Posts

Showing posts with the label Transportation

අනිවාර්ය පාඩු වෙන කාර් පාක්!

Image
  වසරකට රටේ ඉන්ධන ආනයන වියදම රුපියල් බිලියන දාහයි. ඉන් වැඩි හරිය ප්‍රවාහනයට.  ඉන්ධන නිසාම බංකොලොත් වීම නවත්තන්න වහාම ඩොලර් බිලියනයක් ඕනෙලු. රටට ණයක් වත් අඩු පොලියට දෙන්න කෙනෙක් නෑලු.  අද රටේ මිනිස්සුත් උකස් පෝලිම් වල.  එහෙම තියෙද්දි අපේ රටේ තදබදය අඩු කරන්න හදන්නේ කාර් පාක් හදල.  වෙන රටවල නං කළේ නගරයට ඇතුල් වෙන වාහන ප්‍රමාණය අඩු කිරීම. පොදු ප්‍රවාහනය සහ ක්ෂුද්‍ර ප්‍රවාහනය දියුණු කිරීම පුනර්ජනනීය බලශක්ති දේශීයව නිෂ්පාදනය.  ඒව කොහොම වෙතත් අපිට අඩුම ගානේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හෝ බලශක්ති ප්‍රතිපත්තියක් වත් නැහැ. නගරය තුළට හදන උස් මාර්ග car park ආදිය කාගේ ආයෝජන හෝ ව්‍යාපාර වුණත් ලෝකෙ යටිතල පහසුකම් සියල්ල ඩිජිටල් වේගන යන විදියට මේව අනිවාර්ය සුදු අලි වෙනව! Others are building Digital infrastructure but we are still going for physical infrastructure 😁🔫 හැමදාම වගේ තාමත් අපි කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම. www.mobility.lk/transport-economy/ #NationalTransportPolicy #micromobility #carpark #mobilityalliance #renewableenergy

අලි මදිවට කොටි

Image
හරියටම මීට අවුරුද්දකට ඉස්සෙල්ලා රජය තීරණය කළා #LRT ව්‍යාපෘතිය නවත්තල දාන්න. ඊයෙ ඒක ආපහු කරලියට, කළමනාකරණ ගාස්තු විදිහට බිලියන 5.8 ජපන් සමාගමකට ගෙවන්න කියලා demand කරල තියෙනව, නමුත් අපි ඒවා එකවුන්ට් කරල නැහැ කියල. මේකත් ඛේදවාචකයක්! ඕනෑම එකඟතාවක තියෙනවා force majeure කියලා එකක් එනම් පෙර නොදැකපු එමෙන්ම පුරෝකතනය නොකරපු සිදුවීමක් මත ව්‍යාපාර, ව්‍යාපෘති අත්හිටුවීමේදී වන්දි නොගෙවීමට. LRT අවලංගු කිරීම් කරද්දි මුළු ලෝකෙම Covid වසංගතයට මුහුණපාලා, #masstransit එනමි මහා පරිමාණ ප්‍රවාහන ක්‍රම තවදුරටත් ලෝකයේ අනාගතයට, මෙගා නගර නොවෙන තැන් වලට අනවශ්‍ය දෙයක් බව පැහැදිලි වෙලා. මේ කරුණු අනුව රජයට අදාල සමාගම සමඟ සාකච්ඡා කරල මේ force majeure condition එක මත කිසිදු වන්දියක් නැතුව මෙය අවලංගු කර ගන්න අවස්ථාව තිබුණා. අපේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කොහොමත් සුදු අලියෙක් වෙන බව කලින්ම කිව්වා. ඊලඟට ආපු වසංගතය සංචරණ සීමා කිරීම, ව්‍යාපාර සඳහා කරන ගමනාගමන වෙනස් වීම් සදාකාලික වෙන බව ලෝකෙම කිව්ව. කමෙන්ට් වල ඇති අවලංගු කිරීම ගැන පැහැදිලි කිරීම් . අවලංගු කරන තීරණය හරි, නමුත් ක්‍රමය වැරදියි, බිලියන 5.8 ක් අපිට කජු ඇට කොස්...

වාහන සහ ප්‍රවාහන හීන

Image
වාහන ඉල්ලන නූගත් දේශපාලකයෝ පැත්තකින් තියමු. ලැජ්ජාවක් ඇත්නම් නාලක ගොඩහේවා වැනි උගත් ඇමතිලා සටන් කළ යුත්තේ SUV වලට නෙමෙයි, අපි ඔක්කොටම සැපපහසුව යා හැකි කාර්යක්ශම සහ ඵලදායි පොදු ප්‍රවාහනයට. මේ වෙන රටවලට ගියාම මම දැකපු දේවල්, ගත්ත පින්තූර, ලංකාව ගැන දකින හීන.... නමුත් අපේ දේශපාලකයන්, නිලධාරීන් දකින්නේ සුඛෝපභෝගී කාර්, ජීප් විතරයි. https://www.facebook.com/photo?fbid=10225925159976960&set=pcb.10225925163257042 අපි අවම වශයෙන් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් වත් නැති රටක් 🤬 #NationalTransportPolicy #PublicTransport

පය බරවායට පිටිකරට බෙහෙත්

Image
ඉන්ධන ආනයනයට රුපියල් බිලියන දාහක් රට වසරකට වියදම් කරනවා කියල පී බී ජයසුන්දර මහත්මයා මාස ගානකට ඉස්සෙල්ලා කිව්වා (link in comments). ඒවා දැන දැනම අනවශ්‍ය වියදම්, වාහන වගේ දේවල් ඇණවුම් කළා. ඒ මදිවට ඇමති කෙනෙක් කියනවා GSP+ ඉවත් කිරීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිලු. ප්‍රවාහනයට 60% ඉන්ධන වැය වෙනවා නම් ඉස්සෙල්ලම කළ යුතු ඉන්ධන වැයවෙන වාහන ප්‍රමාණය අඩු කිරීම.  ඒක පිටට තවත් විදුලි රථ වුනත් දාපුවම වෙන්නේ තදබදය තවත් වැඩි වෙලා ඉන්ධන පරිභෝජනය තවත් වැඩිවීම. ඒ වගේම වාහන පාරෙන් ඉවත් කරන්න පාපැදි සහ පොදු ප්‍රවාහනයට මුල් තැන දෙනවා කිව්ව. ඒවා දවස ගානෙම යන්නේ වලපල්ලට. සැලසුම් පවා හදල දුන්න දවසකට කොළඹට ඇතුල්වෙන පෞද්ගලික වාහන ලක්ෂ 8 අඩු කර ගන්න ක්‍රම ගැන. නමුත් අපි තවදුරටත් හදන්න යන්නේ නගරය තුළ car park හයිවේ වගේ වාහන ම ප්‍රවර්ධනය වෙන දේවල්. වසංගතයෙන් පස්සේ වෙනස් නොවෙන නව සංචරණ ක්‍රමවේද Micromobility වගේ දේට මුළු ලෝකෙම අනුගත උනත් අපි තවමත් digital infrastructure සංවර්ධනය වත් පයිසෙකට ගණන් නොගෙන කරන්නේ රාජ්‍ය ගොඩනැගිලි, නාගරික මහාමාර්ග, ගුවන් පාලම් කාර් පාක් වගේ දේවල් හැදීම.  ඊටත් එහා ප්‍රශ්නයක් පුනර්ජනනී...

කාර් හදන්න ඉගනගන්න හදන අයට

Image
මෝටර් රථ තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපනය සහ අනාගතේ ගැන අදාල ගෲප් එකක අහපු ප්‍රශ්නයකට මම දාපු කමෙන්ට් එකක් මේ. මේ පිළිබඳ උසස් අධ්‍යාපනයට උනන්දු තරුණයින්ට ප්‍රයෝජනයක් වෙයි. පළමුවෙන්ම විදුලි වාහන කියන්නේ automobile වල කොටසක් නෙමෙයි. දෙකටම පොදු අංග තියෙනවා body control systems, CAN management systems වගේ නමුත් වෙනස්, basics වුනත්. ඉන්ධන රථ මෙතැනින් එහාට දියුණු වෙන්නේ නැහැ, දියුණු කරන්න බැහැ, Euro 7 ප්‍රතිපත්ති අනුව. ඉන්ධන හෝ hybrid රථ වලින් ගත හැකි කාර්යක්ෂමතාවයේ උපරිම තත්ත්වයට දැන් ඇවිල්ල තියෙන්නේ. ඒ නිසාම තමයි සමහර රටවල් දැනටම ඒවා තහනම් කරලා තියෙන්නේ. විදුලි රතත් අවුරුදු සිය ගානක් කලින් ආවත් ඒක ඉස්සරහට නොගියෙ වෙනත් හේතු මත. විශේෂයෙන් ආර්ථික හේතු සහ Oil Cartel එක. නමුත් lithium-ion battery වල දියුණුව මත සහ පාරිසරික හේතු මත ගිය අවුරුදු 10 තුළ ඇතිවුණු දියුණුව හිතාගත නොහැකියි. එතනිනුත් ඉවර නෑ, lithium පවා අමතක කරලා වෙනත් base material හැදෙයි, hydrogen වගේ තාක්ෂණත් ඉදිරියට එයි. ඉන්ධන වාහන නැති වෙන්නේ නැහැ මීළඟ දශක දෙක තුළ, නමුත් උපාධි මට්ටමේ පාඨමාලාවක් කරලා ඒ ගැන දැනුමෙන් වැඩක් නැති වෙයි. කාර්ම...

විදුලි රිය වතුරෙදි

Image
මේ Nissan Leaf විදුලි රථයක් අද ගිය විදිය. නමුත් වාහනයක් ටෙස්ට් කරන්න වතුරට දාන එකයි මේ වගේ යන එකයි දෙකක්.  නිසාන් ලීෆ් වලට පෙට්‍රල් ඩීසල් ඒව යන්න බැරි ගැඹුරකට වතුරෙ යන්න පුළුවන්. බර වැඩි වීම තවත් වාසියක්, පාවීමේ හැකියාව අවම කරනවා. නමුත් ජීවිතේ ගලෝගන්න යන ගමනකදි මිසක් මේ වගේ තත්ත්වයකට හදපුවා නෙමෙයි කාර්. ඇක්සල් වල හබ් වල , රැක් වල ඉඳලා හැම කෑල්ලක් ඇතුලටම වතුර යනවා කැරකෙද්දි. ඇතුලෙ තියන grease ඔක්කොම ක්ෂය වෙනවා. තව දෙයක්, ට්‍රැක්ෂන් බැටරිය අලුත්වැඩියාවකට හරි ගලවපු එකක්නං ඇතුලට වතුර යන්න පවා ඉඩ තියෙනවා. මොකද ලංකාවෙ සීල් එක ප්‍රෙෂර් ටෙස්ට් කරන් නැති නිසා. යට ප්ලාස්ටික් කවර පවා ගැල වෙන්න ඇඹරෙන්න පුළුවන් සුළු වේගෙකින් ගියත්. වතුරෙ යන්න වෙනවාම නම් අවම වශයෙන් ටයර් හුලං හොදටම අඩු කරල යන්න. ඇතුලට වතුර නොගිය කියලා නෑ පාරෙන් පාවෙලා පාරෙන් අහක් වෙන්න යන්නේ තප්පරයයි. වතුරේ එකතැන තිබුනට ප්‍රශ්නයක් නෑ, බැහැලා ගියහම ගන්න. කිසි හානියක් වෙන එකක් නෑ. නමුත් ධාවනය කරන්න වුනොත් වහාම Severe use Inspection එකක් කරන්න. මේ ටික ඉන්ධන වාහන වලටත් පොදුයි.

බිලියන ගානක විනිමය ඉතිරි කරන ක්‍රමයක්!

Image
කොවිඩ් අරමුදලෙ සල්ලි වලින් රුපියල් මිලියන 194 කට ගිලන්රථ 10ක් ගත්තලු. සියලු පහසුකම් සහිත Ford ඇම්බියුලන්ස් රජය බදු එක්ක වසර දෙකකට පෙර මිලදී ගත්තේ කෑල්ලක් රුපියල් මිලියන 9.8 ගානෙ. ප්‍රවෘත්ති ඇත්ත නම් මන්ත්‍රීවරුන්ට අලුත් ජීප්. කියවෙන විදියට මේව Toyota Land cruiser, ඒකක් බදු රහිතව ඩොලර් 55,000 විතර වෙනවා.  අපි එපා කිව්වත් නැතත් රජයට අවශ්‍ය දේ කරන්න තුනෙන් දෙකේ බලය තියෙනවා. මේවට විපක්ෂය වත් විරුද්ධ වෙන එකක් නෑ. ඕව කොහොමහරි ගෙනෙයි. වාහන ඕනෙම නම් ඇයි චීනෙන් ගන්න බැරි?  Land cruiser සමාන SUV එකක් වෙන්නේ $16,000 විතර. කොහොම කළත් මේගොල්ලෝ අවුරුදු පහෙන් මාරු කරනවා. ඕවා වෙන රටකින් ගන්න එක අපේ හිතමිත්‍ර චීනෙට කරන විශාල අවනම්බුවක්. ඒ නැතත් අපේ විදේශ විනිමය සංචිතයට හානියක් නොවී චීනයෙන් අවුරුදු පහකින් ගෙවෙන විදියට ණයක් විදියට දෙයි. ජීප් විතරක් නෙමෙයි වෙන අත්‍යාවශ්‍ය ඔක්කොම වාහන ඔය ක්‍රමයට ගන්න පුලුවන්.  ප්‍රවෘත්ති වල තියන ගණන් වල හැටියට රටට අති විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි රෝහල්වලට අත්‍යාවශ්‍ය ICU සහ ventilator ඇතුළු උපකරණ ගන්න. අපට චීනෙ ඔක්කොම හොඳයි, ඇයි වාහන විතරක් නරක 🤔 #...

ධාවන වියදමේ ගාන

Image
ලංකාවේ වාහන මිලදී ගන්න අය අවශ්‍යතාවය ගැන සලකලා ඒකට ගැලපෙන රථය හොයාගන්න දන්නෙ නෑ. අතිබහුතරය වාහන ගන්නේ තමුන්ගේ අවශ්‍යතාවයට නෙමෙයි ඊළඟට ගන්න ඉන්න කෙනාගේ අවශ්‍යතාවයට හරියන විදියට.  ජෝන්ට මිනිස්සු හිනා උනාට එයා හරි, ලංකාවේ වැඩිපුර වාහන ගන්නෙ අවශ්‍ය අය නෙමෙයි. විදුලි රථ කතාවේදී වුණත් ඒක එහෙමමයි. අඩුම ගානෙ ඒවායේ නැවත විකුණම් වටිනාකමේ මිල හදාගන්න විදිහ වෙනස් බව වත් දන්නෙ නෑ.  ලංකාවේ පිකප් එකක් ගන්න අය නම් range එක කීයද කියල ඇහුවට කමක් නෑ, ටිකක් වැඩිපුර දිව වෙන නිසා. හැබැයි දවසකට කිලෝමීටර් 50 දුවන්නෙත් නැති අය අහන්නේ range එක කීයද කියල. Irony එක නං 300 දුවන කාර් ලංකාවේ ඇතිවෙන්න තිබුනත් මිලියන පහක් හයක් වියදම් කරන්න ලෝබයි.  නමුත් තමුන්ගේ අවශ්‍යතාවයට හරියන පෙට්‍රල් කාර් එකක් ගන්නේ නැතුව මළාට හරියන්නැති එන්ජින් දාන්න ලෑස්තිය 😁🔫 Ford F150 Lightning, ලෝන්ච් කරපු දවසෙම ඕඩර් විසිදාහක්. ඩොලර් 45,000 ඉඳං 75,000 වෙනකං, කිලෝමීටර් 370 - 450 දක්වා.  ඒ එහේ EV වලට යන හැටි, ලංකාවේ අපි අඩුම ගානේ ධාවන වියදමේ ගාන හදාගන්නවත් දන්නෑ. ලංකාවේ වාහන ගන්න අයගෙන් 50% වඩා අයට ටැක්සියක යන එක ඊට වැඩිය ල...

අවජාතක රියදුරන්!

Image
පාරේ තදබදය වැඩි කිරීමේ ප්‍රධානම හේතු මංතීරු නීති පිලිනොපැදීම සහ පාරවල් අයිනේ වාහන නැවැත්වීම. වැරදි නැවැත්වීම වමෙන් පැදවීම අපහසු කිරීමට සහ අනතුරු වැඩි කිරීමට පවා විශාල හේතුවක්. ලේන් දෙක මැද තියාගෙන ඉන්න මේ වගේ අවජාතක රියැදුරන් තමයි ඉහත වැරදි දෙකත් වැඩිපුරම කරන්නේ..  ත්‍රීරෝද නම් පොදුවේ ඔහොමයි. අනිත් වාහන දිහා බැලුවම මගේ පෞද්ගලික analysis එක ඒ අය මේ මූලික කොටස් වලට අයිති වෙනවා. * ග්‍රාමීය පළාත්වලින් නගරයට ආපු වාහන. * හොර හෝ රව්ඩි පෙනුම ඇති රියදුරන්. * අඩු අධ්‍යාපන හෝ බුද්ධි මට්ටම්වල අය. ඔය කිව්වේ පෙනුමට හිතෙන දේවල්, මෝඩ මූනක් තියෙන බුද්ධිමතුන් ඉන්න පුළුවන් ✊ #SoSriLankan #LaneLaw #mobilityalliance

ගුවන් පාලම් පිස්සුව

Image
බිලියන හත අටක වියදමෙන් ගුවන් පාලම් පහක් මාස 12 කින් හදන්න යනවලු. නාගරික තදබදය අඩු කිරීමට ගුවන් පාලම් අවශ්‍ය නම් එය නවීන ප්‍රවාහන මාධ්‍ය වෙනස්වීම්, වෙනස්වෙන ව්‍යාපාරික සහ මහජන අවශ්‍යතා සලකා බැලූ integrated plan එකක කොටස් විය යුතුයි. නැත්නම් වෙන්නේ එක තැනක තියන තදබදය තව තැනකට හුවමාරු කිරීමක් විතරයි. මෙතන සැලසුම් තියෙනවද නැද්ද කියන්න දන්නෙ නෑ. නමුත් එහෙම දෙයක් තිබුනත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය දීර්ඝකාලීන සැලසුම්, මේ වගේ හතු පිපෙන්නා වගේ පහළවෙන පැලැස්තර විසඳුම් නොවේ. LRT, expressways, highways flyovers railways and any similar need to be components of integrated mobility or transport plan of the country. අපේ රටේ ජනතාවගේ මුදලින් යැපෙන ප්‍රවාහනය පිළිබඳ විශේෂඥයෝ සහ විශේෂඥ ආයතන තිබුණත් කියන්න කණගාටුයි, මේ රටට වලංගු සහ අනාගතය වෙනුවෙන් යාවත්කාලීන වුණු ජාතික ප්‍රවාහන සැලසුමක් දැනටත් නෑ, දන්න කාලෙක තිබිලත් නෑ! අපේ දේශපාලකයන් විද්වතුන් සහ විශේෂඥයන් තාමත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න යන්නේ දුටුගැමුණු කුමාරයා කිරිබත් කාපු ක්‍රමේට. ඒකට නොහැකියාවට සහ අකාර්යක්ෂමතාවට අමතරව තවත් හේතුවක් සැලසුම...

දෙමුහුං උන Landcruiser 300

Image
හයිබ්‍රිඩ් කරලා අවුරුදු පහෙං දහයෙං ගොඩ අදින්න වෙන වාහන හදන්න වුන හේතුව කාබන් ක්‍රෙඩිට් අහිමි වීම සහ ලෝකයේ තහනම් වීගෙන යන හයිබ්‍රිඩ් එලදෙනගෙන් පුළුවන් තරම් කල් කිරි දොවා ගැනීම.  හයිබ්‍රිඩ් වාහන විකිණීම ලෝකෙ තහනම් උනත් එන්ජින් සහ අනිත් කොටස් හදලා තව දශක දෙක තුනක් අදිතෑකි. හයිබ්‍රිඩ් වලින් තමයි ටොයොටා ලොකුම සල්ලිය හෙව්වෙ, ඒක අතාරින්න ඒගොල්ලො ලේසියෙන් ලෑස්ති නෑ. ලංකාවෙ තියෙන අරුම පුදුම බදු ක්‍රමය මත දැන් තියන ගානට බාගෙකින් මේක වෙළඳපොළට එයි. අවුරුදු පහට ලක්ෂ පහක් දුවන රටවලට නම් මේ එන්ජින් හරි, අපි වගේ වාහනේ ජීවිතකාලෙං සියයට අනූවක් පාක් වෙලා ගත කරන අයට නෙමේ. ලංකාව වෙන්නැති ලෝකෙ එකම රට හයිබ්‍රිඩ් වාහනවල විමෝචන වායු නෑ කියන 😁🔫 කොහොමත් ඊළඟ අවුරුදු 5 තුළ Toyota දිශානතිය වෙනස්වෙනවා වගේම හයිබ්‍රිඩ් වලටත් තිත තියන්න වෙන බව තේරිලා තියෙන බව සමාගමේ නිල ප්‍රකාශ දිහා බැලුවම පේනවා. මේක ගැනත් කිසිම සද්දයක් නැත්තේ ඒක වෙන්නත් ඇති.

I ❤️ range anxiety!

Image
කතාව ගිය සතියෙ මං ලංකා විදුලි රථ සංගමයේ දාපු පෝස්ට් එකක්. හැබැයි පින්තූරෙ දැම්මෙ වෙන පෝස්ට් එකක උඩ තියෙන caption එකත් එක්ක. Range වැඩි වෙන එක හැම අතින්ම හොඳයි 😉 මගේ වෝල් එකේ ඉන්න අය විදුලි රත ගැන වැඩිය නොදන්න නිසා අටුවාව කියලම ඉන්නම්. මේ බලශක්තිය වැය නොකර වාහනය මගින්ම උපයපු ශක්තිය මගින් ගමන ඉවර කරපු කතාවක්. මේක ශක්ති සංස්ථිති නියමය ට එරෙහිව යනව කියල තර්ක කරන්න පුළුවන්. නමුත් සියලු දත්ත වාහනය මගින්ම දීපු ඒවා මත. විදුලි රථ ගැන දැනට නොදන්නා අයට මේ කතාව නොතේරෙන්න පුළුවන්. නමුත් අනාගතයේ ඒවා සාමාන්‍ය දැනීම වෙයි. බාර් තුනේ 30% SOH, 2013 G එකක් ඊයෙ මම පැපිලියානේ බොඩි ෂොප් එකෙන් රාජගිරියේ වර්ක් ෂොප් එකට යන්න ගන්නකොට බැටරිය 29%. රේන්ජ් නැහැ. හවස 5 යි වෙලාව. කෝට්ටේ පාර කිමී 7.5 වුණත් ගත්තේ 7.6 නාවල පාර, ෂොපිං ට්‍රැෆික් නිසා. ආවෙ D, Eco off, ඒසී ඕෆ්. ගමන ඉවර වෙද්දි බලශක්තිය එකතු කලා, 30% වෙනකං 💪  වාහනේ කාර්යක්ෂමතාව (energy efficiency) ගැන දැනුවත්ව වගේම හැම පැත්තක්ම පරික්ෂා කරල නිසා ආවෙ. මෙතනදි මම කිසිම රිස්ක් එකක් ගත්තෙ නෑ, range anxiety නෑ. A calculated trip!

සූර්ය කාර් වලට පෙර

Image
ගරු ඇමතිතුමනි 🙏 ඉන්ධන, හයිබ්‍රිඩ් වාහන වලින් වෙන වායු සහ පරිසර දූෂණය ඔබ හඳුනා ගැනීම අගය කරනව.  විදුලි කාර් වුනත් අපි පාරට එක් කළ යුතු එක ඉන්ධන භාවිත වාහනයක් ඉවත් කරන ගමන්. මේ ලෝකෙ නැති සූර්ය කාර් ගැන කතා නොකර, හෙට ඉඳං පටන් අරං අවුරුදු දෙකකින් ඉවර කරන්න පුළුවන් යට තියෙන දෙක කළොත් ඊළඟ ඡන්දෙදි මම ඔබේ campaign එකේ. දැනටම යෝජනා කර ඇති පාපැදි මංතීරු 6 හදල දිනකට කොළඹට ඇතුළුවෙන වන කාර් ලක්ෂ 8 න් 10% ඉවත් කිරීම. දැනට පාපැදි පදින මහාමාර්ග අයින් වල තියෙන බාධක ඉවත් කිරීම, වළවල් සහ ගැටි වැහීම, පාකින් නැවැත්වීම. මේවා ලොකු දේවල් නෙමෙයි, අනුමැතියත් අවශ්‍ය නෑ, ජනාධිපතිතුමාගේ Vistas of Prosperity & Splendor එනම් සෞභාග්‍යයෙ දැක්මෙ තියෙන ඒව. තව කරනවා නම් ඕන තරම් දේවල් තියෙනවා, අතිශය අඩු වියදමෙන් කරන්න පුළුවන්.  පොදු ප්‍රවාහනය ගැන මෙතන කතා නොකරමි.

අනතුරු නිවාරණය

Image
අනතුරකින් පස්සේ අපි ඒකට හේතු හොයනවා, කවුද වැරදි කාරය කියල උල තියන්න යනව. නමුත් මූලික හේතුව අවාසනාවන්ත විදියට මගහැරිලා.  මේවා ඇත්තෙන්ම හදිසි අනතුරු (Accident) නෙමෙයි ගැටුම් (Collision), එනම් වළක්වාගත හැකි ඒවා. රාජ්‍ය ආයතන දත්ත අනුව වැඩිම වැරදිකාරයො රියදුරන්. අපි නීතිරීති වලින් ඒ අයව හදන්න යනවා. මේවා බොහෝදුරට තාවකාලිකයි. දරුණු අනතුරකින් පස්සේ ටික දිනක් කතාවෙනවා, ඊට පස්සේ හැමදාකම අටකට කිට්ටු ගණනක් මැරෙනබව අපිට ගානක් නැහැ, කතාබහකුත් නැහැ.  මේ අනතුරු පාලනය සඳහා නීති අවශ්‍යයි, නමුත් නීතිගරුක සමාජයක නෙමේ අපි ජීවත් වෙන්නේ. ඒකට ජීවන සටන එකතුවුනාම තවත් භයානක වෙනවා. ඉතින් නීතියට සහ පුහුණුවට වඩා වැදගත්වෙන්නේ මානසික හැඩගැස්ම. පස්සර බස් එකේ පසුපස ස්ටිකරයෙන් කියවෙන්නෙත් මේ අති විශාල අඩුපාඩුව. අපේ රටේ පුහුණුවට ඇති ඉඩ ඉතාම අවමයි. බොහෝ දුරට බස් සහ ට්‍රක් රියදුරන් වෙන්නේ කොන්දොස්තර වරු සහ රිය සහායකයන්. කුඩා වාහන මෙන්ම ටුක් පදවන රියදුරන්ටත් හැදියාව පිලිබඳ පුහුණුවක් ඇත්තෙම නැහැ. රියදුරු පාසල වගකියන්නේ බලපත්‍රය ලබාදීමට පමණයි. ඊළඟට ඕනෑම වෘත්තියක අතරමැදි පුහුණු (Mid carrier training) තියෙනවා. නමුත් අ...

ආරක්ෂාවේ ප්‍රමිති

Image
පලවෙනි පින්තූරේ චීනෙ කොරොල්ලා එකක් පාපැදියක හැපිලා පාපැදිකරු සුළු තුවාල වලින් විතරක් බේරුණු කතාව. දෙවෙනි තුන්වෙනි පින්තූර ලංකාවේ. චීන පාපැදි කරුවා තරම් අපේ අය වාසනාවන්ත නෑ. කියවෙන්නේ එකම කතාවක්, බයිසිකල් රෝදයක වැදීම නිසා උනත් වෙන impact එක අවම කිරීම සඳහා ඇති විධිවිධාන.  පළමු පංතියේ වාහන නිෂ්පාදකයන්ගේ වාහනවල ආරක්ෂාව සහ ආරක්ෂිත උපාංග මගීන්ගේ වගේම තුන්වන පාර්ශවයෙ පුද්ගලයන්ගේ පවා ආරක්ෂාව සහතික වෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙනවද යන්න.  ඒ EuroNCAP ප්‍රමිතීන්ට අනුකූල වීම මෙන්ම සුමට පෘෂ්ඨ බද වටේම අඩංගු වීම මත. හැබැයි අපේ අය තාම හිතන්නේ වාහන හොඳ යකඩ කෑලි හතර වටේ තියනවනම් කියල.

කාර් නැති කොළඹ

Image
රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් විදුලි කාර් වලටවත්, ප්‍රධාන පරමාර්ථයක් පරිසර දුෂණය අවම කිරීම නිසා). එතකොටයි ඉදිරියට ප්‍රායෝගිකව මෙය ඉදිරියට ක්‍රියාත්මක වීම, එදිනෙදා ගමන්වලදී පාපැදි පාවිච්චි කරන්නේ කොහොමද, මොනවද මතුවෙන ගැටළු කියන එක හැමෝටම දැනගන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය මට්ටමෙන් මේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයාමට ප්‍රධාන කරුණු කීපයක් අවම වියදමෙන් ක්‍රියාත්මක කලහැකියි. * පාපදිකරුවන්ගේ ආරක්ෂාව සහ මාර්ග අයිතිය පිලිබඳ දැනට ඇති නීති ප්‍රතිසංස්කරණය. * නව කාර්යාල ගොඩනැගිලි අනුමත කිරීමේදී සයිකල් පාකින් සහ නෑමට පහසුකම් සැපයීමේ අවශ්‍යතාව. * හැකි සෑම නාගරික මාර්ග අලුත්වදියාවකදීම පිටපලාත්වල අලුතින් පාරවල් ඉදිකිරීමේදී බයිසිකල් සඳහා තීරුවක් වෙන්කිරීම, අවශ්‍ය අවම මීටරයයි. * දුම්රිය මාර්ග දෙපස දැනටත් ඇති ඉඩේ බයිසිකල් තීරු ඉදිකිරීම, අන්තර් සම්බන්ධතා ඇතිකිරීම. හෝමාගම සිට කැළණි වැලි මාර්ගය, ම...

බස් කතා බස්

Image
අද පානදුරේට යන්න ඕනවුනා, පාපැදිය preference එකවුනත් බයිසිකලෙන් නං උඹ මාව බලන්න එන්න එපා කියල අම්ම කියපු නිසාත්, ආපසු ගමන වෙන විදියක් නිසාත් ඔප්ෂන් හෙව්වා. ගූගල් අක්ක කිව්ව කාරෙකෙන් පැයයි, ට්‍රාන්සිට් නං පැයකුත් විනාඩි තිහේ ඉඳන් හතළිස්පහ දක්වා. ඌබර්කරනයේ මිල Zip නං රුපියල් 1,830. උද්ධමනය ඒකටත් බලපාල, මාස හයකට පෙර 1,300. මං ටුක් ටුක් වර්ජනයේ. ප්‍රතිපත්තිය සුනීත්‍ය සැරිසර නිසා ට්‍රාන්සිට් ඔප්ෂන් එක ගත්ත. නරක නැහැ, පැලවත්තේ ඉඳන් පානදුරට පැය එකහමාරයි. මාරු සල්ලි නැතිව ගල්කිස්සේදී බස් මාරුවට ගිය විනාඩි දහයත් එක්ක. ඔක්කොම බස් හතරයි. මුළු වියදම රුපියල් සීයයි. පෞද්ගලික කාබන්පාදය බැලන්ස් කිරීම මිල කල නොහැකියි. අතරමගදී ඩොකියුමන්ටරියක් බලල ඉවරකරගන්නත් පුලුවන්වුනා. මෙලෝවැඩක් නැති හෙඩ්රෙස්ට් නැති ගාලු පාරේ ලංගම බස් එක ඔක්කොටම වඩා හොඳයි. Emergency exit එකත් තිබුනා, ලොක් පවා ක්‍රියාත්මකයි. කර්ණකඨෝර සංගීතෙ නෑ, මග නවත්තං හිටියෙත් නෑ. ටිකට් අනිවාර්යයි කිව්වට පව්ද්ගලික බස්වල ටිකට් තියා ඉතුරු සල්ලිවත් ආපහු ලැබුනේ නෑ. ඔක්කොම බස්වල තිබිච්ච ලොකුම අඩුපාඩුව Half Puk Syndrome හැදෙ...

වයිරසය එක්ක සැරිසර

Image
වසංගත මර්දනයට ප්‍රමුඛත්වය දෙන ගමන් රටේ ආර්ථිකය ගැනත් සලකා බැලිය යුතුයි. අනෙක අපි තව සති දෙක තුනකින් රට විවෘත කරත් ඊට පස්සේ තව තැනකින් මතුවෙන ඉඩකඩ එහෙමමයි. මේක ඊළඟ වසර දෙක තුළ පුරාම රැලි විදියට නැවත නැවත මතු වෙන බවට විශේෂඥයන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට කළයුතු ඒ සඳහා හරි ක්‍රමවේද සහ අත්‍යාවශ්‍යම දේ වන සමාජ දුරස්ථතාව පවත්වා ගනිමින් රට විවෘත කිරීම. අනිත් දේවල් යම් තරමකින් කළමනාකරණය කළ හැකි වුවත් අපහසුම දේ පොදු ප්‍රවාහනය. දීල තියන උපදෙස් වල ප්‍රායෝගික බවේ අති විශාල ගැටලු. මේ ගැටලුවට එක්පැත්තක විසදුමක් විදියට ලියපු දෙයක් මේ. රජය සතුව අති විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ නගරයේ ආශ්වාස වායුව නැවත දූෂණය වීමට ඉඩ නොදීම වෙනුවෙන්. https://evrev.lk/2020/04/17/post-pandemic-urban-mobility/ පසුව ලියමි: උඩ ටික ලියල දවස් දෙකකින් ආපහු ඇදිරිනීතිය දික්කලා, විශේෂයෙන්ම ප්‍රවාහන ගැටළු නිසා. ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා මෙහෙම. ජනාධිපතිතුමනි  🙏 කොළඹට දිනකට වාහන 510,000 ක් ඇතුල්වෙනවා. අවම මිලියන 1.9 ක් ජනතාව නගරයට එනවා. එයින් මිලියනයක් එන්නේ පොදු වාහන 30,...

Jammed!

Image
Roads bursting at the seams BY MANESHKA BORHAM AND  DIMUTHU ATTANAYAKE   Sunday Observer 15 October, 2017     The Rajagiriya Overpass Traffic congestion is an inescapable result of growing metropolitan cities such as Colombo. With over 510,000 vehicles and around 1.9 million passengers entering the city on a daily basis, the traffic within the city of Colombo has become unmanageable, despite attempts by the authorities to mitigate the issue. The causes for the ceaseless traffic congestions are numerous. The ongoing constructions on the roads, excessive vehicles and regular protest marches have contributed to the problem. As a result, the severe traffic jams continue to be a major strain on the road systems, the Police, public transport services, government agencies and most importantly, the daily commuters. The loss of man-hours and massive financial losses are not negligible, either. So are the negative effects on the environment...