රසායනික තහනම!

මම කෘෂිවිද්‍යාව හැදෑරුවේ සාමාන්‍ය පෙළ වෙනකං වුවත් ප්‍රායෝගිකව වගා කරනව. රසායනික ද්‍රව්‍ය නැතිව වගාව කරන්න බැරි නැහැ. 

නමුත් ව්‍යාපාරිකව සාර්ථක කරගන්න අපහසුයි ඒකට ගැලපෙන ආර්ථික මොඩලයක් හදන්නෙ නැතුව. ඒකෙ මූලිකත්වය දිය යුත්තේ කාබනික වගාවට නෙමෙයි, කළමනාකරණයට.

ඒකත් ගොවි හෝ වගා කළමනාකරණය නෙමෙයි, කෘෂි ආර්ථිකය රටක් වශයෙන් කලමනාකරණය. අපිට නැත්තෙම මේකයි. 

වගා සාර්ථකත්වය 

වර්තමාන වියදම් සහ මිළ පරාස අනුව ලංකාවේ ව්‍යාපාරිකව කෘෂිකර්මය කරලා ලාභ ගන්න බැහැ. කාබනිකව තමුන්ගේ ඉඩම වගා කරන එකයි වැටුප් ගෙවල කරන වගායි සම්පූර්ණයෙන් වෙනස්.

ගිය අවුරුද්දේ මුල කොරෝනා පටන් ගද්දිම ගෙවතු වගාවේ ඉඳලා ගොවියා ආරක්ෂා කිරීම ගැනත් ලොකු දේවල් කිව්වා. නමුත් අදටත් රටේ ගොවි නිෂ්පාදනයෙන් තුනෙන් එකක් වත් අපතේ යනවා නිසි කළමනාකරණයක් නොමැති වීමෙන්.

නාස්තිය 

පොහොර වුණත් ගොඩක් අපතේ යනවා. 

එමෙන්ම අපේ සහල් පරිභෝජනයත් වැඩියි. සමබල ආහාර වේලක් ලැබෙන්නෙත් නැහැ. 

එළවළු නිෂ්පාදනය බාගෙකට වැඩිය අපතේ. crop management නැහැ. කන හාල් ප්‍රමාණය බාගෙට අඩු කරල දෙගුණයක් මිල කාබනික ධාන්‍ය සහ එළවළු කන එක නොකළ හැකි දෙයක් නෙමෙයි. 

නමුත් මේව තිරසාර කෘෂි ආර්ථික ප්‍රතිපත්තියක් නොහදා ගහෙන් ගෙඩි එන්නා වගේ දාන චක්‍රලේඛ වලින් කරන්න බෑ. 

මේ කළ යුතු එමෙන්ම කළ හැකි එක දෙයක්: කොරෝනාගෙන් එහාට කෘෂිකර්මය

කාබනික වගාව කියල කරන්න යන්නෙ වගා බිම් ප්‍රමාණය වැඩි කරන්න නම් ඊට වඩා හොඳයි පාඩු වෙන කුඹුරු සහ වගාබිම් සියල්ල කැලෑ බවට පරිවර්තනය කරන එක, තිරසාර ආර්ථික ලාභ අනිවාර්යෙන් ලැබෙයි.


මේ පොහොර ගැනම කලින් ලියපු එකක් .......

ඊනියා රසායනික පොහොර තහනම!

මේ පරිසරය එක්ක ජීවත් වෙන ගැමියන්, ගොවියෝ සහ වන වාසීන්. ඉල්ලුවෙ පරිසරය ආරක්ෂා කරල දෙන්න කියල. රට, පරිසරය සහ ගොවිතැන ආරක්ෂා කරගන්න කළ යුතු දේ පැහැදිලිව විද්වතුන්ගේ වගේම මේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රකාශ වලත් තිබුණා.

අහස, පොළොව, ජලය සහ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න පළමුව කලයුතු ඊනියා රසායනික පොහොර තහනම නෙමෙයි. තිබෙන වනගහනය ආරක්ෂා කිරීම සහ පොහොර වලට වඩා අති විශාල පාරිසරික දූෂණයක් වන පොසිල ඉන්ධන භාවිතයෙන් ගැලවීම.

ඉන්ධන භාවිත බල ශක්තියෙන් සහ ප්‍රවාහනයෙන් ගැලවීම පරිසරය පමණක් නොවෙයි රටේ ආර්ථිකය පවා ගොඩනැංවිය හැකි හොඳම ක්‍රමයයි. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහත්මයත් ලඟදි කිව්ව ඉන්ධන ආනයනයේ වාර්ෂික වියදම බිලියන දාහක් බව. 

ලෝකය මහා පරිමාණ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ පොසිල ඉන්ධන භාවිතයෙන් ගැලවීමට මිස රසායනික පොහොර තහනම් කරන්න නෙමෙයි. නමුත් කෝ අපේ සැලසුම්, ක්‍රියාන්විත?

#මගේසතදෙක #agribusiness #sustainability

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන