දෙවිවරු වූ මිනිස්සු, ගැහැණු සහ ෆේස්බුක්!

ගොවිපළේ ඉඳන් ට්‍රක් එකට හාල් කිලෝ දෙදහක් විතර දාගෙන දමිත අයිය එක්ක පිටත් වෙනකොට ඊයේ රෑ 10:00 පහු වෙලා.

කොරොන කාලේ අවුරුද්දකට වඩා පොඩ්ඩක්වත් ට්‍රක් එක නොදුවපු නිසා වැඩි හොඳට ආණමඩුවේ ටයර් කඩේකින් හුලං චෙක් කරා.

සේරුකැලේ  හරිය පහුකරද්දි දඩ දඩ සද්දයක් ඇහෙනකොටම ඇඟ හීතල වුණා ටයර් වෙන්නැති කියලා. ට්‍රක් එක පස්ස double වීල්, වම් පැත්තෙ ජෝඩුවම ෆ්ලැට්. දෙපැත්තෙම වැව සහ කැලේ දෙපැත්තටම හැතැම්මකට දෙකකට වඩා යනකං මනුස්ස වාසෙකුත් නෑ.

කරන්නෙ මොනාද කියලවත් හිතාගන්න බෑ. ටයර් තියෙන විදියට අලුතෙන්ම දාන්න වෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා ආරක්ෂාව වැදගත් නිසා ට්‍රැෆික් ත්‍රිකෝනෙ තිබ්බ පාරේ.

ඉඳ හිට යන වාහන නවත්තන්න හදන ගමං FB SOS පෝස්ට් එකකුත් දැම්මා. පැය බාගයක් විතර වාහන නවත්තන්න හැදුවා. පහකට වැඩිය ගියෙත් නෑ කවුරුවත් නැවැත්තුවේ නෑ.

තවත් ටික වෙලාවකින් මේ ඉන්න පැන්ඩා නැවැත්තුව. ඇතුල ලයිට් එක දැම්මහම දැක්කේ ලස්සන තරුණ නෝනා කෙනෙක් නම භාග්‍යා. අවුරුදු පහක විතර පොඩි දුවෙකුත් ඇතුලේ.


භාග්‍යා කිලෝමීටර දහයක් විතර එහායින් තියෙන ටයර් කඩ 2කම අංක දුන්නා. ඒවා ඉන්ටර්නෙට් එකේ නැහැ. මේ නෝනා ගාව ලියලා තියාගත්තු ඒව. එක නම්බරයක් කාර් එකෙන් බැහැලා ඇවිල්ලා පිටිපස්සේ දොර ඇරලා ෆයිල් එකකින් බලාගෙන කියෙව්වේ. මේ මහ කැලයක් මැද තරුණ කාන්තාවක් කාරෙක නැවැත්වීම හිතාගන්නවත් බැරි වුණා.

මේ අතරතුර මගේ FB පෝස්ට් එක ශෙයා වෙලා මට එක දිගට කෝල් එනවා. දෙතුන් දෙනෙක්ම එතනට එන්න ලෑස්ති වුණා. නම් නොකිව්වත් එතුමන්ලාට ස්තුතිය. නමුත් ආවත් වැඩක් නෑ මට අවශ්‍ය ටයර් දෙකක් සහ ටයර් සවි කරන්නෙක්.

මේ කෝල් වලින් එකක් නොදන්නා මුහුණු පොතේ මිත්‍රයෙක් ගෙන් අරවින්ද දේශ භක්ති කියල. ටැග් කරල තියෙන්නේ. අරවින්ද වෙන පළාතක. එයා පල්ලම ප්‍රදේශයේ ඉන්න එයාගෙ හිතවතෙකුට කතා කරලා. ඒ හිතවතා ඔහුගේ තවත් හිතවතෙක් මාර්ගයෙන් ටයර් සවිකරන්නෙක් සම්බන්ධ කරලා.

අර දේවතාවිය ගෙන් පස්සෙ ඊළඟට මට කතා කරපු දෙවියා අරවින්ද හරහා තරංග. එයා මගෙන් ඉන්න තැන ඇහුවා විනාඩි පහලවක් දෙන්න කෑම කන්න ගත්ත විතරයි අත හෝදගෙන එන්නම් කියල. එතකොටත් රෑ 11 පහුවෙලා. ඉතින් මම භාග්‍යයා නෝනට කිව්ව බොහොම ස්තූතියි ඔබතුමිය යන්න මට උදව් ගන්න කෙනෙක් හම්බෙයි කියලා.


ඊළඟ පැය දෙක තුල පල්ලම තරංග ටයර් දෙකක් හොයාගෙන මගේ ට්‍රක් එක හදලා ඉවර කලා. දවල් කාලෙක කඩේකට ගිහිල්ලා ටයර් දෙකක් දාලා වැඩක් කළත් ඊට වැඩිය ගානක් දෙන්න මට වෙන්නේ නෑ. එච්චරටම එතුමා සාධාරණයි. අන්තිම පින්තූරේ ඉන්නේ තරංග. 

වෙලාව පාන්දර එකයි ඉවර වෙනකොට, ගෙදර එනකොට අද උදෑසන හතරයි.

දේව වෙස් ගත්ත මිනිස්සු ගැහැණු පමණක් නෙමෙයි මුහුණු පොතත් දෙවියෙක් වුන වෙලාවක් මේ. එපමණක් නෙමෙයි මේ මුළු කාලය තුළම බැටරි නොබැහැපු ජංගම දුරකථනය. ඊයේ පාන්දර හතරට චාජ් එකෙන් ගලවලා ගෙදරින් පිට වුණේ, පැය 24කින් පස්සෙ ගෙදර එනකොටත් drain 80%.

තව වුණු දේවල්, දිය යුතු ආදර්ශ මේ කතාවේ ගොඩක් තියෙනව. මේ ටික කිව්වේ දේවතාවියන් දෙවිවරු සහ තාක්ෂණයට කෘතවේදී වෙන්න 🙏



Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන