BMW i3 / BMW i3 Range Extender
ඔබ දන්නවාද ප්‍රෙස්ටීජ් මෝටර් රථවාහන සමාගම මගින් ආනයනය කළ BMW i3 රථවල හා අනෙකුත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරවල අලෙවියට තිබූ BMW i3 රථවල වෙනස හා මිළ පරතරයට ප්‍රධාන හේතුව...? BMW i3 වර්ග 2කි. 1. සම්පූර්ණ Electric i3. (170hp) 2. Electric සමග 647cc ධාරිතාවයකින් යුතු Range Extenderයක් සහිත i3 (170hp plus 38hp) ශ්‍රී ලංකාවට අළුත්ම BMW වාහන ආනයනය කළහැකි බලයලත් ඒජන්තවරයා වන ප්‍රෙස්ටීජ් සමාගම ආනයනය කරන ලද්දේ 647cc Range Extenderය සහිත i3 රථයි. Range Extenderය Generaterයකට සමානයි. Range Extenderය සහිත i3 රථයකට වැඩි CIF අගයක් ගෙවිය යුතුවන අතර, ලංකා ආණ්ඩුවටද ඉහළ තීරුබදු ප්‍රතිශතයක් ගෙවිය යුතුයි. 2015, 2016 කාලවකවානුවේදී පිටත කාර් සේල්වල i3 රථවල මිළ දළ වශයෙන් රුපියල් මිලියන 7ක් පමණ වූ අතර, ප්‍රෙස්ටීජ් සමාගම ආනයනය කරන ලද i3 (R.E. 647cc) රථයේ එදවස මිළ මිලියන 11ක් පමණ විය. * සම්පූර්ණ Electric බලය සමගින් දළවශයෙන් කි.මී. 100-110ත් අතර දුරක් ධාවනය කළ හැකිවූ අතර, *647cc සහිත i3 රථයේ පෙට්‍රල් ගබඩා කළහැකි පරිමාව වූයේ ලීටර 10කි....