ජාලගත ආර්ථික මධ්‍යස්ථාන

අපි ප්රශ්න එක්ක දගලන්නෙ විසඳුම් තියෙද්දි 😷
ආර්ථික මධ්යස්ථාන වල සෞඛ්යය පැත්තෙන් ගත්තාම විශාල ගැටලු තිබුනා. දුප්පත් ගොවීන්ටත් බොහෝ වෙළෙන්දන්ටත් මීටරේ දුර තියාගෙන මාස්ක් දාගෙන ඒ රස්සාව පුළුවන් වෙයි කියලා හිතන්නෑ. අවම වශයෙන් නොකඩවා අත සෝදගන්න පහසුකම් නැතුව.
නමුත් ආර්ථික මධ්යස්ථාන වලට එන එළවළු නිෂ්පාදනයට කරන්නේ මොකක්ද කියලා සිතිය යුතුව තිබුණා. එළවළු මෝරනවා කපන්නැතුව ඉන්න බෑ කැපුවහම විකුණුවෙ නැත්තං නරක් වෙනවා. අවුරුදු සමය බලාගෙන ගොවීන් විශාලව නිෂ්පාදනයට යොමු වුණා.
මෙය කළමනාකරණය කරන එක විශාල ප්රශ්ණයක් නෙමෙයි. ඉල්ලුම තියනවා නම් ඒ වගේම ලොජිස්ටික්ස් පහසුකම් තියනවනම්. රටේ බොහෝ පළාත්වල මිනිසුන්ට කන්න එළවළු නැතුව ඉන්නවා. අධික මිල ගණන් වලට විකිණෙනවා.

අපිට දැන් සති දෙක තුනක් තිබුණ මේ දේවල් කළමනාකරණය කරගන්න. ආර්ථික මධ්යස්ථාන වැසිය යුතුව තිබුණේ විසඳුමකුත් එක්ක.
මේ පුවත දැක්ක ගමන් විනාඩි පහෙන් ලියවෙච්ච යෝජනාවක්. මීට වඩා කළ යුතු වඩාත් හොඳ ක්රමවේද තව ඇති. මේව දැනට ලෝකේ ක්රියාත්මක වෙන ක්රම, ලිව්වෙ නොදන්න අයට දැනගන්න.
  • # රාජ්ය හෝ පෞද්ගලික ආයතනයක් නිර්මාණය කරනවා කෘෂි ආහාර ද්රව්ය වෙන්දේසි වෙබ් අඩවියක් auction site එකක්.
  • # ගොවියා අස්වනු නෙලද්දීම තමන්ගේ නිෂ්පාදනය වෙළඳපොලට දෙන්න පුළුවන් දිනය විස්තරය ප්රමාණය ස්ථානය සහ මිල එහි සඳහන් කරනවා.
  • # අන්තර්ජාල පහසුකම් නැති අය දුරකථනයෙන්, WhatsApp පින්තූර වලිනුත් කළමණාකරන කරන ආයතනයට ඒ බව දැනුම් දුන්නම ඒ ගොල්ලො අප්ලෝඩ් කරනවා.
  • # මිලදී ගන්න අවශ්ය තොග වෙළෙඳුන්ට ලොග් වෙලා ඔන්ලයින් bid කරන්න පුළුවන් අවශ්ය තොග ප්රමාණයට, බලාපොරොත්තු මිලට එනකං. එතකොට හොඳ තරගකාරීත්වය කුත් ඇතිවෙනවා. ඒක ආර්ථික මධ්යස්ථාන වල නොවුණු දෙයක්.
  • # මුදල් හුවමාරුව කළමනාකරණ ආයතනයේ ගිණුමට බැර වෙලා ඒ ආයතනයෙන් අදාල ගොවීන්ට ලබා ගන්න පුළුවන්. අදාල තොග සාර්ථකව භාරගත් බවට වෙළෙන්දා සහතික කිරීමෙන් පසු.
  • # බඩු හුවමාරුව කලින් නියම කරගත් දිනයකට සහ වෙලාවකට දැන් තියෙන ආර්ථික මධ්යස්ථාන කඩ අංකයකදිම කරන්න පුළුවන්.
  • # බඩු වල ප්රමිතිය auction site එකේ තත්ත්වයට නැත්නම් ක්රරමවේදයක් සකස් කළ යුතුයි මිල ප්රමිතිය අනුව ගෙවෙන විදියට. Rating system එකක් තිබිය යුතුයි ගොවියටයි වෙළෙන්දට දෙන්නටම.
  • # මේ වෙන්දේසි වෙබ් අඩවියේ bid කරන්න පුළුවන් ඒව වගේම ස්ථිර මිල සහිත ඒවත් තියෙන්න පුළුවන් වෙනමම, eBay වගේ.

මීට අමතරව last mile delivery වෙනම ක්රමවේදයක් හැදිය යුතුයි. තොග වෙළෙන්දාගෙන් පාරිභෝගිකයාට යන එක එකේ යම් ක්රමවේද දැනටමත් තියෙනවා මෙතන කිව්වෙ ආර්ථික මධ්යස්ථාන වල වෙන ක්රියාදාමය නැතිවීම නිසා වෙන ආහාර නාස්තියත්, ආදායම් අහිමිවීමත් වළක්වා ගැනීමට ක්රමයක්. මේකම last mile delivery එක්ක vertically integrate කරන්න පුළුවන්.
මේව ලෝකේ දැන් පවතින ක්රම, අපි නොකරන එක අවාසනාවක්. කොටින්ම තේ වෙන්දේසිය වත් ඔන්ලයින් කරන්න හැදුවට ඒක කරන්න දුන්නෙත් නෑ පහුගිය දවස්වල.

Comments

  1. තේ වෙන්දේසිය දැන් සිදු වන්නේ online

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

National Policies

සුද්දන්ගේ තෑගී