Posts

Showing posts from October, 2017

වාහන නඩත්තු වියදම් අඩු කරන ක්‍රම පහක්

Image
1. හොඳ වාර නඩත්තුවෙන් (Scheduled Maintenance) අලුත්වැඩියා වියදම් අතිශයින් අවමකරගත හැකිවනු ඇත. කාලීන නඩත්තුව (සේවා) නිෂ්පාදකයාගේ කාලසටහන අනුවම කරන්න. ඔබගේ වාහන අත්පොතෙහි (Owners manual) මෙය ඇත, අනිවාර්යයෙන් පරිහරණය කරන්න. බොහෝ ආයතන අවශ්‍ය දේ නොකරන අතර අනවශ්‍ය දෙයට ඔබව පොළඹවනු ඇත. සේවා පරාස / පොත නැත්නම් අන්තර්ජාලයේ සොයන්න, බොහෝ දත්ත නොමිලේම ලැබේ. නිවාරණය ප්‍රතිකාරයට වඩා අතිශයින් අගී. ඇතැම් දේශීය නියෝජිතයන්ගේ සහ ගරාජ, සේවා ආයතන වල ප්‍රකාශ වල වියදම් වැඩි, ගැටළු සහගත තැන් ඇත. නවීන වාහනවල සේවා දර්ශකය හොඳ මෙවලමක් නමුත් අත්පොත අමතක නොකරන්න. වාහනය වගකීම් කාලය තුළ නම් සියලු ගැටළු නියෝජිතයා වෙත ගෙනියන්න. කාලීන නඩත්තු (සේවා) බාහිරව කිරීම ඔබගේ වගකීම අහිමිවීමට හේතුවක් නොවේ. නමුත් ඔබ විසින් කාලීන සේවා නිසි පරිදි කර ඇති බව ඔප්පු කල නොහැකි වුවොත් නිෂ්පාදකයාගේ වගකීම අහිමිවනු ඇත. 2. වගකීම් කාලය අවසන් වූ පසු බාහිර සේවා ආයතනවල අලුත්වැඩියා කළ හැක. කාලීන නඩත්තුව යනු එන්ජිමේ තෙල් මාරුකිරීම සහ සේදීම නොවේ. බාහිර ආයතනය නිෂ්පාදකයාගේ අවශ්‍යතා සපුරයිද, අනුමත ද්‍රව්‍ය භාවිතකරයිද යන්න කලින් විමසන්න. සේ