Posts

Showing posts with the label Politics

ජාලගත මත්පැන්

Image
ජාලගත මත්පැන් අලෙවිය වැළැක්වූ මොකෙක් හෝ වේ නම් ඌ කළේ කළු කඩය, නීතිවිරෝධී වෙළඳාම, විෂ මත්පැන් ප්‍රවර්ධනය පමණි! බොන එකා දෙදහෙ බෝතලේ 6000 ට ගත්තහම ඒ පවුලටම තමයි ට්‍රිපල් එකෙන් කෙලවෙන්නෙත්! බහුතරයට තම අවශ්‍යතා තේරුං අරං හරි තීරණ ගැනීමට තරං මොළයක් තිබුණ නම් මේ රට මේ කාලකන්නි තත්ත්වයේ තියෙන්නේ නැති බව ඊනියා උගතුන් තේරුම් ගත යුතුය!

බාර් ලයිසන්

Image
කැළනියෙ කතරගම අනුරාධපුරේ සිරීපාදෙ තෙරපි තෙරපි පෙරළි පෙරළි වැඳපු උපාසකයෝ කොරෝන ගෙනාවෙ අරක්කු වගේ පෝලිං පොටෝ දානව. මේ පෝලිං හැදෙන්නෑ අර බෞද්ධ තායිලන්තෙ වගේ ඕන වෙලාවක ඇරලා තිබුණ නම්, ලයිසන් ක්‍රමය නැති කරානම්, ඕන කඩේකින් ගන්න පුළුවන් කරානම්. අපේ රටේ මිනිස්සු කලාවට බොන්න නො දැන ගැනීමටත්, බීමට පෙරේත වීමටත්, පාලනයක් නැති වීමටත් හේතුව පාලකයන්ගේ වාසියට තියාගෙන ඉන්න බාර් ලයිසන් ක්‍රමය සහ ආගම් හදපු ටැබූ එක. බදු ගහපල්ලා, හැබැයි බොන එකාට බොන්න දීපල්ලා! බේබදුකමවත් හොර අරක්කු ව්‍යාපාර වත් නැති කරන්න බෑ ඔය මෝඩ නීතිවලින්. මේක කිසිම වැඩක් හරියට කරපු රටක් නෙමෙයි 🤬 

Colombo Port City

Image
ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී! පෝට් සිටියේ මේ පින්තූර දැක්කම අපි අවසේස ජනතාව හිතන්නේ අනේ ඉතින් වීසා අරගෙන හරි ප්ලේන් එහෙක නොගිහින් ගිහින් බලන්න තැනක් තියෙනවනේ කියල.  ඒ මදිවට මේකෙ පරිසර හිතකාමී බව ගැන රොකට්වල නැගල කණ්ඩලම දිහා බලාගෙන ගම හඳේ වෙච්ච අයත් හෑලි ලියනවා. රටයි මුහුදයි දෙකම හාරල පස් අරන් ඕක පුරෝලා හැදුව කියමුකො. දැන් පරිසර හානිය බොහෝ දුරට වෙලා ඉවරයි නේ, දැනෙන්නෙ අනාගතේ උනාට. මේක ගලවන්නත් බැහැනේ. නමුත් කෝ ව්‍යාපාර සැලැස්ම???  ඔය කියන ආර්ථික ප්‍රතිලාභ කොහේද කොන්ටිෆයි වෙලා තියෙන්නේ? මෙච්චර කල් කියපු ගණං බොහොමයක් නිවැරදි නැති ප්‍රායෝගික නොවෙන දේවල් බව විශේෂඥයෝ කියනවා.  ගෝලීය ආර්ථිකය ජාලගත ක්‍රම වලට වෙනස් වීගෙන යන කාලෙක, එමෙන්ම භෞතික යටිතල පහසුකම් හුදු සුදු අලි වෙච්ච කාලෙක මෙවැනි ව්‍යාපෘති දිහා බැලිය යුතු තව වසර 25ක් වත් එහා ව්‍යාපාරික වපසරිය ගැන හිතලා. ඩුබායි වැනි තැන්වල පමණක් නෙමෙයි මුලු ලෝකයේම තියෙන ව්‍යාපාරික මර්මස්ථාන සහ mass transit systems කොවිඩ් නිසා ඇති වුනු, ආපසු නොහැරෙන ජාලගත ව්‍යාපාර මත කිසිදා ආපහු ලාභ නොලබන බව ප්‍රකාශිතයි. විනෝදාස්වාද ව්‍යාපාර සහ අද...

Churchill & the Chauffeur

Image
Winston Churchill said: "I took the taxi one day and went to the BBC office for an interview...and when I arrived I asked the driver to wait for me for forty minutes until I got back!   But the driver apologized and said 'I can't because I have to go home to listen to Winston Churchill's speech'  Churchill says he was amazed and delighted with this man's desire to listen to his conversation!   So Churchill took ten pounds and gave it to the taxi driver without telling who he was. When he collected the money he said: "I'll wait hours until you come back, sir! And let Churchill go to hell!  * Principles have been modified against money * Nations were sold for money * Honor was sold for money. * People were killed for the money Finally, politicians only gave so much power to money and made people their slaves! Pictured Reginald Parker, once Mr. Churchill s chauffeur, outside No 10, Dawning street.

ඇමතිතුමාට ජයවේවා!

Image
අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරන් ගහේ එල්ලෙන්න යනව ..... මේ හිඟුරක්ගොඩ එක වසරෙ දරුවෙක් අද ඇඳපු චිත්‍රයක්. ඒ දරුවාට හරියට අකුරු ලියාගන්න බෑ. ඉතිං  Kaushalya Herath ඇහුවම මොකක්ද මේ චිත්‍රයෙන් කියවෙන්නේ කියල දරුවාගේ උත්තරේ තමයි ඒ. තැඹිලි පාටට තියෙන්නෙ ජයවේවා කියන පෝස්ටරේ. කෞෂල්‍යා අද මේ සිද්ධිය අත්දැක්කෙ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට එරෙහි විරෝධතාවයකට සහභාගි වෙන අතරේ.  මෙතන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල සූරාකෑමට එහා ගිය දේශපාලනයේ හා දරිද්‍රතාවේ ඛේදවාචකය පිළිබිඹු වෙන්නේ. දේශපාලකයන්ට අවශ්‍ය නම් උපරිම පොලී අනුපාතිකය එක රැයින් තීරණය කරලා මේ ඛේදවාචකය නවත්තන්න පුළුවන්. නමුත් දේශපාලකයන්ට අවශ්‍ය ජනතාවගේ නූගත්කම හා  දුප්පත්කම පවත්වාගැනීම, චිත්‍රයෙ තියෙන විදියටම ජයවේවා කියන පෝස්ටරේ උස්සගෙන ගිහින් කතිරෙ ගස්සව ගන්න.

කුණු අලියා

Image
 හිතට වදින අලියෙක්, ස්තුතියි ලලිත් සේනානායක  🤘 නමුත් අපි කීයෙන් කී දෙනෙක් මේ පණිවුඩය යථාර්ථයක් කරන්න අඩියක් ඉස්සරහට තියෙනවද? නිකන් දෙන බෑග් ප්‍රතික්ෂේප කරනවද? ප්ලාස්ටික් පැකට් බට සහ බෝතල් කල ජලය සහ බීම පාවිච්චියෙන් බැහැර වෙනවද? ප්ලාස්ටික් සැෂෙ වල තියෙන ද්‍රව්‍ය මිලදී ගැනීම අවම කරනවද? වෙනම ඇසුරුම් වල තියෙන ලිහිසි තෙල් සහ තෙල් භාවිත පුද්ගලික ප්‍රවාහනය අවම කරනවද? විසඳුම ප්‍රතිචක්‍රීකරණය නෙමෙයි, භාවිතය අවම කිරීම. ලෝකෙන් උතුම් රටෙං එලවපු සුද්දෝ ගමන් යන්නේ නැවත පිරවිය හැකි බෝතලයක් අරන් ගන්න දෙයක් වුණත් දාගන්න බෑග් එකක් කරේ දාං පයින් හෝ පාපැදියෙන් උනාට බස් හෝල්ට් එකේ දුර යන්නත් අපිට කාරෙකක්, ස්කූටියක් හෝ ටුක් එකක් ඕනෙ 😁🔫

1948 ආසියාවේ දෙවන විශාල ආර්ථිකය 🤔

Image