වයිරසය එක්ක සැරිසර
වසංගත මර්දනයට ප්‍රමුඛත්වය දෙන ගමන් රටේ ආර්ථිකය ගැනත් සලකා බැලිය යුතුයි. අනෙක අපි තව සති දෙක තුනකින් රට විවෘත කරත් ඊට පස්සේ තව තැනකින් මතුවෙන ඉඩකඩ එහෙමමයි. මේක ඊළඟ වසර දෙක තුළ පුරාම රැලි විදියට නැවත නැවත මතු වෙන බවට විශේෂඥයන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට කළයුතු ඒ සඳහා හරි ක්‍රමවේද සහ අත්‍යාවශ්‍යම දේ වන සමාජ දුරස්ථතාව පවත්වා ගනිමින් රට විවෘත කිරීම. අනිත් දේවල් යම් තරමකින් කළමනාකරණය කළ හැකි වුවත් අපහසුම දේ පොදු ප්‍රවාහනය. දීල තියන උපදෙස් වල ප්‍රායෝගික බවේ අති විශාල ගැටලු. මේ ගැටලුවට එක්පැත්තක විසදුමක් විදියට ලියපු දෙයක් මේ. රජය සතුව අති විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ නගරයේ ආශ්වාස වායුව නැවත දූෂණය වීමට ඉඩ නොදීම වෙනුවෙන්. https://evrev.lk/2020/04/17/post-pandemic-urban-mobility/ පසුව ලියමි: උඩ ටික ලියල දවස් දෙකකින් ආපහු ඇදිරිනීතිය දික්කලා, විශේෂයෙන්ම ප්‍රවාහන ගැටළු නිසා. ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා මෙහෙම. ජනාධිපතිතුමනි 🙏 කොළඹට දිනකට වාහන 510,000 ක් ඇතුල්වෙනවා. අවම මිලියන 1.9 ක් ජනතාව නගරයට එනවා. එයින් මිලියනයක් එන්නේ පොදු වාහන 30,...

Comments
Post a Comment