සූර්ය කාර් වලට පෙර
ගරු ඇමතිතුමනි 🙏
ඉන්ධන, හයිබ්‍රිඩ් වාහන වලින් වෙන වායු සහ පරිසර දූෂණය ඔබ හඳුනා ගැනීම අගය කරනව.
විදුලි කාර් වුනත් අපි පාරට එක් කළ යුතු එක ඉන්ධන භාවිත වාහනයක් ඉවත් කරන ගමන්.
![]() |
මේ ලෝකෙ නැති සූර්ය කාර් ගැන කතා නොකර, හෙට ඉඳං පටන් අරං අවුරුදු දෙකකින් ඉවර කරන්න පුළුවන් යට තියෙන දෙක කළොත් ඊළඟ ඡන්දෙදි මම ඔබේ campaign එකේ.
- දැනටම යෝජනා කර ඇති පාපැදි මංතීරු 6 හදල දිනකට කොළඹට ඇතුළුවෙන වන කාර් ලක්ෂ 8 න් 10% ඉවත් කිරීම.
- දැනට පාපැදි පදින මහාමාර්ග අයින් වල තියෙන බාධක ඉවත් කිරීම, වළවල් සහ ගැටි වැහීම, පාකින් නැවැත්වීම.
මේවා ලොකු දේවල් නෙමෙයි, අනුමැතියත් අවශ්‍ය නෑ, ජනාධිපතිතුමාගේ Vistas of Prosperity & Splendor එනම් සෞභාග්‍යයෙ දැක්මෙ තියෙන ඒව. තව කරනවා නම් ඕන තරම් දේවල් තියෙනවා, අතිශය අඩු වියදමෙන් කරන්න පුළුවන්.
පොදු ප්‍රවාහනය ගැන මෙතන කතා නොකරමි.
Comments
Post a Comment