වයිරසය එක්ක සැරිසර



වසංගත මර්දනයට ප්‍රමුඛත්වය දෙන ගමන් රටේ ආර්ථිකය ගැනත් සලකා බැලිය යුතුයි. අනෙක අපි තව සති දෙක තුනකින් රට විවෘත කරත් ඊට පස්සේ තව තැනකින් මතුවෙන ඉඩකඩ එහෙමමයි.
මේක ඊළඟ වසර දෙක තුළ පුරාම රැලි විදියට නැවත නැවත මතු වෙන බවට විශේෂඥයන් ප්‍රකාශ කරලා තියෙනවා.

එතකොට කළයුතු ඒ සඳහා හරි ක්‍රමවේද සහ අත්‍යාවශ්‍යම දේ වන සමාජ දුරස්ථතාව පවත්වා ගනිමින් රට විවෘත කිරීම.
අනිත් දේවල් යම් තරමකින් කළමනාකරණය කළ හැකි වුවත් අපහසුම දේ පොදු ප්‍රවාහනය. දීල තියන උපදෙස් වල ප්‍රායෝගික බවේ අති විශාල ගැටලු.
මේ ගැටලුවට එක්පැත්තක විසදුමක් විදියට ලියපු දෙයක් මේ. රජය සතුව අති විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ නගරයේ ආශ්වාස වායුව නැවත දූෂණය වීමට ඉඩ නොදීම වෙනුවෙන්.
https://evrev.lk/2020/04/17/post-pandemic-urban-mobility/

පසුව ලියමි:
උඩ ටික ලියල දවස් දෙකකින් ආපහු ඇදිරිනීතිය දික්කලා, විශේෂයෙන්ම ප්‍රවාහන ගැටළු නිසා. ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා මෙහෙම.

ජනාධිපතිතුමනි 🙏
කොළඹට දිනකට වාහන 510,000 ක් ඇතුල්වෙනවා. අවම මිලියන 1.9 ක් ජනතාව නගරයට එනවා.
එයින් මිලියනයක් එන්නේ පොදු වාහන 30,000 කින්. ඉතුරු ලක්ෂ 9 එන්නේ පෞද්ගලික වාහන ලක්ෂ 5 කට කිට්ටු ප්රමාණයකින්.
කොරෝනා ව්යාප්තිය පමණක් නොවෙයි, රටේ ප්රවාහන, සෞඛ්ය, ඵලදායීතා සහ කාර්යක්ෂමතා ගැටලුවලිනුත් බාගයක් විසඳෙයි ඔබ මේ මිලියන 1.9 න් 5% ක් පාපැදියට ගත්තොත් කොළඹට ඇතුල්වෙන කොරිඩෝ හයෙන්ම. රථවාහන තදබදය, වායු දූෂණය සහ ඉන්ධන ආනයන වියදම පවා අඩුවෙයි.
රටේ වාර්ෂික සෞඛ්ය වියදම පමණක් බිලියන හයසීයක්. මිලියන සීයකින් පණගැන්විය හැකි මෙවන් ව්යාපෘතියකින් ලැබෙන ප්රතිලාභ මිල කළ නොහැකියි. කොරෝනා මර්දනයට එරෙහි වන ප්රවාහනයේ සමාජ දුරස්ථතාවය ඇතිකිරීමට මෙය ප්රබල විසඳුමක් වෙයි.
නිසි පරිදි හඳුනාගෙන ඇති පරිදි උද්යාන, ගංගා, ඇළ ඉවුරු, දුම්රිය රක්ෂිත ආශ්රිතව ඉඩම් පවරා ගැනීම් වැනි විශාල ගැටළු නොමැතිව මෙය ඉතා අඩුවියදමින්, ඉක්මනින් කලහැකි වෙයි.

මේ අවස්ථාවේ ප්රමුඛතාවය දියයුතු මැතිවරණයට පෙර ප්රකාශවූ මේ ව්යාපෘතියට මිස කළුතර සිට කොල්ලුපිටිය දක්වා බිලියන ගණනක වියදමින් මුහුද ගොඩකිරීමට නොවේයැයි විශ්වාස කරමු.
https://evrev.lk/2020/04/17/post-pandemic-urban-mobility/

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන