සමාව දෙන්න බැරි වැරදි

 📕" සමාව දෙන්න බැරි වැරදි තියෙනවාද "📕

මගේ පිළිතුර නම් "අපොයි...ඔව්", ඒත් මේ පොතේ විදියට නම්...සමාව නොදිය හැකි වැරදි නැත. 

මේක කෙටිකතා පොතක්. මේ පොත ලියල තියෙන්නෙ අමරනාත් බටගොඩ. ඔහු ගුරුවරයෙක්. මම අද තමයි මේ පොත කියවල ඉවර කරේ.


කතාවක් කියවනකොට ඒවායෙහි විවිධ රසාස්වාදයන් තියෙනවා. ශෘංගාරය, ශෝක රසය, විනෝදය, උද්‍යෝගය, ධනාත්මක භාවය යනාදී එකී නොකී රසයන්. මමනම් ආසයි ශෘංගාරාත්මක හා ශෝකී රසයන් සහිත කතා වලට...😜, ඒත් එම රසයන් මගින් අපේ මානසික දියුණුවක් වෙයි කියා හිතන්න අපහසුයි. 

ඇයි අපි නවකතා හෝ කෙටිකතා කියවන්නෙ...? අපේ මනස නිරවුල් කරගැනීමට නොවේද..පොතක් කියවන ගමන්  මනස නිරවුල් වීමට අමතරව, එමගින් අපට ධනාත්මක චින්තනයක් ලැබීම වඩාත් වටිනවා නේද..

මේ පොතේ තියෙන හැම කතාවක්ම ධනාත්මක කතා වස්තූන්, ඒවගේම මානසික දියුණුව වැඩිකරවන, සාරධර්ම හා නොපසුබට උත්සාහය ගැන ලියවුනු කතා වස්තූන්. කුඩා දරුවාගේ සිට යොවුන් දරු දැරියන්ට, තරුණ තරුණියන්ට ඉතාමත් උචිතයි. 

නූතනයේ පොත් කියවීම අඩුවෙලා..දරුවන් අතර පරිගණක හා ස්මාර්ට් දුරකථන පරිභෝජනය වැඩිවෙලා. ඉස්සරට වඩා අපේ දරුවන්ගේ සාරධර්ම අඩුයි..කළගුණ සැළකීම අඩුයි. පොත් කියවීම තුළින් දරුවන් හුඟාක් සිරිත් විරිත් ඉගෙනගන්නවා පමණක් නොවෙයි, ඔවුන්ගේ මනසත් දියුණු වෙනවා. ඊළගට දෙමාපියන් දක්ශ විය යුතුයි දරුවන්ට සුදුසු පොත් ලබාදීමට. දරුවන් තමන් කියවන කතා තුළ ජීවත් වීමට කැමතියි. 

මේ පොතේ මම කැමතිම කතා දෙක තමයි, 

09. යැංගි...මගේ මිත්‍රයා ඇස් අරින්න...හා

23. අපි බ්ලැකීවත් ගෙනියමු කියන කතා දෙක. ඒ දෙකේම කළගුණ සැළකීම වැනි ගුණාංග ගැන තියෙනවා. දරුවන්ට කුඩා කල සිටම සාරධර්ම පුරුදු පුහුණු කල යුතුයි.

පොත් කියවන්න කැමති අය කරුණාකර මේ දැන්වීම බෙදාහරින්න.

සංජි වීරසිංහ 🌹📕.



Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන