අති විශිෂ්ටයි කෑම

කන්න ගේන්න ලංකාව $ මිලියන 1,841ක් වියදම් කරා 2017. 
ඒකෙන් 52.7% ක්, එනම් $ මිලියන 971ක් වැය කරල තියෙන්නෙ පහල තියෙන වර්ග 5ට. ආවේ කොහෙන්ද කියලත් තියෙනවා. ඡායාරූපය Verite Research එකෙන්.

දැක්කගමන් මට කියවුනු ප්‍රධාන කරුණු තුනක්.
එක. එදා ඉදලම අපි අන්දරේලා, කරල තියෙන්නේ පවුල් පිටින් පැදුරේ පෙරළි පෙරළි සීනි කාපු එක. පේනවා නේද කාල තියෙන ප්‍රමාණය. ඔක්කොම වගේ පිටරටින්. මේක බාගෙට අඩු කරානම් දියවැඩියාව පාලනය කරන්නට රජය කරන වියදමයි ඒකෙන් වෙන ශ්‍රම නාස්තියයි එකට එකක් අඩුවෙයි.

දෙක, ඉන්දියාව යන විදිය අනුව ලූණු කාල නං ඉවරයි වගේ කාලෙකට. වවනවා නම් ඔන්න දැන් ජාතිය.
තුන. ගැලවිජ්ජාවට කරගෙන යන ගෙවතු වගාව නම් මූදට දාන පොල්ලෙල්ලකට වඩා ටිකක් හොඳ වෙයි. නැංවිය යුතු කෘෂි ආර්ථිකයයි. ඒ ගැන මෙතන.
https://evrev.lk/2020/03/31/coronavirus-and-agribusiness/

ප.ලි. කමෙන්ට් දැක්කම පෙනුන දෙයක් මේ ගණන් මිනුම් ගැන හරි අවබෝධයක් නැතුව මේ අවශ්‍යතා ගෙවතුවගාවෙන් හෝ මාස කීපයකින් කවර් කරන්න හදන එක.

මේ ගණන් තියෙන්නෙ ඩොලර් වලින්, රුපියල් නෙමේ. මේවා ගෙවතුවගා කරල වත් පෞද්ගලිකව ගොවිපල වගා කරල වත් කරන්න බැහැ. මහා පරිමාණ රාජ්‍ය මැදිහත්වීමක් සහ ක්‍රියාන්විතයක් අත්‍යවශ්‍යයි නවීන තාක්ෂණයත් එක්කම.

නමුත් අපේ වගේ රටකට මේ පරිමාණයේ දේවල් කරන්න අවශ්‍ය යටිතල පහසුකම් විශේෂයෙන්ම ඉඩම් ශ්‍රමය වගේ දේවල විශාල බාධක තියෙනවා.
ලෙහෙසියෙන්ම කළ හැකි දේ නම් අනවශ්‍ය පරිභෝජනය අඩු කිරීම විශේෂයෙන්ම සීනි පිටි වගේ දේවල්.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන