Posts

Showing posts with the label Development

අනිවාර්ය පාඩු වෙන කාර් පාක්!

Image
  වසරකට රටේ ඉන්ධන ආනයන වියදම රුපියල් බිලියන දාහයි. ඉන් වැඩි හරිය ප්‍රවාහනයට.  ඉන්ධන නිසාම බංකොලොත් වීම නවත්තන්න වහාම ඩොලර් බිලියනයක් ඕනෙලු. රටට ණයක් වත් අඩු පොලියට දෙන්න කෙනෙක් නෑලු.  අද රටේ මිනිස්සුත් උකස් පෝලිම් වල.  එහෙම තියෙද්දි අපේ රටේ තදබදය අඩු කරන්න හදන්නේ කාර් පාක් හදල.  වෙන රටවල නං කළේ නගරයට ඇතුල් වෙන වාහන ප්‍රමාණය අඩු කිරීම. පොදු ප්‍රවාහනය සහ ක්ෂුද්‍ර ප්‍රවාහනය දියුණු කිරීම පුනර්ජනනීය බලශක්ති දේශීයව නිෂ්පාදනය.  ඒව කොහොම වෙතත් අපිට අඩුම ගානේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හෝ බලශක්ති ප්‍රතිපත්තියක් වත් නැහැ. නගරය තුළට හදන උස් මාර්ග car park ආදිය කාගේ ආයෝජන හෝ ව්‍යාපාර වුණත් ලෝකෙ යටිතල පහසුකම් සියල්ල ඩිජිටල් වේගන යන විදියට මේව අනිවාර්ය සුදු අලි වෙනව! Others are building Digital infrastructure but we are still going for physical infrastructure 😁🔫 හැමදාම වගේ තාමත් අපි කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම. www.mobility.lk/transport-economy/ #NationalTransportPolicy #micromobility #carpark #mobilityalliance #renewableenergy

අලි මදිවට කොටි

Image
හරියටම මීට අවුරුද්දකට ඉස්සෙල්ලා රජය තීරණය කළා #LRT ව්‍යාපෘතිය නවත්තල දාන්න. ඊයෙ ඒක ආපහු කරලියට, කළමනාකරණ ගාස්තු විදිහට බිලියන 5.8 ජපන් සමාගමකට ගෙවන්න කියලා demand කරල තියෙනව, නමුත් අපි ඒවා එකවුන්ට් කරල නැහැ කියල. මේකත් ඛේදවාචකයක්! ඕනෑම එකඟතාවක තියෙනවා force majeure කියලා එකක් එනම් පෙර නොදැකපු එමෙන්ම පුරෝකතනය නොකරපු සිදුවීමක් මත ව්‍යාපාර, ව්‍යාපෘති අත්හිටුවීමේදී වන්දි නොගෙවීමට. LRT අවලංගු කිරීම් කරද්දි මුළු ලෝකෙම Covid වසංගතයට මුහුණපාලා, #masstransit එනමි මහා පරිමාණ ප්‍රවාහන ක්‍රම තවදුරටත් ලෝකයේ අනාගතයට, මෙගා නගර නොවෙන තැන් වලට අනවශ්‍ය දෙයක් බව පැහැදිලි වෙලා. මේ කරුණු අනුව රජයට අදාල සමාගම සමඟ සාකච්ඡා කරල මේ force majeure condition එක මත කිසිදු වන්දියක් නැතුව මෙය අවලංගු කර ගන්න අවස්ථාව තිබුණා. අපේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කොහොමත් සුදු අලියෙක් වෙන බව කලින්ම කිව්වා. ඊලඟට ආපු වසංගතය සංචරණ සීමා කිරීම, ව්‍යාපාර සඳහා කරන ගමනාගමන වෙනස් වීම් සදාකාලික වෙන බව ලෝකෙම කිව්ව. කමෙන්ට් වල ඇති අවලංගු කිරීම ගැන පැහැදිලි කිරීම් . අවලංගු කරන තීරණය හරි, නමුත් ක්‍රමය වැරදියි, බිලියන 5.8 ක් අපිට කජු ඇට කොස්...

වාහන සහ ප්‍රවාහන හීන

Image
වාහන ඉල්ලන නූගත් දේශපාලකයෝ පැත්තකින් තියමු. ලැජ්ජාවක් ඇත්නම් නාලක ගොඩහේවා වැනි උගත් ඇමතිලා සටන් කළ යුත්තේ SUV වලට නෙමෙයි, අපි ඔක්කොටම සැපපහසුව යා හැකි කාර්යක්ශම සහ ඵලදායි පොදු ප්‍රවාහනයට. මේ වෙන රටවලට ගියාම මම දැකපු දේවල්, ගත්ත පින්තූර, ලංකාව ගැන දකින හීන.... නමුත් අපේ දේශපාලකයන්, නිලධාරීන් දකින්නේ සුඛෝපභෝගී කාර්, ජීප් විතරයි. https://www.facebook.com/photo?fbid=10225925159976960&set=pcb.10225925163257042 අපි අවම වශයෙන් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් වත් නැති රටක් 🤬 #NationalTransportPolicy #PublicTransport

ගුවන් පාලම් පිස්සුව

Image
බිලියන හත අටක වියදමෙන් ගුවන් පාලම් පහක් මාස 12 කින් හදන්න යනවලු. නාගරික තදබදය අඩු කිරීමට ගුවන් පාලම් අවශ්‍ය නම් එය නවීන ප්‍රවාහන මාධ්‍ය වෙනස්වීම්, වෙනස්වෙන ව්‍යාපාරික සහ මහජන අවශ්‍යතා සලකා බැලූ integrated plan එකක කොටස් විය යුතුයි. නැත්නම් වෙන්නේ එක තැනක තියන තදබදය තව තැනකට හුවමාරු කිරීමක් විතරයි. මෙතන සැලසුම් තියෙනවද නැද්ද කියන්න දන්නෙ නෑ. නමුත් එහෙම දෙයක් තිබුනත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය දීර්ඝකාලීන සැලසුම්, මේ වගේ හතු පිපෙන්නා වගේ පහළවෙන පැලැස්තර විසඳුම් නොවේ. LRT, expressways, highways flyovers railways and any similar need to be components of integrated mobility or transport plan of the country. අපේ රටේ ජනතාවගේ මුදලින් යැපෙන ප්‍රවාහනය පිළිබඳ විශේෂඥයෝ සහ විශේෂඥ ආයතන තිබුණත් කියන්න කණගාටුයි, මේ රටට වලංගු සහ අනාගතය වෙනුවෙන් යාවත්කාලීන වුණු ජාතික ප්‍රවාහන සැලසුමක් දැනටත් නෑ, දන්න කාලෙක තිබිලත් නෑ! අපේ දේශපාලකයන් විද්වතුන් සහ විශේෂඥයන් තාමත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න යන්නේ දුටුගැමුණු කුමාරයා කිරිබත් කාපු ක්‍රමේට. ඒකට නොහැකියාවට සහ අකාර්යක්ෂමතාවට අමතරව තවත් හේතුවක් සැලසුම...

අධ්‍යාපනයේ වසංගතය!

Image
උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් දැං කරන්නෙ මොකක්ද කියලා හොයන කාලේ. ලක්ෂ දෙකක් විශ්වවිද්‍යාල වලට. අවම වශයෙන් ඒ වාසනාවන්ත කොටසට වත් මේ රටට මෙතෙක් කල් නොවුනත් ගෝලීය සංවර්ධනයට වත් දායක වෙන්න තියෙන අවස්ථා අවමයි පහත කරුණ අනුව. ගෝලීයව පිළිගැනුණු දත්තයක් සිව්වෙනි කාර්මික විප්ලවය (Industry 4.0) සමග ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුල්වෙන ළමයින්ට අනාගතයේ කරන්න වෙන රැකියා වලින් 65% ක් දැනට ලෝකෙ නැති ඒව කියලා. ඒ ප්‍රතිශතයත් Covid වලට ඉස්සෙල්ලා. එමෙන්ම නවීන විෂයමාලා සහිත ඇමරිකාවේ දත්ත අනුව. වඩාත්ම වැදගත් කරුණ කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයා ජීවත්වෙන, වැඩකරන සහ එකිනෙකා සමග සම්බන්ධ වෙන අයුරු වෙනස් කිරීම තාවකාලික නොවෙන බව දැන් ලෝකය පිළිඅරන් තියෙනවා. නමුත් ලංකාවේ විද්වතුන්වත් දේශපාලකයන්වත් සම්පූර්ණ විෂයමාලා වෙනස් කිරීමක් ගැන හිතලවත් නෑ. උවමනාවක් තියෙනවා නම් මේවා ඒ මහත්තුරුන්ට නෝනලට ගෙදර ඉදන් කරන්න පුලුවන් වැඩ. හැබැයි ඒගොල්ලන්ගෙ උනන්දුව භෞතික දේවල් ගැන විතරයි, පින්තූරය මේකට අදාල නෑ. A number of technological fields will see major advances over the next few years that will affect all disciplines, economies, and industries. T...

ගමට කැකිරි

Image
කොළඹ පැටව් ගහපු විද්‍යාල ඔක්කොම එක්කෝ ඉවත් කළ යුතුයි. නැත්නම් ළමයින් දෙදහට අඩු කළ යුතුයි. ඔය වගේ මහා පරිමාණ විද්‍යාල මහ නගර මැද ලෝකෙ කොහෙවත් නෑ. ඒ මදිවට රනිල්ගේ ගේත් දුන්නලු රෝයල් එකට. මේක ලියන්නේ දේවියන්ගේ සද්දෙ ඇහිල. ඕවා අහක් කරානම් කොළඹට වැඩට එන අයයි, මහ ඉස්පිරිතාලෙට ම ඇලිලා ප්‍රාදේශීයව සේවය නොකරන වෛද්‍යවරුන් සහ ගුරුවරුන් ඔක්කොම තමුන්ගේ ගම් පළාත් වලට ගිහින් සේවය කරයි. කොළඹට කිරි එරවන්නත් ගමට කැකිරි බෙදන්නත් ප්‍රාදේශීය සංවර්ධනය හෙනහුරාට යන්නත් ප්‍රධානම හේතුව ඔය පාසල් සහ රෝහල. විශ්වවිද්‍යාලය වුණත් එච්චරයි, ලස්සන ටික තියලා ඉතුරු ටික කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පුරවමින් අනවශ්‍යව විශාල නොකළ යුතුයි. දවසකට බිලියනයක් වියදම් වෙන කොළඹ තදබදය පවා ඔය දේ කරා නම් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. තිස් වසරක යුද්දෙ වියදමට වඩා රටේ තදබදයෙ වියදම වැඩියි දැන්. වසරක ඉන්ධන ආනයන වියදම විතරක් රුපියල් බිලියන පන්දාහක්.

රසායනික තහනම!

Image
මම කෘෂිවිද්‍යාව හැදෑරුවේ සාමාන්‍ය පෙළ වෙනකං වුවත් ප්‍රායෝගිකව වගා කරනව. රසායනික ද්‍රව්‍ය නැතිව වගාව කරන්න බැරි නැහැ.  නමුත් ව්‍යාපාරිකව සාර්ථක කරගන්න අපහසුයි ඒකට ගැලපෙන ආර්ථික මොඩලයක් හදන්නෙ නැතුව. ඒකෙ මූලිකත්වය දිය යුත්තේ කාබනික වගාවට නෙමෙයි, කළමනාකරණයට. ඒකත් ගොවි හෝ වගා කළමනාකරණය නෙමෙයි, කෘෂි ආර්ථිකය රටක් වශයෙන් කලමනාකරණය. අපිට නැත්තෙම මේකයි.  වගා සාර්ථකත්වය  වර්තමාන වියදම් සහ මිළ පරාස අනුව ලංකාවේ ව්‍යාපාරිකව කෘෂිකර්මය කරලා ලාභ ගන්න බැහැ. කාබනිකව තමුන්ගේ ඉඩම වගා කරන එකයි වැටුප් ගෙවල කරන වගායි සම්පූර්ණයෙන් වෙනස්. ගිය අවුරුද්දේ මුල කොරෝනා පටන් ගද්දිම ගෙවතු වගාවේ ඉඳලා ගොවියා ආරක්ෂා කිරීම ගැනත් ලොකු දේවල් කිව්වා. නමුත් අදටත් රටේ ගොවි නිෂ්පාදනයෙන් තුනෙන් එකක් වත් අපතේ යනවා නිසි කළමනාකරණයක් නොමැති වීමෙන්. නාස්තිය  පොහොර වුණත් ගොඩක් අපතේ යනවා.  එමෙන්ම අපේ සහල් පරිභෝජනයත් වැඩියි. සමබල ආහාර වේලක් ලැබෙන්නෙත් නැහැ.  එළවළු නිෂ්පාදනය බාගෙකට වැඩිය අපතේ. crop management නැහැ. කන හාල් ප්‍රමාණය බාගෙට අඩු කරල දෙගුණයක් මිල කාබනික ධාන්‍ය සහ එළවළු කන එක නොකළ හැකි දෙයක් නෙමෙයි...

Colombo Port City

Image
ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී! පෝට් සිටියේ මේ පින්තූර දැක්කම අපි අවසේස ජනතාව හිතන්නේ අනේ ඉතින් වීසා අරගෙන හරි ප්ලේන් එහෙක නොගිහින් ගිහින් බලන්න තැනක් තියෙනවනේ කියල.  ඒ මදිවට මේකෙ පරිසර හිතකාමී බව ගැන රොකට්වල නැගල කණ්ඩලම දිහා බලාගෙන ගම හඳේ වෙච්ච අයත් හෑලි ලියනවා. රටයි මුහුදයි දෙකම හාරල පස් අරන් ඕක පුරෝලා හැදුව කියමුකො. දැන් පරිසර හානිය බොහෝ දුරට වෙලා ඉවරයි නේ, දැනෙන්නෙ අනාගතේ උනාට. මේක ගලවන්නත් බැහැනේ. නමුත් කෝ ව්‍යාපාර සැලැස්ම???  ඔය කියන ආර්ථික ප්‍රතිලාභ කොහේද කොන්ටිෆයි වෙලා තියෙන්නේ? මෙච්චර කල් කියපු ගණං බොහොමයක් නිවැරදි නැති ප්‍රායෝගික නොවෙන දේවල් බව විශේෂඥයෝ කියනවා.  ගෝලීය ආර්ථිකය ජාලගත ක්‍රම වලට වෙනස් වීගෙන යන කාලෙක, එමෙන්ම භෞතික යටිතල පහසුකම් හුදු සුදු අලි වෙච්ච කාලෙක මෙවැනි ව්‍යාපෘති දිහා බැලිය යුතු තව වසර 25ක් වත් එහා ව්‍යාපාරික වපසරිය ගැන හිතලා. ඩුබායි වැනි තැන්වල පමණක් නෙමෙයි මුලු ලෝකයේම තියෙන ව්‍යාපාරික මර්මස්ථාන සහ mass transit systems කොවිඩ් නිසා ඇති වුනු, ආපසු නොහැරෙන ජාලගත ව්‍යාපාර මත කිසිදා ආපහු ලාභ නොලබන බව ප්‍රකාශිතයි. විනෝදාස්වාද ව්‍යාපාර සහ අද...

සූර්ය කාර් වලට පෙර

Image
ගරු ඇමතිතුමනි 🙏 ඉන්ධන, හයිබ්‍රිඩ් වාහන වලින් වෙන වායු සහ පරිසර දූෂණය ඔබ හඳුනා ගැනීම අගය කරනව.  විදුලි කාර් වුනත් අපි පාරට එක් කළ යුතු එක ඉන්ධන භාවිත වාහනයක් ඉවත් කරන ගමන්. මේ ලෝකෙ නැති සූර්ය කාර් ගැන කතා නොකර, හෙට ඉඳං පටන් අරං අවුරුදු දෙකකින් ඉවර කරන්න පුළුවන් යට තියෙන දෙක කළොත් ඊළඟ ඡන්දෙදි මම ඔබේ campaign එකේ. දැනටම යෝජනා කර ඇති පාපැදි මංතීරු 6 හදල දිනකට කොළඹට ඇතුළුවෙන වන කාර් ලක්ෂ 8 න් 10% ඉවත් කිරීම. දැනට පාපැදි පදින මහාමාර්ග අයින් වල තියෙන බාධක ඉවත් කිරීම, වළවල් සහ ගැටි වැහීම, පාකින් නැවැත්වීම. මේවා ලොකු දේවල් නෙමෙයි, අනුමැතියත් අවශ්‍ය නෑ, ජනාධිපතිතුමාගේ Vistas of Prosperity & Splendor එනම් සෞභාග්‍යයෙ දැක්මෙ තියෙන ඒව. තව කරනවා නම් ඕන තරම් දේවල් තියෙනවා, අතිශය අඩු වියදමෙන් කරන්න පුළුවන්.  පොදු ප්‍රවාහනය ගැන මෙතන කතා නොකරමි.

The World's Richest!

Image
ජෙෆ් බෙසෝස් පසුකර ඊයෙ ඉඳන් ලොව ධනවත්ම පුද්ගලයා වූ එලොන් මස්ක් ගැන රට්ටු කියන කතා 😉 හපෝයි බැටරි කාර්, මහලොකුවට පරිසර හිතකාමී කිව්වට ඕවෑ බැර ලෝහ පොළොව කනවා. මහ ලොකු කාර් හදන්න ඉස්සෙල්ලා ලාභ කාර් එකක් හදන්න තිබුණෙ නැද්ද මෙයාට මරුටි ගානට?

පාපැදියෙන් කොළඹ යමු

Image
මේ ජනාධිපති පවුලේ ලේලි, ලස්සන තත්යානා. පාපැදිය වසංගත කාලෙන් එහාටත් හොඳම පොදු ප්‍රවාහන මාධ්‍ය විදියට ලෝකයම පිළිඅරන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඒ ගැන මගේ ගුරුතුමා Lalith මිත්‍රයා Yasas සහ තවත් අයත් ලියල තිබුන විවිධ යෝජනා. රජයට පාපැදිය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් කිරීම වෙනුවෙන් ලොකු දේවල් කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. ලින්ක් එක ඒ වෙනුවෙන් හදපු ව්‍යාපෘති වාර්තාව. ජනාධිපතිතුමා මැතිවරණයට ඉස්සෙල්ලා මේ යෝජනාව කලා. මම ගනන් මිනුම් එක්කම හැදුවා.

ක්‍රිකට් පිටි රිලා නැටුම

Image
හෝමාගම අන්තර්ජාතික ක්‍රීඩාංගන ව්‍යාපෘතිය කල් දැම්මලු. පළවෙනිම දේ ඇයි මේක මේ වෙලාවේ ගෙනාවෙ කියන එක. ඊලගට ඇමතිවරුන්ටත් කියපුවා බොරුයි කියලා පිළිගන්න අයිසීසී එක මැදිහත් වෙනකම්ම ඉන්න වෙච්ච එක. රටට ගෞරවය ගෙනාපු මහේල, සංගක්කාර සහ මහානාමල ජාතිද්‍රෝහීන් වෙච්ච එක. අන්තිමට රටේ ධනය සහ කාලය කාපු තවත් මීටිමකුත් තියල ඒක කල්ගියා.  මේ ඔක්කොම රිලා නැටුම් වලින් පේන්නේ මේ රටේ දේශපාලකයෝ සහ බහුතර ජනතාව ඕනෑම හොඳ හෝ නරක ව්‍යාපෘතියක් දිහා බලන්නේ ඒක කරන්නේ තමුන්ගේ පක්ෂයෙන්ද, පෞද්ගලික වාසි තියනවද යන්න මිසක් එකෙන් රටට වෙන හොඳ හෝ නරක ගැන නෙමෙයි කියන එක. මේ මර උගු ලෙන් ගැලවෙන කං රට ගොඩ යන්නෑ. මගේ සත දෙක ඊළඟට.

අති විශිෂ්ටයි කෑම

Image
කන්න ගේන්න ලංකාව $ මිලියන 1,841ක් වියදම් කරා 2017.  ඒකෙන් 52.7% ක්, එනම් $ මිලියන 971ක් වැය කරල තියෙන්නෙ පහල තියෙන වර්ග 5ට. ආවේ කොහෙන්ද කියලත් තියෙනවා. ඡායාරූපය Verite Research එකෙන්. දැක්කගමන් මට කියවුනු ප්‍රධාන කරුණු තුනක්. එක. එදා ඉදලම අපි අන්දරේලා, කරල තියෙන්නේ පවුල් පිටින් පැදුරේ පෙරළි පෙරළි සීනි කාපු එක. පේනවා නේද කාල තියෙන ප්‍රමාණය. ඔක්කොම වගේ පිටරටින්. මේක බාගෙට අඩු කරානම් දියවැඩියාව පාලනය කරන්නට රජය කරන වියදමයි ඒකෙන් වෙන ශ්‍රම නාස්තියයි එකට එකක් අඩුවෙයි.

රිවස් එකටද යන්න යන්නේ

Image
සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම්. බන්දුල ගුණවර්ධන තර්කයක් විදියට ගෙනාවේ විනිමය වෙනස. එයා සුඛෝපභෝගී දේවලට දීපු අර්ථකථන වලට එකඟ වෙන්න බෑ.අවුරුදු ගානකට කියලත් කියනවා. මේකෙන් සන්තෝස වෙන කොටස් කීපයක්ම ඉන්නවා. Trabant - 1990 East German car වසංගත තත්ත්වය නිසා ගෙනාපු යානවාහන සහ සුඛෝපභෝගී බඩු ඇතුළු දේවල් විකුණගන්න බැරුව හිර වෙලා ඉන්න අය, panic buying ඇති වෙයි යන බලාපොරොත්තු අය, මේකේ පිහිටෙන් දේශීය කර්මාන්ත නංවන්න හිතන් ඉන්න අය, අහිංසක ජාතිමාමකත්වය ප්‍රයෝජනයට අරං අමිශ්‍ර ජාන ගැන කතා පවත්වල තරුණයින්ව තවත් පස්සට අදින තිස්සලා වගේ අය ආදී කොටස්. මේ වගේ ක්‍රියාමාර්ගවලින් ආර්ථිකය නංවන්න පුළුවන් කියල, පසු කෝවිඩ් තත්ත්ව තුළ වුණත් හිතනවා නම් ඒක ජනාධිපතිවරයා පසුගිය නිදහස් දවසෙ කරපු අති උත්කර්ෂවත් කතාවටත් විරුද්ධ දෙයක්.

දැනුම විකෘති කිරීම

Image
මේ ඊජිප්තියානු චිත්‍රශිල්පියෙක් මාධ්‍ය නිරූපණය කරපු හැටි. මාධ්‍ය වල කාර්ය භාරය විය යුත්තේ ඇහෙන දකින දේ ඒ අන්දමින් ම නිරූපණය කිරීම නොවෙයි. තොරතුරු සමාජ උන්නතිය උදෙසා නිර්වචනය කිරීම. ඒ කෙසේවෙතත් අද වෙන්නේ ප්‍රවෘත්ති දේශපාලන ගැතිබව හෝ පෞද්ගලික වාසි උදෙසා විකෘති කිරීම. ඒ තත්ත්වය මාධ්‍ය වල පමණක් නෙමෙයි රටේ උගතුන් තුල පවා දකින්න තරම් අවාසනාවන්ත වෙලා. එහෙම කියන්න ලගම හේතුව ඊයේ  # biology  සර් දාපු වීඩියෝව. එයා කලින් විකෘති කරපු පෙනිසිලින් සොයා ගැනීම, MCC ප්‍රතිලාභ සහ තවත් දේවල් වලට අම තරව ලමයින්ගේ සහ ජාතියේම බුද්ධිය මොට්ට කිරීමේ ක්‍රියාදාමය දිගටම, සරුවට කරගෙන යනවා.

ගෝලීය කම්හල් ලංකාවට

ජපාන සහ ඇමරිකානු රාජ්‍යයන් යෝජනාකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න. ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන අයට යෙන් බිලියන 23.5 ක් ( රුපියල් බිලියන 42 ක්) සෘජුණයක් විදියට දෙන්න තීරණය කරලා. ධවල මන්දිරයේ ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ ලැරී කුඩ්ලෝ කිව්ව චීනයෙන් පිටතට යාමට අවශ්‍ය සෑම ඇමරිකානු සමාගමකටම “තැන් වෙනස්කිරීම සඳහා යන පිරිවැය ගෙවිය යුතු” බව. මේ මුදල කර්මාන්තශාලා අලුත් තැනකට ගෙනියන්න වන  වියදම් පියවන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ආසියානු රටවල් පෙලගැහෙනවා දැනටම. ලංකාවෙත් අති විශාල ආන්දෝලනයක් තියනවා නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව මේ දවස්වල, වාලච්චේන ඉඳන් ගෙවතු වගාව දක්වාම.

පරාජයේ 66 - Rout 66

Image
අද සමාජ මාධ් ‍ යවල සංසරණය වුනත් බොහෝ දෙනෙක් එහි බැරෑරුම්කම වටහාගත් බවක් තිබුනේ නැහැ. එමෙන්ම ඇතැමුන් අර්ථකථනය කරලා තිබුණේ දැන් තත්ත්වයක් විදියට වුවත් මේකෙන් ඇත්තටම නිරූපණය වෙන්නේ අනාගතයේ අප මුහුණපාන භයානක තත්ත්වය. මේක ප් ‍ රකාශයට පත්කළේ මේ සතියේ මුල ඉකොනොමිස්ට් සඟරාවෙන්. කියවෙන්නේ ලෝකේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවාම වර්තමාන COVID 19 වසංගතයෙන් ශ් ‍ රී ලංකාවේ ආර්ථිකය වඩාත් දරුණු විදියට පීඩාවට පත්වෙන බව. රටක ආර්ථික අවපාතයට බලපාන ප් ‍ රභවයන් හතර මත ආර්ථිකයන් 66 ක්  ශ් ‍ රේණිගත කිරීමේදී ලංකාව 61 වන ස්ථානයේ. ඇන්ගෝලාව, ලෙබනනය, බහරේනය, සැම්බියාව සහ වෙනිසියුලාව අපට වඩා පහළින්.

Development Obstacle

Image
I ndustrialists and business are having a critical HR issue in Sri Lanka due to the lack of trained professionals entering the job market/workforce. It's a known fact that Three wheelers and small lorries of owner-drivers creates a massive negative impact in building skilled workers which is the lifeblood of any developing nation. Sad to see even the parents and the public is responsible for this by funding them for three-wheelers and lorries.  Just after O/L s and even after A/L they think running a small Tuk-tuk or a Batta on their own will give them the liberty in money and life. But it's too late when they identify the real story, which is largely contributed by the Banks, sellers of these vehicles, and the community. The government should ban this menace since industrialists do not have enough professionals for most trades available for the age group of 20 to 30. Some jobs available in plenty and we all know their wages before they hit their 25th year of life, ...