නාගරික වායු දූෂණය

මේ පින්තූරෙ පරිසර දූෂණයෙන් ගොඩක් එහාට ගිය ලොකු කතාවක් කියනවා. ඒ දැන් අපිට ලැබෙන දත්ත මත ක්‍රියාමාර්ග නොගැනීම නිසා සහ නොසැලකිල්ල නිසා අනාගතේ මුහුණ පාන්න වෙන තත්වය ගැන.

නාගරික වායු දූෂණයෙන් සියයට 70 ක් වාහන පිටාර දුම. බොහෝ රටවල කොවිඩ් සමග නාගරික වායු දූෂණය අඩු වුණත් ලංකාවෙ විශේෂයෙන්ම කොළඹ තියෙන්නෙ දුක්ඛිත තත්ත්වයක්.

එහෙම වෙන්නේ ඇයි කියල හැමෝම දන්න සාධක කීපයක් මේ........

සැලැස්මක් නොමැති කමින් අධික වෙන තදබදය, බහුතරයක් වාහන විශේෂයෙන්ම වෙළඳ වාහන පැරණි හෝ නිසි ප්‍රමිතියට නැති ඒවා වීම, 

විමෝචන වායු පරීක්ෂාව යල්පැන ගිය ක්‍රමවේදයක් වීම, 

හයිබ්‍රිඩ් වාහන නිසි නඩත්තුව නොමැතිකමින් ඉන්ධන වාහනය කටත් වඩා විෂ වායු විමෝචනය කිරීම, 

ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති කම, 

නගරය පිටට ගෙන යාමට හෝ ජාලගත ක්‍රම වලට රාජ්‍ය අංශයේ ඇති අකමැත්ත,

පොදු ප්‍රවාහනය නවීන සහ දියුණු නොවීම,

පාපැදි ආදී නවීන ගමනාගමන ක්‍රම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොසැපයීම,

ඉන්ධන භාවිත බලශක්තියට තවමත් ප්‍රමුඛතාවය ලැබීම,

පුනර්ජනනීය බලශක්ති වැඩි කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු නොවීම,

නාගරික වායුව පිරිසිදු කරන පෙනහලු වැනි මුතුරාජවෙල ආදී තෙත්බිම් ආරක්ෂා නොකිරීම,

සංවර්ධනයේ සහ ඊනියා වගාවේ නාමයෙන් රටේ වැසි වනාන්තර ප්‍රතිශතය දිනෙන් දින අඩු වීම.....

තව ලියන්න පුළුවන්, නමුත් බහුතරයට වැඩකුත් නෑ පාලකයන්ට වැඩකුත් නෑ. Sustainable development වගේ සංකල්ප අපිට හීන. 

මේ තත්ත්වය නිසා රටට මුහුණ පාන්න වෙන ආර්ථික සහ සෞඛ්‍ය ගැටළු සහ ලේසියෙන් කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන ලින්ක්.

https://mobility.lk/2020/04/05/colombo-air-making-us-sick/

https://mobility.lk/2020/05/01/cycle-paths-to-enter-colombo/

රට වෙනුවෙන් මේ කළ නිරූපණය අතිශයින් වැදගත්, ඒ අයට මගේ ආචාරය. අවාසනාවට අනාගතයේ ඇත්ත වෙන කතාවක් වුණත් මේ තත්ත්වය රටේ ජනතාවගෙන් සියයට දහයක්වත් තේරුම් ගනීද යන්න ගැන සැකයි.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන