යුධ ජයග්‍රහණය සැමරීම

යුද්ධය උත්කර්ෂයට නැංවුවා ඇති,

එකිනෙකාගේ හිත්බිඳීම්, තුවාල පෑරුවා හොඳටෝම ඇති ,

දැන්වත් බෙදී වෙන් වී නොයිද ජාතියක් ලෙස එකතුවී ,ජාතියක් ලෙස ගොඩයන්න උත්සාහ කරමු .ඒ වෙනුවෙන් කැපවෙමු. පරිස්සමෙන් වචන සහ පෑන පාවිච්චි කරමු.



Derana: ඔබ වහන්සේ යුධ ජයග්‍රහණය විශ්වාස කරන්නැද්ද ?

නෑ. යුද්ධයකින්, අවියකින් ජයක් ලබන්න බෑ. ඒක බුදුහාමුදුරුවන්ගේ වචනෙකින් මං කියන්නම්.

ජයං වේරං පසවතී

දුක්ඛං සේති පරාජිතෝ

උපසන්තෝ සුඛංසේති

හිත්වා ජයං පරාජයං

අවිආයුධ වලින් ලබන ජයක් නෑ. ඒ ජයග්‍රහණය විසින් වෛරය ඇති කරනවා. ඒ ජයග්‍රහණය විසින් දුකින් වැලපෙන පිරිසක් ඉතිරි කරනවා. 

ජයග්‍රාහි පිරිසක් ඉන්නවා, වෛරය ඇතිකරන පරිසරයක් තියනවා, දුකින් තැවෙන පිරිසක් ඉන්නවා.

මේක තමා යුධ ජයග්‍රහණය 😑

ජය පරාජය ඉක්මවා යන මට්ටමට සමාජය ගේන්න ඒක ඇතුළේ අපි කාටත් සැනසිල්ලේ නිදාගන්න පුළුවන්.

ආයුධවලින් ලබන ජයක් බුදු දහම පිළිගන්නේ නැහැ.

          - ගල්කන්දේ ධම්මානන්ද හිමි -

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන