කාර් හදන්න ඉගනගන්න හදන අයට

මෝටර් රථ තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපනය සහ අනාගතේ ගැන අදාල ගෲප් එකක අහපු ප්‍රශ්නයකට මම දාපු කමෙන්ට් එකක් මේ. මේ පිළිබඳ උසස් අධ්‍යාපනයට උනන්දු තරුණයින්ට ප්‍රයෝජනයක් වෙයි.

පළමුවෙන්ම විදුලි වාහන කියන්නේ automobile වල කොටසක් නෙමෙයි. දෙකටම පොදු අංග තියෙනවා body control systems, CAN management systems වගේ නමුත් වෙනස්, basics වුනත්.

ඉන්ධන රථ මෙතැනින් එහාට දියුණු වෙන්නේ නැහැ, දියුණු කරන්න බැහැ, Euro 7 ප්‍රතිපත්ති අනුව. ඉන්ධන හෝ hybrid රථ වලින් ගත හැකි කාර්යක්ෂමතාවයේ උපරිම තත්ත්වයට දැන් ඇවිල්ල තියෙන්නේ. ඒ නිසාම තමයි සමහර රටවල් දැනටම ඒවා තහනම් කරලා තියෙන්නේ.

විදුලි රතත් අවුරුදු සිය ගානක් කලින් ආවත් ඒක ඉස්සරහට නොගියෙ වෙනත් හේතු මත. විශේෂයෙන් ආර්ථික හේතු සහ Oil Cartel එක.

නමුත් lithium-ion battery වල දියුණුව මත සහ පාරිසරික හේතු මත ගිය අවුරුදු 10 තුළ ඇතිවුණු දියුණුව හිතාගත නොහැකියි. එතනිනුත් ඉවර නෑ, lithium පවා අමතක කරලා වෙනත් base material හැදෙයි, hydrogen වගේ තාක්ෂණත් ඉදිරියට එයි.

ඉන්ධන වාහන නැති වෙන්නේ නැහැ මීළඟ දශක දෙක තුළ, නමුත් උපාධි මට්ටමේ පාඨමාලාවක් කරලා ඒ ගැන දැනුමෙන් වැඩක් නැති වෙයි. කාර්මික ශිල්පියෙකුට වුනත් උපාධියක් තියෙන එක ප්‍රශ්නයක් නෑ, නමුත් වැඩක් නෑ. මොකද අන්තිමට බලපාන්නේ ආර්ථිකය නිසා.

ඒ කොහොම වුනත් ලංකාවේ තාක්ෂණික විද්‍යාල වල හෝ විශ්වවිද්‍යාලවල නවීන වාහන ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලාවල curriculum නම් හෙටට ගැලපෙන්න වෙනස් වෙලා නැති බව තමයි මගේ හැඟීම.

උපාධියක වුණත් unlearning සහ relearning කියල දෙයක් තියෙනවා. එනම් අපි ඉගෙන ගත්තු දේවල් අතහැරලා අලුත් මාන ගැන සිතිය යුතුයි. ඒ තත්ත්වය නැත්නම් පිටරටක ඉහල අවස්ථාවක් ලබා ගැනීමේ අවස්ථාව ඉතාමත් අඩුයි මොකද තාක්ෂණයේ මාන වෙනස් වීම ඉතාමත් වේගවත් නිසා. කාර්මික ශිල්පියෙක් වෙන්න නම් ඕව බලපාන්නේ නෑ.

මතක තියාගන්න තව අවුරුදු දහයක් තුළ වාහන වල ඇතිවන දෝෂ වලින් සියයට අනුවක් diagnosis කෙරෙන්නේ දුරස්ථව බව. මේ රූපෙ ගැටලුවක් නිරාකරණය කරන්නේ සාම්ප්‍රදායික මෝටර් කාර්මික ශිල්පය ඉගෙන ගත් තරුණයෙක් නෙමෙයි, නමුත් මූලධර්මත් වැදගත්.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන