Posts

Showing posts with the label අම්මා

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරු පියාණෝ!

Image
මගේ මව් කුඩා පොත් කිහිපයක් ලිව්වා. මට වඩාත්ම දැනුනෙ පියා වකුගඩු අකර්මණ්‍ය ව අවසන් දවස් ගත කරද්දී එයාගේ අවමගුල් දවසේ ධර්ම දානයක් විදිහට බෙදල දෙන්න අම්මා ලියපු "මරණයට සාදර වන්න" පොත. ලඟදි එයාගේම ජීවිත කතාව ලියන්න ගත්තා. පෙරේද ඇහුවහම ඉවර ද කියලා අනේ මට කම්මැලියි, මහන්සියි බං කිව්ව. ඒ කොහොම උනත් විවාහයෙන් පස්සේ පරිච්ඡේදවල එතරම් රසවත් බවක් නෑ, ලියල වැඩකුත් නෑ කිව්වා. දැන් 84 යි, අම්මා එයා ගැනම ලියපු දෙයක් මේ. "මම බොහෝ ඇසූපිරූ තැන් ඇත්තියක නොවෙමි. කිසිම ලෙසකින් ලේඛිකාවක ද නො වෙමි. එහෙත් කියවන්නට ප්‍රිය කරමි. සිරුරේ දිරාපත් බව විසින් එය ද කෙමෙන් කෙමෙන් මවිසින් දුරු කරනු ලබයි. යමක් අසා දැනගන්නට ද එතරම් පහසු නැත. ඒ මගේ දෙසවන් මට වසඟ නැති නිසාය. දහසක් දුබලතා මැද වුවද ළබැඳියන් ගේ හිතෛෂී බව ගැන ලිවීමෙන් මා ලබන සුවය අපමණය" අම්මා ලියපු දේවල් ටික ටික ඩිජිටල්කරණය කළ යුතුයි. කාලය තමයි ප්‍රශ්නේ, සිංහලෙන් අකුරු කරද්දි ඉංග්‍රීසියට වැඩිය ගොඩක් වෙලා යන නිසා, මගේ සුපුරුදු වොයිස් ටයිප් කලත්. මේ අද පොසොන් දවස වෙනුවෙන් ගනේගම සරණංකර හාමුදුරුවන්ගෙ බුදුහාමුදුරුවෝ පොත ආශ්‍රයෙන් අම්මා මුද්‍ර...

බුදුහාමුදුරුවෝ පොතේ පෙරවදන

Image
මව්වරුන්ගේ දිනය වෙනුවෙන්! අම්මා දශකයකට පෙර ලියූ පොතක පෙරවදන මේ. ඇගේ ඇසින් ලොව දකින්නට බැරි වීම, ඇය සේ ලොවට ආදරය කරන්නට බැරි වීම මට කණගාටුවක්. ඉඩ එන පරිදි ඇගේ ලිපි නව මාධ්‍ය තුළත් පළ කළ යුතුයි, ඇයට සහ සියලු මව්වරුන්ට සුව පතමින් 🙏 මගේ කියමන. මම කියවන්නට බොහෝ ප්‍රිය කරමි. අතිශයින්ම ප්‍රිය කරමි. කියවා වටහා ගැනීමට හැකි පොතපත මගේ කලණ මිතුරෝ වෙති. කවර හෝ පොතක් දැකීම මට ප්‍රිය දසුනකි. එය මට සුදුසු, මට වැටහෙන පොතක් නම් මට දැනෙන සතුට අසීමිතය. බොහෝවිට නිවසේම කල දවස ගෙවෙන අබල දුබල කම් වලින් පෙලෙන වියපත් අපට පොත් ඇති තැන් සොයා යාම අසීරුය. එහෙත් කවර ලෙසකින් හෝ පොත් ලැබේ. කියවාගත නොහැකි තරමටම ලැබේ. ලැබෙන තරමටම මම ද ඒවා කියවන්නන්ට බෙදාදෙමි. දිවි මගෙහි අවසන් ඉම පෙනෙන මානයේ සිටින මා දැන් කියවන්නෙම බණ දහම් ගැන ලියැවුණු පොත්මය. ඒ පොත් පුරාවටම පිරී තිබුණු සුවඳ දහම් පද මම මගේ ලග උදේ හවා දැවටෙන අයට කියා දෙමි. ඒවා අසන ඔවුන් සුළු වෙලාවකින් අතුරුදහන් වන්නේ යළි එන බව කියමිනි. ඒත් කිසිම දවසක යළි ආවේ නැත. ඔවුන්ට අසන්ට වෙනත් බොහෝ දේ ඇත. මා සේම වියපත් වූවෙකුම පමණි ඒවාට කන් දෙන්නේ.