත කරද්දී එයාගේ අවමගුල් දවසේ ධර්ම දානයක් විදිහට බෙදල දෙන්න අම්මා ලියපු "මරණයට සාදර වන්න" පොත. ලඟදි එයාගේම ජීවිත කතාව ලියන්න ගත්තා. පෙරේද ඇහුවහම ඉවර ද කියලා අනේ මට කම්මැලියි, මහන්සියි බං කිව්ව. ඒ කොහොම උනත් විවාහයෙන් පස්සේ පරිච්ඡේදවල එතරම් රසවත් බවක් නෑ, ලියල වැඩකුත් නෑ කිව්වා. දැන් 84 යි, අම්මා එයා ගැනම ලියපු දෙයක් මේ. "මම බොහෝ ඇසූපිරූ තැන් ඇත්තියක නොවෙමි. කිසිම ලෙසකින් ලේඛිකාවක ද නො වෙමි. එහෙත් කියවන්නට ප්‍රිය කරමි. සිරුරේ දිරාපත් බව විසින් එය ද කෙමෙන් කෙමෙන් මවිසින් දුරු කරනු ලබයි. යමක් අසා දැනගන්නට ද එතරම් පහසු නැත. ඒ මගේ දෙසවන් මට වසඟ නැති නිසාය. දහසක් දුබලතා මැද වුවද ළබැඳියන් ගේ හිතෛෂී බව ගැන ලිවීමෙන් මා ලබන සුවය අපමණය" අම්මා ලියපු දේවල් ටික ටික ඩිජිටල්කරණය කළ යුතුයි. කාලය තමයි ප්‍රශ්නේ, සිංහලෙන් අකුරු කරද්දි ඉංග්‍රීසියට වැඩිය ගොඩක් වෙලා යන නිසා, මගේ සුපුරුදු වොයිස් ටයිප් කලත්. මේ අද පොසොන් දවස වෙනුවෙන් ගනේගම සරණංකර හාමුදුරුවන්ගෙ බුදුහාමුදුරුවෝ පොත ආශ්‍රයෙන් අම්මා මුද්‍ර

අනිවාර්ය පාඩු වෙන කාර් පාක්!

Image
  වසරකට රටේ ඉන්ධන ආනයන වියදම රුපියල් බිලියන දාහයි. ඉන් වැඩි හරිය ප්‍රවාහනයට.  ඉන්ධන නිසාම බංකොලොත් වීම නවත්තන්න වහාම ඩොලර් බිලියනයක් ඕනෙලු. රටට ණයක් වත් අඩු පොලියට දෙන්න කෙනෙක් නෑලු.  අද රටේ මිනිස්සුත් උකස් පෝලිම් වල.  එහෙම තියෙද්දි අපේ රටේ තදබදය අඩු කරන්න හදන්නේ කාර් පාක් හදල.  වෙන රටවල නං කළේ නගරයට ඇතුල් වෙන වාහන ප්‍රමාණය අඩු කිරීම. පොදු ප්‍රවාහනය සහ ක්ෂුද්‍ර ප්‍රවාහනය දියුණු කිරීම පුනර්ජනනීය බලශක්ති දේශීයව නිෂ්පාදනය.  ඒව කොහොම වෙතත් අපිට අඩුම ගානේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හෝ බලශක්ති ප්‍රතිපත්තියක් වත් නැහැ. නගරය තුළට හදන උස් මාර්ග car park ආදිය කාගේ ආයෝජන හෝ ව්‍යාපාර වුණත් ලෝකෙ යටිතල පහසුකම් සියල්ල ඩිජිටල් වේගන යන විදියට මේව අනිවාර්ය සුදු අලි වෙනව! Others are building Digital infrastructure but we are still going for physical infrastructure 😁🔫 හැමදාම වගේ තාමත් අපි කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම. www.mobility.lk/transport-economy/ #NationalTransportPolicy #micromobility #carpark #mobilityalliance #renewableenergy

ජාලගත මත්පැන්

Image
ජාලගත මත්පැන් අලෙවිය වැළැක්වූ මොකෙක් හෝ වේ නම් ඌ කළේ කළු කඩය, නීතිවිරෝධී වෙළඳාම, විෂ මත්පැන් ප්‍රවර්ධනය පමණි! බොන එකා දෙදහෙ බෝතලේ 6000 ට ගත්තහම ඒ පවුලටම තමයි ට්‍රිපල් එකෙන් කෙලවෙන්නෙත්! බහුතරයට තම අවශ්‍යතා තේරුං අරං හරි තීරණ ගැනීමට තරං මොළයක් තිබුණ නම් මේ රට මේ කාලකන්නි තත්ත්වයේ තියෙන්නේ නැති බව ඊනියා උගතුන් තේරුම් ගත යුතුය!

අලි මදිවට කොටි

Image
හරියටම මීට අවුරුද්දකට ඉස්සෙල්ලා රජය තීරණය කළා #LRT ව්‍යාපෘතිය නවත්තල දාන්න. ඊයෙ ඒක ආපහු කරලියට, කළමනාකරණ ගාස්තු විදිහට බිලියන 5.8 ජපන් සමාගමකට ගෙවන්න කියලා demand කරල තියෙනව, නමුත් අපි ඒවා එකවුන්ට් කරල නැහැ කියල. මේකත් ඛේදවාචකයක්! ඕනෑම එකඟතාවක තියෙනවා force majeure කියලා එකක් එනම් පෙර නොදැකපු එමෙන්ම පුරෝකතනය නොකරපු සිදුවීමක් මත ව්‍යාපාර, ව්‍යාපෘති අත්හිටුවීමේදී වන්දි නොගෙවීමට. LRT අවලංගු කිරීම් කරද්දි මුළු ලෝකෙම Covid වසංගතයට මුහුණපාලා, #masstransit එනමි මහා පරිමාණ ප්‍රවාහන ක්‍රම තවදුරටත් ලෝකයේ අනාගතයට, මෙගා නගර නොවෙන තැන් වලට අනවශ්‍ය දෙයක් බව පැහැදිලි වෙලා. මේ කරුණු අනුව රජයට අදාල සමාගම සමඟ සාකච්ඡා කරල මේ force majeure condition එක මත කිසිදු වන්දියක් නැතුව මෙය අවලංගු කර ගන්න අවස්ථාව තිබුණා. අපේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කොහොමත් සුදු අලියෙක් වෙන බව කලින්ම කිව්වා. ඊලඟට ආපු වසංගතය සංචරණ සීමා කිරීම, ව්‍යාපාර සඳහා කරන ගමනාගමන වෙනස් වීම් සදාකාලික වෙන බව ලෝකෙම කිව්ව. කමෙන්ට් වල ඇති අවලංගු කිරීම ගැන පැහැදිලි කිරීම් . අවලංගු කරන තීරණය හරි, නමුත් ක්‍රමය වැරදියි, බිලියන 5.8 ක් අපිට කජු ඇට කොස්

වාහන සහ ප්‍රවාහන හීන

Image
වාහන ඉල්ලන නූගත් දේශපාලකයෝ පැත්තකින් තියමු. ලැජ්ජාවක් ඇත්නම් නාලක ගොඩහේවා වැනි උගත් ඇමතිලා සටන් කළ යුත්තේ SUV වලට නෙමෙයි, අපි ඔක්කොටම සැපපහසුව යා හැකි කාර්යක්ශම සහ ඵලදායි පොදු ප්‍රවාහනයට. මේ වෙන රටවලට ගියාම මම දැකපු දේවල්, ගත්ත පින්තූර, ලංකාව ගැන දකින හීන.... නමුත් අපේ දේශපාලකයන්, නිලධාරීන් දකින්නේ සුඛෝපභෝගී කාර්, ජීප් විතරයි. https://www.facebook.com/photo?fbid=10225925159976960&set=pcb.10225925163257042 අපි අවම වශයෙන් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් වත් නැති රටක් 🤬 #NationalTransportPolicy #PublicTransport

සුද්දන්ගේ තෑගී

Image
දෙන්නගෙ පලමු හමුවීම වුණේ ගිය සතියේ! මේ කතාව ලෝක නායකයෝ හුවමාරු කරගත්තු තෑගි වලට හේතු විය හැකි කරුණු ගැන මගේ දැක්ම. Mr. #Biden ගෙ තෑග්ග ඇමරිකාවේ අතින් හදපු පාපැදියක්, එය බොරිස් මහත්මයා තමන්ගේ රටේ බලශක්තිය, ප්‍රවාහනය සහ පරිසරය වෙනුවෙන් කරන මෙහෙය සංකේතවත් කරනවා. Mr. #Boris දෙන්නෙ 19 සියවසේ වහල් ප්‍රතිපත්ති වලට එරෙහිව සටන් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු ගේ පිළිරුවක ඡායාරූපයක්. එය ඇමරිකානු ජනතාවගේ සාධාරණ සමාජයක ජීවත්වීමේ අයිතිය සඳහා බයිඩන් මහත්මයාගේ ප්‍රතිපත්ති සංකේතවත් කරනව. #Policies #MobilityAlliance

පය බරවායට පිටිකරට බෙහෙත්

Image
ඉන්ධන ආනයනයට රුපියල් බිලියන දාහක් රට වසරකට වියදම් කරනවා කියල පී බී ජයසුන්දර මහත්මයා මාස ගානකට ඉස්සෙල්ලා කිව්වා (link in comments). ඒවා දැන දැනම අනවශ්‍ය වියදම්, වාහන වගේ දේවල් ඇණවුම් කළා. ඒ මදිවට ඇමති කෙනෙක් කියනවා GSP+ ඉවත් කිරීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිලු. ප්‍රවාහනයට 60% ඉන්ධන වැය වෙනවා නම් ඉස්සෙල්ලම කළ යුතු ඉන්ධන වැයවෙන වාහන ප්‍රමාණය අඩු කිරීම.  ඒක පිටට තවත් විදුලි රථ වුනත් දාපුවම වෙන්නේ තදබදය තවත් වැඩි වෙලා ඉන්ධන පරිභෝජනය තවත් වැඩිවීම. ඒ වගේම වාහන පාරෙන් ඉවත් කරන්න පාපැදි සහ පොදු ප්‍රවාහනයට මුල් තැන දෙනවා කිව්ව. ඒවා දවස ගානෙම යන්නේ වලපල්ලට. සැලසුම් පවා හදල දුන්න දවසකට කොළඹට ඇතුල්වෙන පෞද්ගලික වාහන ලක්ෂ 8 අඩු කර ගන්න ක්‍රම ගැන. නමුත් අපි තවදුරටත් හදන්න යන්නේ නගරය තුළ car park හයිවේ වගේ වාහන ම ප්‍රවර්ධනය වෙන දේවල්. වසංගතයෙන් පස්සේ වෙනස් නොවෙන නව සංචරණ ක්‍රමවේද Micromobility වගේ දේට මුළු ලෝකෙම අනුගත උනත් අපි තවමත් digital infrastructure සංවර්ධනය වත් පයිසෙකට ගණන් නොගෙන කරන්නේ රාජ්‍ය ගොඩනැගිලි, නාගරික මහාමාර්ග, ගුවන් පාලම් කාර් පාක් වගේ දේවල් හැදීම.  ඊටත් එහා ප්‍රශ්නයක් පුනර්ජනනීය බලශක්ති

කාර් හදන්න ඉගනගන්න හදන අයට

Image
මෝටර් රථ තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපනය සහ අනාගතේ ගැන අදාල ගෲප් එකක අහපු ප්‍රශ්නයකට මම දාපු කමෙන්ට් එකක් මේ. මේ පිළිබඳ උසස් අධ්‍යාපනයට උනන්දු තරුණයින්ට ප්‍රයෝජනයක් වෙයි. පළමුවෙන්ම විදුලි වාහන කියන්නේ automobile වල කොටසක් නෙමෙයි. දෙකටම පොදු අංග තියෙනවා body control systems, CAN management systems වගේ නමුත් වෙනස්, basics වුනත්. ඉන්ධන රථ මෙතැනින් එහාට දියුණු වෙන්නේ නැහැ, දියුණු කරන්න බැහැ, Euro 7 ප්‍රතිපත්ති අනුව. ඉන්ධන හෝ hybrid රථ වලින් ගත හැකි කාර්යක්ෂමතාවයේ උපරිම තත්ත්වයට දැන් ඇවිල්ල තියෙන්නේ. ඒ නිසාම තමයි සමහර රටවල් දැනටම ඒවා තහනම් කරලා තියෙන්නේ. විදුලි රතත් අවුරුදු සිය ගානක් කලින් ආවත් ඒක ඉස්සරහට නොගියෙ වෙනත් හේතු මත. විශේෂයෙන් ආර්ථික හේතු සහ Oil Cartel එක. නමුත් lithium-ion battery වල දියුණුව මත සහ පාරිසරික හේතු මත ගිය අවුරුදු 10 තුළ ඇතිවුණු දියුණුව හිතාගත නොහැකියි. එතනිනුත් ඉවර නෑ, lithium පවා අමතක කරලා වෙනත් base material හැදෙයි, hydrogen වගේ තාක්ෂණත් ඉදිරියට එයි. ඉන්ධන වාහන නැති වෙන්නේ නැහැ මීළඟ දශක දෙක තුළ, නමුත් උපාධි මට්ටමේ පාඨමාලාවක් කරලා ඒ ගැන දැනුමෙන් වැඩක් නැති වෙයි. කාර්ම

BMW i3 / BMW i3 Range Extender

Image
ඔබ දන්නවාද ප්‍රෙස්ටීජ් මෝටර් රථවාහන සමාගම මගින් ආනයනය කළ BMW i3 රථවල  හා අනෙකුත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරවල අලෙවියට තිබූ BMW i3 රථවල වෙනස හා මිළ පරතරයට ප්‍රධාන හේතුව...? BMW i3 වර්ග 2කි. 1. සම්පූර්ණ Electric i3. (170hp) 2. Electric සමග 647cc ධාරිතාවයකින් යුතු          Range Extenderයක් සහිත i3      (170hp plus 38hp) ශ්‍රී ලංකාවට අළුත්ම BMW වාහන ආනයනය කළහැකි  බලයලත් ඒජන්තවරයා වන ප්‍රෙස්ටීජ් සමාගම ආනයනය කරන ලද්දේ 647cc Range Extenderය සහිත i3 රථයි.  Range Extenderය Generaterයකට සමානයි. Range Extenderය සහිත i3 රථයකට වැඩි CIF අගයක් ගෙවිය යුතුවන අතර, ලංකා ආණ්ඩුවටද ඉහළ තීරුබදු ප්‍රතිශතයක් ගෙවිය යුතුයි.  2015, 2016 කාලවකවානුවේදී පිටත කාර් සේල්වල i3 රථවල මිළ දළ වශයෙන් රුපියල් මිලියන 7ක් පමණ වූ අතර, ප්‍රෙස්ටීජ් සමාගම ආනයනය කරන ලද i3 (R.E. 647cc) රථයේ එදවස මිළ මිලියන 11ක් පමණ විය. * සම්පූර්ණ Electric බලය සමගින් දළවශයෙන් කි.මී. 100-110ත් අතර දුරක් ධාවනය කළ හැකිවූ අතර,  *647cc සහිත i3 රථයේ පෙට්‍රල් ගබඩා කළහැකි පරිමාව වූයේ ලීටර 10කි.  එමගින්ද වරකට කි.මී. 100-110ක් අතර දුරක් ධාවනය කළහැකි වූ බැවින් Ran

නැව ඉවර නෑ

Image
නැවේ තෙල් වලට අමතරව ප්‍රසිද්ධ වෙලා තියෙන බඩු ලැයිස්තුව (manifesto) දැක්කම බය හිතෙනවා. අනතුර ගැන නියෝජිතයන්ට එවපු මුල් ඊමේල් පණිවුඩයත් මැකිලලු.  ප්ලාස්ටික් පමණක් නෙමෙයි බැර ලෝහ වර්ග, තවත් රසායන ද්‍රව්‍ය වගේම lubricating oil පවා කන්ටේනර් වල තිබුණු බව ලැයිස්තුවේ තියෙනවා. මේවා ගිනිගෙන විනාශ වුණාද නැද්ද කියලා ප්‍රසිද්ධ වෙලා නෑ. මේවා එකවර වතුරේ දිය වෙන්නෙත් නෑ.  ප්ලාස්ටික් ඇට වුනත් කන්ටේනර ඇතුලේ නොකැඩී තියෙනවනම් ගොඩට ගන්න පුළුවන් වෙයි. ලිතියම් හෝ වෙනත් බැර ලෝහ ඇත්නම් සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි ගොඩට ගෙන ආවොත්. රස පරීක්ෂක ගියානම් දැන් පරික්ෂා කරලා වාර්තාවක් දීමට බල කල යුතුයි. ඇතැම් විද්වතුන් කියනවා ලොකු පරිසර හානියක් නෑලු. තවත් විද්වතුන් පිරිසක් කියනවා විශාල පරිසර හානියක් තියෙනවලු. රජය දැන් මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශ කළ යුතු බවයි මට හිතෙන්නේ. පරිපූර්ණ විද්‍යාත්මක වාර්තාවක් දෙන්න රාජ්‍ය ආයතන වලට පහසුකම් නැත්නම් අන්තර්ජාතික සංවිධානයක් ඒ සඳහා යෙදවිය යුතුයි.  හානිය තක්සේරු කිරීම මෙන්ම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වෙන සම්පූර්ණ වියදම විද්‍යාත්මකව තක්සේරු කර රජය අදාල ආයතන වලට ඉදිරිපත් කළ යුතුයි හ

විදුලි රිය වතුරෙදි

Image
මේ Nissan Leaf විදුලි රථයක් අද ගිය විදිය. නමුත් වාහනයක් ටෙස්ට් කරන්න වතුරට දාන එකයි මේ වගේ යන එකයි දෙකක්.  නිසාන් ලීෆ් වලට පෙට්‍රල් ඩීසල් ඒව යන්න බැරි ගැඹුරකට වතුරෙ යන්න පුළුවන්. බර වැඩි වීම තවත් වාසියක්, පාවීමේ හැකියාව අවම කරනවා. නමුත් ජීවිතේ ගලෝගන්න යන ගමනකදි මිසක් මේ වගේ තත්ත්වයකට හදපුවා නෙමෙයි කාර්. ඇක්සල් වල හබ් වල , රැක් වල ඉඳලා හැම කෑල්ලක් ඇතුලටම වතුර යනවා කැරකෙද්දි. ඇතුලෙ තියන grease ඔක්කොම ක්ෂය වෙනවා. තව දෙයක්, ට්‍රැක්ෂන් බැටරිය අලුත්වැඩියාවකට හරි ගලවපු එකක්නං ඇතුලට වතුර යන්න පවා ඉඩ තියෙනවා. මොකද ලංකාවෙ සීල් එක ප්‍රෙෂර් ටෙස්ට් කරන් නැති නිසා. යට ප්ලාස්ටික් කවර පවා ගැල වෙන්න ඇඹරෙන්න පුළුවන් සුළු වේගෙකින් ගියත්. වතුරෙ යන්න වෙනවාම නම් අවම වශයෙන් ටයර් හුලං හොදටම අඩු කරල යන්න. ඇතුලට වතුර නොගිය කියලා නෑ පාරෙන් පාවෙලා පාරෙන් අහක් වෙන්න යන්නේ තප්පරයයි. වතුරේ එකතැන තිබුනට ප්‍රශ්නයක් නෑ, බැහැලා ගියහම ගන්න. කිසි හානියක් වෙන එකක් නෑ. නමුත් ධාවනය කරන්න වුනොත් වහාම Severe use Inspection එකක් කරන්න. මේ ටික ඉන්ධන වාහන වලටත් පොදුයි.

National Policies

Image
Tesla records a million orders for a truck from cyberspace.  Now Ford gets 40,000 orders for their conventional-looking F 150 lightning within a week of the announcement! I'm not going to talk about the 100,000,000 USD Tesla bagged as reservations to keep for years, interest-free 😉 Mind you, that's amidst Covid anyways! Interesting to note the thinking of our math on Cars. These e trucks are priced $50,000+, higher than their gas counterparts.  In a country like America, a range of 500 Kms + is not too big. Yet they decide to benefit their own pockets and the environment too! Forget it all now 😁🔫 We live in a shit hole with no National policies on Transport, Environment, or Energy! Yet we are poised to spend 3.6 Billion on vehicles including 227 SUVs for politicians amidst Covid!

අත්හරින්න පුරුදුවෙන්න!

Image
වසංගතය නිසාම නෙමෙයි, ඒ බුද්ධ දර්ශනය. ඒත් අපි අතෑරියේ ආධ්‍යාත්මික දේ මිස භෞතික දේවල් නෙමෙයි. මේ මගේ වෙසක් සිතුවිලි, මගේ ක්ෂේත්‍රයට අනුව🙏   අපේ ප්‍රමුඛතාවය, අවශ්‍යතාවන්ට සහ කාලයට මිස ප්‍රවාහන මාධ්‍යයට නොවිය යුතුයි. ඒකයි රටක් විදියට වුණත් පොදු ප්‍රවාහනය දියුණු නොකර පෞද්ගලික ප්‍රවාහනයම ප්‍රවර්ධනය කරන්නේ. මූලිකත්වය මම කවුද මගේ වාහනය මොකක්ද යන්න, එනම් අධ්‍යාත්මික වටිනාකම් දරුණු විදියට අතෑරීම. ඊළගට පාරෙදි පවා මමත්වයම මුල් වීම. අපි දන්නෑ තව කෙනෙකුට ඉඩදීමෙන් කොච්චර සන්තෝසයක් ලබා ගන්න පුළුවන්ද කියලා. වසංගතය පවා හොඳ අවස්ථාවක් දුමෙන් මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් දූෂිත වුණ අපේ ප්‍රවාහන ආර්ථිකයෙන් බැහැර වෙන්න.  පිරිසිදු පරිසරය සමඟ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න 🙏

නැවේ ගින්න

Image
වෙසක් දවසේ ඇතිවෙන කේන්තිය කණගාටුව පාලනය කරගන්න බෑ 🤬😭☠️ ගිනිගන්න අරන් දවස් ගානක් වුණත් වර්ස්ට් කේස් සිනාරියෝ එක ප්‍රෙඩික්ට් කරල කවුන්ටමෙශර් ගත්තද? අපිට වැරදුනාද? එහෙනම් ඒ කොතනද? ලොක්කො කියනව වන්දි ගන්න පුලුවන්ලු! ඒවට රටේ, වරායේ ව්‍යාපාරික හානිය, සංචාරක ව්‍යාපාර හානිය, පාරිසරික හානිය ක්වොන්ටිෆයි කරල අය කර ගන්න පුලුවන්ද? #SLPA #SLNavy #CoastGuard #MEPA #Fisheries #NARA #environment