නියුමෝනියාවට පෙර
ජීවිතයක් බේරගන්න උදව් වියහැකි රුපියල් හාරදහක ගැජට් එකක්! කොවිඩ් PCR හෝ rapid antigen positive උනාට දැං රෝහල් හෝ කඳවුරු ගත කිරීමක් නැහැ. රෝග ලක්ෂණ මතු වුණත් ගෙදරමයි. හුස්ම ගන්න අමාරු උනහම තමයි ICU. බටහිර ක්‍රමයත් ඕක. ගිය අවුරුද්දේ මුල පටන් ගද්දිම මම උනත් කිව්වේ රෝහල් සහ කාර්ය මණ්ඩල අනවශ්‍ය විදිහට ලෝඩ් නොකර බෙහෙත් නැති මේ ලෙඩේ ගෙදරදි පාලනය කර යුතුයි කියලා. මම වෛද්‍යවරයෙක් නෙමෙයි, මේ මගේ දේශීය විදේශීය වෛද්‍ය මිත්‍රයන් සමග ඇති වුනු සාකච්ඡා මත මම කරන දේ සරල සිංහලෙන් කීමක්. අනික මෙතන කියැවෙන්නේ එක පැත්තක් ගැන විතරයි. තව බොහෝ සංකූලතා එක් එක් පුද්ගලයා අනුව බෙහෙවින් ඇති විය හැකියි. එනිසා ඔබේ වෛද්‍යවරයාගේ හෝ රජයේ උපදෙස් අනිවාර්යෙන් ගත යුතුයි. මැරෙන්නෙ කොවිඩ් නිසා නෙමෙයි. වැඩියෙන්ම නිව්මෝනියාව නිසා. වෙන හේතුත් බලපාන්න පුළුවන්. නමුත් අපිට හුස්ම ගන්න අමාරු වෙන්නෙ ventilator ඕන වෙන්නේ ඔය නිව්මෝනියා තත්ත්වයට ආපුවාම. අපේ ඇඟේ වෙන ගැටලු නැත්නම් ඔය නිව්මෝනියා තත්ත්වය පාලනය කර ගන්න පුලුවන්නම් සංකූලතා සහ මරණය වළක්වාගන්න පුළුවන් වෙයි. ඒ වගේම කොවිඩ් සමග ඇතිවෙන වෙනත් ලෙඩ පාලනය කිරීම සඳහ...