කුණු අලියා

 හිතට වදින අලියෙක්, ස්තුතියි ලලිත් සේනානායක  🤘

නමුත් අපි කීයෙන් කී දෙනෙක් මේ පණිවුඩය යථාර්ථයක් කරන්න අඩියක් ඉස්සරහට තියෙනවද?

  • නිකන් දෙන බෑග් ප්‍රතික්ෂේප කරනවද?
  • ප්ලාස්ටික් පැකට් බට සහ බෝතල් කල ජලය සහ බීම පාවිච්චියෙන් බැහැර වෙනවද?
  • ප්ලාස්ටික් සැෂෙ වල තියෙන ද්‍රව්‍ය මිලදී ගැනීම අවම කරනවද?
  • වෙනම ඇසුරුම් වල තියෙන ලිහිසි තෙල් සහ තෙල් භාවිත පුද්ගලික ප්‍රවාහනය අවම කරනවද?

විසඳුම ප්‍රතිචක්‍රීකරණය නෙමෙයි, භාවිතය අවම කිරීම.

ලෝකෙන් උතුම් රටෙං එලවපු සුද්දෝ ගමන් යන්නේ නැවත පිරවිය හැකි බෝතලයක් අරන් ගන්න දෙයක් වුණත් දාගන්න බෑග් එකක් කරේ දාං පයින් හෝ පාපැදියෙන් උනාට බස් හෝල්ට් එකේ දුර යන්නත් අපිට කාරෙකක්, ස්කූටියක් හෝ ටුක් එකක් ඕනෙ 😁🔫

පරිසර ආරක්ෂණය ගැන පමණක් නෙමෙයි, රටට දේශපාලකයන්ගෙන් නිලධාරීන්ගෙන් විය යුතු සැබෑ කාර්යභාරය මේ රටේ වෙන්නේ නෑ. සෝබනේ විතරයි.

කුණු අලියාව මෙතනින් එහාට ගෙනියන්න පාලකයන් සහ මහජනතාව කළ යුත්තේ මොකක්ද කියන එක මීට ඉස්සෙල්ල පෝස්ට් එක කිව්වා.

මේ වෛද්‍ය නිලංග සමරසිංහ ගේ වර්ෂන් එක.

~~~~~~

ලලිත් සේනානායක නම් පරිසරවේදියෙකු මුහුදු වෙරළේ එකතුවන ප්ලාස්ටික අපද්‍රව්‍ය වලින් අලියෙකු නිර්මාණය කරතිබේ.

මෙය පසුගිය දිනවල සමාජ මාධ්‍ය විසින් ඉතා ඉහලින් වර්ණනා කරන ලදී.

මෙය දුටු වහම පරිසර ඇමතිවන මහින්ද සමරවීර සිය ලේඛම් අනිල් ජාසිංහ සමග හනික දුව ගොස් ඔහුට ඇගයීම් සම්මානයක් පිරිනැමීය.

එය ඉතා හොද වැඩකි.

මේ ඇගයීම් සම්මානය දෙන ජායාරූපය පත්තර සහ TV වල පලවීමෙන් පසු තමන් ලබන සවයං වින්දනයෙන් පසු ලංකාව වටකර ඇති මුහුදු වෙරළ තවදුරටත් අපවිත්‍ර නොවනු ඇතැයි හිතන මෝඩ ඇමතියෙක් හා මෝඩ ලේඛමෙක් නායකත්වය දෙන පරිසර අමාත්‍යංශයකින් ඊට වඩා යමක් අපට බලාපොරොත්තු විය නොහැක.

සැබවින්ම කලයුතුව තිබුනේ මේ පරිසරවේදියත් පරිසරයට ආදරය කරන අනෙකුත් පරිසරකාමී ජනතාවත් එකතු කරගෙන තිරසායි වෙරළ බඩ පරිසරය සුරකින වැඩපිලිවෙලකට මේකෙන් ආරම්භයක් ගැනීමය.

නමුත් පරිසර ඇමතියට අවශ්‍යවුයේ මේ සිද්දියෙදිත් 2025 ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ Photo දෙක තුනක් ගසා මාධ්‍ය සංදර්ශනයක් දැමීමට පෙර තමන් ඉස්සරවීම පමනකි.

ලංකාවේ කෝවිඩ් මර්ධනය අල වී ඇත්තේ අනිල් ජාසිංහ නැති නිසායයි ආන්ඩුවිරෝධීන් ගෙනයන බොරු ප්‍රචාරයේ ගොදුරක් වී සිටින ලේඛම්වරයාත් සෞඛ්‍ය අමාත්‍යංශය බදු වසර සිය ගනනක් තුල සුද්දන්ගෙන් ආභාෂය ලැබු බටහිර වෙදුන් විසින් කළමනාකරණය කරන ආයතනයක් තවදුරටත් පවත්වාගෙන යනවා මිස නිර්මාණාත්මකව අලුත් යමක් කල නොහැකි පුස්සෙකු බව මේ සිද්දියෙන් පෙන්නුම් කරයි.

කොටන කුකුළට කොයි කොටුවත් එකවිය යුතුය.

නමුත් ඉතා විශාල වන සහ පරිසර සංහාරයක් සිදුවන රටේ වෛද්‍ය ජාසිංහ පරිසර ලේඛම් ලෙස දැනෙන යමක් පත්වු දා සිට තවත් නම් කරනැත.

එසේම පසුගිය කාලේ කුඩා කුඩා දේශපාලන කන්ඩායම්ද, ලයන්ස් ලියෝ බදු කුඩා සමාජ කන්ඩායම්ද, චීවරදාරියෙක් දෙන්නෙක්ද කලින් කලට එලිබැස වෙරළ පිරිසිදු කරනු අපි දුටුවෙමු.

ඉදිරියටත් එබදු මාධ්‍ය සංදර්ශන බලාපොරොත්තුද වෙමු.

අපේ රටේ මෙබදු ව්‍යාපෘති බංකොලොත් ඇයි යන්න විමසා බැලීම, අපේ රටත් කවදාහරි සංවර්ධනය කරනවානම් ඉතා අගනේ නිසා අපි සාකච්ජා කරමු.

මේ මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ නියමුවා, හින්දු ඉන්දියාවේ මුම්බායි නුවර වෙසෙන මුස්ලිම් නීතිඥයෙකු වන අෆ්රොස් ෂා ය.

ඔහු වසර පහක සිට කාර්‍ය බහුල සතියකින් පසු එන සති අන්තයේ තනියම වෙරළතීරයේ එකතුවෙන කැළි කසල එකතු කරන්නට විය. 

මෙය සති ගනන් මාස ගනන් ඉදිරියට යද්දි වෙරළට එන පෙම් යුවල් සහ තරුණ- තරුණියන්ද, බොලිවුඩ් නලු නිලියන්ද  ඉබේම වෙරලේ කුණු එකතු කරන නීතිඥයාට එකතු විය.

වැඩේ දැන් ජයට කෙරීගෙන යයි.

මෙහි ඇති ප්‍රචාරන වාසිය දුටු සිරස, හිරු බදු මාධ්‍ය ජාලයන් ගංවතුරකදි නායයාමකදි දක්වන සංදර්ශනය මෙහෙදීත් දක්වන්නට පුලුවන් බව වටහාගෙන තරගෙට මේ ව්‍යාපාරයට මාධ්‍ය අනුග්‍රහය දෙන්නට විය.

එමගින් වෙරළ පිරිසිදු කිරීම, අපේ රටේ බිත්ති වල චිත්‍ර අදින එක රැල්ලක්වුවා සේ රැල්ලක් බවට පත්විය.

නමුත් ජනතාව විසින් ඇති කරන රැලි දේශපාලකයන්ට හයිජැක් කිරීමට නොදෙන්න ඉන්දියානු තරුණයන් වගබලා ගත්හ.

එසේම එහෙම කරන්න ගිහින් නෝන්ඩි නොවන්න දේශපාලකයෝද වගබලා ගත්හ.

නිවට ජාතියක් සහ පිමිපි දේශපාලකයන් සිටින අපේ රටට ඒවා අදාල නැත.

මට අෆ්රොස්ව වරක් කටාර් රාජ්‍යයෙදි හමුවිය.

ඒ ඔහුගේ මෙන්ම මාගේද මිතුරියක් වන ගල්ෆ් ප්‍රවෘත්ති සේවයේ අනිටා විසින් පවත්වපු ඇපරෝ එකකදීය.

අෆ්රොස් අල් ජසිරා රූපවාහිනියේ වැඩසටහනකට පැමිණ තිබු අතර එය අවසානයේ මේ සුලු සංග්‍රහය විය.

එහිදි මා ඔහුගෙන් ඇසුවේ "ඔබ දැන් ලෝක ප්‍රකට තරුවක්, මේ කුණු එකතු කිරීමෙන් පසු ඔබේ ඊලග Move  එක මොකද්ද කියායි? 

"ඔබ අහන්නේ මම දේශපාලනයට පිවිසෙයි කියාද, එතකොට කවුද මුම්බායි වල කුණු එකතුකරන්නේ"යැයි  සිනා මුසුව පෙරලා මගෙන් ඇසීය.

ඔහු සමග වචනයක් දෙකක් කතා කිරීමට බලා සිටි පිරිස බොහෝවුයෙන් මට තව එක ප්‍රශ්නයක් පමනක් ඔහුගෙන් ඇසීය.

"දැන් මේ වැඩේට දහස් ගනනක් මිනිස්සු එකතු වෙලා ඉන්නවා,

නමුත් මිනිස්සුන් විවිධයි, කාර්‍ය බහුලයි, ප්‍රමුඛතා වෙනස්. දවසක මිනිස්සුන්ගෙන් මේ ලැබෙන සහය නැතිවුනොත් ඔබ මොකද කරන්නේ? "

මදක් ඔලුව ඔසවා අහස දෙස බැලු ඔහු 

" මාෂල්ලා, මම එදාට ආපහු තනියම කුණු එකතු කරන්න පටන් ගන්නවා, මොකද මම මේක පටන් ගත්තෙත් තනියමනේ" යැයි පැවසීය.

ඔහුගේ දීප්තිමත් සිනාසෙන දෑස් එය විස්වාස කරපං යැයි  මට නොකියා පැවසීය.

මට වඩා වයසින් බාලවු ඔහුගේ දෙපා අල්ලා බොලිවුඩ් ක්‍රමයට මගේ ප්‍රණාමය දැක්වීමේ හෘදයාංගම සිතුවිල්ලක් මට එවෙලේ ඇතිවුනත් ඉහල සම්භාවනීය අමුතතන් රාශියක් සිටි ඒ සම්භාෂණයට එය විකාරරූපි ගතියක් ඇති කරනු ඇතැයි මා සිතතුල ඊලගට ඇතිවු ක්ෂණික සිතුවිල්ල එය වලකාලීය.

අපේ මහා පරිසරකාමින්ද එබඳු "මහා සංකල්ප"වෙන රටවලින් මහ දවල් කොපි කරයි.

නමුත් දිගටම කරගෙනයා නොහැකිය.

මන්ද ඒ සිතුවිල්ල බොක්කෙන් නොඓන නිසාය.

කුණු බෑග් එකක් දෙකක් කර ගහපු ගමන් ඊලගට පාර්ලිමේන්තු එන්න හිතෙන්නේ ඒ නිසාය.

බබැනම්  ප්‍රාදේශීය  සභාවකට හරි රිංගන්න හිතයි.

මේ නිසා අපට නැතිවුන සම්පතකි, මා මිත්‍ර නාගානනද.

ඔහු මහජන හිතකාමි නඩුකර උසාවි ගත කරමින් මහජන සුභ සිද්දියට විශාල වැඩකොටසක් කරමින් ඉදිරිය පැමිණියේය.

මා කල්පනා කලේ ඔහු නුදුරු දිනකදි ලංකාවේ "අන්නා හසාරේ" වනු ඇත කියාය.

අවාසනාවකට ඔහුගේ හිසටද ජනාධිපති සිහිනය වැදිනි.

ඉන් සිදුවුයේ රටට වැදගත් මහජන නඩුකර කතාකරන, ඒ සදහා අප්‍රමාණ නිර්භීතත්වයක් ඇතිව ඉදිරිපත්වෙන නීතිඥයෙක් රටට අහිමි වීම පමනි.

ඉදිරියේදි ඔහු ඔහුට ඉතිහාසය විසින් පවරා ඇති රාජකාරිය අවබෝධ කරන් නැවත නිවැරිදි පීල්ලට පැමිනෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

මේ "ප්ලාස්ටික අලියා" නිර්මානය කල ලලිත්ගේ අදහස් සහ අරමුණු ගැන මම නොදනිමි.

මන්ද, මිනිස්සු කතාකරනනේ "කුණු අලියා" ගැන මිස ලලිත් හෝ ලලිත් විසින් පෙන්වා දෙන දැවැන්ත කාර්‍ය බාරය හෝ දැක්ම  ගැන නොවන නිසාය. (අනිල් ජාසිංහටත් නොතේරෙන යතාර්තය සාමාන්‍ය මනුස්සයෙකුට කෙසේනම් තේරෙන්නද?)

එබැවින් මේ ලිපිය ලලිත්වත් අනෙකුත් පරිසරකාමින්වත් ඇමතිවරයා, ලේඛමිවරයා ඇතුලු රජයත් පොදු ජනයාවත් Inspire කරනු ඇත යන්න මගේ පැතුමයි!

නිලංග සමරසිංහ ආදරයෙන්.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන