Posts

Showing posts with the label Mobility

National Policies

Image
Tesla records a million orders for a truck from cyberspace.  Now Ford gets 40,000 orders for their conventional-looking F 150 lightning within a week of the announcement! I'm not going to talk about the 100,000,000 USD Tesla bagged as reservations to keep for years, interest-free 😉 Mind you, that's amidst Covid anyways! Interesting to note the thinking of our math on Cars. These e trucks are priced $50,000+, higher than their gas counterparts.  In a country like America, a range of 500 Kms + is not too big. Yet they decide to benefit their own pockets and the environment too! Forget it all now 😁🔫 We live in a shit hole with no National policies on Transport, Environment, or Energy! Yet we are poised to spend 3.6 Billion on vehicles including 227 SUVs for politicians amidst Covid!

ධාවන වියදමේ ගාන

Image
ලංකාවේ වාහන මිලදී ගන්න අය අවශ්‍යතාවය ගැන සලකලා ඒකට ගැලපෙන රථය හොයාගන්න දන්නෙ නෑ. අතිබහුතරය වාහන ගන්නේ තමුන්ගේ අවශ්‍යතාවයට නෙමෙයි ඊළඟට ගන්න ඉන්න කෙනාගේ අවශ්‍යතාවයට හරියන විදියට.  ජෝන්ට මිනිස්සු හිනා උනාට එයා හරි, ලංකාවේ වැඩිපුර වාහන ගන්නෙ අවශ්‍ය අය නෙමෙයි. විදුලි රථ කතාවේදී වුණත් ඒක එහෙමමයි. අඩුම ගානෙ ඒවායේ නැවත විකුණම් වටිනාකමේ මිල හදාගන්න විදිහ වෙනස් බව වත් දන්නෙ නෑ.  ලංකාවේ පිකප් එකක් ගන්න අය නම් range එක කීයද කියල ඇහුවට කමක් නෑ, ටිකක් වැඩිපුර දිව වෙන නිසා. හැබැයි දවසකට කිලෝමීටර් 50 දුවන්නෙත් නැති අය අහන්නේ range එක කීයද කියල. Irony එක නං 300 දුවන කාර් ලංකාවේ ඇතිවෙන්න තිබුනත් මිලියන පහක් හයක් වියදම් කරන්න ලෝබයි.  නමුත් තමුන්ගේ අවශ්‍යතාවයට හරියන පෙට්‍රල් කාර් එකක් ගන්නේ නැතුව මළාට හරියන්නැති එන්ජින් දාන්න ලෑස්තිය 😁🔫 Ford F150 Lightning, ලෝන්ච් කරපු දවසෙම ඕඩර් විසිදාහක්. ඩොලර් 45,000 ඉඳං 75,000 වෙනකං, කිලෝමීටර් 370 - 450 දක්වා.  ඒ එහේ EV වලට යන හැටි, ලංකාවේ අපි අඩුම ගානේ ධාවන වියදමේ ගාන හදාගන්නවත් දන්නෑ. ලංකාවේ වාහන ගන්න අයගෙන් 50% වඩා අයට ටැක්සියක යන එක ඊට වැඩිය ල...

ගුවන් පාලම් පිස්සුව

Image
බිලියන හත අටක වියදමෙන් ගුවන් පාලම් පහක් මාස 12 කින් හදන්න යනවලු. නාගරික තදබදය අඩු කිරීමට ගුවන් පාලම් අවශ්‍ය නම් එය නවීන ප්‍රවාහන මාධ්‍ය වෙනස්වීම්, වෙනස්වෙන ව්‍යාපාරික සහ මහජන අවශ්‍යතා සලකා බැලූ integrated plan එකක කොටස් විය යුතුයි. නැත්නම් වෙන්නේ එක තැනක තියන තදබදය තව තැනකට හුවමාරු කිරීමක් විතරයි. මෙතන සැලසුම් තියෙනවද නැද්ද කියන්න දන්නෙ නෑ. නමුත් එහෙම දෙයක් තිබුනත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය දීර්ඝකාලීන සැලසුම්, මේ වගේ හතු පිපෙන්නා වගේ පහළවෙන පැලැස්තර විසඳුම් නොවේ. LRT, expressways, highways flyovers railways and any similar need to be components of integrated mobility or transport plan of the country. අපේ රටේ ජනතාවගේ මුදලින් යැපෙන ප්‍රවාහනය පිළිබඳ විශේෂඥයෝ සහ විශේෂඥ ආයතන තිබුණත් කියන්න කණගාටුයි, මේ රටට වලංගු සහ අනාගතය වෙනුවෙන් යාවත්කාලීන වුණු ජාතික ප්‍රවාහන සැලසුමක් දැනටත් නෑ, දන්න කාලෙක තිබිලත් නෑ! අපේ දේශපාලකයන් විද්වතුන් සහ විශේෂඥයන් තාමත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න යන්නේ දුටුගැමුණු කුමාරයා කිරිබත් කාපු ක්‍රමේට. ඒකට නොහැකියාවට සහ අකාර්යක්ෂමතාවට අමතරව තවත් හේතුවක් සැලසුම...

නාගරික වායු දූෂණය

Image
මේ පින්තූරෙ පරිසර දූෂණයෙන් ගොඩක් එහාට ගිය ලොකු කතාවක් කියනවා. ඒ දැන් අපිට ලැබෙන දත්ත මත ක්‍රියාමාර්ග නොගැනීම නිසා සහ නොසැලකිල්ල නිසා අනාගතේ මුහුණ පාන්න වෙන තත්වය ගැන. නාගරික වායු දූෂණයෙන් සියයට 70 ක් වාහන පිටාර දුම. බොහෝ රටවල කොවිඩ් සමග නාගරික වායු දූෂණය අඩු වුණත් ලංකාවෙ විශේෂයෙන්ම කොළඹ තියෙන්නෙ දුක්ඛිත තත්ත්වයක්. එහෙම වෙන්නේ ඇයි කියල හැමෝම දන්න සාධක කීපයක් මේ........ සැලැස්මක් නොමැති කමින් අධික වෙන තදබදය, බහුතරයක් වාහන විශේෂයෙන්ම වෙළඳ වාහන පැරණි හෝ නිසි ප්‍රමිතියට නැති ඒවා වීම,  විමෝචන වායු පරීක්ෂාව යල්පැන ගිය ක්‍රමවේදයක් වීම,  හයිබ්‍රිඩ් වාහන නිසි නඩත්තුව නොමැතිකමින් ඉන්ධන වාහනය කටත් වඩා විෂ වායු විමෝචනය කිරීම,  ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති කම,  නගරය පිටට ගෙන යාමට හෝ ජාලගත ක්‍රම වලට රාජ්‍ය අංශයේ ඇති අකමැත්ත, පොදු ප්‍රවාහනය නවීන සහ දියුණු නොවීම, පාපැදි ආදී නවීන ගමනාගමන ක්‍රම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොසැපයීම, ඉන්ධන භාවිත බලශක්තියට තවමත් ප්‍රමුඛතාවය ලැබීම, පුනර්ජනනීය බලශක්ති වැඩි කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු නොවීම, නාගරික වායුව පිරිසිදු කරන පෙනහලු වැන...

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන

Image
අපි ප් ‍ රශ්න එක්ක දගලන්නෙ විසඳුම් තියෙද්දි  😷 ආර්ථික මධ් ‍ යස්ථාන වල සෞඛ් ‍ යය පැත්තෙන් ගත්තාම විශාල ගැටලු තිබුනා. දුප්පත් ගොවීන්ටත් බොහෝ වෙළෙන්දන්ටත් මීටරේ දුර තියාගෙන මාස්ක් දාගෙන ඒ රස්සාව පුළුවන් වෙයි කියලා හිතන්නෑ. අවම වශයෙන් නොකඩවා අත සෝදගන්න පහසුකම් නැතුව. නමුත් ආර්ථික මධ් ‍ යස්ථාන වලට එන එළවළු නිෂ්පාදනයට කරන්නේ මොකක්ද කියලා සිතිය යුතුව තිබුණා. එළවළු මෝරනවා කපන්නැතුව ඉන්න බෑ කැපුවහම විකුණුවෙ නැත්තං නරක් වෙනවා. අවුරුදු සමය බලාගෙන ගොවීන් විශාලව නිෂ්පාදනයට යොමු වුණා. මෙය කළමනාකරණය කරන එක විශාල ප් ‍ රශ්ණයක් නෙමෙයි. ඉල්ලුම තියනවා නම් ඒ වගේම ලොජිස්ටික්ස් පහසුකම් තියනවනම්. රටේ බොහෝ පළාත්වල මිනිසුන්ට කන්න එළවළු නැතුව ඉන්නවා. අධික මිල ගණන් වලට විකිණෙනවා.

වයිරසය එක්ක සැරිසර

Image
වසංගත මර්දනයට ප්‍රමුඛත්වය දෙන ගමන් රටේ ආර්ථිකය ගැනත් සලකා බැලිය යුතුයි. අනෙක අපි තව සති දෙක තුනකින් රට විවෘත කරත් ඊට පස්සේ තව තැනකින් මතුවෙන ඉඩකඩ එහෙමමයි. මේක ඊළඟ වසර දෙක තුළ පුරාම රැලි විදියට නැවත නැවත මතු වෙන බවට විශේෂඥයන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට කළයුතු ඒ සඳහා හරි ක්‍රමවේද සහ අත්‍යාවශ්‍යම දේ වන සමාජ දුරස්ථතාව පවත්වා ගනිමින් රට විවෘත කිරීම. අනිත් දේවල් යම් තරමකින් කළමනාකරණය කළ හැකි වුවත් අපහසුම දේ පොදු ප්‍රවාහනය. දීල තියන උපදෙස් වල ප්‍රායෝගික බවේ අති විශාල ගැටලු. මේ ගැටලුවට එක්පැත්තක විසදුමක් විදියට ලියපු දෙයක් මේ. රජය සතුව අති විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ නගරයේ ආශ්වාස වායුව නැවත දූෂණය වීමට ඉඩ නොදීම වෙනුවෙන්. https://evrev.lk/2020/04/17/post-pandemic-urban-mobility/ පසුව ලියමි: උඩ ටික ලියල දවස් දෙකකින් ආපහු ඇදිරිනීතිය දික්කලා, විශේෂයෙන්ම ප්‍රවාහන ගැටළු නිසා. ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා මෙහෙම. ජනාධිපතිතුමනි  🙏 කොළඹට දිනකට වාහන 510,000 ක් ඇතුල්වෙනවා. අවම මිලියන 1.9 ක් ජනතාව නගරයට එනවා. එයින් මිලියනයක් එන්නේ පොදු වාහන 30,...