පාං නැත්තං කේක් කාපල්ලා!

ලංකාවේ කැලෑ ආරක්ෂා කරගන්න අවශ්‍ය එක් දෙයක් දැව ආනයනය බදු නිදහස් කිරීම. එමෙන්ම ලංකාවේ පාම් ඔයිල් වගාව අධෛර්යමත් කරන්න නම් edible තෙල් ප්‍රමිති ගතව අඩු බදු මත ආනයනයට සියලු ඉඩ සැලසිය යුතුයි.

ලංකාවේ පරිසරය වනසන සීනි සහ කඩදාසි වැනි කර්මාන්ත සඳහාත් කල යුතු මෙයමයි. ඒවා අපි වගේ පොඩි රටවල් වලට ගැළපෙන හෝ ආර්ථික වශයෙන් කිසි දිනෙක ගෝලීය ආර්ථිකයක් තුළ සාර්ථක කළ හැකි ව්‍යාපාර නෙමෙයි.

ප්‍රතිපත්ති සහ පාලන ක්‍රම හදාගන්න නොහැකියාව වහගන්න කලයුතු හැමදේම තහනම් කරගෙන යෑමත් නොවෙයි. ඒක කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නෑ. අපිට අඩුව හිටියේ දේශීය මාරි ඇන්ටොයිනට් කෙනෙක් විතරයි, දැන් ඒකත් හරි ද මන්දා!

මිං පස්සෙ පාන් සුද්දන්ට විතරයි, දේශීය අපි ආසනික් පිරිච්ච බත්ම ගිලිමු 😁🔫

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන