ධාවන වියදමේ ගාන

ලංකාවේ වාහන මිලදී ගන්න අය අවශ්‍යතාවය ගැන සලකලා ඒකට ගැලපෙන රථය හොයාගන්න දන්නෙ නෑ. අතිබහුතරය වාහන ගන්නේ තමුන්ගේ අවශ්‍යතාවයට නෙමෙයි ඊළඟට ගන්න ඉන්න කෙනාගේ අවශ්‍යතාවයට හරියන විදියට. 

ජෝන්ට මිනිස්සු හිනා උනාට එයා හරි, ලංකාවේ වැඩිපුර වාහන ගන්නෙ අවශ්‍ය අය නෙමෙයි.

විදුලි රථ කතාවේදී වුණත් ඒක එහෙමමයි. අඩුම ගානෙ ඒවායේ නැවත විකුණම් වටිනාකමේ මිල හදාගන්න විදිහ වෙනස් බව වත් දන්නෙ නෑ. 

ලංකාවේ පිකප් එකක් ගන්න අය නම් range එක කීයද කියල ඇහුවට කමක් නෑ, ටිකක් වැඩිපුර දිව වෙන නිසා. හැබැයි දවසකට කිලෝමීටර් 50 දුවන්නෙත් නැති අය අහන්නේ range එක කීයද කියල. Irony එක නං 300 දුවන කාර් ලංකාවේ ඇතිවෙන්න තිබුනත් මිලියන පහක් හයක් වියදම් කරන්න ලෝබයි. 

නමුත් තමුන්ගේ අවශ්‍යතාවයට හරියන පෙට්‍රල් කාර් එකක් ගන්නේ නැතුව මළාට හරියන්නැති එන්ජින් දාන්න ලෑස්තිය 😁🔫

Ford F150 Lightning, ලෝන්ච් කරපු දවසෙම ඕඩර් විසිදාහක්. ඩොලර් 45,000 ඉඳං 75,000 වෙනකං, කිලෝමීටර් 370 - 450 දක්වා. 


ඒ එහේ EV වලට යන හැටි, ලංකාවේ අපි අඩුම ගානේ ධාවන වියදමේ ගාන හදාගන්නවත් දන්නෑ.

ලංකාවේ වාහන ගන්න අයගෙන් 50% වඩා අයට ටැක්සියක යන එක ඊට වැඩිය ලාබයි. https://mobility.lk/2020/09/06/do-we-need-cars/

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන