Posts

Showing posts from May, 2021

National Policies

Image
Tesla records a million orders for a truck from cyberspace.  Now Ford gets 40,000 orders for their conventional-looking F 150 lightning within a week of the announcement! I'm not going to talk about the 100,000,000 USD Tesla bagged as reservations to keep for years, interest-free 😉 Mind you, that's amidst Covid anyways! Interesting to note the thinking of our math on Cars. These e trucks are priced $50,000+, higher than their gas counterparts.  In a country like America, a range of 500 Kms + is not too big. Yet they decide to benefit their own pockets and the environment too! Forget it all now 😁🔫 We live in a shit hole with no National policies on Transport, Environment, or Energy! Yet we are poised to spend 3.6 Billion on vehicles including 227 SUVs for politicians amidst Covid!

අත්හරින්න පුරුදුවෙන්න!

Image
වසංගතය නිසාම නෙමෙයි, ඒ බුද්ධ දර්ශනය. ඒත් අපි අතෑරියේ ආධ්‍යාත්මික දේ මිස භෞතික දේවල් නෙමෙයි. මේ මගේ වෙසක් සිතුවිලි, මගේ ක්ෂේත්‍රයට අනුව🙏   අපේ ප්‍රමුඛතාවය, අවශ්‍යතාවන්ට සහ කාලයට මිස ප්‍රවාහන මාධ්‍යයට නොවිය යුතුයි. ඒකයි රටක් විදියට වුණත් පොදු ප්‍රවාහනය දියුණු නොකර පෞද්ගලික ප්‍රවාහනයම ප්‍රවර්ධනය කරන්නේ. මූලිකත්වය මම කවුද මගේ වාහනය මොකක්ද යන්න, එනම් අධ්‍යාත්මික වටිනාකම් දරුණු විදියට අතෑරීම. ඊළගට පාරෙදි පවා මමත්වයම මුල් වීම. අපි දන්නෑ තව කෙනෙකුට ඉඩදීමෙන් කොච්චර සන්තෝසයක් ලබා ගන්න පුළුවන්ද කියලා. වසංගතය පවා හොඳ අවස්ථාවක් දුමෙන් මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් දූෂිත වුණ අපේ ප්‍රවාහන ආර්ථිකයෙන් බැහැර වෙන්න.  පිරිසිදු පරිසරය සමඟ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න 🙏

නැවේ ගින්න

Image
වෙසක් දවසේ ඇතිවෙන කේන්තිය කණගාටුව පාලනය කරගන්න බෑ 🤬😭☠️ ගිනිගන්න අරන් දවස් ගානක් වුණත් වර්ස්ට් කේස් සිනාරියෝ එක ප්‍රෙඩික්ට් කරල කවුන්ටමෙශර් ගත්තද? අපිට වැරදුනාද? එහෙනම් ඒ කොතනද? ලොක්කො කියනව වන්දි ගන්න පුලුවන්ලු! ඒවට රටේ, වරායේ ව්‍යාපාරික හානිය, සංචාරක ව්‍යාපාර හානිය, පාරිසරික හානිය ක්වොන්ටිෆයි කරල අය කර ගන්න පුලුවන්ද? #SLPA #SLNavy #CoastGuard #MEPA #Fisheries #NARA #environment

බිලියන ගානක විනිමය ඉතිරි කරන ක්‍රමයක්!

Image
කොවිඩ් අරමුදලෙ සල්ලි වලින් රුපියල් මිලියන 194 කට ගිලන්රථ 10ක් ගත්තලු. සියලු පහසුකම් සහිත Ford ඇම්බියුලන්ස් රජය බදු එක්ක වසර දෙකකට පෙර මිලදී ගත්තේ කෑල්ලක් රුපියල් මිලියන 9.8 ගානෙ. ප්‍රවෘත්ති ඇත්ත නම් මන්ත්‍රීවරුන්ට අලුත් ජීප්. කියවෙන විදියට මේව Toyota Land cruiser, ඒකක් බදු රහිතව ඩොලර් 55,000 විතර වෙනවා.  අපි එපා කිව්වත් නැතත් රජයට අවශ්‍ය දේ කරන්න තුනෙන් දෙකේ බලය තියෙනවා. මේවට විපක්ෂය වත් විරුද්ධ වෙන එකක් නෑ. ඕව කොහොමහරි ගෙනෙයි. වාහන ඕනෙම නම් ඇයි චීනෙන් ගන්න බැරි?  Land cruiser සමාන SUV එකක් වෙන්නේ $16,000 විතර. කොහොම කළත් මේගොල්ලෝ අවුරුදු පහෙන් මාරු කරනවා. ඕවා වෙන රටකින් ගන්න එක අපේ හිතමිත්‍ර චීනෙට කරන විශාල අවනම්බුවක්. ඒ නැතත් අපේ විදේශ විනිමය සංචිතයට හානියක් නොවී චීනයෙන් අවුරුදු පහකින් ගෙවෙන විදියට ණයක් විදියට දෙයි. ජීප් විතරක් නෙමෙයි වෙන අත්‍යාවශ්‍ය ඔක්කොම වාහන ඔය ක්‍රමයට ගන්න පුලුවන්.  ප්‍රවෘත්ති වල තියන ගණන් වල හැටියට රටට අති විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි රෝහල්වලට අත්‍යාවශ්‍ය ICU සහ ventilator ඇතුළු උපකරණ ගන්න. අපට චීනෙ ඔක්කොම හොඳයි, ඇයි වාහන විතරක් නරක 🤔 #ILoveChina #So

සමාව දෙන්න බැරි වැරදි

Image
 📕" සමාව දෙන්න බැරි වැරදි තියෙනවාද "📕 මගේ පිළිතුර නම් "අපොයි...ඔව්", ඒත් මේ පොතේ විදියට නම්...සමාව නොදිය හැකි වැරදි නැත.  මේක කෙටිකතා පොතක්. මේ පොත ලියල තියෙන්නෙ අමරනාත් බටගොඩ. ඔහු ගුරුවරයෙක්. මම අද තමයි මේ පොත කියවල ඉවර කරේ. කතාවක් කියවනකොට ඒවායෙහි විවිධ රසාස්වාදයන් තියෙනවා. ශෘංගාරය, ශෝක රසය, විනෝදය, උද්‍යෝගය, ධනාත්මක භාවය යනාදී එකී නොකී රසයන්. මමනම් ආසයි ශෘංගාරාත්මක හා ශෝකී රසයන් සහිත කතා වලට...😜, ඒත් එම රසයන් මගින් අපේ මානසික දියුණුවක් වෙයි කියා හිතන්න අපහසුයි.  ඇයි අපි නවකතා හෝ කෙටිකතා කියවන්නෙ...? අපේ මනස නිරවුල් කරගැනීමට නොවේද..පොතක් කියවන ගමන්  මනස නිරවුල් වීමට අමතරව, එමගින් අපට ධනාත්මක චින්තනයක් ලැබීම වඩාත් වටිනවා නේද.. මේ පොතේ තියෙන හැම කතාවක්ම ධනාත්මක කතා වස්තූන්, ඒවගේම මානසික දියුණුව වැඩිකරවන, සාරධර්ම හා නොපසුබට උත්සාහය ගැන ලියවුනු කතා වස්තූන්. කුඩා දරුවාගේ සිට යොවුන් දරු දැරියන්ට, තරුණ තරුණියන්ට ඉතාමත් උචිතයි.  නූතනයේ පොත් කියවීම අඩුවෙලා..දරුවන් අතර පරිගණක හා ස්මාර්ට් දුරකථන පරිභෝජනය වැඩිවෙලා. ඉස්සරට වඩා අපේ දරුවන්ගේ සාරධර්ම අඩුයි..කළගුණ සැළකීම අඩුයි.

ධාවන වියදමේ ගාන

Image
ලංකාවේ වාහන මිලදී ගන්න අය අවශ්‍යතාවය ගැන සලකලා ඒකට ගැලපෙන රථය හොයාගන්න දන්නෙ නෑ. අතිබහුතරය වාහන ගන්නේ තමුන්ගේ අවශ්‍යතාවයට නෙමෙයි ඊළඟට ගන්න ඉන්න කෙනාගේ අවශ්‍යතාවයට හරියන විදියට.  ජෝන්ට මිනිස්සු හිනා උනාට එයා හරි, ලංකාවේ වැඩිපුර වාහන ගන්නෙ අවශ්‍ය අය නෙමෙයි. විදුලි රථ කතාවේදී වුණත් ඒක එහෙමමයි. අඩුම ගානෙ ඒවායේ නැවත විකුණම් වටිනාකමේ මිල හදාගන්න විදිහ වෙනස් බව වත් දන්නෙ නෑ.  ලංකාවේ පිකප් එකක් ගන්න අය නම් range එක කීයද කියල ඇහුවට කමක් නෑ, ටිකක් වැඩිපුර දිව වෙන නිසා. හැබැයි දවසකට කිලෝමීටර් 50 දුවන්නෙත් නැති අය අහන්නේ range එක කීයද කියල. Irony එක නං 300 දුවන කාර් ලංකාවේ ඇතිවෙන්න තිබුනත් මිලියන පහක් හයක් වියදම් කරන්න ලෝබයි.  නමුත් තමුන්ගේ අවශ්‍යතාවයට හරියන පෙට්‍රල් කාර් එකක් ගන්නේ නැතුව මළාට හරියන්නැති එන්ජින් දාන්න ලෑස්තිය 😁🔫 Ford F150 Lightning, ලෝන්ච් කරපු දවසෙම ඕඩර් විසිදාහක්. ඩොලර් 45,000 ඉඳං 75,000 වෙනකං, කිලෝමීටර් 370 - 450 දක්වා.  ඒ එහේ EV වලට යන හැටි, ලංකාවේ අපි අඩුම ගානේ ධාවන වියදමේ ගාන හදාගන්නවත් දන්නෑ. ලංකාවේ වාහන ගන්න අයගෙන් 50% වඩා අයට ටැක්සියක යන එක ඊට වැඩිය ලාබයි. https://mobil

බාර් ලයිසන්

Image
කැළනියෙ කතරගම අනුරාධපුරේ සිරීපාදෙ තෙරපි තෙරපි පෙරළි පෙරළි වැඳපු උපාසකයෝ කොරෝන ගෙනාවෙ අරක්කු වගේ පෝලිං පොටෝ දානව. මේ පෝලිං හැදෙන්නෑ අර බෞද්ධ තායිලන්තෙ වගේ ඕන වෙලාවක ඇරලා තිබුණ නම්, ලයිසන් ක්‍රමය නැති කරානම්, ඕන කඩේකින් ගන්න පුළුවන් කරානම්. අපේ රටේ මිනිස්සු කලාවට බොන්න නො දැන ගැනීමටත්, බීමට පෙරේත වීමටත්, පාලනයක් නැති වීමටත් හේතුව පාලකයන්ගේ වාසියට තියාගෙන ඉන්න බාර් ලයිසන් ක්‍රමය සහ ආගම් හදපු ටැබූ එක. බදු ගහපල්ලා, හැබැයි බොන එකාට බොන්න දීපල්ලා! බේබදුකමවත් හොර අරක්කු ව්‍යාපාර වත් නැති කරන්න බෑ ඔය මෝඩ නීතිවලින්. මේක කිසිම වැඩක් හරියට කරපු රටක් නෙමෙයි 🤬 

අවජාතක රියදුරන්!

Image
පාරේ තදබදය වැඩි කිරීමේ ප්‍රධානම හේතු මංතීරු නීති පිලිනොපැදීම සහ පාරවල් අයිනේ වාහන නැවැත්වීම. වැරදි නැවැත්වීම වමෙන් පැදවීම අපහසු කිරීමට සහ අනතුරු වැඩි කිරීමට පවා විශාල හේතුවක්. ලේන් දෙක මැද තියාගෙන ඉන්න මේ වගේ අවජාතක රියැදුරන් තමයි ඉහත වැරදි දෙකත් වැඩිපුරම කරන්නේ..  ත්‍රීරෝද නම් පොදුවේ ඔහොමයි. අනිත් වාහන දිහා බැලුවම මගේ පෞද්ගලික analysis එක ඒ අය මේ මූලික කොටස් වලට අයිති වෙනවා. * ග්‍රාමීය පළාත්වලින් නගරයට ආපු වාහන. * හොර හෝ රව්ඩි පෙනුම ඇති රියදුරන්. * අඩු අධ්‍යාපන හෝ බුද්ධි මට්ටම්වල අය. ඔය කිව්වේ පෙනුමට හිතෙන දේවල්, මෝඩ මූනක් තියෙන බුද්ධිමතුන් ඉන්න පුළුවන් ✊ #SoSriLankan #LaneLaw #mobilityalliance

යුධ ජයග්‍රහණය සැමරීම

Image
යුද්ධය උත්කර්ෂයට නැංවුවා ඇති, එකිනෙකාගේ හිත්බිඳීම්, තුවාල පෑරුවා හොඳටෝම ඇති , දැන්වත් බෙදී වෙන් වී නොයිද ජාතියක් ලෙස එකතුවී ,ජාතියක් ලෙස ගොඩයන්න උත්සාහ කරමු .ඒ වෙනුවෙන් කැපවෙමු. පරිස්සමෙන් වචන සහ පෑන පාවිච්චි කරමු. Derana: ඔබ වහන්සේ යුධ ජයග්‍රහණය විශ්වාස කරන්නැද්ද ? නෑ. යුද්ධයකින්, අවියකින් ජයක් ලබන්න බෑ. ඒක බුදුහාමුදුරුවන්ගේ වචනෙකින් මං කියන්නම්. ජයං වේරං පසවතී දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛංසේති හිත්වා ජයං පරාජයං අවිආයුධ වලින් ලබන ජයක් නෑ. ඒ ජයග්‍රහණය විසින් වෛරය ඇති කරනවා. ඒ ජයග්‍රහණය විසින් දුකින් වැලපෙන පිරිසක් ඉතිරි කරනවා.  ජයග්‍රාහි පිරිසක් ඉන්නවා, වෛරය ඇතිකරන පරිසරයක් තියනවා, දුකින් තැවෙන පිරිසක් ඉන්නවා. මේක තමා යුධ ජයග්‍රහණය 😑 ජය පරාජය ඉක්මවා යන මට්ටමට සමාජය ගේන්න ඒක ඇතුළේ අපි කාටත් සැනසිල්ලේ නිදාගන්න පුළුවන්. ආයුධවලින් ලබන ජයක් බුදු දහම පිළිගන්නේ නැහැ.           - ගල්කන්දේ ධම්මානන්ද හිමි -

රටවැසීම සහ වැටුප්!

Image
ජීවිත වටිනවා ජීවිකාවට වැඩිය. නමුත් ජීවිකාවේ ඇතිවන ප්‍රශ්න පවා දීර්ඝ කාලීනයි, ඛේදජනකයි. ගිය අවුරුද්දේ වහපුවයෙ විපාක පවා තව අවුරුදු ගාණක් අපි විඳියි. මේ කඩින් කඩ වැහිල්ලෙනුත් වෙන්නේ එක පැත්තකින් කුලී වැටුප් පොළී ආදිය ගෙවන ගමන් අනිත් පැත්තෙන් ආදායමත් අහිමිවීම. සංචරණ සීමා හෝ එනමින් එන රට වැසීම ඉල්ලපු  අයගේ පොදු ලක්ෂණයක් මූල්‍ය හෝ ආදායම් ස්ථාවරත්වය. ඒ අයගේ තර්කයක් තව මාසයක් ව්‍යාපාර අල්ලං ඉන්න බැරිනම් මේ අවුරුදු ගාණක් කරපුවයෙ ඇති වැඩේ මොකක්ද කියන එක. ඒ කතා subjective, සාධාරණ මෙන්ම නව ව්‍යාපාර වලට පහුගිය දශකය තුළ ම ස්ථායි වීමට අවස්ථාවක් ලැබුණේ නෑ. ව්‍යාපාර වපසරිය පවා අසාධාරණයි. ව්‍යාපාර නොකරන අයට හෝ ඩීල් කාරයන්ට ඒව දැනෙන්නේ නෑ. රට වැහීම හරිද නැද්ද යන්න ගැන මට අදහස් ප්‍රකාශ කරන්න බැහැ. මොකද ඒක වයිරසයේ හැසිරීම සහ ව්‍යාප්තිය අනුව අතිශයින් විද්‍යානුකූලයි. නමුත් රට මේ වෙනතුරු ගත්තේ විද්‍යානුකූල තීරණ නම් නෙමෙයි. සංචාරණ සීමා හෝ රට වැසීමට පක්ෂ අය පෞද්ගලික හෝ රජයේ ස්ථිර සේවකයෝ නම් වහන කාලයට තමුන්ගේ වැටුප අඩකින් අඩු කරන්න කැමති විය යුතුයි. වෛද්‍යවරු රට වැහුවත් වැඩ කරනවා, මේ ඔවුන්ගේ සේවය අත්‍යාවශ්‍ය අව

නියුමෝනියාවට පෙර

Image
ජීවිතයක් බේරගන්න උදව් වියහැකි රුපියල් හාරදහක ගැජට් එකක්! කොවිඩ් PCR හෝ rapid antigen positive උනාට දැං රෝහල් හෝ කඳවුරු ගත කිරීමක්  නැහැ. රෝග ලක්ෂණ මතු වුණත් ගෙදරමයි. හුස්ම ගන්න අමාරු උනහම තමයි ICU.  බටහිර ක්‍රමයත් ඕක. ගිය අවුරුද්දේ මුල පටන් ගද්දිම මම උනත් කිව්වේ රෝහල් සහ කාර්ය මණ්ඩල අනවශ්‍ය විදිහට ලෝඩ් නොකර බෙහෙත් නැති මේ ලෙඩේ ගෙදරදි පාලනය කර යුතුයි කියලා. මම වෛද්‍යවරයෙක් නෙමෙයි, මේ මගේ දේශීය විදේශීය වෛද්‍ය මිත්‍රයන් සමග ඇති වුනු සාකච්ඡා මත මම කරන දේ සරල සිංහලෙන් කීමක්. අනික මෙතන කියැවෙන්නේ එක පැත්තක් ගැන විතරයි. තව බොහෝ සංකූලතා එක් එක් පුද්ගලයා අනුව බෙහෙවින් ඇති විය හැකියි. එනිසා ඔබේ වෛද්‍යවරයාගේ හෝ රජයේ උපදෙස් අනිවාර්යෙන් ගත යුතුයි. මැරෙන්නෙ කොවිඩ් නිසා නෙමෙයි. වැඩියෙන්ම නිව්මෝනියාව නිසා. වෙන හේතුත් බලපාන්න පුළුවන්. නමුත් අපිට හුස්ම ගන්න අමාරු වෙන්නෙ ventilator ඕන වෙන්නේ ඔය නිව්මෝනියා තත්ත්වයට ආපුවාම.   අපේ ඇඟේ වෙන ගැටලු නැත්නම් ඔය නිව්මෝනියා තත්ත්වය පාලනය කර ගන්න පුලුවන්නම් සංකූලතා සහ මරණය වළක්වාගන්න පුළුවන් වෙයි. ඒ වගේම කොවිඩ් සමග ඇතිවෙන වෙනත් ලෙඩ පාලනය කිරීම සඳහා වෙනත් බොහෝ ප්‍රති

ගුවන් පාලම් පිස්සුව

Image
බිලියන හත අටක වියදමෙන් ගුවන් පාලම් පහක් මාස 12 කින් හදන්න යනවලු. නාගරික තදබදය අඩු කිරීමට ගුවන් පාලම් අවශ්‍ය නම් එය නවීන ප්‍රවාහන මාධ්‍ය වෙනස්වීම්, වෙනස්වෙන ව්‍යාපාරික සහ මහජන අවශ්‍යතා සලකා බැලූ integrated plan එකක කොටස් විය යුතුයි. නැත්නම් වෙන්නේ එක තැනක තියන තදබදය තව තැනකට හුවමාරු කිරීමක් විතරයි. මෙතන සැලසුම් තියෙනවද නැද්ද කියන්න දන්නෙ නෑ. නමුත් එහෙම දෙයක් තිබුනත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය දීර්ඝකාලීන සැලසුම්, මේ වගේ හතු පිපෙන්නා වගේ පහළවෙන පැලැස්තර විසඳුම් නොවේ. LRT, expressways, highways flyovers railways and any similar need to be components of integrated mobility or transport plan of the country. අපේ රටේ ජනතාවගේ මුදලින් යැපෙන ප්‍රවාහනය පිළිබඳ විශේෂඥයෝ සහ විශේෂඥ ආයතන තිබුණත් කියන්න කණගාටුයි, මේ රටට වලංගු සහ අනාගතය වෙනුවෙන් යාවත්කාලීන වුණු ජාතික ප්‍රවාහන සැලසුමක් දැනටත් නෑ, දන්න කාලෙක තිබිලත් නෑ! අපේ දේශපාලකයන් විද්වතුන් සහ විශේෂඥයන් තාමත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න යන්නේ දුටුගැමුණු කුමාරයා කිරිබත් කාපු ක්‍රමේට. ඒකට නොහැකියාවට සහ අකාර්යක්ෂමතාවට අමතරව තවත් හේතුවක් සැලසුම

සංචරණ තහනම සහ ව්‍යාපාර

Image
ලොක්ඩවුන් ගැන මුකුත් නොකියා හිටියේ ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී තත්ත්වයට රජය මුහුණ පා ඇති බව තේරුණු නිසාත් තත්ත්වය අපට වැඩිය හොඳින් දන්නේ රජය නිසාත්ය. ඊයෙ නිවේදනයේ අන්දමට සංචරණ සීමාව පළාත් අතර පමණක් නිසා සෞඛ්‍ය ආරක්ෂිතව ආයතනය පවත්වාගෙන යාමට තීරණය කළෙමි. අද නිවේදන වලින් රජයේ කම්පියුස් එක අපේ පිට පටවා ඇති බව පෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයේ හෙට සිට 17 දක්වා වැසීමක් ගැන කිසි දෙයක් නැත. ආරක්ෂක අංශ මාධ්‍ය ප්‍රකාශන අපැහැදිලිය. ප්‍රවෘත්ති ඊට වැඩිය වෙනස් ය. අවසානයේ තේරුම් ගත් අන්දමට හෙට රෑ සිට සදුදා තෙක් දිවයින පුරා සංචරණ තහනම නිසා ආයතනය පැවැත්විය නොහැකිය. ලොක් නොකරනු ඇතැයි පැවසුනු නිසා 31 තෙක් ආයතනය තුළ නැවතී වැඩ කිරීමට ඊයේ සූදානම් වූ පිටපලාත් සාමාජිකයන් හෙට ගෙදර යැවීමට මාර සටනක් දිය යුතු වේ. බොහෝ සාධාරණ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ලාභ මත නොවේ. පසුගිය වසරේ අපේ කුඩා ව්‍යාපාරයට මිලියන දෙකහමාරක පමණ පාඩු lockdown නිසාම සිදුවිය. ඒ අහිමි වූ ආදායම් වලට අමතරවයි. ඒවා කොහොම වෙතත් යැපෙන්නන් සහ පවුල් ගැන පවා සිතිය යුතුවේ. කොහොමටත් ආදායම් නැති අවුරුදු කාලයේ රට වැහුවනම් ඇති වෙන පාඩුවක් ද නැත. දැන්

අධ්‍යාපනයේ වසංගතය!

Image
උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් දැං කරන්නෙ මොකක්ද කියලා හොයන කාලේ. ලක්ෂ දෙකක් විශ්වවිද්‍යාල වලට. අවම වශයෙන් ඒ වාසනාවන්ත කොටසට වත් මේ රටට මෙතෙක් කල් නොවුනත් ගෝලීය සංවර්ධනයට වත් දායක වෙන්න තියෙන අවස්ථා අවමයි පහත කරුණ අනුව. ගෝලීයව පිළිගැනුණු දත්තයක් සිව්වෙනි කාර්මික විප්ලවය (Industry 4.0) සමග ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුල්වෙන ළමයින්ට අනාගතයේ කරන්න වෙන රැකියා වලින් 65% ක් දැනට ලෝකෙ නැති ඒව කියලා. ඒ ප්‍රතිශතයත් Covid වලට ඉස්සෙල්ලා. එමෙන්ම නවීන විෂයමාලා සහිත ඇමරිකාවේ දත්ත අනුව. වඩාත්ම වැදගත් කරුණ කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයා ජීවත්වෙන, වැඩකරන සහ එකිනෙකා සමග සම්බන්ධ වෙන අයුරු වෙනස් කිරීම තාවකාලික නොවෙන බව දැන් ලෝකය පිළිඅරන් තියෙනවා. නමුත් ලංකාවේ විද්වතුන්වත් දේශපාලකයන්වත් සම්පූර්ණ විෂයමාලා වෙනස් කිරීමක් ගැන හිතලවත් නෑ. උවමනාවක් තියෙනවා නම් මේවා ඒ මහත්තුරුන්ට නෝනලට ගෙදර ඉදන් කරන්න පුලුවන් වැඩ. හැබැයි ඒගොල්ලන්ගෙ උනන්දුව භෞතික දේවල් ගැන විතරයි, පින්තූරය මේකට අදාල නෑ. A number of technological fields will see major advances over the next few years that will affect all disciplines, economies, and industries. T

ගමට කැකිරි

Image
කොළඹ පැටව් ගහපු විද්‍යාල ඔක්කොම එක්කෝ ඉවත් කළ යුතුයි. නැත්නම් ළමයින් දෙදහට අඩු කළ යුතුයි. ඔය වගේ මහා පරිමාණ විද්‍යාල මහ නගර මැද ලෝකෙ කොහෙවත් නෑ. ඒ මදිවට රනිල්ගේ ගේත් දුන්නලු රෝයල් එකට. මේක ලියන්නේ දේවියන්ගේ සද්දෙ ඇහිල. ඕවා අහක් කරානම් කොළඹට වැඩට එන අයයි, මහ ඉස්පිරිතාලෙට ම ඇලිලා ප්‍රාදේශීයව සේවය නොකරන වෛද්‍යවරුන් සහ ගුරුවරුන් ඔක්කොම තමුන්ගේ ගම් පළාත් වලට ගිහින් සේවය කරයි. කොළඹට කිරි එරවන්නත් ගමට කැකිරි බෙදන්නත් ප්‍රාදේශීය සංවර්ධනය හෙනහුරාට යන්නත් ප්‍රධානම හේතුව ඔය පාසල් සහ රෝහල. විශ්වවිද්‍යාලය වුණත් එච්චරයි, ලස්සන ටික තියලා ඉතුරු ටික කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පුරවමින් අනවශ්‍යව විශාල නොකළ යුතුයි. දවසකට බිලියනයක් වියදම් වෙන කොළඹ තදබදය පවා ඔය දේ කරා නම් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. තිස් වසරක යුද්දෙ වියදමට වඩා රටේ තදබදයෙ වියදම වැඩියි දැන්. වසරක ඉන්ධන ආනයන වියදම විතරක් රුපියල් බිලියන පන්දාහක්.