Posts

Showing posts from March, 2021

පාං නැත්තං කේක් කාපල්ලා!

Image
ලංකාවේ කැලෑ ආරක්ෂා කරගන්න අවශ්‍ය එක් දෙයක් දැව ආනයනය බදු නිදහස් කිරීම. එමෙන්ම ලංකාවේ පාම් ඔයිල් වගාව අධෛර්යමත් කරන්න නම් edible තෙල් ප්‍රමිති ගතව අඩු බදු මත ආනයනයට සියලු ඉඩ සැලසිය යුතුයි. ලංකාවේ පරිසරය වනසන සීනි සහ කඩදාසි වැනි කර්මාන්ත සඳහාත් කල යුතු මෙයමයි. ඒවා අපි වගේ පොඩි රටවල් වලට ගැළපෙන හෝ ආර්ථික වශයෙන් කිසි දිනෙක ගෝලීය ආර්ථිකයක් තුළ සාර්ථක කළ හැකි ව්‍යාපාර නෙමෙයි. ප්‍රතිපත්ති සහ පාලන ක්‍රම හදාගන්න නොහැකියාව වහගන්න කලයුතු හැමදේම තහනම් කරගෙන යෑමත් නොවෙයි. ඒක කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නෑ. අපිට අඩුව හිටියේ දේශීය මාරි ඇන්ටොයිනට් කෙනෙක් විතරයි, දැන් ඒකත් හරි ද මන්දා! මිං පස්සෙ පාන් සුද්දන්ට විතරයි, දේශීය අපි ආසනික් පිරිච්ච බත්ම ගිලිමු 😁🔫

Churchill & the Chauffeur

Image
Winston Churchill said: "I took the taxi one day and went to the BBC office for an interview...and when I arrived I asked the driver to wait for me for forty minutes until I got back!   But the driver apologized and said 'I can't because I have to go home to listen to Winston Churchill's speech'  Churchill says he was amazed and delighted with this man's desire to listen to his conversation!   So Churchill took ten pounds and gave it to the taxi driver without telling who he was. When he collected the money he said: "I'll wait hours until you come back, sir! And let Churchill go to hell!  * Principles have been modified against money * Nations were sold for money * Honor was sold for money. * People were killed for the money Finally, politicians only gave so much power to money and made people their slaves! Pictured Reginald Parker, once Mr. Churchill s chauffeur, outside No 10, Dawning street.

ඊවී වලට එන්ජින් දාමු 😜

Image
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන කාර් ගෙනල්ලා ලංකාවෙ පරිසරය සහ වායුගෝලය ආරක්ෂා කරන බව ඇමති කෙනෙක් කියල තිබුණා. මේ ලෝකේ නැති දේවල් ගැන කතාකරනවට වඩා රටේ ආර්ථිකය  පරිසරය සහ ප්‍රවාහනය නංවන්න වසරකින් සාර්ථකව කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන කලින් ලිව්ව, ලින්ක් එක කමෙන්ට් කරන්නම්. විදුලි රථ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතා පහසුවෙන් කළ හැකි එමෙන්ම කළ යුතු කරුණු දෙකක් නම්;  ආරෝපණ මධ්‍යස්ථාන රාජ්‍ය අනුග්‍රහයෙන් ඇති කිරීම. සෑම ප්‍රධාන මාර්ග කිලෝමීටර් 50 කටම අවම වශයෙන් එක් ආරෝපණ මධ්‍යස්ථානයක් හෝ රාජ්‍ය ප්‍රතිපාදන මත ඉදි කිරීමට පෞද්ගලික අංශයට උදව් කිරීම. බැටරි ආනයනය සදහා ඇති බාධා ඉවත් කිරීම සහ නීත්‍යානුකූල කිරීම. මේ සම්බන්ධයෙන් අපත් යම් දේවල් රජය සමඟ කරගෙන යනවා. විදුලි වාහන කියන්නේ 2014 ට ඉස්සෙල්ලා හදපු Leaf විතරක් නෙමෙයි නමුත් ඒවයෙ ප්‍රශ්නයත් සාධාරණයි. එහෙම කිව්වත් විදුලි වාහන වල වටිනාකම සහ ප්‍රයෝජනය දැනගෙන ඒව ගත්තු මුල් අයිතිකාරයෝ ගාව ඒ ලීෆ් තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒව වුනත් දැන් තියෙන්නෙ පසු අයිති කාරයෝ ගාව. ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න කොහෙත්ම හේතුවක් නෑ, ප්‍රශ්නෙ දැනගෙන ගත්තු නිසාත්, ගත්තෙ කුණුකොල්ලෙ

I ❤️ range anxiety!

Image
කතාව ගිය සතියෙ මං ලංකා විදුලි රථ සංගමයේ දාපු පෝස්ට් එකක්. හැබැයි පින්තූරෙ දැම්මෙ වෙන පෝස්ට් එකක උඩ තියෙන caption එකත් එක්ක. Range වැඩි වෙන එක හැම අතින්ම හොඳයි 😉 මගේ වෝල් එකේ ඉන්න අය විදුලි රත ගැන වැඩිය නොදන්න නිසා අටුවාව කියලම ඉන්නම්. මේ බලශක්තිය වැය නොකර වාහනය මගින්ම උපයපු ශක්තිය මගින් ගමන ඉවර කරපු කතාවක්. මේක ශක්ති සංස්ථිති නියමය ට එරෙහිව යනව කියල තර්ක කරන්න පුළුවන්. නමුත් සියලු දත්ත වාහනය මගින්ම දීපු ඒවා මත. විදුලි රථ ගැන දැනට නොදන්නා අයට මේ කතාව නොතේරෙන්න පුළුවන්. නමුත් අනාගතයේ ඒවා සාමාන්‍ය දැනීම වෙයි. බාර් තුනේ 30% SOH, 2013 G එකක් ඊයෙ මම පැපිලියානේ බොඩි ෂොප් එකෙන් රාජගිරියේ වර්ක් ෂොප් එකට යන්න ගන්නකොට බැටරිය 29%. රේන්ජ් නැහැ. හවස 5 යි වෙලාව. කෝට්ටේ පාර කිමී 7.5 වුණත් ගත්තේ 7.6 නාවල පාර, ෂොපිං ට්‍රැෆික් නිසා. ආවෙ D, Eco off, ඒසී ඕෆ්. ගමන ඉවර වෙද්දි බලශක්තිය එකතු කලා, 30% වෙනකං 💪  වාහනේ කාර්යක්ෂමතාව (energy efficiency) ගැන දැනුවත්ව වගේම හැම පැත්තක්ම පරික්ෂා කරල නිසා ආවෙ. මෙතනදි මම කිසිම රිස්ක් එකක් ගත්තෙ නෑ, range anxiety නෑ. A calculated trip!

සූර්ය කාර් වලට පෙර

Image
ගරු ඇමතිතුමනි 🙏 ඉන්ධන, හයිබ්‍රිඩ් වාහන වලින් වෙන වායු සහ පරිසර දූෂණය ඔබ හඳුනා ගැනීම අගය කරනව.  විදුලි කාර් වුනත් අපි පාරට එක් කළ යුතු එක ඉන්ධන භාවිත වාහනයක් ඉවත් කරන ගමන්. මේ ලෝකෙ නැති සූර්ය කාර් ගැන කතා නොකර, හෙට ඉඳං පටන් අරං අවුරුදු දෙකකින් ඉවර කරන්න පුළුවන් යට තියෙන දෙක කළොත් ඊළඟ ඡන්දෙදි මම ඔබේ campaign එකේ. දැනටම යෝජනා කර ඇති පාපැදි මංතීරු 6 හදල දිනකට කොළඹට ඇතුළුවෙන වන කාර් ලක්ෂ 8 න් 10% ඉවත් කිරීම. දැනට පාපැදි පදින මහාමාර්ග අයින් වල තියෙන බාධක ඉවත් කිරීම, වළවල් සහ ගැටි වැහීම, පාකින් නැවැත්වීම. මේවා ලොකු දේවල් නෙමෙයි, අනුමැතියත් අවශ්‍ය නෑ, ජනාධිපතිතුමාගේ Vistas of Prosperity & Splendor එනම් සෞභාග්‍යයෙ දැක්මෙ තියෙන ඒව. තව කරනවා නම් ඕන තරම් දේවල් තියෙනවා, අතිශය අඩු වියදමෙන් කරන්න පුළුවන්.  පොදු ප්‍රවාහනය ගැන මෙතන කතා නොකරමි.

දෙවිවරු වූ මිනිස්සු, ගැහැණු සහ ෆේස්බුක්!

Image
ගොවිපළේ ඉඳන් ට්‍රක් එකට හාල් කිලෝ දෙදහක් විතර දාගෙන දමිත අයිය එක්ක පිටත් වෙනකොට ඊයේ රෑ 10:00 පහු වෙලා. කොරොන කාලේ අවුරුද්දකට වඩා පොඩ්ඩක්වත් ට්‍රක් එක නොදුවපු නිසා වැඩි හොඳට ආණමඩුවේ ටයර් කඩේකින් හුලං චෙක් කරා. සේරුකැලේ  හරිය පහුකරද්දි දඩ දඩ සද්දයක් ඇහෙනකොටම ඇඟ හීතල වුණා ටයර් වෙන්නැති කියලා. ට්‍රක් එක පස්ස double වීල්, වම් පැත්තෙ ජෝඩුවම ෆ්ලැට්. දෙපැත්තෙම වැව සහ කැලේ දෙපැත්තටම හැතැම්මකට දෙකකට වඩා යනකං මනුස්ස වාසෙකුත් නෑ. කරන්නෙ මොනාද කියලවත් හිතාගන්න බෑ. ටයර් තියෙන විදියට අලුතෙන්ම දාන්න වෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා ආරක්ෂාව වැදගත් නිසා ට්‍රැෆික් ත්‍රිකෝනෙ තිබ්බ පාරේ. ඉඳ හිට යන වාහන නවත්තන්න හදන ගමං FB SOS පෝස්ට් එකකුත් දැම්මා. පැය බාගයක් විතර වාහන නවත්තන්න හැදුවා. පහකට වැඩිය ගියෙත් නෑ කවුරුවත් නැවැත්තුවේ නෑ. තවත් ටික වෙලාවකින් මේ ඉන්න පැන්ඩා නැවැත්තුව. ඇතුල ලයිට් එක දැම්මහම දැක්කේ ලස්සන තරුණ නෝනා කෙනෙක් නම භාග්‍යා. අවුරුදු පහක විතර පොඩි දුවෙකුත් ඇතුලේ. භාග්‍යා කිලෝමීටර දහයක් විතර එහායින් තියෙන ටයර් කඩ 2කම අංක දුන්නා. ඒවා ඉන්ටර්නෙට් එකේ නැහැ. මේ නෝනා ගාව ලියලා තියාගත්තු ඒව. එක නම්බරයක් කාර් එකෙ