I ❤️ range anxiety!

කතාව ගිය සතියෙ මං ලංකා විදුලි රථ සංගමයේ දාපු පෝස්ට් එකක්. හැබැයි පින්තූරෙ දැම්මෙ වෙන පෝස්ට් එකක උඩ තියෙන caption එකත් එක්ක. Range වැඩි වෙන එක හැම අතින්ම හොඳයි 😉

මගේ වෝල් එකේ ඉන්න අය විදුලි රත ගැන වැඩිය නොදන්න නිසා අටුවාව කියලම ඉන්නම්. මේ බලශක්තිය වැය නොකර වාහනය මගින්ම උපයපු ශක්තිය මගින් ගමන ඉවර කරපු කතාවක්.

මේක ශක්ති සංස්ථිති නියමය ට එරෙහිව යනව කියල තර්ක කරන්න පුළුවන්. නමුත් සියලු දත්ත වාහනය මගින්ම දීපු ඒවා මත.

විදුලි රථ ගැන දැනට නොදන්නා අයට මේ කතාව නොතේරෙන්න පුළුවන්. නමුත් අනාගතයේ ඒවා සාමාන්‍ය දැනීම වෙයි.


බාර් තුනේ 30% SOH, 2013 G එකක් ඊයෙ මම පැපිලියානේ බොඩි ෂොප් එකෙන් රාජගිරියේ වර්ක් ෂොප් එකට යන්න ගන්නකොට බැටරිය 29%. රේන්ජ් නැහැ.

හවස 5 යි වෙලාව. කෝට්ටේ පාර කිමී 7.5 වුණත් ගත්තේ 7.6 නාවල පාර, ෂොපිං ට්‍රැෆික් නිසා.

ආවෙ D, Eco off, ඒසී ඕෆ්. ගමන ඉවර වෙද්දි බලශක්තිය එකතු කලා, 30% වෙනකං 💪 

වාහනේ කාර්යක්ෂමතාව (energy efficiency) ගැන දැනුවත්ව වගේම හැම පැත්තක්ම පරික්ෂා කරල නිසා ආවෙ. මෙතනදි මම කිසිම රිස්ක් එකක් ගත්තෙ නෑ, range anxiety නෑ. A calculated trip!

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන