Colombo Port City

ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී!

පෝට් සිටියේ මේ පින්තූර දැක්කම අපි අවසේස ජනතාව හිතන්නේ අනේ ඉතින් වීසා අරගෙන හරි ප්ලේන් එහෙක නොගිහින් ගිහින් බලන්න තැනක් තියෙනවනේ කියල. 


ඒ මදිවට මේකෙ පරිසර හිතකාමී බව ගැන රොකට්වල නැගල කණ්ඩලම දිහා බලාගෙන ගම හඳේ වෙච්ච අයත් හෑලි ලියනවා.

රටයි මුහුදයි දෙකම හාරල පස් අරන් ඕක පුරෝලා හැදුව කියමුකො. දැන් පරිසර හානිය බොහෝ දුරට වෙලා ඉවරයි නේ, දැනෙන්නෙ අනාගතේ උනාට. මේක ගලවන්නත් බැහැනේ.

නමුත් කෝ ව්‍යාපාර සැලැස්ම??? 

ඔය කියන ආර්ථික ප්‍රතිලාභ කොහේද කොන්ටිෆයි වෙලා තියෙන්නේ? මෙච්චර කල් කියපු ගණං බොහොමයක් නිවැරදි නැති ප්‍රායෝගික නොවෙන දේවල් බව විශේෂඥයෝ කියනවා. 

ගෝලීය ආර්ථිකය ජාලගත ක්‍රම වලට වෙනස් වීගෙන යන කාලෙක, එමෙන්ම භෞතික යටිතල පහසුකම් හුදු සුදු අලි වෙච්ච කාලෙක මෙවැනි ව්‍යාපෘති දිහා බැලිය යුතු තව වසර 25ක් වත් එහා ව්‍යාපාරික වපසරිය ගැන හිතලා.

ඩුබායි වැනි තැන්වල පමණක් නෙමෙයි මුලු ලෝකයේම තියෙන ව්‍යාපාරික මර්මස්ථාන සහ mass transit systems කොවිඩ් නිසා ඇති වුනු, ආපසු නොහැරෙන ජාලගත ව්‍යාපාර මත කිසිදා ආපහු ලාභ නොලබන බව ප්‍රකාශිතයි.

විනෝදාස්වාද ව්‍යාපාර සහ අදාල ගමන් නම් අනාගතයේ දියුණු වෙයි, නමුත් ඒකට ඉතිං රට හාරල මුහුද ගොඩ කලයුතු නෑ.

ඕක අන්තිමට රටත් අස්ථාවර කෙරෙන මෙන්ම අපව කලාපීයව සහ ගෝලීයව කොන් වෙන හමුදා කඳවුරක් නොවී ඉතුරු වුණොත් ඇති.

#arshikland අන්තෝ ජටා බහි ජටා! #portcity

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන