Posts

Showing posts with the label Agriculture

රසායනික තහනම!

Image
මම කෘෂිවිද්‍යාව හැදෑරුවේ සාමාන්‍ය පෙළ වෙනකං වුවත් ප්‍රායෝගිකව වගා කරනව. රසායනික ද්‍රව්‍ය නැතිව වගාව කරන්න බැරි නැහැ.  නමුත් ව්‍යාපාරිකව සාර්ථක කරගන්න අපහසුයි ඒකට ගැලපෙන ආර්ථික මොඩලයක් හදන්නෙ නැතුව. ඒකෙ මූලිකත්වය දිය යුත්තේ කාබනික වගාවට නෙමෙයි, කළමනාකරණයට. ඒකත් ගොවි හෝ වගා කළමනාකරණය නෙමෙයි, කෘෂි ආර්ථිකය රටක් වශයෙන් කලමනාකරණය. අපිට නැත්තෙම මේකයි.  වගා සාර්ථකත්වය  වර්තමාන වියදම් සහ මිළ පරාස අනුව ලංකාවේ ව්‍යාපාරිකව කෘෂිකර්මය කරලා ලාභ ගන්න බැහැ. කාබනිකව තමුන්ගේ ඉඩම වගා කරන එකයි වැටුප් ගෙවල කරන වගායි සම්පූර්ණයෙන් වෙනස්. ගිය අවුරුද්දේ මුල කොරෝනා පටන් ගද්දිම ගෙවතු වගාවේ ඉඳලා ගොවියා ආරක්ෂා කිරීම ගැනත් ලොකු දේවල් කිව්වා. නමුත් අදටත් රටේ ගොවි නිෂ්පාදනයෙන් තුනෙන් එකක් වත් අපතේ යනවා නිසි කළමනාකරණයක් නොමැති වීමෙන්. නාස්තිය  පොහොර වුණත් ගොඩක් අපතේ යනවා.  එමෙන්ම අපේ සහල් පරිභෝජනයත් වැඩියි. සමබල ආහාර වේලක් ලැබෙන්නෙත් නැහැ.  එළවළු නිෂ්පාදනය බාගෙකට වැඩිය අපතේ. crop management නැහැ. කන හාල් ප්‍රමාණය බාගෙට අඩු කරල දෙගුණයක් මිල කාබනික ධාන්‍ය සහ එළවළු කන එක නොකළ හැකි දෙයක් නෙමෙයි...

පාං නැත්තං කේක් කාපල්ලා!

Image
ලංකාවේ කැලෑ ආරක්ෂා කරගන්න අවශ්‍ය එක් දෙයක් දැව ආනයනය බදු නිදහස් කිරීම. එමෙන්ම ලංකාවේ පාම් ඔයිල් වගාව අධෛර්යමත් කරන්න නම් edible තෙල් ප්‍රමිති ගතව අඩු බදු මත ආනයනයට සියලු ඉඩ සැලසිය යුතුයි. ලංකාවේ පරිසරය වනසන සීනි සහ කඩදාසි වැනි කර්මාන්ත සඳහාත් කල යුතු මෙයමයි. ඒවා අපි වගේ පොඩි රටවල් වලට ගැළපෙන හෝ ආර්ථික වශයෙන් කිසි දිනෙක ගෝලීය ආර්ථිකයක් තුළ සාර්ථක කළ හැකි ව්‍යාපාර නෙමෙයි. ප්‍රතිපත්ති සහ පාලන ක්‍රම හදාගන්න නොහැකියාව වහගන්න කලයුතු හැමදේම තහනම් කරගෙන යෑමත් නොවෙයි. ඒක කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නෑ. අපිට අඩුව හිටියේ දේශීය මාරි ඇන්ටොයිනට් කෙනෙක් විතරයි, දැන් ඒකත් හරි ද මන්දා! මිං පස්සෙ පාන් සුද්දන්ට විතරයි, දේශීය අපි ආසනික් පිරිච්ච බත්ම ගිලිමු 😁🔫

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන

Image
අපි ප් ‍ රශ්න එක්ක දගලන්නෙ විසඳුම් තියෙද්දි  😷 ආර්ථික මධ් ‍ යස්ථාන වල සෞඛ් ‍ යය පැත්තෙන් ගත්තාම විශාල ගැටලු තිබුනා. දුප්පත් ගොවීන්ටත් බොහෝ වෙළෙන්දන්ටත් මීටරේ දුර තියාගෙන මාස්ක් දාගෙන ඒ රස්සාව පුළුවන් වෙයි කියලා හිතන්නෑ. අවම වශයෙන් නොකඩවා අත සෝදගන්න පහසුකම් නැතුව. නමුත් ආර්ථික මධ් ‍ යස්ථාන වලට එන එළවළු නිෂ්පාදනයට කරන්නේ මොකක්ද කියලා සිතිය යුතුව තිබුණා. එළවළු මෝරනවා කපන්නැතුව ඉන්න බෑ කැපුවහම විකුණුවෙ නැත්තං නරක් වෙනවා. අවුරුදු සමය බලාගෙන ගොවීන් විශාලව නිෂ්පාදනයට යොමු වුණා. මෙය කළමනාකරණය කරන එක විශාල ප් ‍ රශ්ණයක් නෙමෙයි. ඉල්ලුම තියනවා නම් ඒ වගේම ලොජිස්ටික්ස් පහසුකම් තියනවනම්. රටේ බොහෝ පළාත්වල මිනිසුන්ට කන්න එළවළු නැතුව ඉන්නවා. අධික මිල ගණන් වලට විකිණෙනවා.

අති විශිෂ්ටයි කෑම

Image
කන්න ගේන්න ලංකාව $ මිලියන 1,841ක් වියදම් කරා 2017.  ඒකෙන් 52.7% ක්, එනම් $ මිලියන 971ක් වැය කරල තියෙන්නෙ පහල තියෙන වර්ග 5ට. ආවේ කොහෙන්ද කියලත් තියෙනවා. ඡායාරූපය Verite Research එකෙන්. දැක්කගමන් මට කියවුනු ප්‍රධාන කරුණු තුනක්. එක. එදා ඉදලම අපි අන්දරේලා, කරල තියෙන්නේ පවුල් පිටින් පැදුරේ පෙරළි පෙරළි සීනි කාපු එක. පේනවා නේද කාල තියෙන ප්‍රමාණය. ඔක්කොම වගේ පිටරටින්. මේක බාගෙට අඩු කරානම් දියවැඩියාව පාලනය කරන්නට රජය කරන වියදමයි ඒකෙන් වෙන ශ්‍රම නාස්තියයි එකට එකක් අඩුවෙයි.

කුරක්කන්

ලංකාවේ ගොවියෝ මුලදී වැව්වේ කුරක්කන්, නමුත් මල්වතු ඔය සහ වැව් කර්මාන්තයේ දියුණුවෙන් ලැබුණු ජලය නිසා වී වගාවට හැරුනා. රජවරුත් ඒකට සහයෝගය දුන්න හරි සහ වැරදි රාජ්‍ය සේවයට මිනිසුන්ගේ කාලය ඉතිරිවුන නිසා. මහවැලි ව්‍යාපාරය හරහා පවා අදටත් ප්‍රවර්ධනය වෙන්නේ වී. නමුත් අද බත් රටේ දුෂ්පොෂණයේ, බොහෝ සෞඛ්‍යය මෙන්ම ආර්ථික ගැටලුවල ප්‍රධාන සාධකයක්. එමෙන්ම වී ගොවිතැන සඳහා බව පවසමින් විදුලිය නිපදවිය හැකි ජලය අධිකව වෙන්කරල ආර්ථික හානියකට මෙන්ම පරිසර දුෂනයකටත් මංසලසනවා. අයි අපිට යකඩ, විටමින් සහ ප්‍රෝටීන් සපිරි කුරක්කන් වෙත නැවත හැරෙන්න බැරි? දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි තත්ව රටේ සිදුවන මරණ වලින් 20% කට වැඩියි. ලාංකික වැඩිහිටියන්ගෙන් බාගෙකට වඩා අධිකව තරබාරුයි. ගෑනු පිරිමි වෙනසක් නැතුව තඩි බඩවල් උස්සගන ලැජ්ජාවක් නැතිව යනවා. මන්දපෝෂණය ළමුන් අතරත් සුලබයි. කෝපි වලින් තේ වලට අපි මාරුවුණේ එක රැයෙන්. # කුරක්කන්   # fingermillet   # rice   # paradigmshift

Peacock Pandemic

Image
රටේ වගාවෙ ඵලදාව බාගයක් විනාස කරන්නේ සත්තු.  2017 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ග්‍රාම නිලධාරී වසම් 46 ක කරපු සමීක්ෂණය අනුව වී, බඩඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය මෙන්ම එළවළු සහ පලතුරු අස්වැන්නෙන් 40%ක් පමණ පොදුවේ මොනරුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් කාල. එනම් සෑම මිරිස් ගෝනි 10 කින්ම 4 ක්, සෑම වී මළු 10 කින්ම 4 ක්, සෑම කුරක්කන් ගෝනි 10 කින්ම 4 ක්ම. පාඩුව විඳදරාගතයුත්තේ ගොවියා. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය මොනරුන් වැනි සතුන් ඉවත් කරන්න සැලසුමක් හැදිය යුතුයි. නැත්නම් අලුත්ම  වගා සංග්‍රාමෙනුත් බාගයක් ගොවිපලේම පුහුවෙයි. එතකං FB සංසදයක් වත් හදන්න  Nishan  මොනරාගේ විලෝපිකයා කියල  🥘

වී වෙනුවට කුරක්කන්

Image
ලංකාවේ ගොවියෝ මුලදී වැව්වේ කුරක්කන්, නමුත් මල්වතු ඔය සහ වැව් කර්මාන්තයේ දියුණුවෙන් ලැබුණු ජලය නිසා වී වගාවට හැරුනා. රජවරුත් ඒකට සහයෝගය දුන්න හරි සහ වැරදි රාජ්‍ය සේවයට මිනිසුන්ගේ කාලය ඉතිරිවුන නිසා. මහවැලි ව්‍යාපාරය හරහා පවා අදටත් ප්‍රවර්ධනය වෙන්නේ වී. නමුත් අද බත් රටේ දුෂ්පොෂණයේ, බොහෝ සෞඛ්‍යය මෙන්ම ආර්ථික ගැටලුවල ප්‍රධාන සාධකයක්. එමෙන්ම වී ගොවිතැන සඳහා බව පවසමින් විදුලිය නිපදවිය හැකි ජලය අධිකව ව ෙන්කරල ආර්ථික හානියකට මෙන්ම පරිසර දුෂනයකටත් මංසලසනවා. අයි අපිට යකඩ, විටමින් සහ ප්‍රෝටීන් සපිරි කුරක්කන් වෙත නැවත හැරෙන්න බැරි? දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි තත්ව රටේ සිදුවන මරණ වලින් 20% කට වැඩියි. ලාංකික වැඩිහිටියන්ගෙන් බාගෙකට වඩා අධිකව තරබාරුයි. ගෑනු පිරිමි වෙනසක් නැතුව තඩි බඩවල් උස්සගන ලැජ්ජාවක් නැතිව යනවා. මන්දපෝෂණය ළමුන් අතරත් සුලබයි. කෝපි වලින් තේ වලට අපි මාරුවුණේ එක රැයෙන්. #කුරක්කන්   #fingermillet   #rice

Undue Rice Shortage

Image
මෙච්චර කාලෙකට නොතිබිච්ච හාල් හිඟයක් එක පාරටම කොහෙන්දෝ ඇවිල්ලා. ගිය අවුරුද්දේ අග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව economynext වාර්තා කරලා තිබුණා යල මහ කන්න දෙකේදී හාල් මෙට්‍රික් ටොන් මිලියන 2.73 නිෂ්පාදනය වුණා කියලා. සාමාන්‍ය පරිභෝජන තත්ත්ව යටතේ රටට අවශ්‍ය වෙන්නෙ හාල් මෙට්‍රික් ටොන් මිලියන 2.34 අවුරුද්දකට, ඒ සාමාන්‍ය මාසෙක පරිභෝජනය මෙට්‍රික්ටොන් 195,000 පමණ වෙන නිසා. මේ ගණනය කිරීම් අනුව මේ අවුරුද්දට  මෙට්‍රික් ටොන් 382,212 ක අතිරික්තයක් පවා ඉදිරියට ගෙන ආ යුතුයි පෙර සහ පසු අස්වනු හානි තිබුනෙ නැත්නම්. මේ ගණන් මිනුම් මහතැන්ලා නොදැන ඉන්න විදිහක් කොහොම වත් නැහැ. අනවශ්‍ය බියකට මම හිතන්නේ රට පත්වෙලා ඉන්නේ. මෝල් කාරයෝ හංගනවා නං දැන් අත්‍යවශ්‍ය සේවාවක් වෙලා තියෙන නිසා ඒක හමුදාව හරියට බලාගනියි. මේ කන්නේ කැපුණු අස්වැන්නත් මෝල් හිමියන් දැන් process කළ යුතුයි. ඒ කොහොම වෙතත් අපේ රටේ බත් කනවා වැඩියි. පිටරටින් ගේන සහල් පාන් තිරිඟු පිටි අරවා මේවා ඔක්කොම අතහැරලා ගණන් හදලා, බත් කන පුද්ගලයන් මිලියන විස්සක්ම ඉන්නව කියල ගත්තත් එක පුද්ගලයෙක් රටේ නිෂ්පාදිත හාල් ග්‍රෑම් 320 දවසකට කාලා. කළ යුතු සමබර ආහාර වේ...

අපි බත් කනවා වැඩියි

Image
හාල් කොහොමහරි ලාබෙට දෙන එක නෙමෙයි වැඩේ. ඒක ප්‍රායෝගිකද කියල විශේෂයෙන්ම බැලිය යුතුයි. අනෙක ගොවියා තවත් හිඟමනට වැටෙන එක නවත්තන්න බැරි වෙයි. දැනටත් සමහර වියදම් සලකා බැලෙන්නේ නෑ, අපිටම හොර කරගන්නවා හිත හදාගන්න. මේකට Lateral thinking යෝජනා තියෙනවා මට, පාරිභෝගිකයාගේ පැත්තෙන් කළහැකි. මේවයින් ඔක්කොමගෙ ප්‍රශ්න විසඳෙන්නේ නැතිවෙයි. කළ යුතු තවත් දේවල් තියෙනවා පෙර හා පසු අස්වනු තාක්ෂණවල ඉදලා ඔන්ලයින් අලෙවික්‍රම දක්වාම. හැබැයි ඉල්ලුම හා සැපයුම සමානවීම අනුව වෙළෙඳපොළ තුලනය වෙයි.  හාල් මිල වැඩි නං කන ප්‍රමාණය අඩු කළ යුතුයි. දැනටත් #බත් කන ප්‍රමාණය කොහොමත් වැඩියි. බත් එක වේලකට සීමා කළ යුතුයි. අඩුකරන ප්‍රමාණය වෙනුවට වෙන ආහාර ගන්න මේ වෙලාවේ සල්ලිත් නෑ. ඒකට කමක් නැහැ අඩුවෙන් කන්න බඩ පුරුදු කරගත යුතුයි. ආහාර නාස්තිය අවම කළ යුතුයි, ගෙදර විතරක් නෙමෙයි, බුෆේ වල බෙදාගැනිල්ලෙනුත්. පුද්ගලයකුට දිනකට අවශ්‍ය කාබොහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ විටමින් ප්‍රමාණය කලින් පෝස්ට් එකක ඇති. ස්ලයිඩ් තුන Kusumitha Mudith Perera ගෙන්. මේ ගණන් හරි. නමුත් එයා අස්වැන්න පිළිබඳව කලින් පොස්ට් එකක කියපු කතා...