ඊවී වලට එන්ජින් දාමු 😜

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන කාර් ගෙනල්ලා ලංකාවෙ පරිසරය සහ වායුගෝලය ආරක්ෂා කරන බව ඇමති කෙනෙක් කියල තිබුණා. මේ ලෝකේ නැති දේවල් ගැන කතාකරනවට වඩා රටේ ආර්ථිකය  පරිසරය සහ ප්‍රවාහනය නංවන්න වසරකින් සාර්ථකව කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන කලින් ලිව්ව, ලින්ක් එක කමෙන්ට් කරන්නම්.

විදුලි රථ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතා පහසුවෙන් කළ හැකි එමෙන්ම කළ යුතු කරුණු දෙකක් නම්; 

ආරෝපණ මධ්‍යස්ථාන රාජ්‍ය අනුග්‍රහයෙන් ඇති කිරීම. සෑම ප්‍රධාන මාර්ග කිලෝමීටර් 50 කටම අවම වශයෙන් එක් ආරෝපණ මධ්‍යස්ථානයක් හෝ රාජ්‍ය ප්‍රතිපාදන මත ඉදි කිරීමට පෞද්ගලික අංශයට උදව් කිරීම.

බැටරි ආනයනය සදහා ඇති බාධා ඉවත් කිරීම සහ නීත්‍යානුකූල කිරීම. මේ සම්බන්ධයෙන් අපත් යම් දේවල් රජය සමඟ කරගෙන යනවා.

විදුලි වාහන කියන්නේ 2014 ට ඉස්සෙල්ලා හදපු Leaf විතරක් නෙමෙයි නමුත් ඒවයෙ ප්‍රශ්නයත් සාධාරණයි. එහෙම කිව්වත් විදුලි වාහන වල වටිනාකම සහ ප්‍රයෝජනය දැනගෙන ඒව ගත්තු මුල් අයිතිකාරයෝ ගාව ඒ ලීෆ් තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්.


ඒව වුනත් දැන් තියෙන්නෙ පසු අයිති කාරයෝ ගාව. ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න කොහෙත්ම හේතුවක් නෑ, ප්‍රශ්නෙ දැනගෙන ගත්තු නිසාත්, ගත්තෙ කුණුකොල්ලෙට නිසාත්.

දැන් අලුත්ම කතාව ඒවට එන්ජින් දැමිල්ල. මම ඒකට විරුද්ධ නෑ ප්‍රධාන හේතු තුනක් උඩ. 

ඒ පවතින ලීෆ් වලට හොඳ මිලක් ලැබීම නිසා සහ ඔය කරන වැඩෙන් අවුරුදු පහක් තුළ තුළ පරන ලීෆ් ටික යකඩ සහ ඇලුමිනියම් වලට යාම.

ඔක්කොටම වැඩිය Hybrid engine හයිකරලා දුවන්න ගන්න ලීෆ් එකට වඩා මරුතියක් හොඳ බව තේරෙන්න වැඩි කාලයක් නොයාම. එනම් ලීෆ් එක හොඳ විදුලියෙන් දුවන කං විතරයි බව ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ තේරෙන එක.

හයි කරන එන්ජිමක් straight petrol වුනොත් තරමක් හෝ සාර්ථක වෙයි, දැං කරනව කියන hybrid engine දැමිල්ලෙන් වෙන්නේ නම් ධාවන සහ අයිතියේ වියදම මල්ටිපල් වෙන එකයි.

විදුලි රථ ඉන්ධන වලට පරිවර්තනය ගැන තාක්ෂණික සහ ආර්ථික පැති ඇතුළුව විශේෂ ලිපියක් ලිවිය යුතුයි. නමුත් අපක්ෂපාතීව, විදුලි වාහන වලට තියෙන ආදරය ඔලුවෙන් ටිකකට ඉවත් කරල. ඒක කරන්න පරිවර්තනය කරපු වාහනයක් දුවල බලන්න හොයනව.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන